අභ්‍යාවකාශ ජීව විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජීවයට උපකාරී විය හැකි විශ්වයේ පවතින එකට න්‍යෂ්ටික අම්ල වර්ගය DNA ව්‍යුහ නොවේ.

Astrobiology යන ග්‍රීක වචනයේ තේරුම වන්නේ (astro නක්ෂත්‍ර මණ්ඩලය bio- ජීවය logos -දැනුම) යන්නයි. එය විශ්වයේ ජීවය සෙවීම සඳහා තාරකා විද්‍යාව, භූ විද්‍යාව හා ජීව විද්‍යාව සංයෝජනය කෙනෙ ක්ෂේත්‍රයකි. එය ප්‍රධාන වශයෙන් නාභිගත වන්නේ ජීවයේ සම්භවය, ප්‍රචාරණය හා පරිණාමය මතයි. වෙනත් තාරකා වටා පවතින ග්‍රහ මණ්ඩල පිළිබඳ තොරතුරු ආමනයන් සමඟ එහි අණසක බහිර් ජීව විද්‍යාව දක්වා පුළුල් වී ඇත.

අභ්‍යවකාශ ජීව විද්‍යා පර්යේෂණ මාතෘකා අතරින් සටහන් වන්නේ

  • ජීවය යනු කුමක්ද?
  • පෘථිවිය මත ජීවය ඇති වූයේ කෙසේද?
  • පෘථිවිය මත ජීවයේ වර්තමානය හා අනාගතය පිළිබඳ අජටාකාශ භෞතික විද්‍යා නිරීක්ෂණ පවසන්නේ මොනවාද?
  • වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතී නම් අප එය හඳුනාගන්නේ කෙසේද?
  • සංකීර්ණ ජීවය සඳහා අපට කෙ‍තරම් කල් බලා සිටින්නට සිදුවේද?
  • එය DNA හා කාබන් මත හෝ වෙනත් යමක් මත පදනම් වූවක් ද?
  • එහි ස්වරූපය කෙබඳු ද?

යනාදි පොදු ගැටළුය. නමුත් එය ගැඹුරින් විමසන විට ගැටළු රාශියක් උත්පාදය කරයි. බොහො විට අභ්‍යවකාශ ජිව විද්‍යාවේ ගොඩ නැ‍ඟෙන්නා වු ත් විමසිමට භජනය වන්නා වුත් ගැටළු වන්නේ පෘථිවියට පරිබාහිර ජිවයක් විශ්වයේ අන් තැනක තිබේද යන්නය. එයට පක්ෂ වන්නේ නම් එනම් පෘථිවියෙන් පරිබාහිර වු ජිවයක් තිබේ නම්

  • එය ක්ෂුද්‍ර මට්ටමේ එකක්ද?
  • නැතිනම් යම් බුද්ධිමත් ජිවි කොටසක්ද? ඒ කොයි ආකාරයක බුද්ධි මට්ටමක්ද?
  • එසේ ජිවයක් හටගත් ග්‍රහලෝකයේ ස්වභාවය කුමක්ද?
  • කුමන ආකාරයේ ජිව විද්‍යාත්මක පදනමක් ඔවුන්ට තිබේද?
  • අපට ඔවුන් සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකිද?
  • පෘථිවියෙන් පරිබාහිර ජිවයක් අප සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන්ට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරන්නේද?

ආදි ගැටළු රාශියක් අප වෙත එල්ල වේ. එමෙන්ම විශ්වයේ අප තනිවු හුදකලාවු ජිවයක් නම් එවිටද අපට ගැටළු කිහිපයක් මතු වේ.

  • අප විශ්වයේ හුදකලා වුයේ ඇයි?
  • විශ්වයේ බිලියන ගණනක් වු තාරකා අතරින් ඒවා වඩා පරිභ්‍රමණය වන ග්‍රහ ලෝක අතරින් ජිවයක් හට ගැනිමට පෘථිවිය සතුවු විශේෂිත වු ලක්ෂණය කුමක්ද?
  • විශ්වයේ පවතින්නා වු ජිව සන්නතියේ අනාගතය කෙබඳුද? එය පෘථිවියේ පැවැත්ම මත පමණක්ම රැදුණු ජිවයක්ද?
  • පෘථිවියෙන් එපිටට මේ ජිවය රැගෙන යා හැකිද?
  යනාදි  ගැටළු නිරන්තරයෙන් අභ්‍යවකාශ ජිව විද්‍යාව හමුවේ පවති.

අභ්‍යවකාශ ජිව විද්‍යාව ඉතා වේගයෙන් දියුනු වන විශය ක්ෂේත්‍රයකි.එය ජිවයේ මුලාරම්භය හා පරිණාමය ගැන ද සොයා බලන්නාවු ක්ෂේත්‍රයක් වේ. අභවකාශ ජිව විද්‍යාව යනු නුතන විෂයක් ලෙස බොහො දෙනා හඳුනා ගත්ත ද එයට දිගු ඉතිහාසයක්ද පවති. අභ්‍යාවකාශ ජීව විද්‍යාව යනු භෞතික විද්‍යාව, ජීව විද්‍යාව , භූ විද්‍යාව හෝ දර්ශනය යොදා ගනිමින් පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකූල ක්ෂේත්‍රයකි. “අභ්‍යාවකාශ ජීව විද්‍යාව දන්නා විද්‍යාත්මක න්‍යායන් යොදා ගෙන නොදන්නා දේ පිළිබඳ ප්‍රතිබිම්භනයක් ‍ගොඩ නංවවන ස්වාභාව දර්ශන ක්ෂේත්‍රයක් බව මෙම ක්ෂේත්‍රයේ විචාරක ඩේවිඩ් ග්‍රීන්ස්පූන් 2003 දී පවසා ඇත. ජීවය සහිත ග්‍රහලෝක පිළිබඳ අපට ඇත්තේ එකී උදාහරණයක් පමණක් බැවින් වැඩ කටයුතු බොහොමයක් ප්‍රතිබිම්භ වන අතර ජීව විද්‍යාවේ ‍,භෞතික විද්‍යාවේ හා ජීව රසායන විද්‍යාවේ වත්මන් දැනුම මත පදනම්ව ඇත.


කෙසේ වුවත් ක්ෂිර පථය නමින් හඳුන්වන අප සෞර ග්‍රහ මණ්ඩය අයත් මණ්දාකිණියට සුරුයා වැනි තාරකා බිලියන 200ක් වත් අයත් යැයි සැලකේ. එමෙන්ම ක්ෂිර පථය නමින් අප හඳුන්වන මණ්දාකිණිය වැනි මන්දාකිණි බිලියන සිය ගණක්වත් විශ්වයේ ඇතැයි විදඥායෝ සැක පළ කරති. ඇත්තෙන්ම කොතරම් මන්දාකිණි ප්‍රමාණයක් විශ්වය සතුව ඇත්දැයි නොදන්නා හෙයින් කොපමණ තාරකා ප්‍රමාණයක් එවාට අයත් ග්‍රහ වස්තු සමඟ භ්‍රමණය හා පරිභ්‍රමණය වෙමින් පවතී දැයි නිශ්චය කළ නොහැකි තරම්ය. එවන් වු විශාල විශ්වයක ජිවයක් පවතිදැයි සෙවිම ඇත්තෙන්ම දුෂ්කරය. නමුත් එය කළ නොහැක්කක් නොවේ. මන්ද මිනිසා සතු විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාව දිනෙන් දින වර්ධනය වන නිසාය.

විද්‍යාව හා තාක්ෂණය කොතරම් වර්ධනය වුවද නැතහොත් දියුණු වුවද තවමත් තාරකා හෝ අභ්‍යාවකාශ ජිව විද්‍යාඥයන්ට වෙනත් ග්‍රහ ලෝකයක් වෙත ගොස් ජිවින් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් ලැබි නොමැත. මේ නිසාම ඔවුන් විශේෂ අවධානයක් පෘථිවියේ ජිවය කෙරෙහි යොමු කරනු ලැ‍බේ. එනම් අභයවකාශ ජිව විද්‍යාඥයන් පෘථිවිය තම නිවස ලෙස සළකනවා සේම ඔවුන් පෘථිවිය තවත් එක් ග්‍රහ ලෝකයක් ලෙස පර්යේෂණ කටයුතු කෙරෙහි යොදා ගනි. පෘථිවියේ ජිවය සම්භවය වු ආකාරය ගැන ඔවුන් විශේෂ අවධානයක් යොමු කරන්නේ ද ඒ බැවිණි. ඉතා ක්ෂුද්‍ර ජිව මට්ටමකට සිට අද දක්වා ජිවය වර්ධනය විමට තුඩු දුන් සාධක, මේ නිසාම අභ්‍යවකාශ ජිව විද්‍යාවේ නිරන්තර පර්යේෂණයට බඳුන් වේ. විහේෂයෙන්ම පෘථිවියේ කුමන පාරසයකද මුලින්ම ජිවය ඇති වන්නට ඇත්තේ යන ගැටළුව ඔවුන් නිරන්තරයෙන් පිළිතුරු සොයන ක්ෂේත්‍රයකි.

අභ්‍යවකාශ ජිව විද්‍යාවේ ඉතිහාසය[සංස්කරණය]

පෘථි‍වියෙන් පරිබාහිර ජිවින් පිළිබඳ ඉගැන්විම් කෙරේ දිගු ඉතිහාසයක් පවතී. එහෙත් ඒ සියළු ඉගැන්විම් වර්ග දෙකකට ගොනු කළහැක

  • ආගමික හා පාරභෞතික විශ්වාසයන් හා ඇදහිලි සමඟ ඇති වු ඉගැන්වීම්
  • දාර්ශනිකයන් හා විවිධ පුද්ගයන්ගේ අදහස් මෙන්ම පර්ය්ෂණ ඇසුරින් ඇති වු දැනුම

ඉහත දක්වන කාණ්ඩ දෙක වෙන් සමහර අවස්ථා වලදි වෙන්කර හඳුනා ගැනිම තරමක් දුශ්කර වුවත් එය ඉතිහාසය හඳුනා ගැනිමට තරමක් පහසුවක් සලසනු ලැබේ. ලෝකයේ පවතින බොහෝ ආගම් හා දර්ශයන් විසින් පිටසක්වල ජිවය පිළිබඳ සාක්ච්ඡා කර ඇති අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නුදුරු පරිසරයක් තුළ සම්භවය වු බෞද්ධ දර්ශනය තුළත් එවැනි අන්තර්ගතයන් බහුලව හමුවේ. කතෝලිකයන්ගේ ආගමික ග්‍රන්ථය වන බයිබලයේද ගුවනින් ගමන් කරන යානාවක් පිළිබඳ විස්තර සඳහන් වේ. ආගමික ඉගැන්වීමේ මේ ආදි වශයෙන් ඉතා දිර්ඝ ලෙස විස්තර වන අතර අභව්‍ය සිද්ධි හා බැදි පවති. නමුත් විවිධ පුද්ගලයින් මේ පිළිබඳව විවිධ මත දරා තිබේ. විශේෂයෙන්ම පැරණි දාර්ශනිකයන් මේ පිළිබඳ දරා ඇති අදහස් ඉතා විශාල ප්‍රමාණයක් තිබේ. පැරණි ග්‍රික හා යුරෝපය ආශ්‍රීතව විසු දාර්ශනිකයන් හා පැරණි භාරතයේ විසු දාර්ශනිකයන් හා විද්වතුන්ද ඒ අතර ප්‍රමුඛ වේ. දාර්ශනිකයන් පමණක් නොව සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වු ලියනාඩෝ ඩාවින්සිගේ සිතුවම් බොහොමයක පිටසක්වල ජිවින් හා යානා පිළිබඳ සදහන් වී තිබිය විස්මය දනවන සුළුය. එමෙන්ම පැරණි ශිස්ටාචාරවලින් හමුවන පුරාවස්තු ඇසුරේද ඔවුන්ගේ ඉදිකිරීම් වලද පිටසක්වලයන් පිලිබද විවිධ සටහන් හමු වේ.

වර්තමාන ප්‍රවණතා[සංස්කරණය]

(හරිතලව - කුඩා කොළ පැහැ වස්තූන්) මෙහි දැක්වෙන ශාක කොළ තුළ ඇත)

NASA ආයතනයට අනුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකවල ශාක වර්ණක අප‍ගේ වර්ණක වලින් වෙනස් විය හැක.


කලක දී මෙය විද්‍යාත්මක ඉල්ලුමේ මූලික ප්‍රහාහයෙන් ඔබ්බෙහි පිහිටි ක්ෂේත්‍රයක් ලෙස සැලකුන ද අද එය විධිමත් අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. නාසා ආයතනය මේ වන විට අභ්‍යාවකාශ ජීව විද්‍යා ආයතනයක් අරඹා ඇත. ඊට අමතරව මෙම ක්ෂේත්‍රයේ උපාධි අපේක්ෂකයන්ට උපාධි පිරිනමන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන විශ්ව විද්‍යාල සංඛ්‍යාව ඇමරිකා එකසත් ජනපදයේ (උදා - ඇරිසෝනා විශ්ව විද්‍යාල‍ය, පෙන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, වොෂිංටන් විශ්ව විද්‍යාලය, කැනඩාවේ , බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.


අඟහරුගේ උල්කාෂ්මයක් වන (ALH84001) ජීවීන් විසින් සිදු කරන ලද නිර්මාණ පෙන්වයි.

වර්තමාන අජටාකාශ ජීව විද්‍යා සමීක්ෂණයන් වන්නේ අඟහරුගේ ජීවය පිළිබඳ සමීක්ෂණයයි. ජලය ජීවයේ වර්ධනයට අත්‍යවශ්‍ය සහසධයක් ලෙස සැලකෙන අතර (මුළුමනින්ම ඔප්පු නොකෙරුණ ද) අඟහරු මතු පිට සැලකිය යුතු තරම් ජලය පැවති බවට සාධක එන්න එන්නට වැඩිවේ. අජටාකාශ ජීව විද්‍යාවේ වඩාත් අවධානය යොමු කෙරෙන ප්‍රායෝගික යෙදීමක් ලෙස සැලකිය හැක්කේ ජීවය සොයා කෙරෙන ගවේෂණයම උපකාරී වන, දැනුවත් කෙරෙන වාදයක් ගොඩ නැංවීමයි.

ජීවය සොයා කෙරුණු මෙහෙයුම් අතර වයිකිං වැඩ සටහන හා බීගල් 2 ගවේෂණය අඟහරු වෙත ඉලක්ක විය. “වයිකං” හි ප්‍රතිඵල තවම පියවී නොමැති අතර බීගල් 2 මතුපිටින් දත්ත සම්ප්‍රේශණයට අසමත් වූ අතර පුපුරා යන්නට ඇතැයි අනුමාන කෙරේ. ප්‍රභල අජටාකාශ ජීව විද්‍යාත්මක අරමුණක් සහිත අනාගත මෙහෙ‍යුමක් වන‍්නේ “බ්‍රහස්පති හිම චන්ද්‍ර කාක්ෂික” යි. එය බ්‍රහස්පතිගේ ද්‍රව ජලය පැවතිය හැකි මිදුණු චන්ද්‍රයන් ගවේෂණයට සැලසුම් කර ඇත. 2009 දි නාසා ආයතනය “අඟහරු විද්‍යාගාර” රෝවර් ගොඩ බැස්වීමට සැලසුම් කොට ඇති අතර එය නවීන විද්‍යාත්මක උපකරණ යොදා අඟහරුගේ අතීත හා වර්තමාන ජීවය සොයා යනු ඇත.


අද 2008 වුව ද පිටසක්වල ජීවයක් පිළිබඳ සෘජු සාක්ෂි නොමැතත. ALH84001 උල්කාෂ්මය ඇන්ටාර්ටිකාවෙන් හමුවූ අතර එහි ප්‍රභවය අඟහරු යැයි විශ්වාස කෙරේ. ඇතැම් විද්‍යාඥයින් එය පිටසක්වල ජීවයේ ක්ෂුද්‍ර පොසිලයක් ලෙස හැඳින්වුව ද අර්ථය ආන්දෝලනාත්මකය. අඟහරු සීඝ්‍රගාමී ඒෂණියෙන් හා පෘථිවි ස්ථාවර දුරේක්ෂවලින් අඟහරු‍ගේ වායුගෝලයේ මීතේන් ඇති බවට සලකුණු ලැබිණි. මීතේන් හි අර්ධ ආයු කාලය අඟහරු මත දී අඩු අතර එබැවින් එය සක්‍රියව ජනනය විය යුතුය. එක් සම්භාවිතා සාධකයක් ලෙස සක්‍රිය ගිනි කඳු සැලකිය හැකි වුව ද තවමත් අඟහරු මතින් එවැන්නක් හමු වී නොමැති බැවින් පෘථිවයේ පරිවෘත්තීය අතුරු ඵලයක් ලෙස මීතේන් ඇති කරන මීතේන් ජනන බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් වර්ගයක් ඇතැයි විද්‍යාඥයන් සිතන්නට පෙළඹී ඇත.

අඟහරු වෙත අඟහරු විද්‍යාගාරය බාහිර අඟහරු බීගල් 2 පරිණාමය වැනි මෙහෙයුම්ය. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාවන කැඩිනි ඒෂණිය බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මතට “අයිස් ක්ලිපර්” ද යවා ඇති අතර ඒවා සෞර ග්‍රහ මණ්ඩලයේ වෙනත් ජීවයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ගවේෂණ කටයුතුවල යෙදේ.


ග්ලීස් 581 c චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින් එය සිය තරුවේ ජනාවාස විය හැකි දුරින් පිහිටි හඳුනාගත් පළමු පිටසක්වල ග්‍රහලෝකයයි.

රසායනික උපකල්පන මඟින් අභ්‍යාවකාශ ජනාවාස විය හැකි දුරින් පිහිටි ග්‍රහ‍ලෝකවල පැවැත්ම වැනි ද්විතීයික ප්‍රශ්නවලට පිළිතුරු දීම තරමක් සාර්ථක වී ඇත. පෙර පුරෝ කථනය කළාම ද වැඩිපුර ඝනත්වයකින් වෙනත් තාරකා වටා ග්‍රහලෝක ඇති බව සනාථ කරමින් වුබ්ල් හා පරිවහන ක්‍රම යොදා ගෙන අති විශාල පිටසක්වල ග්‍රහලෝක සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ජනාවාස දුරින් පිහිටි පෘථිවි සිදිසි ප්‍රථම ග්‍රහලෝකය විකිරණ ප්‍රවේග ක්‍රම යොදා ගෙන සොයාගත් ග්ලීස් 581 c වේ.

තාක්ෂික සීමාවන් නිසා මේ දක්වා සොයාගත් ග්‍රහලෝක බහුතරය ජීවයක් ඇති විය හැකැයි සිතිය නොහැකි උණුසුම් වායුමය යෝධයන් වේ. මෙවැනි ග්‍රහලෝකවල චන්ද්‍රයන්ට වඩාත් ජීවීන්ට හිතකර සහ උපස්ථර හෝ මුහුදු තිබීමට ඉඩ ඇත.

පාෂාණ බහුල ලෝහ ගහණ අභ්‍යන්තර සහිත ග්‍රහලෝක සහිත අපගේ පෘථිවිය ජීවයට උචිතම යැයි පැවසීම පිළිගත නොහැකි ප්‍රකාශයකි. හඳුනාගැනීමේ ක්‍රමවල හා නිරීක්ෂණ කාලයේ වැඩි වීම නිසැකවම තවත් අපගේ වැනි ග්‍රහ මණ්ඩල‍සොයා ගනු ඇත. උදා- ග්‍රහලෝකය තාරකාව හා අභ්‍යාවකාශ යානය පසු කිරීමේ දී එහි ආලෝක වක්‍රයේ සිදුවන සුළු වෙනස් වීම් මැනීම මඟින් නාසා කෙප්ලර් මෙහෙයුම පෘථිවියට ප්‍රමාණයෙන් සමාන ග්‍රහලෝක සොයයි. ජීවයට ලැගුම් ගැනීමට වඩාත් උචිතම පාරිසරික තත්ව පිළිබඳ විද්‍යාඥයින්ට අනාවැකි පැවසීමට හැකි පරිදි ජීවය සඳහා පාරිසරික සීමා හා ආන්තික පාරිසරික තත්ව පිළිබඳ සමීක්ෂණ සිදු වෙමින් පවතී.

අධෝරක්ත තාරකා විද්‍යාවේ හා උප මිලිමීටර තාරකා විද්‍යාවේ ඉදිරි ගමන විසින් වෙනත් ප්‍රභා මණ්ඩලවල අන්තර්ගතය එලි කොට ඇත. ඈත තාරකා වටා දූවිලි වළලු හා උල්කාෂ්ම පැවතීම මඟින් ග්‍රහලෝක ඇතිවීමට උපකාරී වන තත්ව අධෝරක්ත ගවේෂණ හඳුනාගෙන ඇත. ආන්දෝලනාත්මක වුව ද ඇතැම් අධොරකත්ත ඡායාරූපවල සෘජු බව ග්‍රහලෝකවල ඡායාරූප වැනි දේ අන්තර්ගතය. අධෝරක්ත හා උපමිලිමීටර් ප්‍රකාශ විද්‍යාව තාරකා වටා රසායන ද්‍රව්‍ය පැවතීම වැඩි වීම හඳුනාගෙන ඇත. එය ජීවයේ සම්භවයට හෝ පැවැත්මට මහෝපකාරී වේ.