අභ්‍යවකාශ විද්‍යාව-ග්‍රාහක නම් කිරීම

විකිපීඩියා වෙතින්

අලුතින් සොයාගන්නා ලද ග්‍රාහකයකට සම්මත නාමයක් (2002 AT4 වැනි) ලබා දෙන අතර එය සමන්විත වන්නේ ග්‍රාහකය සොයා ගත් වසර, ඉංග්‍රිසි ‍හෝඩියේ අක්ෂර හා අංක සහිත කේතයකිනි. ඉංග්‍රීසි අක්ෂර මගින් ග්‍රාහකය සොයා ගත් අර්ධ මාසය නිරූපනය වන අතර අංකයෙන් එම අර්ධ මාසය තුළ සොයා ගත් කීවෙනි ග්‍රාහකයදැයි නිරූපණය වේ. ග්‍රාහක කක්ෂය තිරණය කළ විට එයට අංකයක් ලබා දෙන අතර පසුව ඊට නමක් ද ( උදා - 433 Eros) ලබා දෙයි. සම්මත නාමකරණ නීති වලට අනුව අංකය වරහන් තුල සටහන් කරන නමුත් ( උදා - (433) Eros) වරහන් රහිතව ලිවීම සුලබව දක්නට ලැබේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී අංකය සම්පූර්ණයෙන් ම අමතරක කිරිම හෝ එක් වරක් සම්පූර්ණ‍ නම සදහන් කිරීමෙන් පසුව අංකය අමතකර කොට සදහන් කිරිම විශේෂයෙන් ම එය නැවත නැවතත් භාවිතා කිරීමට සිදුවන අවස්තාවල දී දක්නට ලැබේ.

නමක් නොමැතිව අංකයක් පමණක් ලබා දී ඇති ග්‍රහක සදහා සම්මත නාමය භාවිතා වේ. උදා - (29075) 1950 DA

නූතන සොයාගැනීම් තාක්ෂණවල දියුණුවත් සමගම අලුත් ග්‍රහක විශාල ගණනක් සොයා ‍ගැනෙන බැවින් ඒවාට නම් තැබීම මග හැරී යන අවස්ථා බොහොමයකි. මුලින්ම නමක් නොතැබූ ග්‍රහකයා බොහෝ කල් යනතුරු (3360) 1981 VA ලෙස හැදින්වුනු අතර දැන් එය හැදි‍න්වෙන්නේ 3360 Syrinx ලෙසය.