අහ්මෝස්-හෙනුටෙමිපෙට්

විකිපීඩියා වෙතින්
(අහ්මෝස් හෙනුටෙමිපෙට් වෙතින් යළි-යොමු කරන ලදි)
DB320 සොහොන්ගැබෙන් සොයාගැනුණු අහ්මෝස්-හෙනුටෙමිපෙට්ගේ මමිය

අහ්මෝස්-හෙනුටෙමිපෙට් යනුවෙන් හඳුන්වන්නේ ඊජිප්තුවේ පසුකාලීන දාහත්වන රාජවංශයේ විසූ කුමරියකි. ඇය පාරාවෝ සෙකෙනෙන්රේ ටාඕගේත්, බොහෝවිට Iවන ආහොටෙප් රැජිනගේත් දියණිය යැයි සැලකේ. ඇය Iවන අහ්මෝස්ගේ සහෝදරිය විය. ඇය විසින් රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන පදවි නාම උසුලා තිබේ.[1]

මමිය[සංස්කරණය]

ඇගේ මමිය සොයාගැනුණේ 1881දී DB320 සොහොන්ගැබෙනි. වර්තමානයේ එය කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා තිබේ. 1909 ජූනි මස ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් එය අධ්‍යයනය කරන ලදී. හෙනුමෙටිපෙට් මියයන විට මහලු වියේ පසුවූවා ය. ඇගේ හිසකෙස් අළු පැහැති වී ඇති අතර, දත් ද දිරා ගොස් තිබේ. ඇගේ මමියට හානි සිදු වී තිබේ. එය බොහෝවිට නිධන් සොරුන් අතින් සිදුවූවකැයි සැලකේ. Iවන ෂොෂෙන්ක් පාරාවෝවරයාගේ 11වන වර්ෂයෙන් පසු ඇගේ මමිය DB320 වෙත රැගෙන විත් ඇති බව පෙනේ.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (2004) ISBN 0-500-05128-3, පි. 128
  2. අහ්මෝස්-හෙනුටෙමිපෙට්ගේ මමිය
"https://si.wikipedia.org/w/index.php?title=අහ්මෝස්-හෙනුටෙමිපෙට්&oldid=389484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි