ඇදුම් මසන්නා (සන්නාලි)

ඇඳුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒ හා සබැඳි අනෙක් ඇඳුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.
මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිවෙන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේ දී ය. වර්තමානයේ දී පිරිමින් ගේ හා ස්ත්‍රීන් ගේ ඇඳුම් කබායන් කලිසම් හා ඒ හා ආශ්‍රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැඳින්වීමට යෙදෙයි.
මෙම වදනින් හැඳින්වෙන්නේ සාම්ප්‍රදායික ජැකට්ටු නිර්මාණය සඳහා විශේෂිත අත් හා මැහුම් යන්ත්‍ර හා කූට්ටනය කිරීමේ තාක්ෂණික ක්‍රම කාණ්ඩයකි. මැසූ ඇඳුම් බෙදා හරින්නන් ඔවුන් ගේ සහය විවිධ නගරවලට යමින් අන්තර්ජාතික ව ලබාගන්නා අතර එයින් පාරිභෝගිකයනට දේශීය වශයෙන් මිනුම් ලබාදීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි.
සාම්ප්‍රදායික මැසුම් කරණය එක්සත් රාජධානියේ දී Bespoke මැසුම් කරණය ලෙස හැඳින්වෙන අතර එහි වෙළඳාමේ හදවත ලන්ඩනයේ සැවයිල් රෝහි පිහිටා ඇති අතර භාවිත (Uuston) මැසුම් කරණයේ හදවත එක්සත් ජනපදයේ හා හොංකොංහි පිහිටා ඇති. මෙහි දී මිනුමට අනුව සාදා ඇති ඇඳුම් නොව පෙර පැවැති රටා භාවිතයට ගැනේ. බෙස්පෝක් ඇඳුමක් සම්පූර්ණයෙන්ම එම අදාල පාරිභෝගිකයාට අනන්‍ය වේ.
ප්‍රසිද්ධ ප්‍රබන්ධ ඇඳුම් මසන්නන් අතරට The Emperor’s Clothes හා The Brave little Pailor හි ඇඳුම් මසන්නන් ඇතුළත් වෙයි. වඩාත් නූතන මාතෘකාව වන්නේ ජෝන් ලේ කේයාගේ The Tailor of Panama
ඇඳුම් මැසීම හා සම්බන්ධ වදන්
[සංස්කරණය]
- ටේලර් මෙඩ් යනු ලෝම හෝ ට්වීඩ් කබායකින් හා කමිසයකින් යුත් කාන්තා ඇඳුමෙකි. මෙම නම භාවිතයට පැමිණියේ එඩ්වර්ඩියානු යුගය අතරතුර දී ය.
- නාම විශේෂණයක් ලෙස ටේලර් මේඩ් යන්නෙන් ටේලර්වරයකු විසින් නිපැදැවුණු ඇඳුමක් හෝ ඇඳුම් විලාසිතාවක් හෝ හැඟැවෙයි. ඒවා වෙන්කර ගත හැක්කේ කැපුම් වල සරල බවත් උසස් නිමාවත් මගිනි.
- රෝඩියෝ ඇඳුම් මසන්නා යන පදය දේශීය හා බටහිර සංගීතඥයන් ගේ ඇඳුම් නිපදවන්නන් ගේ වදනක් වන අතර ඒවා වෙන්කොට ගන්නේ අත්වල වූ ඉතා විශාල එම්බ්රොයිඩර්, අරුමෝසම් දියමන්ති වලින් පොහොසත් වීම හා ඊතල හැඩති පොකට් වැනි කවුබෝයි විස්තර වලිනි.
- සමහරක් යෙදීම් වලදී ටේලර් යන්න වෙනස් කිරීම්, ඇඳුම් මැසීම යන්න හැඟැවීමට ද යෙදේ.
මැසුම් වෘත්තීය කරුවෙක් යනු මැසීමෙන්, ඉගැන්වීමෙන්, මැසීම පිළිබඳ ලිවීමෙන් හෝ මැසීම් අවශ්යතා විකිණීමෙන් හෝ ඔවුන් ගේ ජීවිතය ගෙනයන මිනිසෙකි. ඔවුන් තමන් ගේ නිවෙසින් පිටත චිත්‍රාගාරයක හෝ සාප්පුවක හෝ පුර්ණ කාලීන ව හෝ අර්ධ කාලීන ව කටයුතු කරන්නන් විය හැකි යි. ඔවුන් පහත දැක්වෙන උප විශේෂිතා එකකට හෝ කිහිපයකට හෝ අයත් විය හැකි යි.
- කස්ටම් ටේලර්වරු - වරකට එකක් බැගින් ඇණැවුම්වලට අනුව ස්වාධීන පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි ඇඳුම් නිර්මාණය කරන්නෝ.
- කස්ටම් ඇඳුම් නිර්මාණ කරුවෝ - දෛනික ඇඳුම්, වෘත්තිය ඇඳුම්, හවස් හෝ මංගල හෝ ඇඳුම් ක්‍රීඩා ඇතුළත් කාන්තාවන් ගේ ඇඳුම් පිළිබඳ විශේෂඥතාවක් දක්වන්නෝ.
- ටේලර්වරු - ජැකට්ටු හා කලිසම් හෝ සායවල් මිනිසුන් සහ ගැහැනුන් උදෙසා නිපදවන්නෝ.
- වෙනස්කරන්නන් - වෙනස්කරන්නන් යනු සම්පුර්ණ කරන ලද ඇඳුම් වෙනස් කරන (සාමාන්යයෙන් නිමි ඇඳුම්) හෝ ඒවා වල විලසිතා අලුත් කරන පුද්ගලයන් ය. සියලු ටේලර්වරුනට වෙනස් කිරීම් සිදු කළ හැකි වුවත් සියලු වෙනස්කරන්නනට ඇඳුම් මැසීම සිදු කළ නො හැකි යි.
- නිර්මාණ කරුවෝ - අදාල ඇඟලුම සඳහා රේඛා, කොටස්, වර්ණ හා වයන සංයුක්ත ගැන සීතීම සිදු කරන්නෝ. ඔවුනට මැසීමේ හෝ රටා නිර්මාණය කිරීමේ හෝ හැකියා තිබීමට හෝ නොතිබීමට හෝ හැකි අතර ඔවුන් විසින් ඇඟලුම් කටුසටහන් ගත කිරීම හෝ සංකල්පනය කිරීම නොකෙරෙනු ඇත. ඔවුනට ඇඟලුම ඇත්ත වශයෙන්ම තනන්නේ කෙසේ ද යන්න දන්නා පුද්ගලයන් සමග වැඩ කිරීමට අවශ්ය අතර එ සේ නොමැති නම් කටු සටහනක් වම පවතිනු ඇත.
- රටා නිර්මාණ කරුවෝ - ඇඟලුමෙහි විවිධ කොටස් වල හැඩ හා ප්‍රමාණ අත්වලින් කඩදාසි හා මිනුම් මෙවලම් යොදා ගෙන හෝ පරිගණකය මගින් ඔටෝ කැඩ් වැනි මෘදුකාංග භාවිතයෙන් හෝ පතොරමක් මගින් කටු සටහන් ගත කිරීම සිදු කරන්නෝ. මෙයින් නිර්මාණය වන රටා කොටස් වලට ඇඟලුමෙහි බලාපොරොත්තු වන සැලසුම අයත් වන අතර එය අපේක්ෂිත අඳින්නාට ගැලපිය යුතු යි.
- වෝඩ් රෝබ් උපදේශකයා, විලාසිතා උපදේශකයා - සේවා දායකයකු සඳහා උචිත විලාසිතා හා වර්ණ යෝජනා කරන පුද්ගලයෙකි. බොහෝ විට මොවුන් සේවයෙහි යොදාගැනෙන්නේ නිළියන් හා හෝටිකෝචර් ඇඟලුම් අඳින්නන් විසිනි.
- සීම්ස්ට්රස් - වාටි එකට වසා තබන පුද්ගලයෙකි. වෙනත් වචන වලින් ද සටහනකින් හෝ සිරුරකට ගැලපෙන පරිදි ඇඳුමක් නිර්මාණය කිරීමට හැකියාවක් නැති කර්මාන්ත ශාලාවක වැඩ කරන යන්ත්‍ර ක්‍රියාකරවන්නකු මෙම වදන ඇඳුම් නිර්මාණකරුවාට සමානව නොයෙදේ.