අයිඩා නිකොලේචුක්

විකිපීඩියා වෙතින්
Aida Nikolaychuk
නිකොලේචුක් අගේ රසිකයන් සමඟ හමුවකදී.
පසුබිම් තොරතුරු
උපත් නාමයAida Yurijevna Nikolaychuk
උපත3 මාර්තු 1982 (1982-03-03) (වයස 42)
Odessa, Ukrainian SSR, සෝවියට් සංගමය
ප්‍රභේදPop, pop rock, electronic
වෘත්තියSinger
වාද්‍ය භාණ්ඩVocals
සක්‍රීය වර්ෂ2011–present
වෙබ් අඩවියhttp://aidasinger.com/

අයිඩා යුරියෙව්නා නිකොලේචුක්, (යුක්රේනියන්: Аїда Юріївна Ніколайчук) යුක්රේනියානු ගායන ශිල්පිනියක සහ නිරූපිකාවක වෙයි. 2012 වසරේ පැවති යුක්රේනියානු X-Factor රූපවාහිනී තරඟාවලියේ තෙවන අදියරේ ජයග්‍රාහිකාව ඇයයි. තරඟාවලියේ දෙවන අදියරේ දී අයිඩා, පොලිනා ගගරිනාගේ ලුලබි (Колыбельная, Kalybelnaya) ගායනය කරමින් සිටියදී, හඬ පටයක් මගින් ඇගේ හඬ වැඩිදියුණු කරන ලදැයි සැකයට බඳුන් වීම නිසා විනිශ්චය මණ්ඩලය ඇගේ ගායනය අතරමග නැවත්වීම නිසා ඇය විශේෂ අවධානයකට ලක් වූවා ය. සංගීත වාදනය රහිතව ගීතය ගයන්නැයි විනිශ්චය මණ්ඩලය ඇයට අභියෝග කළේය. විස්මයජනක ලෙස නිකොලේචුක්, සහාය වාදනය නොමැතිවද පෙර පරිදිම ගායනය ඉදිරිපත් කළාය.

පෞද්ගලික දිවිය[සංස්කරණය]

නිකොලේචුක් 1982 මාර්තු 3 දින සෝවියට් සංගමයේ ඔඩෙසා හි දී උපත ලැබුවාය. පළමු ශ්‍රේණියේ දී ම ඇය ගායනය ඇරඹුවාය. 

සංගීත දිවිය[සංස්කරණය]

2011 දී යුක්රේනියානු X-Factor රූපවාහිනී වැඩසටහනේ දෙවන අදියරයට නිකොලේචුක් සහභාගී වූයේ තම රැකියාවට පවා සමුදෙමින්ය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අයිඩා_නිකොලේචුක්&oldid=405334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි