ආර්ථික විද්‍යාවේ උපකල්පන හා නිරීක්ෂණ

විකිපීඩියා වෙතින්

උපකල්පන හා නිරීක්ෂණ[සංස්කරණය]

ආර්ථික විද්‍යාවට එල්ල වන බොහෝ විවේචන එහි අඩංගු මූලික දෑ ප්‍රත්‍යක්ෂ මූලික සාධක වලින් තොර, ප්‍රශ්න කළ නොහැකි උපකල්පන මත පදනම්වේය යන විශ්වාසය වටා ගොඩ නැඟී ඇත. ආර්ථික විද්‍යාවේ "සිද්ධාන්ත" ලෙස සලකනු ලබන සහ ප්‍රත්‍යක්ෂ මූල නිරීක්ෂණ සමඟ සංගත වන සංකල්ප මඟින් උදාහරණ දෙමින් විවිධ ආර්ථික විද්‍යාඥයෝ මේ සඳහා පිළිතුරු ලබාදෙති. (පහත සඳහන් උදාහරණ තුන බලන්න.) කෙසේ වුවද මෙම නිරීක්ෂණ හා එකඟවීම මඟින් මූලික උපකල්පන බොහෝ දුරට අනවශ්‍ය ලෙස සරල බව භෙළි කරයි. බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට අනුව උපකල්පන වල සිට ප්‍රත්‍යක්ෂ මුල පදනම තෙක් පරිනාමය වූ එවැනි සංකල්ප පිළිබඳ උදාහරණ කිහිපයක් නම්:

  • (තාර්කිකත්වය = ස්ව කැමැත්ත)

ප්‍රධාන ගුරුකුලයේ බොහෝ ආර්ථික විද්‍යාඥයින් පිළිගන්නා තාර්කිකත්වය මඟින් ස්වකැමැත්ත හඟවයි හා ස්වකැමැත්ත මඟින් තාර්කිකත්වය හඟවයි යන පොදු සිද්ධාන්තය හෝ විශ්වාසය මෙයින් දැක්වේ. කෙසේ වුවත් මෙය පරාර්ථකාමීත්වයේ පූර්ව ලක්ෂණයක් නොවේ. අන් අයට යහපතක් කිරීමට පුද්ගලයන් තුළ ඇති කැමැත්ත පරාර්ථකාමීත්වය ලෙස දැක්විය හැකිය. අනෙකුත් අදහස් මඟින්ද මෙය පරාර්ථකාමීත්වයට එතරම් ඉඩක් නොදෙන හා එය අධෛර්යමත් කරන බව දක්වයි. එනම් තාර්කික මිනිසුන් පරහිතකාමී නොවේ නම් තමන්ද එක්කෝ පරහිතකාමී විය යුතුයි නැත්නම් අන්තවාදී විය යුතුයි.

කෙසේ වුවත්,මෙම සිද්ධිය බොහෝ පර්යේෂණ වලට ලක්ව ඇති අතර සියලු සමාජ පීඩාවන් සලකන විට පරාර්ථකාමීත්වය ස්ව කැමැත්තෙහි වර්ගයක් ලෙස ආකෘති කරණය කල හැකිය.

  • සමෘද්ධිය = පරිභෝජනය

මිනිසුන් පරිභෝජනය කරනවිට සතුටින් සිටී හා පරිභෝජනය නොකරන විට අසතුටින් සිටි යන ප්‍රධාන ආර්ථික විද්‍යාඥයින් පිළිගන්නා සිද්ධිය හෝ විශ්වාසය ලෙස මෙය සැළකේ. අස්ථාවරත්වය පිළිබඳ පොදු උපකල්පනවලින්, මෙමඟින් මිනිසුන්ට සැමදා සතුටින් සිටිය නොහැකි බව හඟවයි. මෙම මූලික විශ්වාසය අනවශ්‍ය තරම් සරල වුවද (ඇතැම්විට බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ වර්තමානයේ සැබෑ විශ්වාසය පෙන්නුම් නොකරන) සමෘද්ධිය හා ආදායම වැනි සාධක අතර සම්බන්ධතාවය ප්‍රත්‍යක්ෂ මූල නිරීක්ෂණ මඟින් වර්තමානයේ තහවුරු කර ඇත.

  • අනුවාදනය: සමහර ප්‍රධාන ගුරුකුලයේ ආර්ථික විද්‍යාඥයින් විසින් මිනිසුන්ව

එනම් ඔවුන්ගේ වරණයන් ස්වාධීනය, යන්න මෙයින් අදහස් වේ.

මෙය ආර්ථිකයේ වෙනත් සරල කිරීමක් හා ආර්ථික විද්‍යාඥයින්ගේ විශේෂ විශ්වාසවල වෙනත් සරල කිරීමකි. නියෝජිත පදනමේ ආකෘතිකරණය හා පර්යේෂණ ආර්ථික විද්‍යාව මඟින් මෙම න්‍යාය මඟින් දක්වන ප්‍රතිඵල පෙන්වා දේ.

ඉහත සිද්ධීන් මඟින් පාලනය කළ හැකි ප්‍රශ්න ඇති කරන බව ඒවා ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන පොදු කරුණයි. ආර්ථික විද්‍යාවේ විවිධ පාලිත පරීක්ෂණ වලදී ලබාගත් විශේෂ විස්තර නිරීක්ෂණය කළ පසු, මූලික උපකල්පන තවදුරටත් අඩුකරමින් පවතින අතර, ඒවා තවදුරටත් ප්‍රධාන ආර්ථික විද්‍යාවේ තාක්ෂණික සිද්ධීන් නොවේ.

සටහන්[සංස්කරණය]

| Economics Assumptions_and_observations |}