අභ්‍යාවකා‍ශ ගවේෂණයෙහි දැක්ම

විකිපීඩියා වෙතින්
ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් 2004 ජනවාරි 14 වන දින නිවේදනය කළ “එක්සත් ජනපද අභ්‍යවකාශ ප්‍රතිපත්තිය” අභ්‍යවකාශ ගවේෂණයේ දැක්ම පහත පරිදි විස්තර කළ හැක.

එය ආකාර කිහිපයකම දැකිය හැක.

  • කොලොම්බියා අජටාකාශ ෂටලයේ ඛේදවාචකයට ප්‍රතිචාරයක් ලෙස
  • නාසා මානව අභ්‍යවකාශ තරණ පනත ලෙස
  • අභ්‍යවකාශ ගවේෂණයට ප්‍රජා උද්‍යෝගය යලි ලබා ගැනීමේ ආකාරයක් ලෙස

මෙම දැක්ම මගින් අභ්‍යවකාශ වැඩසටහනට දන්වා සිටින්නේ · අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළ 2010 වන විට සම්පුර්ණ කිරීමට · අභ්‍යවකාශ ෂටලය 2010 වන විට විශ්‍රාම ගත් විට 2008 වන විට ඔරියන් අභ්‍යවකාශ යානය සංවර්ධනය කිරීමට (මින් පෙර හඳුනාගෙන සිටියේ සමුහ අභ්‍යවකාශ රථය ලෙස) හා එහි පළමු මානව අභ්‍යවකාශතරණය මෙහෙයුම 2014 වන විට සිදුකරන ලෙස · ෂටලයෙන් අත්කරගත් ගොඩබැස්සුම් රථ සංවර්ධනය කිරීමට · රොබෝ අභ්‍යවකාශ යානා මෙහෙයුම් සමග චන්ද්‍රයා 2008 වන විට ගවේෂණය කිරීමට හා 2020 වන විට සමුහනය කිරීම · අගහරු හා වෙනත් යායුතු ස්ථාන රොබෝ හා සමුහනය කල මෙහෙයුම් මගින් ගවේෂණය කිරීමට.

මෙම දැක්ම 2004 දී නිවේදනය කල විට එක්සත් ජනපද කොංග්‍රසය හා විද්‍යාත්මක ප්‍රජාව ධනාත්මක හා සෘණාත්මක ප්‍රතිචාර ලබාදුනි. උදාහරණයක් ලෙස නියෝජිත ඩේව්වෙල්ඩන් “මාසිතන ආකාරයට අභ්‍යවකාශ වැඩ පිලිවෙලට පසුගිය දශක කිහිපය තිස්සේම සිදු වු හොඳම දෙය එයයි” ලෙස පැවසීය. මේ අතරතුර භෞතික විද්‍යාඥයෙකු හා අවංක කතාකරන සුළු අජඨාකාශ තරණ ප්‍රතිවාදී රොබට් L පාර්ක් රොබෝ අභ්‍යවකාශ යානා ඉතා හොදින් වැඩකටයුතු කරන බැවින් මිනිසකු යැවීම සධාරණීය කරණය කිරීමට අපහසු බව පවසන ලදී.

අඟහරු සමාජය වැනි සෙස්සන් චන්ද්‍රයා වෙත ආපසු යෑම වලක්වා අගහරු වෙත අවධානය යොමු කිරීම වඩා උචිතයැයි හැ‍ෙඟන බව පවසන ලදී.

සඳට අනන්‍යවු කර්මාන්ත පිලිබඳ දැනීම සංවර්ධනය හා හදුනාගැනීම වෙනුවෙන් සඳට ආපසු යාම ඉහල පුරෝගාමීත්වයකින් යුතු අභ්‍යවකාශ වැඩපිලිවෙලක් ලෙස සැලකිය යුතු බව ජාතික අභ්‍යවකාශ සමාජය (NSS) නිකුත් කල පුවත්පතක එක් තැනකදී සඳහන් වේ. NSS විශ්වාස කරන අන්දමට සඳ අතීතයේ ගබඩාව මෙන්ම අප ග්‍රහලෝකයේ අනාගතයද වේ. එමෙන්ම ඇපලෝ යානා 6 මෙම වටිනා නිධානයේ මතුපිටින් අතගා බැලිමෙන් පමණක් සිදු කරන ලද බවද පවසයි.

NSS ට අනුව චන්ද්‍රයාගේ විරුද්ධ පෘෂ්ටය කලබලකාරී පෘතුවියෙන් මුළු මනින්ම ආවරණය වීඇති අතර අනාගත විකිරණ අජටාකාශ විද්‍යාව සඳහා තෝතැන්නක් වේ.

චන්ද්‍රයා මත අන්තික රික්තය තත්ව යටතේ සුවිශේෂි නිපදවීම් සිදු කල හැකි අතර එහි දුරස්ථ භාවය නිසා හා හුදකලා භ‍ාවය නිසා ජීවයට හානිකර විය හැකි පර්යේෂණ පැවැත්වීමට ද හැක.

චන්ද්‍ර සම්පත් පෘථිවිය මත ඇති අමුද්‍රව්‍ය සියල්ලේම හෝ නැතිනම් බහුතරයක් අඩංගු වේ. පුළුල් පරිමාණයේ අභ්‍යවකාශ මෙහෙ‍යුම් හා වැඩ කටයුතු සදහා මෙන්ම ස්ථානීය සම්පත් භාවිතය හෙවත් භූමියෙන් පිටත ජීවත් වීමට තුලින් ස්ථිර මානව ජනාවාස ඇති කිරීම සඳහා සඳ තෝතැන්නක් ලෙස සැලකිය හැක. මෙයින් ප්‍රතිලාභ රාශියක් ඇත. එක්සත් ජනපද ජනාධිපති යෝජනා කල පරිදි ආරම්භක ආපසු පැමි‍ණීමේ මෙහෙයුම් ෂටලය හා අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම් පොල වැඩසටහන මගින් සංවර්ධනය කල දැනට පවතින ගොඩබැස්සවීම් (ලෝන්ච් කිරීම්) යටිතල පහසු කම් හා සම්පත් තුලින් සිදු කල හැක. අමතරව අවශ්‍ය වන්නේ අවම මට්ටමේ නව සොයා ගැනීම් හා සංවර්ධන වැඩසටහන් හා ඉවත දමන සුළු ලොන්ච් රථ පමණි.

ISS ගොඩ නැගීමේ හා මෙහෙයුම් තුලින් ඉගෙන ගත් පාඩම් වැඩිදියුණු කොට අඟහරුගේ හා සඳේ මානව මෙහෙයුම් දක්වා ව්‍යාප්ත කළ හැක.

අභ්‍යවකාශ ගවේෂණය සදහා නාසා අයවැය ප්‍රතිපාදන

ආරම්භක මෙහෙයුම් මගින් සඳමත විද්‍යාත්මක උපකරණ පිහිට වීමට හා ධ්‍රැව ප්‍රදේශ වැනි ගවේෂණ නොකල ප්‍රදේශ තුළින් සාම්පල රැගෙන ඒමට හැක. එමෙන්ම අවශ්‍ය ජල ප්‍රමාණය හා චන්ද්‍ර කර්මාන්ත සදහා අවශ්‍ය ද්‍රවශීලි ද්‍රව්‍ය ප්‍රමාණය නිගමනය කල හැක. අනාගතයේදී ප්‍රතිචක්‍රීය කරණය කල හැකි ලොන්ච් පද්ධිති මෙහෙයුම් ඇයේටා වියදම් අඩුවීම, පියාසැරි සීඝ්‍රතා වැඩිදියුණු කිරීමට ඉඩ සැලසීම නිසා පෘථිවි - චන්ද්‍ර චාරිකා දෛනික කටයුත්තක් බවට පත්වනු ඇත. යලිත් සඳට මිනිසුන් යැවීම තුලින් නාසා අභ්‍යවකාශ ක්‍රියාකාරකම් නව ප්‍රබෝධයක් ලබනු ඇතිවාක් මෙන්ම ප්‍රජා රුචියද දිනාගනු ඇත.

2004 වසරේ වැඩි කාලයක්ම එක්සත් ජනපද කොන්ග්‍රසය අභ්‍යවකාශ ගවේෂණය සදහා දැක්ම “අනුමත කොට ප්‍රතිපාදන ලබාදීමට කැමැත්තෙන් සිටීද යන්න අපැහැදිලි වූවකි.

නමුත් 2004 නෙවැම්බරයේදී කොන්ග්‍රසය වියදම් බිල්පත් වෙළුමක් අනුමත කල අතර එය ජනාධිපති බුෂ් විසින් (දැක්ම ආරම්භ කිරීමට) සොයමින් සිටි. ඩෙලර් බිලියන 16.2 නාසා ආයතනයට ලබාදුනි. එවකට නාසා ප්‍රධානි සීන්ඕකී‍ෆ් පවසන පරිදි “එය ඕනෑම අයකුට අපේක්ෂා කල හැකි උපරිම දිරිගැන්වීමයි” 2005 දී දැක්ම සඳහා පැහැදිලි දිරිගැන්වීමක් ලබාදුන් 2005 නාසා අධිකාරි පනත කොන්ග්‍රසය විසින් අනුමත කරන ලදී.

2005 දී වැඩ භාරගත් නාසා බලධාරි මයිකල් ග්‍රිෆින් මෙම දැක්ම සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නද අභ්‍යවකාශ ෂටලය විශ්‍රාම ගැන්වීම හා සමුහ ගවේෂණ රථයේ පලමු මානව මෙහෙයුම අතර ඇති සිව් වසරක පරතරය පියවීමට තමාට අවශ්‍ය බව පවසමින් එය යම් ආකාරයකින් විකරණය කර ඇත.