අයිරින් සුළි කුණාටුව (2005)

විකිපීඩියා වෙතින්

අයිරින් සුළි කුණාටුව 2005 අත්ලාන්තික් සුළු කුණාටු සමයේ දිගු කලක් කේප් වර්ඩ් හි පැවති සුළි කුණාටුවකි. කුණාටුව අගෝස්තු 4 වන දින කේප් වර්ඩ් ආසන්නයේ සෑදී අත්ලාන්තික් හරහා ගමන් කර එය තවත් නිවර්තන කලාපයක් වූ අග්නිදිග නිව්ෆවුන්ඩ්ලන්තයට පෙර බර්මියුඩා වලින් උතුරු දෙසට හැරවෙනවා. අයිරින් 2005 වසරේ නිවර්තන පද්ධතියක වැඩිම කාලයක් පැවති කුණාටුව ලෙස දින 14 ක් තිස්සේ දිගටම පැවතුණා. එය වාර්තාගත කාලය තුල පැවති 9 වන කුණාටුව සහ 4 වන සුළි කුණාටුව විය.

අයිරින් කුණාටුව එය දෝලනය වන ශක්තිය අනුව එහි අමාරුතාව පිළිබඳව අනාවැකි පල කළා. පසුව අගෝස්තු 10 දින විසිරී යාමට පෙර අයිරින් උච්ච අවස්ථාවකට එනවා ප්‍රභේද දෙකකින්. අගෝස්තු 16 දින විශාල නිවර්තන පද්ධතියේ තීව්රවතාවය අඩු වීමට පෙර සහ අගෝස්තු 18 වන දින. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයට බයක් තිබුණා අවිනිශ්චිතව කුණාටුව ගොඩබිමට සේන්දු වෙයි කියලා. නමුත් එය ගොඩබිමට සේන්දු නොවූ නිසා වාර්තාගත අලාභ හානි සිදු නොවිණි. කෙසේ වුවද එය අඩි 8(මීටර් 2.4) ක් තරම් විශාල විය. තවද එක් මාරක විපතකද සමඟින් නිව් යෝර්ක් හි දිගු වැලියේ දිය රැළි ශක්තිමත් විය.

කාලගුණික ඉතිහාසය[සංස්කරණය]

ශක්තිමත් නිවර්තන තරංග සීතල මුහුදු මට්ටමේ උෂ්ණත්වය නිසා අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරන්නට විය. සංවහන ධාරා වැඩිවීමත් සමඟ එය කේප් වර්ඩ් හි බටහිර දෙසට චලනය වීමට විය. මේ පද්ධතිය බොහෝ සන්විධානය වීමෙන් හා සංවර්ධනය වීමෙන් අගෝස්තු 4 වනදා දහවල් කේප් වර්ඩ් දූපතේ නිරිත දෙසින් සැතපුම් 690 (කිලෝමීටර් 1100) දුරින් අවපාතයක් බවට පත විය. අගෝස්තු 5 වනදා අවපාතය අනපේක්ෂිත ආකාරයට දැඩි සුළං ප්‍රවාහ සමඟින් වයඹ දෙසට හැරිණි. මේ හේතුවෙන් පරිගණක ආකෘති අවපාතය විනාශ වේවි යයි අනාවැකි පල කරන අතරම අනෙක් අය එය අනවරත ලෙස ශක්තිමත් වේ යයි අනාවැකි පල කළේය. කුණාටුවේ අනපේක්ෂිත අවදානමත් සමඟ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ අනාවැකි පල කරන ලික්සියොන් අවෛලා විසින් "නිවර්තන කලාපයේ ප්‍රභවයන් ගැන අපි දන්නේ කෙතරම් අල්පයක්ද" යන්න ප්රයකාශ කළේය. නිවර්තන අවපාතය තදින්ම පැවතිලා එය අගෝස්තු 7 වන දින අයිරින් සුළි කුණාටුව බවට පත්විය.

පරිසරයේ අඩංගු වූ වියලි වාතය හා දැඩි ප්‍රවාහ හේතුවෙන් අගෝස්තු 8 වන දා වන විට නිවර්තන අවපාතය දුර්වල විය. ඉතිරි වූ අයිරින් කුණාටුවේ අවපාතය අගෝස්තු 10 උදෑසන එය ලෙෂර් ඇන්ටිලස් පසුකර ගමන් කරන්නට විය. නමුත් අනාවැකිකරුවන් අනාවැකි පල කළා ඒ ගැන විශ්වාස කරන්න අපහසුයි සහ තව දුරටත් කුණාටුව පැවතිය හැකි බවට. කෙසේනමුත් උණුසුම් ජලය සහ අඩු සුළං ප්‍රවාහ ඉඩ ලබාදුන්නා අගෝස්තු 11 වනදා බර්මියුඩාවේ දකුණු ප්රුදේශයේදී නැවත අයිරින් සුළි කුණාටුව ඇතිවීමට.

කුණාටුව පහත් නිවර්තන කලාපවල ගැටි සමඟ සිදුවන ප්‍රතික්‍රියාවන් නිසා ආකෘති විසින් කුණාටුවේ අනාගතය ගැන අපැහැදිලි සංඥා ලබා දෙන්නට විය. සමහර ආකෘති අයිරින් කුණාටුව උතුරු කැරොලිනා වල ගොඩබිමට සේන්දු විය හැකි බවට අනාවැකි පල කරන අතරම තවත් සමහර ආකෘති අයිරින් අඩු වී යා හැකි බවට අනාවැකි පල කරන්නට විය. අවසානයේ කුණාටුව දුර්වල වී උතුරු කැරොලිනාව හා බර්මියුඩාව අතර පිටත ඉවුරු පසුකර ගිය පසු මේ අවිනිශ්චිතතාවය නැති විය. අගෝස්තු 16 සවස මෙය බර්මියුඩාවේ ඊසාන දෙසින් සැතපුම් 350 (කිලෝමීටර 560)ක් අතර පළමුව සුළි කුණාටුවක් බවට පත්වී පසුව පැයට කිලෝමීටර 170 ක් උච්ච තීව්ර5තාවක් ඇති විය. මේ වෙලාවේ දී මෙහි අඩුම පීඩනය මිලි බාර් 970 ක් විය. තවද අයිරින් සුළි කුණාටුවක් බවට පත් වේ යයි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ විදඥා‍යින් සිතීය. නමුත් ඔවුන් විශාලත්වය විශාල ලෙස තියුණු වේ යයි බලාපොරොත්තු නොවීය.

අගෝස්තු 18 උදෑසන නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල කේප් රේස් වලට සැතපුම් 520 (කිලෝමීටර 830)ක් දුරින් වැඩිවන සුළං ප්රිවාහ සහිත ප්ර දේශයට අයිරින් ඇතුල් වීමෙන් එය දුර්වල වීමට විය. අගෝස්තු 18 දින ගෙවී යාමත් සමඟ දින 14 ක් තිස්සේ පැවති අයිරින් නිවර්තන පද්ධතියක් බවට පත්විය. මෙය 2005 වසරේ වැඩිම කාලයක් පැවති කුණාටුවයි.

බලපෑම, වාර්තාව සහ නම් කිරීම[සංස්කරණය]

අයිරින් පැවතියේ ගොඩබිමට ඈතින් නිසා වෙරළබඩ ජනතාවට අනතුරු ඇඟවීමක් කර නොතිබුණි. දිගු කලක් පැවති අයිරින් වලින් නැව් සම්බන්ධව වාර්තාවක් නොමැත. සැලකිය යුතු අලාභ හානි හෝ මරණ සිදු නොවිණි. කෙසේ වුවද ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට දියවැල් නිසා ඇතිවන අවදානම වැඩි විය. නිව් ජර්සි වල බොහෝ වෙරළ තීරයන්හි දින තුනක් සඳහා පිහිනුම් කටයුතු නතර කළ අතර හා ජීවිත ආරක්ෂක කටයුතු යොදවා තිබුණි. අගෝස්තු 14 නිව් යෝර්ක් හි වෙරළ තීරයට අඩි 4 සිට 8 (මීටර 1.2 සිට 2.4) දක්වා වන තරංග සේන්දු විය. මෙදින නිව් යෝර්ක්හි ලෝන්ග් බීච් හිදී අවුරුදු 16 ක් වයසැති පිරිමි ළමයෙකු දියවැල් විසින් අල්ලාගෙන ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මෘත ශරීරය දින දෙකකට පසු අගෝස්තු 16 දින වෙරළට ගොඩගසා තිබුණි.

අගෝස්තු 7 මුල්ම දිනයේ සෑදුනු කුණාටුව අත්ලාන්තික් කලාපයේ සුළි කුණාටු සමයේ සැදුණු 9 වැනි කුණාටුව විය. එය 1936 වර්ෂයේ කුණාටු සමයේ දින 13 ක් පැවති කුණාටුවේ වාර්තාව බිඳ හෙලන ලදී. අවස්ථා 5 ක් පැවති නිසා අත්ලාන්තික් නිවර්තන කලාපයේ සැදුණු මෙම කුණාටුව "අයිරින්" ලෙස නම් කරන ලදී. මෙය ගොඩබිමට සිදුකළ බලපෑම අවම නිසා මේ නම ලෝක කාළතුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් 2011 අත්ලාන්තික් කුණාටු සමය සඳහා ද නැවත භාවිත කරන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ^ a b c d e f g National Hurricane Center. "Tropical Cyclone Report: Hurricane Irene" (PDF). NOAA. Retrieved April 24, 2006.
  2. ^ National Hurricane Center. ["http://www.nhc.noaa.gov/archive/2005/dis/al092005.discus.004.shtml Discussion for Tropical Depression Nine, 11:00 a.m. EDT, August 05 2005"]. NOAA. Retrieved April 24, 2006.
  3. ^ National Hurricane Center. "Discussion for Tropical Storm Irene, 5:00 a.m. EDT, August 10, 2005". NOAA. Retrieved April 24, 2006.
  4. ^ National Hurricane Center. "Discussion for Tropical Storm Irene, 11:00 a.m. EDT, August 11, 2005". NOAA. Retrieved April 28, 2006.
  5. ^ National Hurricane Center. "Discussion for Tropical Storm Irene, 5:00 p.m. EDT, August 14, 2005". NOAA. Retrieved April 24, 2006.
  6. ^ a b National Hurricane Center; Hurricane Research Division; Atlantic Oceanographic and Meteorological Laboratory (February 15, 2013). "Atlantic hurricane best track (Hurdat)". United States National Oceanic and Atmospheric Administration. Retrieved March 24, 2013.
  7. ^ Associated Press (August 16, 2005). "Hurricane Irene Affecting Jersey Shore" සංරක්ෂණය කළ පිටපත 2012-07-16 at the Wayback Machine. 6ABC. Retrieved May 10, 2006.
  8. ^ a b c Richard Weir and Michael White (August 16, 2005). "Lost Boy's Body Found On Shore". New York Daily News. Retrieved December 29, 2009.
  9. ^ "NCDC Event Report: New York Rip Current". National Climatic Data Center. 2005. Retrieved April 13, 2009.

බාහිර සබැදි[සංස්කරණය]