අයි කැන් සී ද හෝල් රූම්! ... අැන්ඩ් දෙයාස් නෝබොඩි ඉන් ඉට්!

විකිපීඩියා වෙතින්
මට සම්පූර්ණ කාමරයම දැකිය හැක...සහ එහි කිසිවෙක් නැත!
කලාකරු රෝයි ලිච්ටෙන්ස්ටීන්
වසර 1961
වර්ගය පොප් කලාව

අයි කැන් සී ද හෝල් රූම්! ... අැන්ඩ් දෙයාස් නෝබොඩි ඉන් ඉට්! (සිංහල තේරුම: මට සම්පූර්ණ කාමරයම දැකිය හැක...සහ එහි කිසිවෙක් නැත!) යනු රෝයි ලිච්ටෙන්ස්ටීන් විසින් 1961 දී අඳිනු ලැබූ සිතුවමකි. මෙය මිනිසෙක් එබිකම් සිදුරකින් එබී බලන සිත්තමකි. අතීතයේ එයට ලිච්ටෙන්ස්ටීන් සිතුවමකට ලැබූ උපරිම වෙන්දේසි මුදල ද හිමි වූ බව වාර්තා වේ.

මෙම කර්තව්‍ය සඳහා පාදක වූයේ ස්ටීව් රොපර් කාටූනයේ විලියම් ඕවර්ගාර්ඩ් විසින් අඳින ලද චිත්‍ර කතා සමූහයකි. ලිච්ටෙන්ස්ටීන්ගේ ව්‍යුත්පන්න කිරීමෙන් කතා වස්තුවේ ඉදිරිපත් කිරීම වර්ධනය වුවා සේම සිතුවමෙහි වර්ණ භාවිතය ද පුළුල් විය. මුල් පිටපතෙහි ආකාරයට දැක්මේ තේමාව යොදාගත් අතර විශේෂයෙන් අවධානය යොමු කළේ යාන්ත්‍රික දැක්මට මෙන්ම ඒකාක්ෂික බවටයි.

පසුබිම[සංස්කරණය]

ගොනුව:I Can See the Whole Room...and There's Nobody in It! source.jpg
මූලාශ්‍රය : මට සම්පූර්ණ කාමරයම දැකිය හැක...සහ එහි කිසිවෙක් නැත! අගෝස්තු 6, 1961 ස්ටීව් රොපර් කාටූන්

මේ සඳහා පාදක කරගනු ලැබුයේ වරෂ 1961 අගෝස්තු 6 දින මුද්‍රණ කරුවන්ගේ සම්මේලනය විසින් පළකෙරුනු "ස්ටීව් රොපර්" කාටූනය සඳහා විලියම් ඕවර්ගාර්ඩ් විසින් අඳිනු ලැබූවකි. [1][2] ලිච්ටෙන්ස්ටීන්ගේ "මට සම්පූර්ණ කාමරයම දැකිය හැක...සහ එහි කිසිවෙක් නැත!"(1961) මනිනු ලැබූවේ අඩි සතරෙන් සතරට සහ මිනිරන් හා තෙල් මෙහි අඩංගු වේ.[3] මෙම සිත්තමෙන් පිළිබිඹු වන්නේ මිනිසෙක් දොර සිදුරකින් එබී බලන ආකාරයකි.[4] ඔහුගේ ඇඟිල්ල කවාකාර එබිකම් සිදුර විවෘත කිරීමට දිගු කරන අතරතුර ඔහුගේ මුහුණ පෙනෙන ලෙස සිත්තම් කර ඇත. කතා බැලූනයක් ද මෙහිදී යොදා ගෙන තිබේ.[5]

සංචායක කර්නි සේල් රෝස් විසින් මෙය මිලියන $43.2 කට එහි තක්සේරුව දෙගුණ කොට 2011 නොවැම්බරයේ නිව්යෝක් නගරයේ ක්‍රිස්ටී හි දී විකිණුනු ලැබීය. 1988 දී ඇයගේ සැමියා සටීව් රෝස්) වෙන්දේසියේදී එය මිලියන $2.1 කට තමා සතු කරගත්තේය. [4] 1961 දී සිතුවම ආරම්භයේදී $550 කට විකිණුනි. [6] නොවැම්බරයේදී මෙම වාර්තාව මිලියන $43 කට විකිණුනු "ඕ..ඒකහොඳයි"[7] සිත්තම බිඳ හෙළනු ලැබීය. පසුව එළඹුණු මැයි මාසයෙදි මිලියන $44.8 කට විකිණු "නිදන ගැහැණු ළමයා" එම වාර්තව ද ඉක්මවනු ලැබීය. [8][9]

විස්තරය[සංස්කරණය]

සිතුවමෙන් නරඹන්නාට සිත් ගන්වනුයේ ඔහු කළුවර කාමරයක සිටින බවත්, සිතුවමේ මිනිසා එම කාමරයේ දොරෙහි වූ සිදුරෙන් එබී බලන බවත් ය. කථන මාධ්‍ය ලෙස භාවිතා කර ඇති කතා බැලූනයේ යෙදෙන "මට සම්පූර්ණ කාමරයම දැකිය හැක...සහ එහි කිසිවෙක් නැත!" විස්තර කරනුයේ හොඳ දැක්මක් තිබුන ද එම මිනිසාට කාමරයේ කිසිවක් නොපෙනෙන බවය. මෙය භාවාත්මක ප්‍රකාශන වාදයකට උපහාසය දනවන කරුණක් විය හැක්කේ යමෙකුට මෙය ඒකවර්ණ චිත්‍රයක් ලෙස සිතීමට ඉඩ ඇති නමුදු මෙහි සිටින මිනිසාගේ ඇඟිල්ල හා කථනය නිසාවෙන් එය කඩ වී යාමෙනි. මෙහි ඇඟිල්ලෙන් ද පුරුෂ ලිංගය දැක්වේ යැයි සැලකේ.

කථන බැලූනයෙන් සිත්තමේ පළල පිළිඹඳව අවධානය පුළුල් කිරීමෙන් සහ බැලූනයේ තිබෙන්නා වූ වක්‍ර මගින් අනෙකුත් ප්‍රස්තාරික අංගයන් එක් කිරීමෙන් මුළු කැන්වසයම අර්ථාන්විත බවක් පළ කරයි. ලිච්ටෙන්ස්ටීන් සියළුම ප්‍රාථමික වර්ණ ඇතුළුව චිත්‍රය වර්ණ ගන්වා ඇත්තේ මුල් නිර්මාණය පරිණාමනය කරන අතරදී සහ බෙන්-ඩේ ඩොට්ස් මගින් යාන්ත්‍රික පුනර්ජීවනයට නිර්දේශ සෑදීමේදී ය. ලුක් මිකී සිත්තම වාගේම මෙම සිතුවම ද ස්ව-ආලෙ‍ක්‍ය වර්ගයට අයත් යැයි පෙන්වා දෙන්නට හේතු තිබේ. ස්ව-නිර්දේශයක් ලෙස සැලකෙන කවාකාර සිදුරෙන් ඇඟිල්ල දිගු කිරීම මෙහි විෂය වන්නේ එය ලිච්ටෙන්ස්ටීන්ගේ තාක්ෂණය වන ප්‍රමාණයෙන් හා හැඩහුරුවමෙන් ඇඟිල්ලක තරමට වෙනස් නොවූ උපකරණයකින් තිරයක් ඔස්සේ සිතුවම මතුපිටට ද්‍රව තෙරපීමෙන් බෙන්-ඩේ ඩොට්ස් කටහන් කැපීම නියෝජනය වීමයි. තවත් වෛකල්පික ස්ව-නිර්දේශයක් ලෙස තනි එබිකම් සිදුරෙන් ලිච්ටෙන්ස්ටීන්ගේ අභ්‍යාසයේ ඒකවර්ණ විෂයය නියෝජනය වීම පහදා දෙන අතරතුර මුළු කැන්වසයෙන් මෙම අභ්‍යාසයේ නිරූපණය පිළිඹඳව චකිතයක් දනවන්නේ භෞතික දේහය, එහි දැකීම සහ එහි සැබෑ ස්වරූපයයි. කේසේනමුත්, ශාරීරික බාවය ප්‍රමාණවත් ලෙස පිළිඹිබු වන්නේ තීව්‍ර ලිංගාත්මක ස්වරූපයෙන් සහ සමෙහි තිත් වැටුනු වර්ණාලේපයෙනි.

මෙම කර්තව්‍ය ලිච්ටෙන්ස්ටීන්ගේ එකැස් දෘශ්ටි කෝණයේ අනියතතාවය පෙන්වා දෙන උදාහරණයකි. එය "කේන්ද්‍රීය දැක්ම හා අන්ධභාවය" යෙදෙන කාර්යයක් ලෙස සලකනු ලබන අතර, එය ලිච්ටෙන්ස්ටීන්ගේ දැක්මට අදාළව කලාව ඔස්සේ තේමාව සන්ධාවනය වන විශිෂ්ට ආදර්ශයකි. ඔහු මෙම තේමාව අවධාරණය කිරීමට කථන මාධ්‍යය යොදා ගනු ලැබූවේ වටකුරු එබිකම් සිදුර හා ඇස් යන දෙකෙහිම ක්‍රියා කරන අතරතුරය. චිත්‍රයෙන් විස්තර වන යාන්ත්‍රික යෙදීම වන එබිකම් සිදුර, ඒකවර්ණ නිමැවුමක් දැකීමට බලපෑම් ඇති කරයි. සම්පූර්ණයෙන්ම වාගේ රැවටූ කැමරා කාච ඒකාක්ෂික බව හැසිර වූ මූලික එබිකම් සිදුර මගින් නිරාකරණය කෙරේ. තවද ඒකාක්ෂික බව සවිමත් තේමාවක් වන්නේ ව්‍යංගයෙන් පමණක් වුවත් ඍජුවම අන්තර්ගත වීමයි. ඊට අමතරව මෙය ඔහුගේ මෑතකාලීන ක්‍රියාවක් වන "ඉමේජ් ඩුප්ලිකේටර්" (1963) ට ආසන්නව සම්බන්ධ වන අතර "අයි කැන් සී ද හෝල් රූම්!" හි නිවැරදි කිරීමක් ලෙස ද සැලකෙන්නේ එහි දිදුළන හා කළහකාරී දැමක්මක් ද සහිතව ය. ඒකාක්ෂික බව යටතේ ඇති නමුත් තාක්ෂණය මගින් වැඩි දියුණු වූ "පොදු අත්දැකීමක් වන එක් වස්තුවක් නිරීක්ෂයට එක් ඇසක් වැසීම" ආකාරයට "අයි කැන් සී ද හෝල් රූම්!" හි ඒකාක්ෂික බව දැකිය යුත්තේ ඒකාක්ෂික බවට එකඟ කළ අන්දමට ය.

සටහන්[සංස්කරණය]

  1. "Peephole Tom by Lichtenstein May Fetch $45 Million at Auction". BLOOMBERG L.P. Oct 6, 2011. සම්ප්‍රවේශය April 19, 2012.
  2. "I Can See the Whole Room and There's Nobody in it..." Lichtenstein Foundation. සම්ප්‍රවේශය 2012-05-20.
  3. "Roy Lichtenstein Work Sets New $43m Sale Record". BBC News. November 9, 2011. සම්ප්‍රවේශය November 9, 2011.
  4. 4.0 4.1 Kazakina, Katya and Philip Boroff (2011-11-09). "Roy Lichtenstein Peephole Sets $43 Million Record at Christie's". Bloomberg. සම්ප්‍රවේශය 2012-05-15.
  5. Lobel, Michael. "Technology Envisioned: Lichtenstein's Monocularity". In Bader (ed.). p. 103. {{cite book}}: Missing or empty |title= (help)
  6. Glueck, Grace (1988-11-26). "The Mania of Art Auctions: Problems as Well as Profits". The New York Times. සම්ප්‍රවේශය 2012-05-17.
  7. "Roy Lichtenstein painting fetches $42.6m at auction". BBC News. November 11, 2010. සම්ප්‍රවේශය November 11, 2010.
  8. "Contemporary Art Evening Auction: New York - 09 May 2012 07:00 PM - N08853". Sotheby's. සම්ප්‍රවේශය 2012-05-10.
  9. Melikian, Souren (2012-05-12). "Disconnect in the Art Market". New York Times. සම්ප්‍රවේශය 2012-05-15.

නිර්දේශ[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:රෝයි ලිච්ටෙන්ස්ටීන්