චන්ද්‍රසිරි කොඩිතුවක්කු
චන්ද්‍රසිරි කොඩිතුවක්කු Chandrasiri Kodithuwakku | |
---|---|
උපත | කොඩිතුවක්කු ආරච්චිගේ චන්ද්‍රසිරි දෙසැම්බර් 27, 1949 |
මියගිය දිනය | January 15, 2016 ගම්පහ, ශ්‍රී ලංකාව | (වයස 66)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | අබිලින් |
අධ්‍යාපනය | සම්බෝධි විද්‍යාලය, කැලණිය |
රැකියාව | නළුවෙක්, නාට්‍යකරුවෙක් |
සක්‍රීය වසර | 1969–2016 |
කලත්‍රයා(යන්) | දයා ස්ටෙලා කොඩිතුවක්කු |
දරුවන් | 2 |
කොඩිතුවක්කු ආරච්චිගේ චන්ද්‍රසිරි (උපත 1949 දෙසැම්බර් 27 - විපත 2016 ජනවාරි 15), හෙවත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියතම රූපවාහිනී නළුවෙකු වන ඔහු වඩාත් කැපී පෙනුනේ කෝපි කඩේ රූපවාහිනී කතාමාලාවේ "අබිලින්" නම් සුප්‍රසිද්ධ චරිතයෙනි.[2]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]ඔහු 1949 දෙසැම්බර් 27 වැනිදා කැලණිය පෙතියාගොඩදී උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කැලණිය සම්බෝධි විද්‍යාලයෙනි. රංගනයට පූර්ණකාලීනව යොමුවීමට පෙර ඔහු මිරිස් කුඩු මෝලක රැකියාව කරන ලදි.[3]
ඔහු විවාහ වී සිටියේ දයා ස්ටෙලා කොඩිතුවක්කු සමඟ වන අතර මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටිති.[4]
කොඩිතුවක්කු දිගු කලක සිට වකුගඩු හා ශ්වසන ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබා ඇත. 2016 වසරේදී ශ්වසන සහ හෘද වාහිනී ආබාධ හේතුවෙන් ඔහු ගම්පහ මූලික රෝහලට ඇතුළත් කරන ලදී.[5] ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2016 ජනවාරි 15 දින උදෑසන 7.20 ට වයස අවුරුදු 66 දී මිය ගියේය. දේහය දෙල්ගොඩ මීගහවත්තේ අංක 2 දරන නිවසේ තැන්පත් කර අවසන් කටයුතු 2016 ජනවාරි 17 වන දින ගෝනහේන පොදු සුසාන භූමියේදී සිදු විය.[4]
වෘත්තීය ජීවිතය
[සංස්කරණය]පාසල් කාලය අවසන් වූ පසු ධම්ම ජාගොඩ විසින් පවත්වනු ලබන නාට්‍ය පාසලට සම්බන්ධ වීමට ඔහු කැමති විය. නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට නාට්‍ය පාසලට බැඳීමට නොහැකි විය.[6] මේ අතර ඔහු ජර්මානු සංස්කෘතික ආයතනයේ රංගන පාඨමාලාවක් හැදෑරීය.[3] ඉන්පසුව ඔහු "මොරටුව නව මගක යන්නෝ" සංවිධානය කළ කෙටි නාට්‍ය උළෙලට සහභාගි විය. ඔහුගේ කෙටි නාට්‍යය හොඳම පිටපත සහ හොඳම වේශ නිරූපණය සඳහා වන සම්මාන දිනා ගත්තේය.[7]
1969 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිෂ්පාදනය කළ ‘‘සොක්කානෝ රජානෝ’’ වේදිකා නාට්‍යයෙන් ඔහු රංගනයට පිවිසියේය.[4] ඉන්පසුව කැකිල්ලේ, දේශපාලුවා, මනාපේ, බැද්දේ ගෝරනාඩුව, බක තපස්, දෙව්ලොව දෝණි, උතුරේ රාහුල වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය. [7][6] 1973 දී ඔහු ජයසේකර අපෝන්සු හා රංජිත් පෙරේරා සමඟ එක්වී අභිරූපණ රංගන කලාව ආරම්භ කළේය.[3]
1981 දී කොඩිතුවක්කු තේවිස් ගුරුගේ ගේ අධීක්ෂණය යටතේ රංගනය හැදෑරීය.[3] ඉන්පසුව ගුරුගේ විසින් රචිත කෝපි කඩේ රූපවාහිනී කතාමාලාවට ඔහුව තෝරා ගන්නා ලදී.[6] "අබිලින්" ලෙස ඔහුගේ භූමිකාව මහජනයා අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඔහු සාමාන්‍යයෙන් හැඳින්වූයේ සැබෑ නමට වඩා ඔහුගේ චරිත නාමයෙනි.[8] ඔහු 1987 අප්‍රේල් 1 වන දින ප්‍රථම වරට විකාශය වූ මාලාවේ මුල සිටම පෙනී සිටියේය.[9] ඔහු අඛණ්ඩව වසර 30ක් එම කතා මාලාවේ රඟපෑ අතර ගමේ ඕපාදූපකාරයෙකු ලෙස නිරූපණය කල ඔහුගේ චරිතය නිසා "අබිලින්" යන නම ලංකාවේ ඕපාදූප කතා කරන අය සඳහා අන්වර්ථ නාමයක් බවට පත්විය.[7][10]
රංගනයට අමතරව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයෙක් ද විය.[3] ඔහු සහෘද නිළි සුසිලා කූරගම සමඟ "ලංකා ලංකා", "ඔබ දැක්කොත් හරි", "ලස්සන සඳේ" සහ "ඇසුරු කල කාලයේ" වැනි යුගල ගීත ගායනා කළේය.[7]
ඔහු 1973 වසරේ J. සෙල්වරත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද හොදට හොදයි චිත්‍රපටයෙන් සිය මංගල සිනමා රංගනය සිදු කළේය.[11] එතැන් පටන් ඔහු සිනමාවේ සුළු චරිත කිහිපයක් රඟපෑවේය.[12][13]
චිත්‍රපටකරණය
[සංස්කරණය]වසර | චිත්‍රපටය | භූමිකාව | Ref. |
---|---|---|---|
1973 | හොදට හොදයි | ||
1977 | සුදු පරවියෝ | ||
1978 | සෙලිනගේ වලව්ව | නෙරපා හරින ලද පදිංචිකරු | |
1984 | කැකිල්ලේ රජ්ජුරුවෝ | පුවක් බඩිල්ලා | |
1993 | ජූරිය මමයි | ||
1995 | එදත් චණ්ඩියා අදත් චණ්ඩියා | අසල්වැසියා | |
1996 | නරලොව හොල්මන් | මෘත ශරීරාගාරයේ කරඬු මිලදී ගන්නෙක් | |
1996 | හිත හොදනම් වරදින් නෑ | ||
1999 | සීත සමිරේ | ||
2001 | ඔබ මගේම වේවා | ||
2009 | ලීඩර් |
References
[සංස්කරණය]- ^ "Veteran actor Chandrasiri Kodithuwakku passes away". Ada Derana. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "'Abilin' passes away". Daily Mirror. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ a b c d e "Abilin left Kopi Kade forever". Silumina. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ a b c "Farewell to Abilin of Kopi Kade". Dinamina. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "Kopi Kade Abilin admitted to Gampaha Hospital". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ a b c "Four farewells in two days". Sarasaviya. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ a b c d "Abilin Uncle bids farewell". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "Funeral of Veteran actor Chandrasiri Kodituwakku". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "Kopi Kade". Sunday Times. සම්ප්‍රවේශය 2010-08-14.
- ^ "Those who have left us from Kopi Kade". lifie. සම්ප්‍රවේශය 16 March 2020.
- ^ "Chandrasiri Kodithuwakku filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "Chandrasiri Kodithuwakku". IMDb. සම්ප්‍රවේශය 15 March 2020.
- ^ "Chandrasiri Kodithuwakku remembrance". Daily Mirror. සම්ප්‍රවේශය 15 March 2020.
External links
[සංස්කරණය]- ශාන්ත දේශබන්ධු සහ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවන් දැයෙන් සමු ගනී[permanent dead link]
- රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු සමුගනි සංරක්ෂණය කළ පිටපත 2022-01-02 at the Wayback Machine
- අබිලින් දිවි රඟමඩලින් සමුගනී
- චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අභාවප්‍රාප්ත වෙයි
- කෝපි කඩේ අබිලිං දැයෙන් සමුගනී[permanent dead link]
- අබිලින් දිවි රඟ මඩලට සමුදෙයි
- ‘අබිලින්‘ දිවි රඟ මඩලින් බැස යයි
- රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කුට ජනමාධ්‍ය ඇමැතිගෙන් අවසන් බුහුමන් සංරක්ෂණය කළ පිටපත 2016-02-04 at the Wayback Machine