Jump to content

අමීශා පටේල්

විකිපීඩියා වෙතින්
(අමීෂා පටෙල් වෙතින් යළි-යොමු කරන ලදි)
අමීශා පටේල්
පටේල් 2015දී
උපත
අමීශා අමිත් පටේල්

9 ජුනි 1975 (1975-06-09) (වයස 49)
නිවහනමුම්බාය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිෂ්පාදිකාවක, නිරූපිකාව
සක්‍රීය වසර2000–වර්තමානය
දෙමව්පියන්(s)ආශා පටේල්
අමිත් පටේල්
ඥාතීන්අශ්මිත් පටේල් (සොහොයුරා)
ආගමහින්දු ආගම

අමීශා පටේල් (1975 ජූනි 9 වන දින උපත ලද.) ඉන්දියානු සිනමා නිළියකි. ඇගේ ප්‍රථම චිත්‍රපටය වුයේ "කහෝනා ප්යාර් හේ(2000) වන අතර,ඇය රගපෑ "ගද්දර්-ඒක් ප්රෙම් කතා(2001)" ඉන්දීය හින්දි සිනමා ඉතිහාසයේ වඩාත් ජනප්‍රරිය වු චිත්‍රපටි අතුරින් එකක් විය. ඒ සඳහා ඇයට විශේෂ රගපෑමට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි විය.ඇය රගපෑ බොහො චිත්‍රපට "බොක්ස් ඔෆිස්"වාර්තා තැබීනට සමත් නොවු අතර,ඇය විසින් රගපෑ "ආන්කි(2006) හා සහාය නිලියකගේ චරිතය රගපෑ "භූල් භුලයියා" (2007) සඳහා ඇයට ප්‍රශංසාව හිමි විය. චිත්‍රපට නිශ්පාදක "වික්රම් බාත්" සමග පැවති සම්බන්ධය හා දෙමාපියන් සමග පැවති භේදය පිලිබදව ඉන්දියානු මාධ්යය තුලින් නිරතුරුවම කතා විය.

පෙර ජීවිතය හා පසුබිම

[සංස්කරණය]

පටේල් ගේ පියා අමිත් පටේල් වන අතර මව ආශා පටේල් ය.ඇයගෙ සහෝදරිය අශ්මිත් පටේල් වන අතර ,ඇගේ ආච්චි වන රජිනි පටේල් ප්රසිද්ධ නීතිඥවරියක මෙන්ම,මුම්බායේ "කොන්ග්රස් ප්‍රදේශ් කමිටුවේ" නායකත්වය ද උසුලයි. බොම්බායේ,"බ්රීච් කැන්ඩි" රෝහලේ උපත ලැබු ඇය,අවුරුදු 5හෙදි පටන් "භරත" නැටුම් වලට පුහුණු විය. ඇගේ උපන් නම වන අමීශා,තම පිය වන අමිත් ගෙ මුල් අකුරු තුන හා මව වන ආශා ගෙ අවසාන අකුරු තුනෙහි සංකලනයකි. "මෙඩ්වඩ්" හි "ටෆ් ස්" විශ්ව විද්්‍යාලයේ ආර්ථික විද්යාව ඉගෙනුමට ,ඇය යාමට පෙර පල්ලියෙන් ද,බොම්බායේ "ජෝන් කොන්නොන් " පාසලෙන් ඉගෙනුම ලැබු ඇය 1992-1993 කාලය තුල ප්රධාන ශිෂ්ය නායිකාව ලෙස කටයුතු කලාය. ඇයගේ උපාධියෙන් පසුව ආර්ථික විශ්ලේශකයෙකු ලෙසට ඇය "කන්ඩ්වාලා සෙකියුරිටිස් "හි සේවය කලාය. පසුව "මෝර්ගන් ස්ටැන්ලී"ගෙන් අවස්තාවක් ඇයට ලැබුනද එය සාර්ථක වුයේ නැත.පසුව ඇය ඉන්දියාවට පැමින,"සත්යාදෙව් දුබේ" නම් නාට්ය කංඩායම හා එකව වේදිකා නාට්ය වල රගපෑවාය. තම දෙමාපිය අවසරය ඇතිව ඇය "තන්වීර් ඛාන්" ගේ "නීලම්(1999)" නම් උර්දු නාට්ය හිද

"https://si.wikipedia.org/w/index.php?title=අමීශා_පටේල්&oldid=486032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි