ආර්මේනියාවෙහි කාන්තාවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආර්මේනියාවෙහි කාන්තාවෝ
Armenian girl 19th century.jpg
ආර්මේනියානු තරුණ කාන්තාවක් (19වන සියවස)
ලිංගික අසමානතා දර්ශකය
අගය0.340 (2012)
අනුස්ථිතිය59වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)30 (2010)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ10.7% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ94.1% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ59% (2014)[1]
ගෝලීය ලිංග පරතර දර්ශකය[2]
අගය0.6634 (2013)
අනුස්ථිතිය136 අතුරින් 94වන

1991 දී ආර්මේනියානු ජනරජය සංස්ථාපනය කිරීමත් හා සමගම ආර්මේනියාවේ කාන්තාවන් සඳහා ලිංගික සමානත්මතාවය නිල වශයෙන් සහතික කර ඇත. මෙය නිසා ආර්මේනියානු දිවිපෙවෙතෙහි සියළු අවස්ථාවන්හී සක්‍රීය ලෙසින් දායක වීමට කාන්තාවන්ට අවස්ථාව සැලසී ඇත. විනෝදය සැපයීම, දේශපාලනය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හී ආර්මේනියානු කන්තාවන් විසින් ප්‍රමුඛත්වය ලබා ගෙන ඇත.

ශ්‍රමය දායකත්වය සහ ව්‍යාපාර[සංස්කරණය]

ආර්මේනියානු කාන්තාවක් දැක්වෙන සිත්තමක් (1682 පමණ)

2011 ග්‍රාන්ට් තෝර්න්ටන් ඉන්ටර්නැෂනල් ව්‍යාපාර සමීක්ෂණය අනුව, 2010 වන විට ආර්මේනියාවේ ඉහළ-මට්ටමෙහි කළමනාකාරිත්ව තනතුරු අතරින් 29% ක් කාන්තාවන් විසින් හොබවා ඇත. කෙසේවෙතත්, 2011 වන විට මෙම අගය 23% බවට පහත බැස ඇත. එක්සත් ජාතීන් විසින් සම්පාදිත වාර්තාවක් පරිදී, 2011 වසර වන විට, ආර්මේනියාවේ කාන්තා පුරපතිවරුන් සහ ප්‍රජා නායකයින් 24 සංඛ්‍යාවක් සිටියහ; තවද කාන්තාවන් 50 දෙනෙකු විසින් පහළ-මට්ටමෙහි පරිපාලන තනතුරු දැරූහ.[3]

සාම්ප්‍රදායික තත්ත්වය[සංස්කරණය]

කාන්තා-ලැදි පුරාතන ආර්මේනියානු සමාජයක් සහ නීතියක් පැවති බවට 20වන සියවසෙහි මුල් අවදියෙහි සිට වර්තමානය දක්වා සමහරක් ජාතිකවාදී ස්ත්‍රීවාදීන් විසින් ගෙනහැර දැක්වූවත් මෙම ප්‍රභාෂණය සඳහා සාක්ෂි ඇත්තේම නැති තරම්ය.[4] 12වන සියවස තරමට ඈතට කාල නිර්ණය කෙරෙන මිකිටර් ගොෂ් නීති සංග්‍රහය විසින්, කාන්තාවන්ගේ තත්ත්වය පැවති මට්ටමෙන් ඉහළට නැංවීමට උත්සාහ කළත්, එම නීති සංග්‍රහය විසින් පුරුෂ ආධිපත්‍යය පැහැදිලි ලෙස හුවා දක්වා තිබූ අතර, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හෝ වෛවාහික දූෂණය වැනි අවස්ථාවකදී වුවද දික්කසාදය තහනම් කෙරිණි.[5] එහිවූ බෙහෙවින් ප්‍රගතිශීලි කොටස් සමස්තයක් වශයෙන් සමාජය තුල ව්‍යවහාර කර නොමැති තරම් වන අතර, 18වන සහ 19වන සියවස් වලදී රටට පිටස්තරයෙන් සහ අභ්‍යන්තරයෙන් පැමිණි වාර්තාවලින් අති ප්‍රබල ලෙසින් පල කර සිටින්නේ සාම්ප්‍රදායික ආර්මේනියානු සමාජය තුල කාන්තාවන්ගේ පහළ තත්ත්වයයි. වියපත් වත්ම තත්ත්වය මදක් යහපත් අතට පෙරලුනද, විවාහක කාන්තාවෝ ඔවුන්ගේ සැමියන්ගේ පවුල් වල අතථ්‍ය වහලුන් ලෙසින් දිවි ගෙවූහ.[6] විවාහයෙහි පළමු වසර තුලදී, ඔවුන්ගේ සැමියන් හැර වෙන අය සමග කතාබස් කිරීමට පවා ඔවුනට ඉඩ නොලැබුණු අතර නිවෙස් වලින් බැහැරට යෑම තහනම් කර තිබුණි. සමහරක් ගම්මාන වලදී, මෙම සීමා කිරීම් පළමු දරුවාගේ උපතින් පසුව වුවද ක්‍රියාත්මක වූ අතර, වසර දහයක් තරම් කාලයක් තුල පවා පැවතිණි. පුරුෂයන් දිවි නසා ගැනීමට වඩා කාන්තාවන් විසින් දිවි නසා ගැනීම පසිඳුවූ අතර, බටහිර ලෝකයේ පැවති තත්ත්වයෙන් හාත්පසින්ම විරුද්ධ තත්ත්වය විය.[7]

ආර්මේනියානු සමාජය තුල කාන්තාවන්ට හිමිවී තිබුණු පහළ තත්ත්වය හමුවේ වුවද, ආර්මේනියානු අපෝස්තලික සභාව විසින් අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සම්ප්‍රදායයකට වඩා ඉහළ මට්ටමකින් කාන්තාවන් සඳහා පූජක තනතුරු වලට සම්ප්‍රාප්ති වීමට වැඩි ඉඩ කඩක් ලබා දුනි. කෙසේවෙතත්, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔවුහූ දික්කසාදයට එකහෙලා විරුද්ධ වූ බැවින්, ක්‍රිස්තියානි ලෝකය පුරා පහළතම දික්කසාද අනුපාතය සාම්ප්‍රදායික ආර්මේනියාවේ පැවතිණි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය[සංස්කරණය]

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාර, ආර්මේනියානු කාන්තාවන් අතරින් 10% සහ 60% අතර ප්‍රමාණයක් 2002 වසර තුලදී ගෘහස්ත පරිභවය සහ ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑහ; මෙම දත්ත වල අවිනිශ්චතාවයට හේතු වශයෙන් දැක්විය හැක්කේ ආර්මේනියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව අවවාර්තාකරණයකට ලක්ව ඇති නිසාය.අවවාර්තාකරණයට හේතු වශයෙන් දැක්වෙන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පෞද්ගලික පවුල් කටයුත්තක් ලෙසින් සැලකෙන බැවිණි.[8] ගෘහස්ත චණ්ඩභාවයට සහ ලිංගිකත්වය මත පදනම් වන ප්‍රාග් විනිශ්චයට එරෙහි මනා පදනමැති නීති ආර්මේනියාව තුල ක්‍රියාත්මක නොවෙයි. මෙයට අමතරව, සැමියෙකු දික්කසාද කිරීම – පරිභවසහගත අයෙකු පවා – ගෙන දෙන්නේ "සමාජ අවමානයක්" වන අතර, දික්කසාද නඩුවක් පවරන හෝ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයක් වාර්තා කරන හෝ කාන්තාවකගේ පවුලම ලජ්ජා විය යුතු ලෙසින් සැලකෙයි. මේ සඳහා දායකත්වය සපයන අනෙකුත් කරුණු වන්නේ, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හා පරිභවයෙන් තමන් ආරක්ෂා කර ගැනුම පිළිබඳ ආර්මේනියානු කාන්තාවන් තුල පහළ මට්ටමක පවතින හෝ නොපවතින හෝ අධ්‍යාපනය වෙයි.[8]


ආශ්‍රිත[සංස්කරණය]

  1. http://data.worldbank.org/indicator/SL.TLF.ACTI.FE.ZS/countries
  2. "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
  3. සර්වේ: විමෙන් ඉන් ආර්මේනියා ෆෝර්ස්ඩ් අවුට් ෆ්‍රොම් ද පොෂිසන්ස් ඔෆ් ටොප්-මැනේජර්ස්. ඉකනමි: ආර්කා නිවුස් කාර්යාංශය.
  4. https://books.google.com/books?id=mOvE4Ec-_oEC&pg=PA86&dq=armenian+womens+writing+sibyl+ancient&hl=en&sa=X&ved=0ahUKEwj0uqGmnMDQAhUK4iYKHQsNCDcQ6AEIHTAA#v=onepage&q=sibyl%20ancient&f=false
  5. https://books.google.com/books?id=nqv3AgAAQBAJ&pg=PA55&dq=mkhitar+gosh+patriarchy&hl=en&sa=X&ved=0ahUKEwizz-rOm8DQAhUCPiYKHS_sBjYQ6AEIHTAA#v=onepage&q=mkhitar%20gosh%20patriarchy&f=false
  6. http://www.everyculture.com/Russia-Eurasia-China/Armenians-Marriage-and-Family.html
  7. https://books.google.com/books?id=AC4BAAAAQAAJ&pg=PA151&dq=armenians+osses+suicide&hl=en&sa=X&ved=0ahUKEwj5_abmnMDQAhXD7CYKHSTXD7EQ6AEIHTAA#v=onepage&q=armenians%20osses%20suicide&f=false
  8. 8.0 8.1 ඩොමස්ටික් වයලන්ස් අගේන්ස්ට් විමෙන් ඉන් ආර්මේනියා. එක්සත් මානව හිමිකම් කවුන්සිලය (UHRC). මැයි 26, 2010.