අරීයල පටකය ( ලිහිල් සම්බන්ධක පටකය)

විකිපීඩියා වෙතින්

මෙය මිනිස් දේහයේ දර්ශීය සම්බන්ධක පටකයයි. විවිධ අවයව හා පටක අතර ඇති අවකාශ පුරවා ( පූරක පටකයෙන් ) දේහයේ බහුලවම හමුවන සම්බන්ධක පටකයයි.

පිහිටන ස්ථාන

  • සමේ චර්මය තුල
  • විවිධ අවයව අතර පූරක පටකය ලෙස
  • ආහාර මාර්ගයේ ශ්ලේෂ්මලකය හා උදව් ශ්ලේෂ්මලකය තුල

ව්‍යුහය

  • විශාලව පැතිරුනු ජල්ලිමය පූරකයකි.
  • එහි තැනින් තැන විවිධ වර්ගවල සෛල හා තන්තු පවතී.

පූරකය

  • පටකයේ ඇති තන්තු ජල්ලිමය පූරකය ස්‍රාවය කරයි.
  • මෙහි මියුකොපොලිසැකරයිඩ හා ග්ලයිකොප්‍රෝටීන හා හයිලුරොනික් අම්ලය ආදී කාබනික සංයෝග පවති.

මෙම පටකය විවිධ සෛල වර්ග ගණනාවක් පවතී.

  • තන්තු සෛල -
✓ බහුලවම ඇති සෛල වර්ගයයි.

✓ පූරකය හා තන්තු ස්‍රාවය කරයි.

  • මේද සෛල

✓ මේ තුළ ඇති විශාල මේද ගෝලිකාවේ මේදය ට්‍රයිග්ලිසරයිඩ ලෙස සංචිත කරයි.

  • කුඹ සෛල

✓ රුධිරයේ සිට පැමිණි බේසොෆිල යි. ✓ හෙපරින් හා හිස්ටැමින් අඩංගුවේ.

£ . හෙපරින් - ප්‍රතිකැටිකාරකයකි.

                      - අනවශ්‍ය ලෙස රුධිරය කැටි ගැසීම වලක්වයි.
                      - රුධිර කැටි දිය කරයි.

£ . හිස්ටැමින් - අසාත්මිකතා ඇති කරයි.

  • මහා භක්ෂාණු සෛල
✓ මේවා රුධිරයේ සිට පැමිණි නියුට්‍රොෆිල හා මොනොසෛට වේ.

✓ බැක්ටීරියා වැනි ආගන්තුක ද්‍රව්‍ය භක්ෂණය කර විනාශ කරයි.

  • සුදු රුධිරානු සෛල

✓ බහුලවම හමුවන සුදු රුධිරාණු වසා සෛලයයි. ✓ මේවා ව්‍යාධිජනකයන්ට විරුද්ධව ප්‍රතිදේහ නිපදවයි.

√ මේවාට අමතරව වෙනත් සෛලවලට විභේදනය විය හැක මෘදුස්ථර සෛල ද අරීයල පටකයේ ඇත.

මෙම පටකයේ ප්‍රධාන තන්තු ආකාර 3 කි.

1. සුදු තන්තු ( කොලැජන් තන්තු)
2. කහ තන්තු ( ප්‍රත්‍යාස්ථ තන්තු)
3. ජාලාකාර තන්තු
 
  • සුදු තන්තු
✓ කොලැජන් ප්‍රෝටීනයෙන් සෑදී ඇත. මානව වී නැත.

✓ මිටි / ගොණු ආකාරයට සංවිධානය වී ඇත. ✓ මෙය පටකයයි ශක්තිමත් නම්‍යශීලි බවක් දෙයි. ( ආතන්‍ය )

  • කහ තන්තු

✓ ඉලාස්ටීන් ප්‍රෝටීනයෙන් සෑදී ඇත. මානව වී ඇත. ✓ තනි තනිව පූරකය පුරා විසිරී ඇත. ✓ මේවා ප්‍රත්‍යාස්ථ බවක් ලබා දෙයි.

  • ජාලාකාර තන්තු

✓ රෙටිකියුලින් ප්‍රෝටීනයෙන් සෑදී ඇත. ශාඛනය වූ සියුම් තන්තු ජාලයකි. ✓ මෙමගින් අරීයල පටකය යාබද පටක හා සම්බන්ධ කරයි.

අරීයල පටකයේ කෘත්‍ය

* විවිධ අවයව හා පටක අතර ව්‍යුහාත්මක සම්බන්ධයක් ඇති කරයි.
  • අවයව හා පටක අතර ඉඩ පුරවන පූරකයක් ලෙස ක්‍රියා කරයි.
  • අවයව නියමිත ස්ථාන වල ස්ථානගත කරයි.