ඇන්ඩෲ ද සිල්වා

විකිපීඩියා වෙතින්
ඇන්ඩෲ ද සිල්වා
Andrew De Silva
උපත් නාමයඇන්ඩෲ කොන්රඩ් ද සිල්වා
උපත23 නොවැම්බර් 1974 (1974-11-23) (වයස 49)
මෙල්බර්න්, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
සම්භවයශ්‍රී ලංකාව
ප්‍රභේදR&B, රොක්
සක්‍රීය වර්ෂ1991–වර්ථමානය තෙක්
සම්බන්ධිත රඟපෑම්CDB
වෙබ් අඩවියඇන්ඩෲදසිල්වා වෙබ් අඩවිය

ඇන්ඩෲ කොන්රඩ් ද සිල්වා (1974 නොවැම්බර් 23)[1] යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු R&B සහ රොක් ගායන ශිල්පියෙකි.

ඔහු 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් තරඟයේ විනිශ්චකාරවරයෙකු ලෙසද සහභාගී විය.[2]

පවුල් පසුබිම[සංස්කරණය]

ශ්‍රී ලාංකික ජන්මයක් සහිත මවුපිය යුවලකට දාව ඇන්ඩෲ ද සිල්වා, 1974 නොවැම්බර් 23 වන දින, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හීදී උපත ලැබීය. [3]

සංගීත දිවිය[සංස්කරණය]

1991 - 1997 කාලය තුලදී CDB සංගීත කණ්ඩායමෙහි සාමාජිකයෙකු වශයෙන් ඔහු කළක් කටයුතු කලත්, පළිකා තත්වයකට ප්‍රතිකාර ගැනීමට වුවමනා වූ නිසා ඉන් ඉවත් වූ බව පැවසෙයි.

2013 වසරේදී ඔහු, "මිරැකල් (Miracle)" නමින් ගීතයක් නිකුත් කරන ලදී.

ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට්[සංස්කරණය]

ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී නාලිකාවක් විසින් පැවැත්වූ, ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට් සීසන් 6 රියැලිටි වැඩසටහනේ ජයග්‍රහණය ලබා ගැනීමට, 2012 වසරේදී ඇන්ඩෲ ද සිල්වා ට හැකිවිය. ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට ඩොලර් 250 000 ක මුදල් ත්‍යාගයක්ද හිමිවූ බව සඳහන්ය.[4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඇන්ඩෲ ද සිල්වා". oocities.org. සම්ප්‍රවේශය 26 ජූලි 2012.
  2. "මාරියා අල්කසාස් වින්ස් ෆස්ට් එවර් ඔන්ලයින් බියුටි පැජන්ට්". AdaDerana.lk. සම්ප්‍රවේශය 9 ජනවාරි 2013.
  3. "ඇන්ඩෲ ද සිල්වා වින්ස් 'ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට්'". sundaytimes.lk. 26 ජූලි 2012. 2018-07-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 ජූලි 2012.
  4. "ගෝල්ඩන් ෆිනිෂ් ෆෝර් ද සිල්වා ඔන් ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට්". smh.com.au. 26 ජූලි 2012. සම්ප්‍රවේශය 26 ජූලි 2012.

වැඩිදුර කියැවීම්[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
Jack Vidgen
ඕස්ට්‍රේලියා'ස් ගොට් ටැලන්ට් ජයග්‍රාහක
2012
අනුප්‍රාප්තික
Uncle Jed


"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ඩෲ_ද_සිල්වා&oldid=594756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි