ආරක්ෂණ ප්‍රාකාරය

විකිපීඩියා වෙතින්

ආරක්ෂණ ප්‍රාකාරය යනු භව්‍ය (විය හැකි) ආක්‍රමණිකයන්ගෙන් නගරයක් හෝ ජනාවාසයක් හෝ රැකගැනීම සඳහා භාවිතා වෙන ආරක්ෂා සැලසුමකි. පුරාතන හෝ නූතන හෝ කාලයන්හී මේවා භාවිතා කෙරුණේ ජනාවාස වට කිරීම හෝ කොටු කිරීමටයි. සාමාන්‍යයෙන් මේවා නගර ප්‍රාකාර හෝ පුර ප්‍රාකාර ලෙස හැඳින්වෙතත්, චීන මහා ප්‍රාකාරය, හේඩ්‍රියන් ප්‍රාකාරය, සහ භාවාත්මක අත්ලාන්තික් ප්‍රාකාරය වැනි, නගරයක මායිම් වලින් ඔබ්බට විහිදුනු ප්‍රදේශ වට කිරීමට හෝ කොටු කිරීමට හෝ දේශ සීමා සලකුණු කිරීමට හෝ භාවිතා කෙරුණු ප්‍රාකාරද තිබුණි. ඒවායේ ආරක්ෂණ උපයෝගීතාවය හැරෙන්නට වැදගත් සංකේතාත්මත කාර්යභාරයන්ද — ඒවා මගින් ඇතුළත් කෙරුණු ප්‍රජාවන්හී තරාතිරම හා ස්වාධීනත්වය පිළිබිඹු කිරීම— ඒවා විසින් ඉටු වුණි.

දැනට පවතින පුරාතන ප්‍රාකාර සැම පාහේ පෙදරේරුමය නිර්මාණ වන මුත්, ගඩොලින් සහ දැව-අනුසාරයෙන් නිර්මිත ප්‍රභේදයන් පිළිබඳවද නොදන්නේ නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආරක්ෂණ_ප්‍රාකාරය&oldid=195390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි