අසර්බයිජානයෙහි කාන්තාවෝ

විකිපීඩියා වෙතින්
අසර්බයිජානයෙහි කාන්තාවෝ
බකූ හි පිහිටා ඇති කාන්තා ඡන්ද බල ප්‍රතිමාව.
ලිංගික අසමානතා දර්ශකය
අගය0.323 (2012)
අනුස්ථිතිය54වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)54 (2010)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ16.0% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ90.0% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ61.6% (2011)
ගෝලීය ලිංග පරතර දර්ශකය[1]
අගය0.6582 (2013)
අනුස්ථිතිය136 අතුරින් 99වන

අසර්බයිජානයෙහි කාන්තාවෝ නාමික වශයෙන් පුරුෂයන් සහ සමාන නෛතික අයිතිවාසිකම් භුක්ති විඳිති; කෙසේවෙතත්, සමාජීය ලෙසින් වෙනස් ලෙසින් සැලකීම ගැටළුවක් ලෙසින් පවතියි.[2] රටෙහි සාම්ප්‍රදායික සමාජ ප්‍රතිමාන සහ ඇවුරුනු ආර්ථික ප්‍රගමනය විසින් ආර්ථිකයෙහි කාන්තා භූමිකාව සීමා කර ඇති අතර, ලිංගික ලෙසින් වෙනස් වශයෙන් සැලකීම නිසා කාන්තාවන්ට තම නෛතික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇතිවූ දුෂ්කරතාවයන් පිළිබඳව වාර්තා ලැබී ඇත.[2]

ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම්[සංස්කරණය]

1918 වසරෙහිදී අසර්බයිජානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් අසර්බයිජානය තුල සර්වජන ඡන්ද අයිතිය ක්‍රියාත්මක කෙරුණු අතර, කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය හිමි කර දුන් පළමු මුස්ලිම් රට බවට අසර්බයිජානය පත් විය.[3]

දේශපාලනමය නියෝජනය[සංස්කරණය]

2007 වසර වන විට, කාන්තාවන් කිහිපදෙනෙකු විසින් රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබවුණු අතර, ඒවා අතර පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සහ මධ්‍යම මැතිවරණ කොමිසමෙහි නියෝජ්‍ය සභාපති යන තනතුරු දැක්විය හැකිය.[2] කාන්තාවන් විසින් දේශපාලනයෙහි නියැලීම පිළිබඳ පැනවුණු නෛතික සීමාවන් නොමැත. 2015 වන විට, ආසන125වෙතින් සමන්විත පාර්ලිමේන්තුවෙහි කාන්තාවන් 21 දෙනෙක් නියෝජිතවරියන් ලෙසින් සිටියහ. 2005 සහ 2015 අතර කාලසීමාව තුලදී, පාර්ලිමේන්තුවෙහි කාන්තා මන්ත්‍රීවරියන්ගේ ප්‍රතිශතය සියයට 11 සිට 17 දක්වා ඉහළ ගියේය.[4]

2009 මැයි මස වන විට, කාන්තාවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙහි නියෝජ්‍ය සභාපති ධූරය, නක්හ්චිවන් ස්වතන්ත්‍ර ජනරජයෙහි කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙහි නියෝජ්‍ය සභාපති, නියෝජ්‍ය අමාත්‍යවරුන් සතර දෙනෙක්, තානාපතිවරයෙක්, අසර්බයිජාන් සහ නක්හ්චිවන් ස්වතන්ත්‍ර ජනරජයෙහි පාර්ලිමේන්තු කොමසාරිස් යන තනතුරු දරන ලදි. මධ්‍යම මැතිවරණ කොමිසමෙහි සාමාජිකයන් 16 අතරින් 4 ක් කාන්තාවන් විසින් දරන ලද අතර, දිස්ත්‍රික් මැතිවරණ කොමිසම් 125 ක් අතරින් තුනක සභාපතිත්වය දරන ලදි. පවුල්, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය කමිටුවෙහි සභාපතිත්වය දැරූ හිජිරාන් හුසෙනෝවා සහ සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ රාජ්‍ය කොමිසමෙහි සභාපතිත්වය දැරූ මලෙය්කා අබ්බාස්සඩේ හැරුණු විට, නගර හෝ රයෝන් සභාවල හෝ විධායක රජයන්හී ප්‍රධානී තනතුරු හෝ අමාත්‍ය තනතුරු හෝ කාන්තාවන් විසින් නොදරන ලදි.[5][6] අසර්බයිජාන් ජනරජයෙහි පවුල්, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය කමිටුව යනු, රටෙහි කාන්තා අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ අධීක්ෂණය කෙරෙන ප්‍රාථමික රාජ්‍ය කාර්යාංශය වෙයි. 2015 වසරෙහිදී, නක්හ්චිවන් ස්වතන්ත්‍ර ජනරජයෙහි සංස්කෘතික අමාත්‍යවරිය ලෙසින් නටාවාන් ගැඩිමෝවා පත් කෙරිණි.[7] 2016 වන විට, රටෙහි වෘත්තිමය විනිශ්චයකරුවන් අතරින් 11% කාන්තාවන් වූ අතර, මෙය යුරෝපය හා සැලකූ විට පහළ මට්ටමක පැවතිණි.[8]

නගෝර්නෝ-කරබාහ් යුද්ධයෙහි සක්‍රීය අවස්ථාවෙහිදී අසර්බයිජානයෙහි හමුදාමය සාමාජිකයන් 74,000 දෙනා අතරින් කාන්තාවන් 2,000 වූ අතර, ඒ අතරින් 600 දෙනා සෘජුවම හමුදාමය මෙහෙයුම් වල නිරත වූහ.[9] කාන්තාවන් සඳහා හමුදා සේවය ස්වෙච්ඡාවෙන් විය හැකි අතර වර්තමානයෙහි අසර්බයිජාන හමුදාවෙහි කාන්තාවන් 1,000 පමණ සේවය කරති.[10]

ශ්‍රම වෙළෙඳපොළෙහි සහභාගිත්වය[සංස්කරණය]

අසර්බයිජාන කාන්තාවන් අතරින් බහුතරයක් නිවෙසින් පිටත රැකියාවන්හී නිරත වන නමුදු, උස් ව්‍යාපාරික තනතුරු ඇතුළු ඉහළ-මට්ටමෙහි රැකියා අතර කාන්තාවන් අවනියෝජනය වෙති.[2] අසර්බයිජානයෙහි කාන්තාවන් සඳහා ව්‍යපාරික ක්ෂේත්‍රයෙහි අවස්ථා පවතින්නේ මඳ වශයෙනි. බැංකු ණය ලබාගැනීමේදී ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ ඔවුන් සහතික වශයෙන් ඉදිරිපත් කරන දේපොළ සාමාන්‍යයෙන් ලියාපදිංචිව ඇත්තේ ඔවුන්ගේ පුරුෂ ඥාතීන්ගේ නම් වලින් බැවිණි. බොහෝවිට බැංකු විසින් කාන්තාවන් සඳහා ණය ලබාදීමේදී විශ්වාසනීයත්වයක් නොදක්වන අතර එසේ සිතන විටෙකදී හෝ කාන්තාවන්ගේ ව්‍යාපාරයක් බරපතළ ලෙසින් හෝ වෙළෙඳපොළෙහි තරග වැදිය හැකි ලෙසින් හෝ නොසැලකෙයි. සමහරක් අවස්ථාවන්හිදී, වාර්තා හා ලේඛන භාරගන්නා රජයේ ආයතනයන්හී පුරුෂ සේවානියුක්තියන් විසින් දියත් කෙරෙන කටකතා ප්‍රචාරයන්ට සහ සමහර විටෙක ලිංගික හිරිහැරකිරීම වලට ව්‍යාපාරික කාන්තාවන් ලක් වෙති.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
  2. 2.0 2.1 2.2 2.3 කන්ට්‍රි රිපෝට්ස් ඔන් හියුමන් රයිට්ස් ප්‍රැක්ටිසර්ස්: අසර්බයිජාන් (2011). එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ශ්‍රමය පිළිබඳ කාර්යාංශය (2011). පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රය වෙතින් ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.
  3. තදේයුස් ස්වෙයිටොචොක්සි. රෂියන් අසර්බයිජාන්, 1905-1920: ද ෂේපිං ඔෆ් අ නැෂනල් අයිඩෙන්ටිටි ඉන් අ මුස්ලිම් කමියුනිටි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2004. ISBN 0521522455, 9780521522458, පි.144
  4. 2015 පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් රිසල්ට්ස්.
  5. විමෙන් ඉන් අසර්බයිජාන් රිලක්ටන්ට්ලි කන්සිඩර්ඩ් ෆො එක්සකටිව් පොෂිසන්ස් සංරක්ෂණය කළ පිටපත 2009-05-19 at the Wayback Machine කේ.සාබලියේවා විසිනි. 16 මැයි 2009.
  6. 6.0 6.1 විමෙන් ඉන් අසර්බයිජාන් රෑන්ක්ඩ් 90ත් වර්ල්ඩ්වයිඩ් සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine ආර්.ඔරුජොෆ් විසිනි. 7 අප්‍රේල් 2012.
  7. නිව් ෆීමේල් මිනිස්ටර් ඉන් නක්හ්චිවන්. Haqqin.az. 2 සැප්තැම්බර් 2015.
  8. ප්‍රොපෝෂන් ඔෆ් ෆීමේල් ජජර්ස් ඉන් යූකේ අමං ලෝවස්ට් ඉන් යුරෝපය. ද ගාඩියන්. 6 ඔක්තොම්බර් 2016.
  9. ෆර්ස්ට් අසර්බයිජානි වුමන් ටු බිකම් මේජර් ජනරල් සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine. Lent.az. 29 මාර්තු 2009. සම්ප්‍රවේශය 4 ඔක්තොම්බර් 2011.
  10. අරවුන්ඩ් 1,000 විමෙන් ඉන් අසර්බයිජාන් ආමි. Trend.az. 12 අගෝස්තු 2014.