ඇනටෝලියානු විකර්ණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අැනෙටා්ලියානු විකර්ණය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ඇනටෝලියානු විකර්ණය තුර්කිය හරහා විකර්ණාත්මක ලෙසින් දිවෙන්නේ මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග කෙළවරෙහි සිට කළු මුහුදෙහි ගිනිකොණ දිග කෙළවර දක්වාය.

ඇනටෝලියානු විකර්ණය යනු මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග කෙළවරෙහි සිට කළු මුහුදෙහි ගිනිකොණ දිග කෙළවර දක්වා, මධ්‍යම සහ නැගෙනහිර තුර්කිය හරහා විකර්ණාත්මක ලෙසින් දිවෙන සෛද්ධාන්තික බෙදුම් රේඛාවක් වන අතර, තුර්කියෙහි දේශසීමාවන් තුල දිවෙන ඉහළ යුප්‍රටීස් ගංගාවෙහි ගමන් මගෙහි කොටසක් දළ වශයෙන් විනිවිද යයි.

ජෛවභූගෝලීය බාධකය[සංස්කරණය]

1971 වසරෙහිදී විකර්ණය පළමුවෙන් යෝජනා කලේ බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥ පීටර් හැඩ්ලන්ඩ් ඩේවිස් විසිනි. ඔහු දුටුවේ විකර්ණයට බටහිරින් පැවති ශාක විශේෂයන් බොහෝමයක් එයින් නැගෙනහිරට වූ පෙදෙසෙහි නොවූ අතර, විකර්ණයට නැගෙනහිරින් වූ අනෙක්වා එයට බටහිරින් නොවූ බවත්ය. විශ්ලේෂණයට භාජනය වූ විශේෂයන් 550 අතුරින්, 135 ක් "නැගෙනහිර දිග" වූ අතර 228 ක් "බටහිර දිග" විය. කෙසේවෙතත්, ඩේවිස් විසින් විමසා බැලීමෙන් පසුව භෞතික, භූවිද්‍යාත්මක හෝ දේශගුණාත්මක වෙනස්කම් හෝ පස් වර්ගය අතර වෙනසක් හෝ වෙතින් මෙම සංසිද්ධිය සඳහා වගකිය යුතු බවට තීරණය කල නොහැකි විය.[1] ශාකමය ශාක විවිධත්වයට ඇනටෝලියානු විකර්ණය විසින් බාධකයක් පමුණුවනවා හැරෙන්නට, ශාක විශේෂයන් හාර සියයක් පමණ මෙම විකර්ණයට ඒකදේශික වන අතර වෙනයම් කිසිම තැනක ඒවා දක්නට නොමැත.[2]

සිවාස් සිට දකුණට වන්නට පිහිටි ජිප්සම් කඳු

1989 වසරෙහිදී, ටී. එචිම් සහ ඒ. ගුනේර් යන තුර්කි උද්භිද විද්‍යාඥයින් විසින් ෆ්ලෝරා ඔෆ් ටර්කි නමැති අධ්‍යයනය මගින් ශාක විශේෂයන්ගේ ව්‍යාප්තිය පිළිබඳ විස්තරාත්මක ලෙසින් පරික්ෂා කොට වෙළුම් අටක් ප්‍රකාශයට පත් කර ඇත. ඔවුන් ඉන්පසු නිගමනයකට එළඹුනේ විකර්ණය සත්‍ය වශයෙන් පැවතුනු අතර ශාක විශේෂයන්ගෙන් 33% ක් විකර්ණය නිසා කිසියම් ආකාරයක බලපෑමකට හසුවී ඇති බවයි. ඔවුන් ඊළඟට සලකා බැලුවේ සංසිද්ධියට හේතුකාරකවූ කාරණා කුමක්ද යන්නයි. විකර්ණය දෙපස උන්නතාංශයෙහි වෙනසක් දක්නට ලැබුණු අතර, බටහිර පෙදෙසට වූ භූමිය පහත් විය. තවද වෙනසක් වූයේ කාලගුණ විද්‍යාත්මක පෙදෙස් පිළිබඳවයි: බටහිර දෙසට වන්නට මධ්‍යධරණී දේශගුණයෙහි ශුෂ්ක සහ අර්ධ-ශුෂ්ක මාදිළියන් පැවති අතර නැගෙනහිර දෙසට වන්නට අර්ධ-ශුෂ්ක, උප-ආර්ද්‍ර සහ ආර්ද්‍ර මාදිළියන් පැවතුනි. විකර්ණයෙහි මධ්‍ය කොටසෙහි ජිප්සම් ව්‍යුහයක් පැවතුනු අතර, ශාක ව්‍යාප්තිය කෙරෙහි එහි බලපෑම පැහැදිලි නොවීය. ප්‍රදේශයෙහි පුරා-භූ විද්‍යාත්මක ඉතිහාසයට වඩා විකර්ණයෙහි දෙපස පරිසරවිද්‍යාත්මක වෙනස්කම් සුවිශේෂතාවයක් දරන බව ඔවුහූ තීරණය කලහ.[1]

ඉරාන-ඇනටෝලියානු ප්‍රදේශය යනු, මෑත පෙරදිග පෙදෙසෙහි සුවිශේෂී ජෛව-විවිධත්ව තැවි පොළක් වන අතර, ඇනටෝලියාව යනු යුරෝපියානු සහ තුර්කි-ඉරාන ශාක සංහතීන් පිළිබඳව සංක්‍රාන්ති ස්ථානයකි.[3] අවසන් අයිස් යුගයෙහිදී දකුණු දිග අයිස් සීමාවට ඔබ්බෙන් තුර්කිය පිහිටා තිබූ අතර, , යුරෝපයෙහි ශාක සහ සතුන්ට භව්‍ය ග්ලැසියර නිස්සරණයක් ලෙසින් ඇනටෝලියාව ක්‍රියාත්මක වූ බවක් සැලකිය හැකිවෙයි. පශ්චිම ප්ලයොස්ටොසීන යුගයෙහිදී මෙම ප්‍රදේශයෙහි මුහුදු මට්ටම වර්තමානයෙහි පවතිනවාට වඩා 130 මී (427 අඩි) තරම් වැඩි අගයයකින් පහළ මට්ටමක පැවති අතර, බොස්ෆරස් සහ මාර්මරා මුහුද අතර වරින්වර බිම් සේතු සැදුණි.[3] වඩාත් මෑත අයිස් යුගය කෙළවරදී, ඇනටෝලියානු විකර්ණයට බටහිරින් නොනැසී ඉතිරි වූ ශාක වලට යුරෝපය වෙතට යළි පැතිරිය හැකි වූ අතර, නැගෙනහිර පැත්තෙහි වූ ඒවාට සිරියාව, ඉරාකය සහ මෑත පෙරදිග ප්‍රදේශ වලට පැතිරිය හැකි විය.[4]

දෙපස පවතින උණුසුම් වියලි ගිම්හාන දේශගුණයෙහි නොනැසී පැවතිය නොහැකි විශේෂයන් සඳහා ටෝරස් කඳු විසින් සිසිල් තෙත්බර දේශගුණයක් සපයන අතර මේ නිසා නොනැසී ඉතිරි වීම සහ විශේෂප්‍රාප්තිය වෙත රුකුල් දෙන්නට ඇති අතර, මේ නිසාම වර්තමානයෙහි බොහෝ ඒකදේශික විශේෂයන් මෙහි දක්නට ඇත.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 එචිම්, ටී.; ගුනේර්, ඒ. (1989). "දි ඇනටෝලියන් ඩයගනල්: ෆැක්ට් ඕර් ෆික්ෂන්?". ප්‍රසීඩිංස් ඔෆ් ද රෝල් සොසයිටි ඔෆ් එඩින්බර්ග්. සෙක්ෂන් B. බයොලොජිකල් සයන්සස්. 86: 69–77. doi:10.1017/S0269727000008915.
  2. මුනීර් අර්ස්ටූක්; කාලිඩ් රේමාන් හකීම්; අයි. ෆරිඩා-හානුම්; රිචෙප් එෆේ (2015). ක්ලයිමෙට් චේන්ජ් ඉම්පැක්ට්ස් ඔන් හයි-ඇල්ටිට්‍යුඩ් ඉකොසිස්ටම්ස්. ස්ප්‍රිංජර්. පිටු. 280–283. ISBN 978-3-319-12859-7. http://books.google.com/books?id=v1X1CAAAQBAJ&pg=PA280. 
  3. 3.0 3.1 3.2 ඇනසල්, ස්ටීවන් ඩබ්.; ස්ටෙනොයෙන්, හෑන්ස් කේ.; ගෲන්ඩ්ස්මන්, මිෂායෙල්; රසල්, ස්ටීවන් ජේ.; කොහ්, මාර්කස් ඒ.; ස්ෂනයිඩර්, හැරල්ඩ්; ෆෝග්ල්, ජොහැන්නස් සී. (2011). "දි ඉම්පෝර්ට්න්ස් ඔෆ ඇනටෝලියන් මවුන්ටන්ස් ඈස් ද ක්‍රේඩ්ල් ඔෆ් ග්ලෝබ්ල් ඩයිවර්සිටි ඉන් ඇරබීස් ඇල්පීනා, අ කී ආක්ටික්–ඇල්පයින් ස්පීසීස්". ඇනාල්ස් ඔෆ් බොටනි. 108 (2): 241–252. doi:10.1093/aob/mcr134.
  4. බිල්ගින්, රාෂිට් (2011). "බැක් ටු ද සූචර්: ද ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ඉන්ට්‍රාස්පෙසිෆික් ජෙනටික් ඩයිවර්සිටි ඉන් ඇන්ඩ් අරවුන්ඩ් ඇනටෝලියා". ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් මොලිකියුලර් සයන්සස්. 12: 4080–4103. doi:10.3390/ijms12064080. ISSN 1422-0067.
"https://si.wikipedia.org/w/index.php?title=ඇනටෝලියානු_විකර්ණය&oldid=385576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි