අසූ මහා ශ්‍රාවකයෝ

විකිපීඩියා වෙතින්

සව්සත සනසන බුදුරජාණන්වහන්සේ ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේය. බුදු දහමේ ශීඝ්රම ව්යාතප්තියට පමණක් නොව බුදුරජාණන්වහන්සේගේ කීර්ති නාමයේ ප්රවචාරයට ද එක් ප්රීධාන සාධකයක් වූයේ බුදුරජාණන්වහන්සේ අනුව ගිය අති විශිෂ්ඨ ශ්රාරවක පිරිසක් බුදුරජාණන්වහන්සේට වීමය.

අති දක්ෂ මූර්ති ශිල්පියෙකු ඉටියෙන්, මැටියෙන් අනා වනා මොලොක් කොට, මනහර මූර්තීන්(ප්රධතිමා) තනා, කලා කාමීන්ගේ මනදොළ සපුරන්නාක් මෙන්, බුදුරජාණන්වහන්සේලා ද මිනිස් දුර්වලකම්වලින් පිරුණු ස්ත්රීූ පුරුෂයන් අති විශාල සංඛ්යාකවකගේ රළු පරළු ජීවිත, කරුණා මෛත්රීක නමැති දියෙන් තෙමා, සදහම් නමැති ඉටියෙන් මැටියෙන් අනා වනා මෘදු මොළොක් කොට හැඩගස්සා උතුම් ගුණ ධර්ම මූර්තීන් බවට පත්කොට, බොහෝ දෙනාගේ හිත පිණිස ( බහුජන හිතාය), බොහෝ දෙනාගේ සැප පිණිස (බහුජන සුඛාය), ලෝකයාට අනුකම්පා පිණිස (ලෝකානුකම්පාය) ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා සැරිසරණ ලෙස යෙදවූහ. මේ ගුණ ධර්ම මූර්තීහු හෙවත් ශ්රාිවක ශ්රා විකාවෝ විනය නීති අනුව හිතත්, කයත්, වචනත් සකස්කරගෙන ශාන්ත, ප්රිශාන්ත, සංවර සීලී ඉරියවු තුළින් දුටුදුටුවන් ඇසු ඇසුවන් තමන්වෙත ඇදගත්හ. මේ අතිශය දුර්ලභ උතුම් මනුෂ්ය්ය රත්න තැනූ අති දක්ෂ ශිල්පියා බුදුරජාණන්වහන්සේය.

මේ ශ්රාාවක පිරිස අතරින් එක් එක් ක්ෂේත්ර්යන්හි අති විශිෂ්ඨත්වයට පත්වූ ප්රනධාන ශ්රා,වක පිරිසක් ද විය. ඒ ශ්රා්වක පිරිස සංඛ්යා වෙන් අසූවකි. අසූමහා ශ්රා්වකයෝ වශයෙන් හැඳින්වෙන්නේ එම සුවිශේෂී ශ්රාිවකයෝ ය.

  1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
  2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
  3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
  4. මහාකාශ්යාප මහරහතන් වහන්සේ
  5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
  6. භද්දිය මහරහතන් වහන්සේ
  7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
  8. පිණ්ඩොල භාරද්වාජ මහරහතන් වහන්සේ
  9. මන්තානි පුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ
  10. මහා කච්චායන මහරහතන් වහන්සේ
  11. මහා පන්ථක මහරහතන් වහන්සේ
  12. චුල්ල පන්ථක මහරහතන් වහන්සේ
  13. සුභූති මහරහතන් වහන්සේ
  14. ඛදිරවනිය රේවත මහරහතන් වහන්සේ
  15. කංඛාරේවත මහරහතන් වහන්සේ
  16. (කෝලිවිස) සොණ මහරහතන් වහන්සේ
  17. (කුටිකණ්ණ) සොණ මහරහතන් වහන්සේ
  18. සීවලී මහරහතන් වහන්සේ
  19. වක්කලී මහරහතන් වහන්සේ
  20. රාහුල මහරහතන් වහන්සේ
  21. රට්ඨපාල මහරහතන් වහන්සේ
  22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
  23. වංගීස මහරහතන් වහන්සේ
  24. උපසේන මහරහතන් වහන්සේ
  25. දබ්බ මහරහතන් වහන්සේ
  26. පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේ
  27. දාරුචීරිය මහරහතන් වහන්සේ
  28. කුමාර කස්සප මහරහතන් වහන්සේ
  29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
  30. ආනන්ද මහරහතන් වහන්සේ
  31. උරුවෙල කස්සප මහරහතන් වහන්සේ
  32. කාළුදායි මහරහතන් වහන්සේ
  33. බක්කුල මහරහතන් වහන්සේ
  34. සෝභිත මහරහතන් වහන්සේ
  35. උපාලි මහරහතන් වහන්සේ
  36. නන්දක මහරහතන් වහන්සේ
  37. නන්ද මහරහතන් වහන්සේ
  38. මහා කප්පිත මහරහතන් වහන්සේ
  39. සාගත මහරහතන් වහන්සේ
  40. රාධ මහරහතන් වහන්සේ
  41. මෝඝ රාජ මහරහතන් වහන්සේ
  42. නාලක මහරහතන් වහන්සේ
  43. භද්දිය මහරහතන් වහන්සේ
  44. වප්ප මහරහතන් වහන්සේ
  45. මහානාම මහරහතන් වහන්සේ
  46. අස්සජි මහ රහතන් වහන්සේ
  47. කිම්බිල මහරහතන් වහන්සේ
  48. භගු මහරහතන් වහන්සේ
  49. චුන්ද මහරහතන් වහන්සේ
  50. සේලු දායි (සේල) මහරහතන් වහන්සේ
  51. නාගිත මහරහතන් වහන්සේ
  52. තෝදෙය්යහ මහරහතන් වහන්සේ
  53. කප්ප මහ රහතන් වහන්සේ
  54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
  55. පෝසාල මහරහතන් වහන්සේ
  56. පුණ්ණක මහරහතන් වහන්සේ
  57. ධෝතක මහරහතන් වහන්සේ
  58. නන්ද (දුතිය) මහරහතන් වහන්සේ
  59. අජිත මහරහතන් වහන්සේ
  60. තිස්ස මෙත්තෙය්ය මහරහතන් වහන්සේ
  61. මෙත්තගු මහරහතන් වහන්සේ
  62. උපසීව මහරහතන් වහන්සේ
  63. හේමක මහරහතන් වහන්සේ
  64. භද්රාමවුධ මහරහතන් වහන්සේ
  65. උදය මහරහතන් වහන්සේ
  66. පිළුගිය මහරහතන් වහන්සේ
  67. මේඝීය මහරහතන් වහන්සේ
  68. පුණ්ණ (සුනාපරත්ත) මහරහතන් වහන්සේ
  69. උපවාන මහරහතන් වහන්සේ
  70. යස මහරහතන් වහන්සේ
  71. විමල මහරහතන් වහන්සේ
  72. සුභාහු මහරහතන් වහන්සේ
  73. පුණ්ණජි මහරහතන් වහන්සේ
  74. ගවම්පති මහරහතන් වහන්සේ
  75. නදී කස්සප මහරහතන් වහන්සේ
  76. ගයා කස්සප මහරහතන් වහන්සේ
  77. මහා උදායි මහරහතන් වහන්සේ
  78. අංගුලිමාල මහරහතන් වහන්සේ
  79. යසෝජ මහරහතන් වහන්සේ
  80. සභිය මහරහතන් වහන්සේ
"https://si.wikipedia.org/w/index.php?title=අසූ_මහා_ශ්‍රාවකයෝ&oldid=378872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි