අයර්ලන්ත ඉතිහාසය

විකිපීඩියා වෙතින්

පාෂාන යුගය ( ක්‍රි.පූ. 8000 - ක්‍රි.පූ. 4500)[සංස්කරණය]

රෝමානු ලේඛන, අයර්ලන්ත කාව්‍ය හා පුරාවෘත්ත වල නිර්දේශ කීපයකට අනුව,පෙර ක්‍රිස්තියානි අයර්ලන්තය ගැන තොරතුරු ලැබේ. හිම යුගය තුළ, අයර්ලන්තය ග්ලැසියර් ඛාදිත විය. මීටර් 300 ක් පමණ ඝණකම ඇති අයිස් තට්ටු ,ගල්, සුණුවිසුනු කරමින් භූමිය මත ගලා ගිය අතර සියලුම අතීත ජනාවාස ගැන තිබූ සාක්ෂි නැති වී ගියේය.මෙය බ්‍රිතාන්‍යයේ දකුණු ප්‍රදේශයේ විශාල හිම තට්ටු ඉවත් වී ජනාවාස ගැන තොරතුරු අනාවරණය කර ගත නොහැකි වූ සිදු වීමකට සමාන විය. අයර්ලන්තය ආක්ටික් මුඩු බිමක් හෝ හිම කතරක් විය. මිඩ්ලන්තයේ ද එසේම රටින් තුනෙන් දෙකක් පමණ අයිස් තට්ටු ඉවත්වී මුලුමනින්ම ජනාවාස පිළිබඳ ඇස්තමේන්තු කිරීමට නොහැකි විය. රට පුරා විසිරී තිබූ භූමි 6 ක පමණ ප්‍රදේශයක වැදි රංචු ජනාවාස පිහිටුවා ගත්හ. ස්කොට්ලන්තයේ ඊශාන දිශාවේ මෙම මුල්ම ජනාවාස ඇතිවූ බවට සිතිය හැකිය. වර්තමානයට වඩා එකල මුහුදු මට්ටම අඩු වූවත්, ඒ කාලයේද අයර්ලන්තය දූපතක්ව පැවතිණි. මෙහි පුදුමයක් නැත. අයර්ලන්තයේ බොහෝ ජනපද මුහුදුබඩ ආශ්‍රිතව තිබූ අතර ඔවුන්ගේ ජීවිකාව මුහුද ආශ්‍රිතව පැවතිණි. බොහෝ අය නැව්කරුවන් විය. සමහර විට මෙම ගස් රහිත හිමට යට වූ පස සාරවත් කැලෑ සහිත පස් බවට පත් වීමට පෙර බොහෝ රටවල් පසුකරමින් මෙසේ ආර්ථිකය දියුණු කර ගත්හ.

නවශිලා යුගය ( ක්‍රි.පූ. 4500 - ක්‍රි.පූ. 2500)[සංස්කරණය]

tiny globe
පුරාණ අයර්ලන්තය

නවශිලා යුගය යනු ගොවිකර්මාන්තය, කුඹල් කර්මාන්තය සමඟ පැමිණි වඩා දියුණු පාෂාණ ආශ්‍රිත නිර්මාණයන් බිහිවූ යුගයකි. මෙම නව සොයා ගැනීම් නව ප්‍රජාවක් (settlers) විසින් සිදුකරන්නට ඇතැයි මුලදී සිතුවද, මෙම කාලය හා සබැඳි විශාල ප්‍රමාණයේ ආක්‍රමණයක් අයර්ලන්ත ඉතිහාසය තුළ දක්නට නොලැබේ. නවශිලා පරිවර්තනය සිදුවන යැයි සැලකීමට වඩාත්ම ඉඩකඩ ඇත්තේ එය යුරෝපා මහද්වීපයේ ‍ වෙනත් රටවල් එංගලන්තය ආදිය සමඟ තිබු ‍සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස සිදු වු බවට වන මතයයි.


කෘෂිකර්මාන්තය ක්‍රි.පූ 4500 දී පමණ ආරම්භ වුනි. එළුවන්, බැටළුවන් හා ධාන්‍ය නිරිත දිග යුරෝපයෙන් ගෙන ආ අතර, ජනගහණය සීඝ්‍රලෙස ඉහල ගියේය. වියළි ගල් තාප්ප වලින් වෙන්කරගත් C ide වර්‍ගයේ කුඹුරු ක්‍රි.පූ 3500 සිට 3000 දක්වා සියවස් ගණනාවක් වගාකරන ලදි. තිරුඟු හා බාර්ලි මේවායේ ප්‍රධාන අස්වැන්න විය.


කුඹල් කර්මාන්තයේ ආරම්භයද කෘෂිකර්මාන්තයත් සමඟ සිද්ධවුනි. නවශිලා යුගයේ කැපී පෙනන ලක්ෂණය වනුයේ හදිසියේ ඉස්මතු වූ ශිලාමය ස්මාරක තැනීමයි. මෙසේ බිහි වූ විශාල සොහොන් ගැබ් එම ජනතාවගේ ආගමික ඇඳහිලි සඳහා බලපාන ලදි. මෙම සොහොන් කැණිමේ දී මිනිස් මෘත ශරීරවල කොටස් අවමගුල්‍භාණ්ඩ, මැටි භාණ්ඩ, ඊතල හිස්, පොරෝ, ආදිය හමු වී තිබේ. මෙම ශිලාමය සොහොන් 1200 ක් පමණ සොයා ගෙන ඇති අතර මේවා ප්‍රධාන භාණ්ඩ 4 කට වර්‍ග කල හැක.


ආශ්‍රිත[සංස්කරණය]

Early history of Ireland Neolithic

"https://si.wikipedia.org/w/index.php?title=අයර්ලන්ත_ඉතිහාසය&oldid=472622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි