ආර්ඩියුන‌ෝ

විකිපීඩියා වෙතින්

ආර්ඩියුනෝ කියන්නේ ක්ෂුද්‍ර පාලක නිර්මාණය කරන සමාගමක් වගේම ප්‍රජාවක්. ඒ වගේම ලංකාව තුළ ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක්. මෙච්චර කාලයක් ලංකාවේ Advance Electronic කටයුතු වලට පාවිච්චි වුණේ PIC ක්ෂුද්‍ර පාලක (PIC Microcontrollers). PIC Programming ඉගෙනගත්ත අය දන්නවා ඒක ඉගෙනගන්න විඳපු දුක. Registers කටපාඩම් කරන්න, Timers, Interrupts හසුරවන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ආර්ඩියුනෝ වලදී නම් මේ දුක විඳින්න ඕන නෑ.

ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ  Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)

ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.

  1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
  2. ආර්ඩියුනෝ මෘදුකාංගය 

1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)[සංස්කරණය]

ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.

ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා.

=== ඩ 2. ආර්ඩියුනෝ මෘදුකාංගය  === ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.

Useful Links [සංස්කරණය]

  1. https://nuwanjaliyagoda.blogspot.com/2016/01/arduino.html
  2. http://apps.ceykod.com/arduino
"https://si.wikipedia.org/w/index.php?title=ආර්ඩියුන‌ෝ&oldid=510807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි