අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සියවස තැපැල් මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර නිවේදන අංකය 816[සංස්කරණය]

ගොනුව:Dharmasoka-College---Centenary.jpg
ගොනුව:258.jpg

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සියවස සැපිරීම නිමිත්තෙන් රුපියල් 5.00 ක වටිනාකමින් යුත් නව තැපල් මුද්දරයක් තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය[1] විසින් 2013 මැයි මස 04 වැනි දින නිකුත් කරනු ලැබේ.

1913 මුල් කාර්තුවේ දිනෙක අම්බලන්ගොඩ ප්‍රදේශවාසී බොදු දරුවන් සදහා නව ඉංග්‍රිසි පාසලක් නගරයේ දුම්රියපොළ මංසන්දිය අසල නිවසක සිසුන් 15 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදුව ධර්මාශෝක විද්‍යාලය නැතහොත් ධර්මාශෝක කොලීජිය යනුවෙන් නම් කෙරිනි. එවකට රාජ්‍ය සේවයේ ඉසිඹු ලබා සිටි ලංකාවේ මුල්ම සිංහල උපාධිධාරීන් අතුරින් අයෙකුවූ සන්තියාගු තෝමස් ද සිල්වා ශ්‍රීමතානෝ මෙම විද්‍යාලයේ ආදි කර්තෘ ලෙස සලකනු ලබයි.

මෙම විද්‍යාලය 1913 මැයි මසදී වර්තමානයේ ධර්මාශෝක විද්‍යාලය පිහිටි පියසට ගෙන එනු ලැබූ අතර, එවකට අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය විසින් පවත්වාගෙන යනු ලැබූ බුඩිස්ට් ඉංග්ෂ් හයි ස්කූල් සමග 1914 පෙබරවාරි 02 දින ඒකාබද්ධ කරන ලදී.

ස්වකීය ශ්‍රමය, කාලය දැනුම හා ධනය නොමසුරුව පරිත්‍යාග කරමින් මෙම විද්‍යාලය ගොඩ නැගූ එස්. තෝමස් ද සිල්වා මැතිතුමා 1913 සිට 1919 දක්වා මෙහි පළමු විදුහල්පතිවරයා ලෙස ද 1913 සිට 1929 දක්වා එතුමාගේ අභාවය වන තෙක් විද්‍යාලයේ කළමනාකරු ලෙසද ක්‍රියාකර තිබේ. ආදි කර්තෘතුමන්ගේ අභාවයෙන් පසුව සුගත ශාසනෝදය සමිතිය විසින් ඩබ්. ජේ. ද සිල්වා මහතා (1929-1932) ජේ. පී. එස්. ද සිල්වා මහතා (1932-1936) පී. ද එස්. කුලරත්න මහතා (1936-1948) දොස්තර එම්. එච්. සද්ධාසේන මහතා (1948-1954) එල්. සී. ද සිල්වා මහතා (1954-1960) යන කළමනාකරුවන් යටතේ ධර්මාශෝක විද්‍යාලය පාලනය වී ඇත. 1960 දෙසැම්බර් 01 දින සුගත ශාසනෝදය සමිතිය විසින් සිය කැමැත්තෙන්ම ධර්මාශෝක විද්‍යාලය රජයට පවරා දෙන ලදී.

ධර්මාශෝක විද්‍යාලයේ සියවස වනතෙක් විදුහල්පතිවරුන් 29 දෙනෙකු මෙහෙයවනු ලැබ තිබේ. එස්. තෝමස් ද සිල්වා මහතා (1913-1917) අබේසීල ගිනිගේ මහතා (1917-1921) ජේ. ආර්. නැතනියල්ස් මහතා (1921-1923) ජී. එම්. ද සිල්වා මහතා (1923-1927) ඊ. ඒ. විජේසූරිය මහතා (1928-1933) එෆ්. ආර්. ජයසූරිය මහතා (1934-1938) ඩී. ටී. විජේරත්න මහතා (1938-1947 සහ 1953-1961) පී. ද එස්. ජසෙන්තුලියන මහතා (1947-1957) කේ. කේ. වී. එස්. ද සිල්වා මහතා (1962-1967) එම්. ඩී. විමලසූරිය මහතා (1967-1975) ඊ. එන්. ප්‍රනාන්දු මහතා (1975-1980) පී. ඩබ්. විල්ෆ්‍රඩ් ද සිල්වා මහතා (1980-1981) බී. එච්. එච්. විමලදාස මහතා (1982-1984) එච්. එස්. එන්. කේ. ප්‍රනාන්දු මහතා (1984-1986) ජී. ඒ. අයි. ද සිල්වා මහතා (1987-1998) එම්. ප්‍රේමසීල ද සිල්වා මහතා (1999-2001) ඩී. එම්. ජී. අනුර ජයලත් මහතා (2002-2004) කේ. එම්. ජී. බී. ජයසූරිය මහතා (2004-2006) එස්. ජේ. පී. විජේසිංහ මහතා (2007-2011) එම්. ජී. ඕ. පී. පණ්ඩිතරත්න මහතා (2011 සිට සියවස තෙක්) යන මෙම විදුහල්පතිවරුඅධ්‍යාපන, පරිපාලන හා කළමනාකරණ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට කුසලතා දැක්වූවෝ වෙති. විදුහල් ගීතය නිර්මාණය කරන ලද්දේ ජාතික ගීයේ නිර්මාතෘ වාග්ගේයකාර ආනන්ද සමරකෝන් ශූරීන් විසිනි.

ධර්මාශෝක විද්‍යාලය සමස්ත ශ්‍රී ලංකා වාසී දරුවන්ටම විවර වූ මහා සරසවියක් බදු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන අතර එය හුදු විෂයධාරගත අධ්‍යාපනයට පමණක් සීමානොවී ක්‍රීඩා හා කලා ක්‍රියාකාරකම් මගින්ද ජයකෙහෙලි නංවමින් පිරිපුන් පුරවැසි පරපුරක් ජාතියට දායාද කරනු ලබන විශිෂ්ට ශාස්ත්‍රාලයක් ද වේ.

නිකුත් කරන දිනය - 2014 මැයි මස 04 වැනි දින. වටිනාකම - රුපියල් 5.00. සැලසුම්කරු - පී. ඉසුරු චතුරංග. ප්‍රමාණය - මි. මී. 41 x මි. මී. 30. හැඩය - තිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 100 බැගින්. සිදුරු ප්‍රමාණය - 14 x 13 3/4. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2014.05.03.

  1. මුද්දර කාර්යයංශය විස්තර පත්‍රිකාව