ඇදුම් මසන්නා (සන්නාලි)

විකිපීඩියා වෙතින්
හොංකොංහි පාරිභෝගිකයෙක් වෙතින් ඇඳුම් මැසිමට මිනුම් ලබා ගන්නා සන්නාලියෙක්.

ඇදුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.

මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇදුම් කබායන් කලිසම් හා ඒහා ආශ්‍රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැදින්වීමට යෙදෙයි.

මෙම වදන මගින් හැදින්වෙන්නේ සාම්ප්‍රදායික ජැකට්ටු නිර්මාණය සදහා විශේෂිත අත් හා මැහුම් යන්ත්‍ර හා කූට්ටනය කිරීමේ තාක්ෂණික ක්‍රම කාණ්ඩයක්ය. මසන ලද ඇදුම් බෙදා හරින්නන් ඔවුන්ගේ සහය විවිධ නගර වලට යමින් අන්තර් ජාතිකව ලබාගන්නා අතර එමගින් පාරිභෝගිකයන්ට දේහීය වශයෙන් මිනුම් ලබාදීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි.

සාම්ප්‍රදායික මැසුම් කරණය එක්සත් රාජධානියේ දී Bespoke මැසුම් කරණය ලෙස හදුන්වන අතර එහි වෙළදාමේ හදවත ලන්ඩන්හි සැවයිල් රෝහි පිහිටා ඇති අතර භාවිත (Uuston) මැසුම් කරණයේ හදවත පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ හා හොංකොන්හිය. මෙහිදි මිනුමට අනුව සාදා ඇති ඇදුම් නොව පෙර පැවති රටා භාවිතයට ගනී. බෙස්පෝක් ඇදුමක් සම්ප්‍රර්ණයෙන්ම එම අදාල පාරිභෝගිකයාට අනන්‍ය වේ.

ප්‍රසිද්ධ ප්‍රබන්ධ ඇදුම් මසන්නන් අතරට The Emperor’s Clothes හා The Brave little Pailor හි ඇදුම්මසන්නන් ඇතුළත් වෙයි. වඩාත් නූතන මාතෘකාව වන්නේ ජෝන් ලේ කේයාගේ The Tailor of Panama

ඇදුම් මැසිම හා සම්බන්ධ වදන්[සංස්කරණය]

ඇඳුමක් නිම කිරිමට පෙර සිදුකරන පැලඳ බැලිමක් (ෆිට්ටොන්).
  • ටේලර් මෙඩ් යනු ලෝම හෝ ට්වීඩ් කබායකින් හා කමීසයකින් යුත් කාන්තා ඇදුමකි. මෙම නම භාවිතයට පැමිණියේ එඩ්වර්ඩියානු යුගය අතර තුරදීය.
  • නාම විශේෂණයක් ලෙස ටේලර් මේඩ් යන්න ටේලර් වරයෙකු විසින් නිපද වන ලද ඇදුමක් හෝ ඇදුම් විලාසිතාවක් මෙමගින් ඇග වෙයි. ඒවා වෙන්කර ගත හැක්කේ කැපුම් වල සරළ බව හා උසස් නිමාව මගින්
  • රෝඩියෝ ඇදුම් මසන්නා යන පදය දේශීය හා බටහිර සංගීතඥයන්ගේ ඇදුම් නිපදවන්නන් ගේ වදනක් වන අතර ඒවා වෙන්කොට ගන්නේ අත් වල වු ඉතා විශාල එම්බ්රොයිඩර්, අරුමෝසම් දියමන්ති වලින් පොහොසත් වීම හා ඊතල හැඩති පොකට් වැනි කවුබෝයි විස්තර වලිනි.
  • සමහරක් යෙදීම් වලදී ටේලර් යන්න වෙනස් කිරීම්, ඇදුම් මැසීම යන්න ඇඟ වීමටද යෙදේ.


මැසුම් වෘත්තීය කරුවෙකු යන මැසීමෙන්, ඉගැන්වීමෙන් මැසීම පිළිබද ලිවීමෙන් හෝ මැසීම් අවශ්යතා විකිණීමෙන් ඔවුන්ගේ ජීවිතය ගෙනයන මිනිසුන්ය. ඔවුන් ඔවුන්ගේ නිවසෙන් පිටත චිත්රගාරයක හෝ සාප්පුවක පුර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව කටයුතු සිදු ක හැක. ඔවුන් පහත දැක්වෙන උප විශේෂිතා එකකට හෝ කිහිපයකට අයත්විය හැක.

  • කස්ටම් ටේලර්වරු - ඔවුන් වරකට එකක් බැගින් ඇනවුම් වලට අනුව ස්වාධීන පාරිභෝගිකයන්ගේ අවශ්යතා සැපිරෙන පරිදි ඇදුම් නිර්මාණය කරයි.
  • කස්ටම් ඇදුම් නිර්මාණ කරුවන් - දෛනික ඇදුම් වෘත්තිය ඇදුම්, හවස් හෝ මංගල ඇදුම් ක්රිඩා ඇතුළත් කාන්තාවන්ගේ ඇදුම් පිළිබද විශේෂඥතාවක් දක්වයි.
  • ටේලර් වරයෙකු ජැකට්ටු හා කලිසම් හෝ සායවල් මිනිසුන් සහ ගැහැණුන් උදෙසා නිපදවයි.
  • වෙනස්කරන්නන් - වෙනස්කරන්නන් යනු සම්පුර්ණ කරන ලද ඇදුම් වෙනස් කරන (සාමාන්යයෙන් නිමි ඇදුම්) හෝ ඒවා වල විලසිතා අලුත් කරන පුද්ගලයන්ය. සියළු” ටේලර්වරුන්ට වෙනස් කිරීම් සිදු කළ හැකි වුවත් සියළු වෙනස්කරන්නන්ට ඇදුම් මැසීම සිදු කළ නො හැක.
  • නිර්මාණ කරුවන් - නිර්මාණ කරුවන් අදාල ඇගලුම සදහා රේඛා, කොටස්, වර්ණ හා වයන සංයුක්ත ගැන සීතිම සිදු කරයි. ඔවුන්ට මැසීමේ හෝ රටා නිර්මාණය කිරීමේ හැකියා තිබීම හෝ නොතිබීම සිදුවිය හැකි අතර ඔවුන් විසින් ඇඟලුම් කටුසටහන් ගත කිරීම හෝ සංකල්පනය කිරීම නොකරනු ඇත. ඔවුන්ට ඇඟලුම ඇත්ත වශයෙන්ම තනන්නේ කෙසේ ද යන්න දන්නා පුද්ගලයන් සමග වැඩ කිරීමට අවශ්ය අතර එසේ නොමැති නම් කටු සටහනක් වම පවතිනු ඇත.
  • රටා නිර්මාණ කරුවන් - රටා නිර්මාණකරුවන් ඇගලුමෙහි විවිධ කොටස් වල හැඩ හා ප්රමාණ අත් මගින් කඩදාසි හා මිනුම් මෙවලම් යොදා ගෙන හෝ පරිගණකය මගින් ඔටෝ කැඩ් වැනි මෘදුකාංග භාවිතයෙන් හෝ පතොරමක් මගින් කටු සටහන් ගත කිරීම සිදු කරනු ලබයි. එමගින් නිර්මාණය වන රටා කොටස් වලට ඇඟලුමෙහි බලාපොරොත්තු වන සැලසුම අයත් වන අතර එය අපේක්ෂිත පලදින්නාට ගැලපිය යුතුය.
  • වෝඩ් රෝබ් උපදේශකයා, විලාසිතා උපදේශකයා - යනු සේවා දායකයෙකු සදහා උචිත විලාසිතා හා වර්ණ යෝජනා කරන පුද්ගලයෙකි. බොහෝ විට මොවුන් සේවයෙහි යොදා ගන්නේ නිළියන් හා හෝටිකෝචර් ඇගලුම් පළඳින පුද්ගලයන් විසිනි.
  • සීම්ස්ට්රස් - යනු වාටි එකට වසා තබන පුද්ගලයෙකි. වෙනත් වචන වලින් ද සටහනකින් හෝ සිරුරකට ගැලපෙන පරිදි ඇදුමක් නිර්මාණය කිරීමට හැකියාවක් නැති කර්මාන් තශාලාවක වැඩ කරන යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු මෙම වදන ඇදුම් නිර්මාණකරුවාට සමානව නොයෙදේ.


http://en.wikipedia.org/wiki/Pattern_%28sewing%29

"https://si.wikipedia.org/w/index.php?title=ඇදුම්_මසන්නා_(සන්නාලි)&oldid=464169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි