ඇන්ටෝනියෝ විවාල්දි

විකිපීඩියා වෙතින්
ඇන්ටෝනියෝ ලූසියෝ විවාල්දි .

ඇන්ටෝනියෝ ලූසියෝ විවාල්දි  ඉතාලි ජාතිකයෙක් බැරොක් සංගීතඥයෙකි.විවාල්දි 1678 මාර්තු 04 වනදා ඉතාලියෙහි වැනිස් නගරයේ මෙලොව එළිය දැක ඇත.මෙතුමන් ඉතා දක්ෂ ඔපෙරා රචකයෙකු වූ අතර ඔහු දක්ෂ සංගීත ගුරුවරයෙකු මෙන්ම රෝමානු කතෝලික පූජකයෙකු ද විය. පෙර පරිදි වෙනීසියානු ජනරජයේ අගනුවර වන වෙනීසියේදී උපත ලද විවාල්දි, බැරොක් සංගීත නිර්මාණයේ විශිෂ්ඨ රචකයෙකු ලෙස සැලකෙන අතර, ඔහු ජොහාන් සෙබස්තියන් බාර්ක්ගේ සංගීතය දියුණු කිරීමට ද අතිමහත් රුකුලක් විය . විවාල්දීගේ ජීවිත කාලය තුළ දී ඔහු බැරොක් සංගීතයට ඇති කළ බලපෑම යුරෝපය පුරාම ව්‍යාප්ත විය. ඔහු වයලීනය සහ වෙනත් විවිධ සංගීත භාණ්ඩ මෙන්ම පූජනීය ගායනා කෘති සහ ඔපෙරා පනහකට වැඩි ප්‍රමාණයක් රචනා කළ අතර සංධ්වනි ගණනාවක් රචනා කළේය. ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ නිර්මාණය " සෘතු හතර " ලෙස හැඳින්වෙන වයලීනය සංගීත සංධ්වනි මාලාවයි.

ඔහුගේ බොහෝ නිර්මාණ රචනා කර ඇත්තේ අනාථ දරුවන් සඳහා නිවහනක් වූ "ඔස්පෙඩේල් ඩෙලා පියෙටී" හි පූර්ණ කාන්තා සංගීත කණ්ඩායම සඳහා ය . විවාල්ඩි කතෝලික පූජකයෙකු ලෙස මාස 18 ක් සේවය කර ඇති අතර 1703 සිට 1715 දක්වාත් 1723 සිට 1740 දක්වාත් රැකියාවල නියුක්තව සිටියේය.තම ඉදිරිපත් කිරීම් වෙනීස්, මැන්ටුවා සහ වියානාහිදී යන මිල අධික ස්ථානවල කිරීම් තුළින් විවාල්දි යම් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. හයවන චාල්ස් අධිරාජ්‍යයා මුණගැසීමෙන් පසුව විවාල්ඩි රාජකීය සහයෝගය බලාපොරොත්තුවෙන් වියානා නගරය වෙත ගියේය. කෙසේ වෙතත්, විවාල්දිගේ පැමිණීමෙන් පසු අධිරාජයා මිය ගිය අතර, වසරක් ගතවීමටත් මත්තෙන් දුප්පත්ව 1741 ජූලි 27 වනදා රාත්‍රියේ වයස අවුරුදු 63 වියේ මහා සංගීතඥ විවාල්දි අභ්‍යන්තර ශරීර ආසාදනයක් හේතුවෙන් වියානාහී අශ්ව සෑදල සාදන්නෙකුගේ වැන්දඹුවකට අයත් නිවසක දී මිය ගියේය.

සියවස් දෙකකට ආසන්න පසුබෑමකට පසු, විවාල්ඩිගේ සංගීතය 20 වන සියවසේ මුල් භාගයේදී පුනර්ජීවනයකට භාජනය වූ අතර, ඔහුගේ වැඩ කටයුතු සඳහා බොහෝ විද්වත් පර්යේෂණ සිදු විය. වරක් අහිමි වූවා යැයි සිතූ විවාල්ඩිගේ බොහෝ රචනා නැවත සොයාගෙන ඇත අතර එවැනි සොයාගැනීමක් 2006 තරම් මෑතකදී ද සිදු විණ . ඔහුගේ සංගීතය වර්තමානය තුළ පුළුල් ලෙස ජනප්‍රිය වී ඇති අතර නිතිපතා ලොව පුරා වාදනය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටෝනියෝ_විවාල්දි&oldid=491990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි