අවදානම් කළමනාකරණය

විකිපීඩියා වෙතින්

අවදානම් කළමනාකරණය (ඉංග්‍රීසි:  Disaster Management) යනු අවදානම හදුනාගනීම , ඇගයීම සහ ප්‍රමුඛස්ථානයේ අනුපිලිවෙල අනුව සැකසීම තුළින් අනවශ්‍ය සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාවය අවමකරගනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. මූල්‍ය වෙලදපොලේ පවතින අවිනිශ්චිතභාවය, ව්‍යාපෘතියක අසමත්වීම්, නීතිමය වගකීම්, ණය අවදානම, හදිසි අනතුරු හා ස්වභාවික ව්‍යසනයන් වැනි අහිතකර තත්ත්වයන් අවදනම් පැමිනීමේ මුහුනුවරයන්ය. වර්තමානයේ විවිධ අවදානම් කළමනාකරණය සම්මුතින් පවති. ව්‍යාපෘති කළමනාකරණ ආයතනය, විද්‍යා හා තාක්ශණ ජාතික ආයතනය ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය මගින් මෙම සම්මුතීන් ඉදිරිපත් කර ඇත. මෙම රීතීන්, අර්ථ දැක්වීම් සහ අරමුණු, අවදානම් කළමනාකරණය පථය අනුව වෙනස් වේ. එනම්, ආරක්ෂාව, ඉන්ජිනේරු විද්‍යා, කර්මාන්ත ක්‍රියවලිය, මූල්‍ය ආයෝජනය, ආයුගණක ඇගයුම්, මහජන සුවය සහ සුරක්ශිතභාවය ආදී විවිධ ක්ෂේත්‍ර අනුව අවදනම් කළමනාකරණය ක්‍රම සහ විධි වෙනස් වී.

අවදානම් කළමනාකරණයේදී භාවිතවන විවිධ ක්‍රම උපායයන් අතර අවදානම වෙනත් පාර්ශවයකට මාරුකිරීම, අවදානම මගහැරීම, අවදානමේ අහිතකර බලපෑම අඩුකිරීම සහ අවධානමේ අහිතකර බලපාම් සියල්ලම හෝ කොටසක් බාරගනීම ප්‍රධාන වේ.

වර්තමානයේදී අවදානම් කළමනාකරණය අති විශාල පරාසයක් පුරා විහිදුනු අති දැවන්ත විෂය ක්ෂේත්‍රයකි. ඉතා ඉක්මනින් වෙනස් වන වර්තමාන පරිසරය තුල ඇතිවන අවදානම් කළමනාකරණය කිරීම අනාගත පවැත්ම සදහා අත්‍යාවශ්‍ය කටයුත්තකි. මෙම පරිසරය වෙළදපොල පරිසරය හෝ ස්වභාව ධර්මය විය හැක.

හැදින්වීම[සංස්කරණය]

අවදානම් කළමනාකරණයේ මූලධර්ම පිලිබද හදුන්වාදීමක් මෙම කොටස මගින් සිදුකෙරේ. අවදානම් කළමනාකරණයේදී භාවිතවෙන වචන මාලාව ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය ISOහී මාර්‍ග උපදේශන 73 "අවදානම් කළමනාකරණය - පාරිභාෂික ශබ්දමාලාව "යටතේ අර්ථ දක්වා ඇත. අවදානම් කළමනාකරණයේදි, බලවත්ම පාඩුව සහ බලවත්ම සිදුවීමී ඉහලතම සම්භාවිතාවය ඇති අවදානම, අවදානම් ප්‍රමුඛස්ථානයට අනුව පෙලගැස්වීමේ ක්‍රියවාලියේදී මුලින්ම සලකා බලනු ලැබේ. සිදුවීමේ අවම සම්භාවිතාවය ඇති සහ අවම බලපෑමක් ඇති අවදානම් එවා ප්‍රබලත්වය අනුව අවරෝහන පිලිවෙලට සලකා බලයි. මෙම කටයුත්ත ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

අලුත් ආකාරයේ වු අවදානමක් l00% ක සිදුවීමේ සම්භාවිතාවයකින් යුතුව අස්පර්ශනීය අවදනම් කළමනාකරණය මගින් හදුනා ගැනේ. නමුත් හදුනා ගැනීමේ අපහසුව හේතුවෙන් මෙය නොසලකා හරි. සම්පත් බෙදාහැරීමේ දී අවදානම් කළමනාකරණය ගැටලු කීපයකට මුහුන දේ. මෙය අවස්තිථික පිරිවැය හා සම්බන්ධය. අවදානම් කළමනාකරණයෙදි භාවිතා කල සම්පත් වෙනත් ලාබදායී කටයුත්තක් සදහා යෙදීමට හැකියව ඇත යන්න ඉන් එකකි. නමුත් උත්කෘශ්ඩා අවදානම් කළමනාකරණයේදි, අවම වියදමක් යටතේ අවදනමේ පාඩුව අවම කරයි.

පිලිවෙළ[සංස්කරණය]

  1. අවදානම හදුනාගනීම, විස්තර කිරීම සහ තර්ජනයන් තක්සෙරු කිරීම.
  2. ඉතා වැදගත් වත්කම් වලට විශිශ්ට තර්ජනයන්ට මුහුන දීමේ හැකියාව තක්සෙරු කිරීම.
  3. අවදානම තීරනය කර ගැනීම
  4. අවදානම අඩුකිරීමේ ක්‍රම හදුනාගනීම.
  5. උපාය මාර්ගයකට අනුව අවදානම අඩුකිරීමේ මිනුම් ප්‍රමුඛස්ථානයට අනුව සකසීම.

අවදානම් කළමනාකරණයේ මුලධර්ම[සංස්කරණය]

ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය මගින් හදුන්වා දුන් අවදානම් කලමනාකරණයේ මුලඪර්ම

  1. අවදානම් කළමනාකරණයේ වටිනාකමක් නිර්මාණය කල යුතුය.
  2. අවදානම් කළමනාකරණය ව්‍යාපාර කාර්යාවලිය තුල අඛණ්ඩ කොටසක් විය යුතුය.
  3. අවදානම් කළමනාකරණය තීරණ ගැනීමේ කොටසක් විය යුතුය.
  4. අවදානම් කළමනාකරණයේ අවිනිශ්චිතභාවය ආමන්ත්‍රණය කරන්නක් විය යුතුය.
  5. අවදානම් කළමනාකරණය ක්‍රමවත් සහ ව්‍යුහාත්මක විය යුතුය.
  6. අවදානම් කළමනාකරණය දැනට පවතින හොදම තොරතුරු මත සකස් විය යුතුය.
  7. අවදානම් කළමනාකරණය හොදින් සකස් විය යුතුය.
  8. අවදානම් කළමනාකරණය මානව සාධක සැලකිල්ලට ගත යුතුය.
  9. අවදානම් කළමනාකරණය පාරදෘශ්‍ය විය යුතුය.
  10. අවදානම් කළමනාකරණයේ වෙනස්වීම් සදහා ගතික මෙන්ම අනුකූලතා දක්වන්නක් විය යුතුය.
  11. අවදානම් කළමනාකරණය අඛණ්ඩ දියුනුවක් හා වැඩිදියුනු කිරීම සදහා විය යුතුය.
  12. අවදානම් කළමනාකරණය

ක්‍රියාවලිය[සංස්කරණය]

ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය ISO 3l000 " අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ මාර්ග සුචක සහ මුලධර්ම" ට අනුව අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර හතක් මත රදා පවති.

සම්බන්ධය ප්‍රතිස්ථාපනය සදහා වු පියවරයන්,

  1. උනන්දුව දක්වන විෂය පථයේ ඇති අවදානම හදුනාගනීම.
  2. ක්‍රියාවලියේ ඉතිරිය සැලසුම් කිරීම.
  3. ක්‍රියකාරිත්වය හා වැඩසටහන හදුනාගැනීම සහ සැකිල්ලක් අර්ථ දැක්වීම.
  4. ක්‍රියාවලියේ ඇති අවදානම් හදුනාගනීම සදහා විශ්ලෙශනයක් වර්ධනය කෙරීම.
  5. පවත්නා තාක්ෂනය , මානව සම්පත් හා ව්‍යාපාරයේ පවතින අනෙකුත් සම්පත් උපයෝගි කරගනිමින් අවදානම් ලිහිල් කිරීම.
  6. පහත දක්වෙන පියවරයන් අනුරුපනය කිරීම.
  • අවදානම් කළමනාකරණයේ සමාජ විශය පථය.
  • පරදු දරන්නන් ගේ අරමුණු හදුනා ගැනීම.
  • අවදානම් අගය කිරීමේ පදනම සහ සරොදන බල හදුනාගනීම.

හදුනාගැනීම[සංස්කරණය]

අවදානම් කළමනාකරණයේ මීලග පියවර වන්නේ විය හැකි අවදානම් හදුනා ගැනීමයි. අවදානම වනාහි ගැටලු ඇතිකල හැකි අවස්ථාය. අවදානම හදුනා ගැනීම ගැටලුව ඇතිවීමට හේතුව එසේත් නැත්නම් ගැටලුවෙන් ආරම්භ කල හැක.

  • මූලාශ්‍රය විශ්ලෙශනය කිරීම - අවදානම් මූලාශ්‍රය අභ්‍යන්තර හෝ බාහිර සාධකයක් හේතුවෙන් සිදුවිය හැක. මෙය හදුනා ගැනීම අවදනම් කළමනාකරණයේ අභිලාශයි. උදාහරණ :- ව්‍යාපෘතියෙ පරදු දරන්නන්, ව්‍යාපාරයෙ සේවකයන්.
  • ගැටලුව විශ්ලේණෂය කිරීම - හදුනාගත් තර්ජන සමග අවදානම් සම්බන්ධය. උදාහරණ :- මුදල් නැතිවීමෙ අවදන, අනිසි ලෙස පුද්ගලික තොරතුරු භාවිතය, හදිසි අනතුරක් සිදුවීමේ අැති අවදානම තර්ජනයන් නොයෙකුත් දේ සමග බැදී පවති. ව්‍යාපාරයෙ කොටස් දරන්නන්, ගනුදෙනුකරන්නන් සහ නීති සම්පාදන ආයතන රාජ්ය ආයතන ආදී එ අතර පවති.

අවධානමක් සිදුවීමේ ගැටලුව හෝ හේතුව හදුනාගනීමෙන් පසුව එය විමර්ශනය කල හැක. උදාහරණය ලෙස, පරදු දරන්නන්ගේ පසු බැසීම ව්‍යාපෘතියක මුල්‍ය ගැටලු ඇති කිරීම, පුද්ගලික තොරතුරු සොරා ගැනීම දැක්විය හැකිය. අවදනම් කළමනාකරණය කිරීමෙ සදහා ගන්නා ක්‍රියා මාර්ග සැමවිටම සංස්කෘතිය, කර්මාන්තය සහ අනුකූලතාවය මත රදා පවති. බහුලව භාවිතවන්නා වු අවදනම් කළමනාකරණය කිරීමෙ ක්‍රම උපායන් නම්,

  • අරමුණ මත පදන්ම් වු අවදනම හදුනා ගැනීම ආයතන සහ ව්‍යාපෘති කණ්ඩායම් වලට විවිධ අරමුනු පවති. එම අරමුනු ඉටු කරගැනීමට සම්පුර්නයෙන්ම හෝ අඩවශයෙන් බාදා කරන්නා වු සිද්ඩීන් අවදානම් වශයෙන් හදුනා ගනේ.
  • නිදසුන් මත පදනම් වු අවදානම් හදුන ගැනීම මෙහිදී විවිධ නිදසුන් නිර්මානය කෙරේ. මෙම නිදසුන් අරමුනු ඉටුකර ගනීමේ විකල්ප මාර්ග විය හැක.
  • වර්ගීකරනය මත පදනම් වු අවදනම් හදුනා ගැනීම මෙහිදි , අනුකන්ඩනයක් සහ අත්දැකීම් මගින් අවබොධ කරගනිමින් ප්‍රශ්න මාලාවකට පිලිතුරු සපයයි. මෙමගින් අවදානම් හදුනා ගැනේ.
  • පොදු අවදානම් සෙවීමෙ ක්‍රමය බොහො කර්මාන්ත එවාට අදාලව පවතින්න වු අවදාන්ම් හදුනා ගෙන ඇත. එම අවදානම් ඇතිවීමෙ අවදානම එවාට අදාල අවස්ථා වලදි පරීක්ශා කර යුතුය. උදාහරණයක් ලෙස , පරිගණක මෘදුකාංග කර්මාන්තයෙදි සේවාදායකයාගේ අවශ්‍යතා 100% ක් පරිපූර්ණව හදුනා ගැනීමට නොහැකිවීම ගත හැක.
  • අවදානම ප්‍රස්තාර ගත කිරීම මෙය, අවදානමේ පවතින සම්පත් ලැයිස්තු ගත කිරීම හා ඉහතින් දැක් වු ක්‍රම අතර එකතුවකි. ඉහතින් දැක්වු ක්‍රම භාවිත කරමින් අනුකෘතියක් නිර්මානය කිරීම් තුලින් විවිධ උපනිගමනයන්ට එලඹිය හැක. මින් එක් ක්‍රමයක් වනුයේ පලමුව සම්පත් හදුනාගෙන අනතුරුව එවායේ පවතින තර්ජනයන් හදුනාගෙන අනතුරුව ඒවයින් ලබෙන ප්‍රතිඵල විග්‍රහ කිරීම සිදු කල හැක හෝ විකල්පයක් ලෙස තර්ජනයන් හදුනා ගන ඒවායින් අවදානම් අතිවිය හැකිසම්පත් හදුනා හැක. තවත් ක්‍රමයක් වනුයේ ප්‍රතිඵලයන්ගෙන් පටන්ගෙන එයින් අහිතකර බලපාම් අතිවන් සම්පත් හා තර්ජනයන් හදුනා ගැනීම්ය.

තක්සේරු කිරීම[සංස්කරණය]

සෑම අවස්ථාවක දීම අවදානමක් හදුනා ගනීමෙන් පසුව විය හැකි අලාභයේ ප්‍රමාණය සහ සිදුවීමෙ සම්භාවිතාවය තක්සේරු කල යුතුයි. මෙම අලාභ ප්‍රමානයන් මැනීමේ හැකියාව එක් එක් අවස්ථාවන්ට අනුව වෙනස් විය හැක. උදාහරනයක් ලෙස, ගොඩනගිල්ලක් නැතිවීමේ අලාභ ප්‍රමානය මැනීම ලෙහෙසි විය හැකි නමුත් එය සිදුවීමෙ සම්භාවිතාවය හදුනා ගනීමට අපහසු විය හැක. මෙම හේතුන් නිසා අවදානම් කළමනාකරණය උපාය මාර්ග සාර්ථකව ක්‍රියාවට නම් වීමට නම් ඉතා හොද වියත් අනුමානයන් භාවිතා කිරීම ඇගයුම් කරන ක්‍රියාවලියේදි ඉතා වැදගත්ය.

අවදානම් අගයීමේ ක්‍රියාවලියෙදී ප්‍රධානම දුශ්කරතාවය වනුයේ, සිදුවීමේ අනුපාතය නිශ්චය කිරීමය. මීට හේතුව වන්නේ සෑම ආකරයේ වු පසුගිය සිදුවීම් වලට අදාල තොරතුරු නොමැතිවීමය. අරුපි වත්කම් සදහා ප්‍රතිවිපාකයේ දරුනුකම නිර්නය කිරීමට කිරීම බොහෝසෙයින් අපහසුය. තවත් දුශ්කරතාවයක් වනුයේ වත්කම් ඇගයීමී ඇති අපහසුවය. අවදානම් කළමනාකරණය ක්‍රියාවලියේදි මෙම අත්‍යාවශ්‍ය තොරතුරු ව්‍යාපාරයක කලමනාකරිත්වයට සපයා දිය යුතු අතර, මෙම තොරතුරු ව්‍යාපාරයේ පවතින අවදානම් කල්තියා හදුනා ගැනීමටත් එව ප්‍රමුඛස්තානයට අනුව පිලිවෙල කිරීමටත් අවස්ථාව ලබාදිය යුතුය. තවද අවදානම්හී ප්‍රමානයන් ගනනය කිරීමේ විවිධ වු ක්‍රම වර්තමානයේදි පවති. ගනණය කිරීම සදහා විවිද ආකාරයේ වු සුත්‍ර ද පවතී.

මේ අතරින් වඩාත්ම පිලිගත් සුත්‍රය වනුයේ,

සිදුවීමෙ අනුපාතය *සිද්ධියෙ බලපෑම = අවදානම

නවතම පර්යේශන මගින් පෙන්වන්නේ, අවදානම් කළමනාකරණයේ පවතින මුල්‍යමය වාසිය භාවිතාවන සුත්‍රය මතට වඩා, වාර ගණන මත මෙන්ම අවදානම අගය කිරීම ඉශ්ට කිරීම මත රදා පවතින බවය. ව්‍යාපාරකරණයෙදී, අවදානම් ඇගයුම මුල්ය වටිනාමකින් යුතුව ඉදිරිපත් කිරීම අපේක්ශා කෙරේ. රොබොට් කාර්ට්නෙය් (1970, අඉ.බ්.එම්) විසින් අවදානම් සදහා මූල්‍ය වටිනා කමක් ලබාගැනීම සදහා සුත්‍රයක් ඉදිරිපත් කල ඇත. මෙම සුත්‍රය එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන මගින් අවදනම් හදුනා ගනීමේ සුත්‍රය පිලිගෙන ඇත. මෙය අපේක්ශිත වාර්ශික අලාභ ප්‍රතිශතය හා ලාභය හා වියදම අතර විශ්ලෙශණය අතර සන්තුලනය කර බලනු ලැබේ.

භාවිතා කළ හැකි අවදානම් ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

හදුනාගත් හා තක්සේරු කල අවදානම් සියල්ලම පහත දක්වෙන කවර හෝ ප්‍රතිකර්මයක් යටතේ වර්ග කල හැක.

  1. වැලකීම (ඉවත් කිරීම)
  2. ඌණනය (අඩුකිරීම)
  3. පැවරීම (රක්ෂනය කිරීම)
  4. අත්නෑර තබාගැනීම (බාර ගැනීම හා අයවැයකරණය)

අවදානම් වැලකීම[සංස්කරණය]

අවදානම් අපීක්ශිත ක්‍රියාවෙන් වැලකී සිටීම මින් අදහස් කෙරියි. උදාහරණයක් වනුයේ වගකීම හා පවතින අවදානම නිසා ගොඩනගිල්ලක් මිලට ගනීම ප්‍රතික්ශෙප කිරීමයි. තවත් අවස්තාවක් වනුයේ ගුවන් මංකොල්ලයක් සිදුවීමේ අවදානම හේතුවෙන් ගුවන් ගත නොවි සිටීමයි. මෙම ක්‍රමය සියලු අවදානම් සදහා පිළිතුර ලෙස දැකීමට පුලුවන. නමුත් මෙම හේතුව නිසා වාසිදායක අවස්ථාවන් මගහැරෙයි. මීට හේතුව වන්නේ සියලුම අවදානම් තර්ජනයන් බවට පත් නොවීමයි.

අවදානම් ඌණනය[සංස්කරණය]

මෙහිදී අලාබයේ දැඩිකම අඩුකෙරීම් හෝ අලාබයක් සිදුවීමේ සම්බාවිතාවය අඩුකෙරේ. උදාහරනයක් ලෙස ගින්නක් පැතිරීමේදී එහි අලාබ ප්‍රමාණය අඩුකරනු පිනිස හදිසි පිටවීමෙ දොරටු දමා තිබීම ගත හැක. නවීන මෘදුකාංග විකාශන ක්‍රමයන් හීදි වුර්දි අකාරයෙන් සිදුකරනු ලබන්නෙ මෙලෙස ඇතිවන අවදානම් අඩුකිරීම උදෙසාය. ආයතනයෙන් බැහරව ව්‍යාපාරයේ කටයුතු බාහිර පාර්ශවයක් මගින් සිදුකිරීම (Out sourcing) මගින් බොහෝදුරට අවදානම් අඩුකර ගත හැක.

අවදානම් අත්නෑර තබාගැනීම[සංස්කරණය]

අලාබයක් සිදුවු පසු එය බාරගනීම මින් අදහස් කෙරෙයි. මෙය ධාරිත මුලු අලාබ ප්‍රමානය, අවදානමට එරෙහිව රක්ශන කිරීමෙ වියදම කාලයත් සමග ඉතා විශාල අගයක් ගනී නම් මෙය ජීවමය උපාය මාර්ගයකි. උදාහරණයක් ලෙස යුද්ධය දක්විය හැක.

අවදානම් පැවරීම[සංස්කරණය]

රක්ෂණාවරණයක් කොන්ත්‍රාත්තුවක් ගැනීම මින් මූලිකවම අදහස් කෙරේ.මෙහිදී නීතිමය වගකීම සාමන්යෙන් කොන්ත්‍රාත්තුවෙ ගැනුම් කරු සතුයි. උදාහරනයක් ලෙස පුද්ගලික තුවාල ආරක්ෂන ඔප්පුව නිසා රථ වාහන අනතුරක වගකීම රක්ශන සමාගම සතු නොවේ. අවදානම තවමත් පවතිනුයෙ රක්ශන ඔප්පු හිමියා මතමය.රක්ෂන සමාගම සිදුකරන කාර්යය වනුයෙ අලාභය සදහා එයට සරිලන මිලක් ගෙවීම පමනයි.

අවදානම් කළමනාකරණය සැලස්මක් නිර්මාණය කිරීම[සංස්කරණය]

අවදානමෙ ප්‍රමානය නිර්ණය කිරීම සදහා නිසි පාලන මාර්ග සහ මිනුම් දඩු තූරා ගත යුතුයි.අවදානම් ලිහිල් කිරීමෙ කියාමාර්ග පිලිබදව කළමණාකරිත්වය දැනුවත් කර එයට අදාල මට්ටමින් අනුමැතිය ලබාගත යුතුයි.උදාහරණයක් ලෙස වියාපාරයෙ ප්‍රතිරූපය පිලිබදව අති අවදානම එහි ඉහල කළමණාකාරත්වය විසින් දරිය යුතු අතර තෝඅතුරු තාක්ශන කළමණාකාර්ත්වය විසින් පරිගනක අපරාද පිලිබද වගකීම දැරිය යුතුය.අව්දානම් කළමණාකරන සැලැස්ම උචිත සහ සාධනීය ආරක්ෂක පාලන මාර්ග අවඩානම් කළමනාකරනය සදහා යෙදිය යුතුය.

ජාත්යන්තර ප්‍රමිතික්‍රන ආයතනයෙ 270001[(ISO/IEC 270001)] ට අනුරුපව අවදාන්ම තක්සෙරු කිරීමෙ ක්‍රියවලියෙන් අනතුරුව අවදානම් සදහා ක්‍රියාමාර්ග සකසුමක් සකස් කල යුතුය. මෙහිදී හදුනාගත් සියලුම ආකාරයෙ අවදානම් හසිරවිය යුතු ආකාරය අතුලත් විය යුතුය.

ක්‍රියත්මක කිරීම[සංස්කරණය]

සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව එය අදාල අවස්ථාවලිදි එවා යොදාගත යුතුය. ඒ සදහා ඊට අදාලව අවදානම් කළමනාකරන ඒකකයක් නිර්මාණය කලයුතුය.මෙය නියමාකරයෙන් පාලනය කල යුතුය.

අවදානම් කළමනාකරන සැලස්ම නිරීක්ෂනය හා ඇගයීම[සංස්කරණය]

මූලික අවදානම් කළමනාකරණ සැලැස්ම කිසිදු ආකාරයකින් පරිපූර්න නොවෙයි. පරිශීලනය හා අත්දැකීම මගින් මෙම මූලික සැලස්මෙ වෙනස්කම් සිදුවෙයි. අවදානම් කළමනාකරණයෙ ප්‍රතිඵල සහ කළමනාකරණ සැලසුම් නියමාකාර කාලසීමක් අවසානයෙදි යාවත්කාල කල යුතුයි.

මෙයට ප්‍රධාන හේතූන් කීපයක් ඇත.

  1. මුලින් සදහන් කල ආරක්ශක පාලන ක්‍රම උචිත සහ ඵලදායි ද යන්න සොයා බැලීම
  2. වර්තමානව්‍යාපාර අවදානම් වල වෙනස්වීම් හදුනා ගැනීම සහ එවාට අනුව පවත්නා තත්වයන් යලි සලකා බැලීම

සීමාකරණය[සංස්කරණය]

අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය හරි හැටි සිදුනොකලොත් මෙය කාලය කා දමන සහ සම්පත් නාස්ති කරන ක්‍රියාමාර්ගයක් වෙයි. සිදුවීමට ඉඩකඩ අඩු අවදානම් කෙරෙහි වැඩි වශයෙන් කාලය නාස්ති කිරීමත් පවත්නා සම්පත් නාස්ති කිරීමකි.

මෙහිදී අත්‍යාවශ්‍යයෙන්ම අවදානම හා අවිනිශ්චිතභාවය අතර පවත්නා වු වෙනස වටහා ගැනීම වැදගත්ය.

අවදාන‍ම් කළමනාකරණයේ අංශ[සංස්කරණය]

මෙය සංගමික මුල්‍ය කෙරෙහි අදාළ වේ. අවදානම් කළමනාකරණය වූකලී මිණුම, සුපරීක්ෂාව හා පාලනය පිළිබඳව මුල්‍ය හා පිරිවැය ක්‍රියාවලිය ව්‍යාපාරික ශේෂ පත්‍රයක නිරූපණය කිරීමයි. මෙය වෙ‍ළෙඳපොළ අවදානම, ණය අවදානම, පිරිවැය හා මෙහෙයුම් අවදානම වශයෙන් කොටස් කිහිපයකි. මේවා ප්‍රාග්ධනය නිර්දේශ කිරීමේ දී සහ අනුදත් ප්‍රාග්ධනය නිගමනය කිරීමේ දී සලකා බලයි.

ව්‍යාපෘති කළමනාකරණයට බලපාන අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම්[සංස්කරණය]

පහත දැක්වෙන ක්‍රියාකරකම් අවදානම් කළමනාකරණයෙදි මෙන්ම ව්‍යාපෘති කළමනාකරණයෙදී භාවිතා වෙයි.

  1. අවදානම සදහා සලසුම් සකස් කිරීම.මෙහිදී අවදානම් කළමනාකරන අරමුණු, වගකීම් සහ ක්‍රියාකාරකම් මෙන්ම අය වැය ද අන්තර්ගතකර තිබිය යුතුයි.
  2. අවදානම නිලධාරියා ආරූපනය කිරීම - ව්‍යාපෘතියේ නිල අයිතිකරු වන්නෙ ව්‍යාපෘති කලමනාකරු වෙයි.
  3. ජීවමය ව්‍යාපෘති දත්ත ගබඩාවක් පවත්වා ගැනීම .
  4. අවදානම් වාර්තා කිරීමෙ ක්‍රමයක් ස්ථාපිත කිරීම.
  5. අවදානම් ලිහිල් කිරීමෙ උපාය මාර්ග සකස්කිරීම.
  6. ප්‍රකල්පිත සහ මුහුන දුන් අවදානම් සාරාංශගත කිරීම.

අවදානම් සන්නිවේදනය[සංස්කරණය]

අවදානම් සන්නිවේදනය යනු සංකීර්ණ විශය ක්ෂේත්‍රයකි. අවදානම් සන්නිවේදකයන්ට ඇති මුලිකම ප්‍රශ්නය වනුයේ, අදහස් කරන පුද්ගලයන්ට සන්නිවේදනය කිරීමයි. අවදානම් සන්නිවේදනයට මූලිකම අරමුන වනුයේ සාමුහික හා පුද්ගලික තීරන ගැනීමෙ හැකියව වැඩි දියුනු කිරීමයි.

අවදානම් සන්නිවේදනය අර්බුද සන්නිවේදනයට සමානය.

අවදානම් සන්නිවේදනය පුහුනු වීමී ඉතා වැදගත් නීති හත[සංස්කරණය]

  1. නීත්‍යානුකූල කොටස්කාරයෙක් ලෙස මහජනයා පිළිගනීම හා සන්නිවේදනය කිරීම.
  2. සැලකිලිමත්ව සැලසුම සකස් කිරීම හා උත්සාහයන් අගය කිරීම.
  3. මහජන විශිෂ්ට අපේක්ෂාවන් පිළිබද සැලකිල්ලිමත් වීම.
  4. අවංක හා විවෘත වීම
  5. සහයොගයෙන් විශ්වාස කල හැකි ප්‍රභව සමග ක්‍රියා කිරීම
  6. මාධ්‍යයේ අවශ්‍යතාවන් හදුනා ගැනීම
  7. නිශ්චිතව සහ අනුකමපාවෙන් යුතුව ක්‍රියාකිරීම

අවදානම් කළමනාකරණය සහ ඇගයීම[සංස්කරණය]

අවදානම් හඳුනාගත් වහාම ඒවායේ අලාභයෙහි සම්භාවිතාව හා අලාභය ඇතිවීමට ඇති ඉඩකඩ මත අවදානම ඇඟයීම සිදු කළ යුතුවේ. ගොඩනැගිල්ලකට සිදුවන හානියක් වැනි සිදුවීමක දී ඇඟයීම ප්‍රමාණාත්මකව ගණනය කළ හැකි වුවද, වෙනත් අවදානම් ප්‍රමාණාත්මකව ගණනය කිරීමට යාම අපහසු විය හැකිය. ඵෙතිහාසිකව සිදුවු සියලු සිදුවීම්වල වාර්තා අපවෙත නොමැති හෙයින් අවදානම් කළමනාකරණය තරමක් දුෂ්කර කටයුත්තක් ලෙස මුලිකව පැන නගී.

තවද, අසදෘශ්‍ය වත්කම් වල අවදානම් කළමණාකරණය තරමක් දුෂ්කර ව්‍යායාමයකි. වත්කම් තක්සේරුව තවත් වැදගත් කාර්යයකි. උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ තක්සේරුකරණය පිළිබඳ අදහස් මෙහිලා වැදගත් සේ පෙනී යයි. එනමුදු අවදානම් ඇඟයීමේ ක්‍රියාවලිය තුළ ඊට අදාල ව්‍යවසායකයින්ට අදාල වන ප්‍රාථමික මුලයන් තුළින් තොරතුරු සැපයීම ප්‍රමුඛතාවයක් කර ගැනිම වටී. මෙහිදී අවදානම ගණනය කිරීම සඳහා න්‍යායන් කිහිපයක් භාවිතයට ගැනේ.

අවදානම සිදුවීමේ ප්‍රවණතාවය x අවදානම් ප්‍රතිඵලය = අවදානම

මෙහිලා ලැබෙන මුල්‍යමය ප්‍රතිලාභ (අවදානම් කළමණාකරණයේ දී) ඉහත සමීකරණය මත රඳා පවතිනවාට වඩා අවදානම් කළමණාකරණ සංඛ්‍යානය මත ඇඟයීම වඩාත් ප්‍රතිඵලදායක බව පෙර අත්දැකීම්වලින් සනාථ කර තිබේ.

ව්‍යාපාරයක් කිරීමේ දී, අවදානම් ගණනය කර මුල්‍ය වාර්තා සැපයීම අනිවාර්ය අංගයක් ලෙස දැක්විය හැකිය. රොබට් කොට්නි (කණිෂ්ඨ) විසින් ව්‍යවසාධික අවදානම් මුල්‍ය වශයෙන් ගණනය කර දැක්වීමට සමීකරණයක් ඉදිරිපත් කර තිබේ. එය ඇමෙරිකාවේ නිල වශයෙන් අවදානම් ගණනය කිරීමේ සමීකරණය ලෙස පිළිගැනීමට ලක්වෙයි. මෙම සමීකරණය ALE අගය හෙවත් වාර්ෂික අලාභ අපේක්ෂාව (Annualised loss expectancy) ගණනය කර අපේක්ෂා කරන අලාභය හා ආරක්ෂණ පාලනයන්හි පිරිවැය සමඟ සසඳා බැලීමක් සිදු කරනු ලබයි.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අවදානම්_කළමනාකරණය&oldid=591320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි