අවිහිංසාවාදී සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

අවිහිංසාවාදී සන්නිවේදනය (සානුකම්පික සන්නිවේදනය සහ සහයෝගී සන්නිවේදනය ලෙසද හැඳින්වෙන) 1960 මුල් භාගයේ දී මාර්ෂල් රොසෙන්බර්ග් විසින් ගොඩනගන ලද සන්නිවේදන ක්‍රියාවලියකි. අවිහිංසාවාදී සන්නිවේදනය බොහෝ අවස්ථාවලදී සංඝට්ටන ක්‍රියාවලියක් ලෙස ක්‍රියාකරයි. එය සන්නිවේදනයේ අංශ තුනක් කේන්ද්‍ර කරගෙන ඇත. ඒවා නම් ස්වයං තදනුභූතිය (යමෙකුගේ අභ්‍යන්තර අත්දැකීම් පිළිබඳ ගැඹුරු සානුකම්පික වැටහීම), තදනුභූතිය (යම්කෙනෙක් වෙත ඕනෑකමින් කාරුණිකව සවන්දීම) සහ අවංක ස්‌වයං ප්‍රකාශනයයි. (අන් අය තමා කෙරෙහි සනුකම්පිකව බැලීමට පොළඹවන සත්‍යවාදීබව ප්‍රකාශ කිරීම.)

අවිහිංසාවාදී සන්නිවේදනය රඳා පවතින්නේ සියලු මානව වර්ගයා තුළ අනුකම්පාවට ඉඩක් පවතී යන අදහස හාමිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීමට ඵලදායී ක්‍රමෝපායන් හදුනන නොගන්නා විට ඇතිවන අන් අයට කරදරකාරී ප්‍රචණ්ඩත්වයට මුල්වන හැසිරීම් මතයි. ප්‍රචණ්ඩත්වයට මුල්වන සිතීමේ හැ කතාකිරීමේ චර්යාවන් (මානසික හැ ශාරීරික) සංස්කෘතිය හරහා ඉගැන්වේ. අවිහිංසාවාදී සන්නිවේදන සිද්ධාන්ත වලට අනුව මනුෂ්‍ය චර්යාවන් ගෝලීය මානව අවශ්‍යතා හඹා යාමට උත්සාහ දරන අතර මෙම අවශ්‍යතා කෙදිනකවත් සංඝට්ටනය නොවේ. එසේ නොවන සංඝට්ටනයක් ඇතිවන්නේ අවශ්‍යතා සපුරාලන උපක්‍රමයන් නොගැලපෙන විටය. මානව වර්ගයාට තම අවශ්‍යතා, අනයගේ අවශ්‍යතා සහ මෙම අවශ්‍යතා වටා ඇති හැගීම් දැනීම් හඳුනා ගත හැකිනම් එයින් සමගිය කුලුගන්න්වන බව අවිහිංසවාදී සන්නිවේදනයේ අදහසයි.

අවිහිංසාවාදී සන්නිවේදනය අන් අය කෙරෙහි අනුකම්පාවක් උපදවන සම්බන්ධතාවක් ලෙස වර්ධනය කිරීමට නිර්මාණය කෙරුණු සන්නිවේදන ක්‍රියාවලියක් ලෙස ඉගැන්වෙන තුරු එය අධ්‍යාත්මික ප්‍රගුනණයක්, සාරධර්මයක්, ඉගෙනුම් ක්‍රමයක් හා ලෝකදර්ශනයක් ලෙස විවරණය වී තිබෙනු ඇත.


නියැලුම[සංස්කරණය]


අවිහිංසාවාදී සන්නිවේදනය සන්විධානීය සහ ව්‍යාපාර සැකසුම් වලදී, මාපිය රැකවරනයෙදී, අධ්‍යාපනයේදී, සමාදානය සඳහා සිදුවන මැදිහත් වීම් වලදී, මනෝ රෝග චිකිත්සාවේදී, සෞඛ්‍ය ආරක්ෂක කටයුතු වලදී සහ ළමා ග්‍රන්ථයන්හි මූලකරණයක් ලෙස ද, මෙවන් අනෙකුත් සන්දර්බ අතරද යෙදවේ.

රොසෙන්බර්ග් විසින් අවිහිංසාවාදී සන්නිවේදය රුවන්ඩාව, බුරුන්ඩි, නෛජෙරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රීලංකාව, කොලොම්බියාව, සර්බියාව, ක්‍රොආටියාව, අයර්ලන්තය, වැනි ගැටුම් පවතින කලාප වල සහ පලස්තීනු ත්‍රස්තවාදය නියුක්තව ඇති මැදපෙරදිග හි ද සාම වැඩසටහන් වලදී භාවතා කර ඇත.

අවිහිංසාවාදී සන්නිවේදනය එක්සත් ජනපදයේ කොස්ටා රිකා හි පාසල් වල සහ අනෙක් රටවල සාමය වර්ධනය හා සමාජ හැ සිතුම් පැතුම් වර්ධනය විෂය මාලාවක් ලෙස ඉගැන්වුණු BePeace or Connection Practice ලෙස නම් කෙරුණු Heart Math භාවනා ක්‍රමයක් සමඟ ද එක්ව පවතී.

යටගියාව හා විකාසනය[සංස්කරණය]

අවිහිංසාවාදී සන්නිවේදන පුහුණුව සාමසාධන හැකියාවන් සීග්‍රයෙන් වැපිරවීමේ මාර්ගයක් ලෙස රොසෙන්බර්ග් ගේ සෙවීම් වලින් ක්‍රමයෙන් විකාසයට පැමිනුණි. එය ඔහු විසින් 1960 හි මුලදී කරන ලද මහජන අයිතිවාසිකම් ක්‍රියාවාදයන් වල සිට එළිදරව් වුනි. මෙම කාලය තුළදී ඔහු කැරලි කෝලාහල වල යෙදුනු සිසුන් සහ පාසල් පරිපාලකයන් අතර අතරමැදියෙක් ලෙසද වියුක්ත පළාත් වල රජයේ පාසල් වල වර්ණබේදවාදය නැති කිරීම සඳහා ද ක්‍රියාකරන ලදී. මේරියන් ලිට්ල් (2008) ට අනුව රොසෙන්බර්ග් එක්සත් ජනපද පාසල් වල හා සංවිධාන වල ජාතීන් ඒකාබද්ධ කිරීමේ යෙදී සිටි 1960 අග භාගයේ අවිහිංසාවාදී සන්නිවේදන ආකෘතියේ මූලයන් ගොඩනැගූ බව කියවේ. මුල්ම ආකෘති සංස්කරණය රොසෙන්බර්ග් විසින් 1972 දී සකසන ලද පුහුණු කාර්ය සංග්‍රහයකින් කොටසකි.ආකෘතිය දැන් පවතින ආකාරයට විකසනයවූයේ 1992 දීය. රෝසේම්බ්ර්ග් සහ ඔහුගේ සගයන් අතර පැවතුන සකච්ඡා ආකෘතියේ පවත්වාගෙන යාම සඳහා ඉවහල් වුණු අතර පසු කාලීනව වසර 2000 දී පමණ ගෙන එන ලද ‘self – empathy’ යන සංකල්පය මෙම ආකෘතියේ වර්ධනයට ප්‍රධාන ලෙස ඉවහල් වුණි. වසර 2000 සිට මෙම ආකෘතිය ක්‍රියාවලියක් ලෙසද ඉදිරියට පැමිනුණි. ක්‍රියාවලියේ පියවර සඳහා වැඩි අවධානයක් යොමු නොකෙරුණත් වියුක්තිකයන් හා රොසෙන්බර්ග් ඇතුළු පිරිස විසින් අරමුණු සම්බන්ධ කතා බහ හා පුද්ගලයන් ට සවන්දීම් වැනි සම්බන්ධතා අනෙක් අය සමඟ බෙදා ගැනීම සිදු කළහ.

අවිහිංසා සන්නිවේදනයෙන් සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ලිට්ල් නැමැත්තාට අනුව රොසෙන්බර්ග්, කාල් රෝජෙර්ස් සමඟ ‘සබඳතාවන් පැවතීම සඳහා උපකාරක උපාංග විමර්ශනය’ සඳහා වූ පර්යේෂණයකට සම්බන්ධ වී ඇත. එහිදී රොජර්ස් විසින් 1) අනුභාවත්මක ඉගෙනීම, 2) කෙනෙකුගේ හැගීම් පිළිබඳ අවංක භාවය, 3) අනයට ඇහුම්කන් දීමෙන් සහෙමකට පැමිණීම, 4)නිර්මාණාත්මක බව, ක්‍රියාකාරී බව,සංවේදී බව, නිවැරදිතාවය, තදනුභුතී සවන්දීම, යන කරුණු පිළිබඳ වූ දිරිගැන්වෙන අත්දැකීම්, 5)කෙනෙකුගේ අභ්‍යන්තර අත්දැකීම්, සන්නිවේදනය පිළිබඳ වූ ගැඹුරු සංගතිය සහ 6) කොන්දේසි විරහිතව ආදරය කිරීම හෝ අගය කිරීම සහ කරුණාව දැක්වීම පිළිබඳ ප්‍රාණවත් අත්දැකීම්, යන කරුණු අවධාරණය කරන ලදී.

එරිච් ෆ්රෝම්ම්, ජෝර්ජ් ඇල්බී සහ ජෝර්ජ් මිලර් යන පුද්ගලයන් ගේ අනුබලය යටතේ රොසෙන්බර්ග් සායනික මානසික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙමින් ඔහුගේ ක්‍රියාවන් පිළිබඳ ඇති සමාජ අවධානය කෙරෙහි සැලකිලිමත් විය.1) පුත්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සමාජ ව්‍යුහය මත රඳා පවතින බව හා. 2)තනිව සිදුකරන පිළිවෙත් සමාජ මානසික අවශ්‍යතා සැපිරීමට අසමත් බවත් නිසා (ඇල්බී ට අනුව) සහ 3) මනෝවිද්‍යා සංකල්ප සමාජය වෙත නිදැල්ලේ ලැබෙන විට මානව හැසීරීම් වර්ධනය වන බවත් (මිලර් ට අනුව) නිසා රොසෙන්බර්ග් ගේ මෙම විකාසනය සිදුවිය.

ඉගෙනුම් අබාධ සහිත ළමුන් හා රොසෙන්බර්ග් ගේ පෙර කටයුතු ඔහුගේ සහයෝගීත්වය පිළිබඳ හොදින් තහවුරු කරන අතර එය ඔහු තුළ වූ මනෝචිකිත්සක හැකියාව හා භාෂා භාවිතයන් ගේ හැකියාවට හොඳම සාක්ෂි වේ. අවිහිංසාවාදී සන්නිවෙදනයේ මූලීක ක්‍රියාවලීන් තුළ වූ සිසු-ගුරු සම්බන්ධතාවල නැවත සකස් කරමින් සිසුන් වෙත තමන්ගේ ඉගෙනුම් පිළිබඳ තීරණ ගැනීමේ වැදගත් වගකීම පවරන ලදී. ආකෘතිය විකාසනය වසර ගණනක් තිස්සේ සිදුවෙමින් සංස්ථායික බලවත් සම්බන්ධතා (උදා ; පොලිස්-පුරවැසි, ප්‍රධානීන්- වියුක්තිකයින්) සහ අනාකෘතික සම්බන්ධතා (උදා ; ගැහැණු - පිරිමි, දුප්පත් - පොහොසත්, වැඩිහිටි - තරුණ, දරු - දෙමාපිය) නීතිගත කරන ලදී. බියජනක ආධිපත්‍යක් වැනි හැගීම් වෙනුවට මෙහි එකම අරමුණ වුයේඅන්යෝන්ය ගෞරවය සහ ශක්තිමත් සම්බන්ධතා සහිත සමාජගත හිතවත් කම් ගොඩනැග්වීමයි.

රොසෙන්බර්ග් විසින් මහත්මා ගාන්ධි මැතිතුමා අවිහිංසාවාදී සන්නිවේදන ආකෘතියේ අනුප්‍රාණයක්සේ අදුනගන්නා ලදී. ගාන්ධි තුමාගේ “අහිංසා ” දර්ශනයනයේ ප්‍රායෝගික ක්‍රියාවලියක් ලෙස මෙය වර්ධනය රොසෙන්බර්ග් ගේ පරමාර්ථය වන්නට ඇත.


පර්යේෂණ[සංස්කරණය]

අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳව සිදු කෙරුණු දේශාන්තර විශ්ලේෂණීය පර්යේෂණයන් අවම වන අතර අහිංසාවාදී සන්නිවේදන පුහුණු වැඩසටහන්හි සඵලත්වය පිළිබඳව ඇගයනු අධ්‍යයන කිහිපයක් දැකිය හැකිය. අධ්‍යයන සන්දර්භය තුල අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳව සිදු කෙරුණු සාකච්ඡාවන්ද ඉතා අල්පය. මෙම අහිංසාවාදී සන්නිවේදනයේ සඵලත්වය හා කාර්යසාධනීය බව සඳහා වන සාක්ෂ්‍යයන් බොහෝ විට උපාඛ්‍යාත වී ඇති අතර න්‍යායාත්මක කරුණු මත පදනම් වෙයි.

2011 වසරේදී පශ්චාත් උපාධි තිසීසයන් හා ආචාර්ය නිබන්ධන හයක් මෙම මාදිලිය පරීක්ෂණයට ලක් කලේය. එහි නියැදිය 108ක් හෝ ඊට කුඩා වූ අතර මෙය බොහෝ ප්‍රතිඵලදායක බව අනාවරණය විය.

1972දී රොසෙන්බර්ග්ව පළමු වරට මුන ගැසුණු ඇලන් රොල්ෆ්ස් අහිංසාවාදී සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භකයා වූ අතර මේ පිළිබඳව වන අධ්‍යයනයන්ගේ අල්පත්වය පිළිබඳව මෙසේ විස්තර කරයි.

සැබැවින්ම ගැටුම් නිරාකරණය පිළිබඳව වන වැඩසටහන් සියල්ලටම ඒවායේ පදනම ලෙස අධ්‍යයනමය පසුබිමක් ඇති අතර එනිසාම උපාධි ශිෂ්‍යයන් විසින් එහි සඵලත්වය පිළිබඳව ඇගයෙන ආනුභුතික අධ්‍යයනයන් සිදු කර ඇත. අහිංසාවාදී සන්නිවේදනය ඉතා වැදගත් වන්නේ එහි මූලයන් නිසාවෙනි. ආචාර්ය උපාධියක් ඇති මාර්ෂල් රොසෙන්බර්ග්, (සායනික මනෝ විද්‍යාව, විස්කොන්සින් වි.වි.) පැමිණෙන්නේ පූර්ණකාලීන සායනික මනෝවිද්‍යා භාවිතයෙන් හා උපදේශනයෙන් වන අතර අධ්‍යයන පලකිරීම් තුලින් නොවේ. ඔහුගේ නිර්මාණයක් වන අහිංසාවාදී සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිම් මට්ටමේ සංවිධානයක් වන අතර මෑතක් වන තෙක්ම කිසිදු පදනම් සංවිධානයක් හෝ ආධාර මුදලක් නොමැතිව පැවතිණි. එයට 100%ක්ම මුදල් ලැබුනේ ලොව පුරා කළ මහජන වැඩමුළු වලින් ලැබුණු ආධාර මුදල් වලිනි. ස්වාධින පර්යේෂකයින් තම මුදල් වලින් හා තම සමානයන්ගේ විවරණයන් සහිතව ආනුභූතික අධ්‍යනයන් සිදු කර ප්‍රකාශයට පත් කරන බැවින් දැන් ක්‍රමක්‍රමයෙන් ආනුභූතික දත්ත පිවිසෙමින් තිබේ.

ඉහල ප්‍රචන්ඩත්වයක් සහිත පසුබිමක පැවතෙන අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සීය හෙදකම තුල විශාල වෙනස්කම් ඇතිකළ මැදිහත්වීම් ගණනාවක් අහිංසාවාදී සන්නිවේදනය මගින් සිදු කෙරිණි. ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා දරන ලද වෙනත් මැදිහත්වීම් සමග සංකලනයෙන් අහිංසාවාදී සන්නිවේදනය සැකසී ඇත. මෙමගින් මධ්‍යම ආරක්ෂක ඒකකයක් තුල වසර තුනක් ඇතුලතදී ප්‍රචණ්ඩත්වය සියයට 90කිනුත්, උපරිම ආරක්ෂක ඒකකයක් තුල වසරක් තුලදී සියයට 50කිනුත් ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන දර්ශකයන් අඩු කළ බව කියැවේ.

මෑත කාලීන පර්යේෂණයන් මගින් පෙන්නුම් කරණු ලබන්නේ විශ්වීය මානය අවශ්‍යතාවයන්ගේ වලංගු භාවයයි.

ආධාත්මිකත්වය හා ඇති සම්බන්ධතාවය[සංස්කරණය]

තෙරේසා ලැටින් පවසන ආකාරයට රොසෙන්බර්ග් අහිංසාවාදී සන්නිවේදනය තේරුම් ගන්නේ මූලික වශයෙන් “ආධාත්මික ක්‍රියාවක්” ලෙසයි. සැබැවින්ම මාෂල් රොසෙන්බර්ග් අහිංසාවාදී සන්නිවේදනය සංවර්ධනයේ හා භාවිතයේ ලා තම ආධ්‍යාත්මික ජීවිතයේ බලපෑම විස්තර කරයි.

“අහිංසාවාදී සන්නිවේදනයේ පදනම තුල ආධ්‍යාත්මිකතාවය ඇති බවට ජනතාව තේරුම් ගැනීම වැදගත් යැයි මම සිතනවා. එමගින් ඔවුන් මෙම ක්‍රියාවලියේ යාන්ත්‍රණය ඉගෙන ගනු ඇති. මම පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ආධ්‍යාත්මික හුරු පුරුද්දක් ජීවිතයට උකහා ගන්නා ආකාරය. අපි සඳහන් නොකරනවා වුනත් මිනිසුන් මෙම පුරුද්ද මගින් විමෝහනය වනවා. මෙය යාන්ත්‍රික ශිල්පයක් ලෙස ක්‍රියාත්මක කළා වුවත් මෙමගින් පෙරදී ඔවුන් තුලම හා අනෙක් මිනිසුන් තුල අත්දැකීමට නොහැකි වූ දේ අත්විඳින්නට පටන් ගන්නවා. එබැවින් අවසානයේදී ඔවුන් මෙම ක්‍රියාවලියේ ආධාත්මිකතාවය වෙත පිවිසෙනවා. ඔවුන් එය හුදෙක් සන්නිවේදන ක්‍රියාවලියන් පමණක් නොවන බවත් එය එක්තරා ආකාරයක ආධාත්මිකතාවයක් ප්‍රකාශ කිරීමේ උත්සහයක් බවත් තේරුම් ගැනීමට සමත් වෙනවා.”

රොසෙන්බර්ග් තව දුරටත් පුකාශ කර සිටින්නේ ඔහු අහිංසාවාදී සන්නිවේදනය සංවර්ධනය කළේ තමන් “ආදරණීය වූ දිව්‍යමය වූ ශක්තිය” ලෙස හඳුන්වන දෙය පිළිබඳව අවබෝධය ලබා දීමට බවයි.

සමහර ක්‍රිස්තියානුවන් අහිංසාවාදී සන්නිවේදනය දකින්නේ තම ක්‍රිස්තියානු විශ්වාසය හා සමවන්නක් ලෙසයි. එහෙත් තවත් බොහෝ අය දකින්නේ මෙය භාවිතයෙන් හා න්‍යායෙන් බුද්ධාගමේ පුරුෂාර්ථයන් පිළිබිඹු කරන්නක් ලෙසයි.

අනෙකුත් මාදිලි හා ඇති සබඳතාවය[සංස්කරණය]

මේරියන් ලිට්ල්, අහිංසාවාදී සන්නිවේදනය හා සම්බන්ධකමක් දැක්වෙන න්‍යායාත්මක රාමු පිළිබඳව සොයා බලයි. ෆිෂර්, යූරි, හා පැටන් මගින් 1980 දී හාවඩ් සාකච්ඡා ව්‍යාපෘතිය තුලදී සංවර්ධනය කළ ගැටුම් නිරාකරණ කතිකාව හා මැදිහත්වීම් පිළිබඳව වන අභ්‍යන්තරික-පදනම් මාදිලි එකිනෙක හා වෙනස් වුවත් ඒ සියල්ල මත සාංකල්පීයමය සම්බන්ධතාවයක් අහිංසාවාදී සන්නිවේදනය තුල ඇති බව පෙනී යයි. ඵලදායී සබඳතා පිළිබඳ ගෝඩන් මාදිලිය (1970), අහිංසාවාදී සන්නිවේදනය හා අභ්‍යන්තරික-පදනම් කතිකාව සමග සංකල්පීය ලෙස සබඳතා දක්වන බව ලිට්ල් පවසයි. රොසෙන්බර්ග් මෙන්ම ගෝර්ඩන් ද කාර්ල් රොජර්ස් සමග එක්ව වැඩකළ හෙයින් මෙම මාදිලි තුල පොදු බලපෑම් දැකිය හැකිය.

සුසෑන් ජේන්ස්, ගෝඩන් මගින් සැකසුණු සක්‍රීය සවන්දීම හා රොසෙන්බර්ග්ගේ තද්වේදී සවන්දීම අතර එකිනෙකට ස්වාධීන වූ වෙනස්කම් දකී. සක්‍රීය සවන්දීම යනු කථකයා කියූ දෙය තමන් අසා සිටින බවට පෙන්වීමට නිශ්චිත ක්‍රියාවන් ගැනීම වන අතර තද්වේදී සවන්දීම යනු කථකයාගේ අත්දැකීම් තේරුම් ගනිමින් ඔහුගේ අවශ්‍යතාවය හොඳින් අවබෝධ කර ගනිමින් එයට පිළිතුරු සැපයීමේ අරමුණ ඇතිව හදින් හා මනසින් සත්‍ය වශයෙන්ම කථකයා හා එක්ව කෙරෙන සවන්දීමයි.

“ප්‍රචන්ඩත්වය ඇති වන්නේ පුද්ගලයෙකුට හෝ කණ්ඩාමකට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වෙනයම් මාර්ගයක් නැති විටක හා ඔවුනට තේරුම් ගැනීම ගෞරවය හා තම අවශ්‍යතාවයන් තේරුම් ගැනීම නොහැකි වූ විටය” යන අදහස සහිතව ගැටුම් මුලාස්‍ර හඳුනා ගන්නා සහ ගැටුම් නිරාකරණ ක්‍රියාවලීන් සකසන අධ්‍යයනමය මාදිලියක් වන “මානව අවශ්‍යතා න්‍යාය” සහ අහිංසාවාදී සන්නිවේදනය අතර සබඳතාවයක් ගර්ට් ඩැනියෙල්සන් හා හවුවා කොක් යන දෙදෙනාම දකී.

චැප්මන් ෆ්ලැක්, විචාරාත්මක චින්තනය, විශේෂයෙන්ම කරුණාව හා පැහැදිලි චින්තනය එක් කරන බර්ට්‍රම් රසල් ගේ සූත්‍රකරණය හා රොසෙන්බර්ග් පවසන දේ අතර සබඳතාවයක් දකී.

සංස්කෘතික කටයුතු පිළිබඳ ආයතනය මගින් සංවර්ධනය කරන ලද කේන්ද්‍රගත සංවාද මාදිලියේ අරමුණු, පරාවර්තක, අර්ථය දක්වන හා තීරණ ගැනීමේ අදියරයන් හා අහිංසාවාදී සංවර්ධනයේ නිරීක්ෂණ, හැඟීම්, අවශ්‍යතා හා ඉල්ලීම් අතර සමානතාවයක් මාර්තා ලෙස්ලි දකී.

ප්‍රතිචාර[සංස්කරණය]

අහිංසාවාදී සන්නිවේදනය පිලිබඳව පල කළ විචාරයන් ඉතා අවමය. කෙසේ වෙතත් පර්යේශකයන් දකින්නේ මෙහි සාඵල්‍යතාවය පිළිබඳ වන සාරවත් උපාඛ්‍යාතයන් හැරුණු කොට මේ පිළිබඳව කෙරුණු න්‍යායාත්මක සංවාදයන් අවම බවයි.

රොසෙන්බර්ග්ගේ පුහුණු වීඩියෝවක් විවරණය කරන චැප්මන් ෆ්ලැක්, මූලික අදහස් ඉදිරිපත් කිරීම චිත්තාකර්ශනීය බවත් උපාඛ්‍යාතයන් “ නිහතමානී හා බලපෑම් සහගත” බවත් දකිමින් ඔහුගේ “කාර්යයයේ සුන්දරත්වය” පිළිබඳව පවසන අතර තම ප්‍රේක්ෂකයන් හා ගණු දෙණු කිරීමේදී ඇති “නිපුන වූ සැලකිලිමත් චින්තනය” පිළිබඳවද මෙනෙහි කරයි. එහෙත් “චින්තනය සඳහා වන ස්ථානය පිළිබඳ ඡායා මාත්‍රයක්” හා වෝල්ටර් වින්ක් ගේ “අපගේ චින්තනයේ සම්භවය” සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ෆ්ලැක් ප්‍රශ්ණ කරයි. ෆ්ලැක්ට අනූව රොසෙන්බර්ග් සමහර මතයන් මානව ස්වභාවයේ, සාහිත්‍යයයේ හා කලාවේ සංකීර්ණතාවයන් හා නොගැලපෙන සරල පිළිතුරු බවට පත් වී ඇත.

අහිංසාවාදී සන්නිවේදනයේ “ප්‍රබල සංවේදය”, අවධානය තුලින් වර්ධනය කරගත හැකි වීම හා ආත්මයේ ඇති අනුකරණය කිරීමේ “දුබල සංවේදය” පිළිබඳ වෙනසක් ෆ්ලැක් දකී. ප්‍රබල සංවේදය මගින් කෙනෙකුගේ චින්තනය, ක්‍රියාවන්, ව්ශ්ලේෂණය කිරීමට හැකිවන භාෂාව සකසන අතර එමගින් අවබෝධය ලබා ගැනීමට කෙනෙකුගේ උපරිමය ප්‍රජාවට ලබා දීමට හා කෙනකුගේ හැඟීම් වලට ගෞරව කිරීමට සහය ලැබේ. “ දුබල සංවේදය” කෙනෙකුගේ භාෂාව වාදයන්ගෙන් ජයග්‍රහණය ලබා ගැනීමට, දේශපාලන වාසි වෙනුවෙන් අන් අය ලේබල් කිරීම හෝ අනෙකෙකුට එසේ හැසිරීමට බලපෑම් කිරීමට යොදා ගැනේ. රොසෙන්බර්ග් පවසන සමහර දේ තුලින් දුබල සංවේදය කෙරෙහි කෙනෙක් යොමු වන බව දුටුවද ෆ්ලැක් පවසන්නේ ප්‍රබල සංවේදය තහවුරු කරගැනීමට එය දවු වන බවයි. වැඩමුළු සඳහා සහභාගී වන්නන් සමග රොසෙන්බර්ග් “ සත්‍යෙ දේ” ආදර්ශණය කර පෙන්වයි. එහෙත් ෆ්ලැක් පවසන්නේ එමගින් “දුබල සංවේදය” සඳහා වන පෙළඹවීම නැති නොවන බවයි. ෆ්ලැක් මෙසේ පවසයි “ඔබ කරන දේ පිළිබඳව ගතානුගතික වන්න, අනෙක් අයගෙන් පිළිගන්නා දේ පිළිබඳව නිදහස්වාදී වන්න. ( දැඩි ප්‍රතිපත්තිය ලෙසද හැඳින්වේ). එමෙන්ම අහිංසාවාදී සන්නිවේදනය, එනමින් සිදු කෙරෙණ සියුම් ප්‍රචන්ඩකාරීත්වයක් වෙත රූපාන්තරණය වීමෙන් ආරක්ෂා කර ගන්න” .

රොසෙන්බර්ග්ගේ “අහිංසාවාදී සන්නිවේදනය: කරුණා දයාවේ භාෂාව” (1999) නම් කෘතිය සම්බන්ධව විවරණයේ යෙදෙන බෝලිං ග්‍රීන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එලන් ගෝර්සෙව්ස්කි භූ දේශපාලනික වාගාලංකාරය සම්බන්ධව මෙසේ පවසයි “පුද්ගලයාගේ සාපේක්ෂ ශක්තිය විශාල වශයෙන් අධිතක්සේරුවට ලක් කර ඇති අතර ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය පිළිබද ප්‍රධාන ගැටළුව මුළුමනින්ම මග හැර ගොස් ඇත.”

“PuddleDancer Press” පවසන්නේ අහිංසාවාදී සන්නිවේදනය විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් අනුමත කර ඇති බවයි.

ස්වෙන් හාර්ටෙන්ස්ටයින් අහිංසාවාදී සන්නිවේදනය පිළිබඳ කාටුන් මාලාවක් අනිතික ලෙස සකසා ඇත.


අවිහිංසාවාදී සන්නිවේදනය සම්බන්ධ ලිපි[සංස්කරණය]


   *     Atlee, T. "Thoughts on Nonviolent Communication and Social Change." Co-intelligence Institute.
   *     Kabatznick, R. and M. Cullen (2004) "The Traveling Peacemaker: A Conversation with Marshall Rosenberg." Inquiring Mind, Fall issue.
   *     Moore, P. (2004) "NonViolent Communication as an Evolutionary Imperative-The InnerView of Marshall Rosenberg" Alternatives, Issue 29, Spring.
   *     Simons, G. (2003) "Review of Nonviolent Communication" SIETAR Europa Newsletter, November.
   *     Sauer, M. (2004) "Expert on conflict resolution believes nonviolence is in our nature" San Diego Union-Tribune, October 14, 2004.
   *     van Gelder, S. (1998) "The Language of Nonviolence" Yes Magazine, Summer 1998

මේවාත් බලන්න[සංස්කරණය]


   *    Alternatives to Violence Project
   *     Focusing
   *     Four-sides model
   *     I-message
   *     Inner Relationship Focusing
   *     People skills
   *     Restorative justice
   *     Teaching for social justice


යොමුව[සංස්කරණය]

"The Center for Collaborative Communication". Retrieved Nov 11, 2011.
Jane Branscomb (2011), Summation Evaluation of a Workshop in Collaborative Communication, M.A. Thesis, Rollins School of Public Health of Emory University.