ආයතනය

විකිපීඩියා වෙතින්

නීතියට අනුව ආයතනයක් යනු පුද්ගලයෙකි. නීත්‍යානුකූලව සලකනකල ආයතනයන් හා ආයතනයේ සාමාජිකයනුත් වෙන් වෙන් පුද්ගලයන්ලෙස සැලකේ. නීතියට අනුව ආයතනයක අයිතීන් හා වගකීම් වලට පහත දෑ අන්තර්ගත වේ.

  • නඩු දැමීමට හා නඩුවකට ලක් වීමේ හැකියාව
  • දේපල අයිති කර ගැනීමේ හැකියාව
  • නියෝජිතයන් බඳවාගැනීමේ හැකියාව
  • ගිවිසුම් වලට එළඹීමේ හැකියාව
  • ආයතනික නීතියකට අනුව අභ්‍යන්තර පරිපාලනය


අනෙක් අයිතීන් හා වගකීම් රජය හා උසාවි විසින් පනවයි. මේවා විවාදයට ලක් කළ හැකිය. Steword Kyd යනු ඉංග්‍රීසි නීතිය ගැන පළමු ග්‍රන්ථය ලියු ලේඛකයාය. ඔහුට අනුව ආයතනයක් යනු “පුද්ගලයින් සමූහයක් විසින් එක්තරා නාමයක් යටතේ සැදුණු ඒකකයකි. මෙම සමාගම් නිරන්තර ජයග්‍රහණයන් කෘත්‍රිම ලෙස දක්වන, හා එම ජයග්‍රහණයන්ට නීත්‍යානුකූල අයිතියක් ඇත. පුද්ගලයෙකු ලෙස හැසිරිය හැකි, එනම් දේපල අයිති කරගැනීම, නඩු දැමීම හා නඩු වලට ලක්වීම, ගිවිසුම් වල වගකීම් වලට බැදීම, ලාභ අලාභ සමසේ විඳ ගැනීම, ආයතනයේ පුළුල් බව අනුව දේශපාලනික අයිතීන් ලබා ගැනීම. මෙය ආයතනය ආරම්භයේදී හෝ පැවැත්වීමේදී ලැබෙන බලයන් හෝ ව්‍යාපාරයේ සැලසුම අනුව තීරණය වේ. නව ව්‍යාපාරයන්ගේ පැවැත්ම හේතුවෙන්, පැරණි ව්‍යාපාර කඩා වැටේ. ආයෝජකයෝ හා ව්‍යාපාරිකයෝ එකතුවෙන් ආයතනයේ පැවැත්මට රුකුල් දෙති. ආයතනයක් ලෙස හැඳින්වීමේදී බොහෝ විට ව්‍යාපාරයන් යන අරුත අදහස් වේ. එම වචනය භාවිත වන්නේ ව්‍යාපාරයන් සඳහායි. නමුත් ආයතන යන්නෙන් රජය, පක්ෂ, ආගමික, අසරණ සරණ ක්‍රියාකාරීන්ද අයත් වේ. ආයතනය යන්නේ නියම නිර්වචනය නම් “නෛතික පුද්ගලභාවයක් (legal Personality) ඇති, පුද්ගලයින් සමූහයකින් සැදුනු ඒකකයකි. නව ව්‍යාපාර, මෙම සාමූහිකත්වය හේතුවෙන් ගොඩ නැංවීය.

ආයතන වර්ග[සංස්කරණය]

දේශීය අධිකරණ සීමාව යටතේ කොටස් නිකුත් කරන හා නොකරන වශයෙන් ආයතනයන් වර්ග දෙකකි. කොටස් නිකුත් කරන ආයතනයේ කොටස් ජනතාවට විකිණීම සිදු කරයි. මෙම ආයතන බොහෝ විට ලාභ පරමාර්ථ වූ ආයතනවේ. කොටස් නිකුත් නොකරන ආයතනයන්හි කොටස්කරුවෝ නැත. නමුත් එහි අයිතීන් සාමාජිකයන් අතර බෙදී තිබිය හැකිය. වැනි අධිකරණ වසම් වල ව්‍යාපාර ලාභ පරමාර්ථ කිරීම/ නොකිරීම අනුව කොටස් නිකුත් කිරීම/ නොකිරීම අනුව කොටස්වලට වෙන් කරයි. ලාබ පරමාර්ථ වූ ආයතන හා ලාබ පරමාර්ථ නොවූ ආයතන නව ආර්ථික පරිසරයේ ව්‍යාපාර මනා පරිපාලන විධි ක්‍රියා කිරීම ව්‍යාපාර වල මෙන්ම ලාභ අරමුණු නොවූ ආයතන අතර ද දැකිය හැකිය. අදාළ නීති ව්‍යාපාර හා ලාභ අරමුණු නොවූ ආයතනයන්ට අදාළ පරිපාලන නීති එකිනෙකට වෙනස් වුවත්, උසාවි පද්ධතියේදී බොහෝ විට ආයතන වර්ග දෙකටම මෙම නීති සමසේ වලංගු ලෙස සලකයි. ව්‍යාපාර ප්‍රතිපත්ති සැකසීමේදී එහි රාමුව ආයතන වර්ග දෙකටම සමාන ලෙස සැලකුවත් එය එසේ ‍නොවේ.

ලාභ ලැබිම අරමුණු කර නොගත් ආයතන[සංස්කරණය]

අනෝන්‍ය සුභ සාධන සමාජ ආයතන (Mutual benefit copordims)[සංස්කරණය]

ආනෝන්‍ය සුභසාධන සමාජ ආයතන ලාභ පරමාර්ථ වු ආයතන නොවන අතර, එහි සමජිකයන්ගේ සුභ සද්ධිය සදහා පවති. මෙම ආයතනය ඇමෙරිකාව එක්තස් ජනපද‍යේ ඇරඹුනි. ගෝල්ෆ් සමාජ මෙයට උදාහරණයක් ලෙස ගත හැකි. මෙම සමාජ ආයතන වල සමාජිකනත්වට ගැනිම විකිණිම කල හැක. සමාජය විසුරැවා හැරියහොත් එහි දේපල සමාජිකයන් අකර බෙදියිත සමජයේ නිති මාලව අනුව එහි සාමාජිකයන් ප්‍රමාණය, සමාජිකයෙකු විය හැකි පුද්ගලයින් තිරණය කල හැක. ලාභ නොලබන ආයතන වුවක් මේවා පුණ්‍යයතන ගණයට නොවැටේ. එයට හේතුව අන්‍යෝන්‍ය සුභසුධාන ආයතනයන්ට SOIC (C) (3) වගන්තියේ තත්ත්වය ලබිය නොහැකි බැවිනි. ආයතනය් පරිපාලනය සම්බන්ධ ගැටළු පැනනැගුනු හොත් එය එක්ව විසදා ගැනීම සාමාජිකයන්ගේ අයිතිය හා වගකිම වේ. එයට හේතුව ආතනයේ අරමුණ සමාජිකයන්ට සේවය කිරිමයි.

බහු ජාතික සමාගම්[සංස්කරණය]

ජාතික වශයන් සාර්ථකත්වයට පත්වු සමාගම්, ඒ ඔස්සේ දේශසිමාව පසුකර බහුජාතික සමාගම් බවට පත්ව ඇත. ගෝලියකරණයට ඉතා විශාල තල්ලුවක් මේ ඔස්සේ ලැබේ.

Transactional (දේශසිමාවලින් ඔබ්බට ගිය) හෝ Multinational (බහුජාතික) සමාගමස් සාමාන්‍යයෙන් කොටස්කරැවන් හා අධ්‍යක්ෂකවරැන් ජාලයක් සහිත වේ. එක් එක් දේශයේ කාටස්කරැවන් අනු කණ්ඩායම් වශයෙන් සමාගමේ ශාඛා පාලනය කරයි. සමාගම පුළුල් කිරිම එහි වර්ධනය විම ජාතිකයට හිතකර වේ. මෙම වර්ධනය වෙනත් සමාගමක් මිලට ගැනිම හෝ ගිවිසුම් මගින් සිදුකල විට වෙනස් වු සැලැස්මක් සහිත අපහැදිලි පාලනයක් සහිත ආයතන බිහිවිය හැක. මෙස් විවිධ මහ්දිවිප ව්‍යාපාරය පැතිර යන විට ආයතනයේ සංස්කෘතිය, විවිධ සංස්කෘතින් හා දේශපලන් පිළිබද වටහෙන

ඔස්ට්‍රේලියාව[සංස්කරණය]

ඔස්ට්‍රේලියායේ ආයතන ලියාපදිංචිය හා පාලනය Austricillon Securities & investment omission මගින් සමුහාන්ඩුව රජය සිදු කරයි. එහි සස්ථාවන්ට වු නම් (Commonwealth) නිති සංග්‍රහය Cooperate Act 2001 වේ.

බ්‍රසිලය[සංස්කරණය]

බ්‍රසිලයේ ආයතව වයර්ගයන් රාශියකි. ඒ අතරින් වඩා සුලභ වර්ග 2 නම් "Sociaedate Limited" නම අගම LTDA ඇති හා Sociaedate onomime හෙවත් Componhia නව අගම "SA" " හෝ Componhia" ඇති ආයතනයි. LTDE මගින් බ්‍රිතාන්‍ය සිමා සහිත සමාගමුත්, SA හෝ Compohie මගින් බ්‍රිතාන්‍ය පොදු සමාගමුත් නිරෑපනය වේ. LTD 2002 නව මහජන නිති සංග්‍රහයෙනුත් SA 1976 දෙසැම්බර් 15 6.404 නීතියෙනුත් පරිපාලනය වේ.

ආයතන විකාශනය[සංස්කරණය]

ඉහත ඇත්තේ ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම මගින් නිකුත් කළ බැදුම්කරයකි. එය 1623 සිට වලංගු වන අතර ෆ්ලෝරීන් 2400 කට අලෙවි වී ඇත.

19 වැනි සියවස අගභාගය වන විට සීමාසහිත සමාගම් හඳුන්වා දීමත්, දේශීය පරිපාලන නීති සීමා කිරීම තුළින් ධනවාදී ව්‍යාපාර සීග්‍රයෙන් ව්‍යාප්ත වීම ඇරඹිණි. “Sonta Clora Country V Southern Pacific Rail Road” නඩුවේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආයතනය, නෛතික පුද්ගලයෙකු ලෙස සලකන ලදී. එහිදී 14 සංශෝධනයේ පුද්ගලයෙකුට ඇති අයිතීන් ආයතනයට ඇති අයිතීන් ලෙස සැලකිනි. ව්‍යාපාර වලට වැඩි නිදහස් බවක් ලබාදීම අමෙරිකාවේ New Jersy හා Delawara ප්‍රාන්ත වලින් ඇරඹී, පසුව රට පුරා ව්‍යාප්ත විය. ව්‍යාපාර මිල දී ගැනීම හා සංයුක්ත කිරීමේ නීති ලිහිල් කිරීමත් සමග ව්‍යාපාරයන් එක්වී කටයුතු කිරීම ඇරඹිණි. 1898 – 1904 කාල පරාසයේ අමෙරිකාවේ ව්‍යාපාර 1800 ක්, ව්‍යාපාර 157 සෑදෙන පරිදි සංයුක්ත වී තිබුණි. මේ සමගම වර්තමාන ව්‍යාපාර සමය ඇරඹිනි. 20 වන සියවසේ නීතින් ලොව පුරා ප්‍රගණනය (Proliferetion) විය. මෙය පළමු ලෝක යුද්ධෙන් පසුව සිදු වූ දැවැන්ත ආර්ථික වර්ධනයට (economic Boorn) පිටුවහලක් විය. 1980 යුගයේ සිට පුද්ගලීකරණයට මුල්තැන හිමි විය. රාජ්‍ය ආයතන රාශියක් පුද්ගලීකරණය වූ අතර, පරිපාලන නීතීන් සීමා විය. මේ නිසා පුද්ගලික ව්‍යාපාර වලට ඉතා යහපත් සමයක් උදා විය. රජයන් ප්‍රශ්නයන් මග හැරීමට හා පහසු ක්‍රියාවක් ලෙස පුද්ගලීකරණය කිරීම සිදු කළේය. එමෙන්ම පුද්ගලික ආර්ථිකයේ දියුණුවත් සමඟ විශාල ව්‍යාපාර විසින්, කුඩා ව්‍යාපාර ගිල ගැනීම දැකිය හැකි විය. ජපානයේ සම මට්ටම් ව්‍යාපාර සම්පීඩනයෙන් දැවැන්ත ව්‍යාපාර ගොඩනැගීම පිළිබඳ Keiretsu ආකෘතිය පළ විය. පුද්ගලයන් මට්ටමෙන් ද, ධනවත් පුද්ගලයන් පරිපාලනය අතට ගෙන සුළු කොටස් හිමියන් නොසැලකීමද දැකිය හැකි විය. මුළු ධනයම සියතට ගෙන කටයුතු කිරීමටත්, ගිණුම් වංචා කරමින් වාසි ලබා ගැනීමට අධ්‍යක්ෂකයන් ක්‍රියා කිරීමත් හේතුවෙන් Enron, World com නමැති දැවැන්ත ආයතන බිඳ වැටුණි. මේ සමඟම නීති පද්ධතිය කොටස්කරුවන්ට හිතෛෂි පරිදි වෙනස් වීම ඇරඹිණි.

සටහන්[සංස්කරණය]

| Corporation - Closely held and public |-

"https://si.wikipedia.org/w/index.php?title=ආයතනය&oldid=436474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි