අපේක්ෂිත ලක්‍ෂණ සහිත ශාක බිහිකිරීම

විකිපීඩියා වෙතින්

ශාක බෝකිරිමේදී පැන නඟින ගැටළු සහ සැලකිලිමත් වියයුතු කරුණු[සංස්කරණය]

අධික ලවණතාවය නිසා විනාශ වි ඇති තිරිඟු අස්වැන්නක්(දකුණේ),දෙමුහුම් කරනයෙන් ලබාගත් W4910 වර්ගයේ තිරිඟු අස්වැන්නක්, මෙම වර්ගය අධික ලවණතාවයට ඔරොත්තු දේ.

වෙනස් ලක්‍ෂණ ඇති ශාක බිහිකිරීමේ නූතන ක්‍රමවල ශාස්ත්‍රීය හෝ ජාන ඉංජිනේරු ආහාර භෝග වලට සම්බන්ධ ගැටළු කාරණා පවතී. ප්‍රධාන කාරණය වන්නේ බෝකිරීම පෝෂි අගය මත ඝෘණ බලපෑමක් එල්ල කරයිද, නැද්ද යන්නයි. ශාකයේ සමහර අංශවලට වැඩියෙන් පෝෂණය වීමෙන් අනිකුත් අංශ ආබාධිත විය හැකි බව විද්‍යාත්මක පෙන්වා දී ඇත. 1950 සිට 2004 දක්වා එළවළුවල පෝෂක විශ්ලේෂණ සැසඳීමේ අධ්‍යයනයකින් 2004 වසරේ දී ඇමරිකානු විද්‍යාල පෝෂණ සඟරාව වාර්තාවක් ඉදිරිපත් කරයි. එයින් කියා සිටින්නේ පෝෂක 13 සැලකිය යුතු තරම් අඩුවීමක් (ප්‍රෝටීන් - 6% හා රිබෝෆ්ලැවින් - 38%) ඇතිවන බවයි. කැල්සියම්, පොස්පරස්, යකඩ හා ඇස්කොබරික් අම්ලයේ අඩුවීම ද සොයාගන්නා ලදී. අධ්‍යයනය සිදුකල ඔස්ටින්හි "ජීව රසායන ටෙක්සාස් විශ්ව විද්‍යාලය" සඳහන් කරන්නේ 1950 හා 1999 කාලය තුළ වගාකල ප්‍රභේද වල සත්‍යය පෝෂක අඩුවීම ඒවායේ අස්වැන්න හා පෝෂණ ප්‍රමාණ වල හුවමාරුව මඟින් පැහැදිලිව තේරුම්කල හැකි බවයි.


ජානමය විකරණය කල ආහාර පිළිබඳ විවාද 1999 දී නූතන මාධ්‍යයන් අවදානම යන කාරණා හේතු කරගෙන වැඩිවූ අතර අදටත් එම ආහාර පිළිබඳ විවාද පවතී. මෙම විවාදයට විකරණය කල ආහාරවල පාරිසරික බලපෑම, ඒවායේ ආරක්ෂිතභාවය හා සැලකිය යුතු තුල්‍යතාවය වැනි කරුණු අන්තර්ගතය. මෙම කරුණු ශාක බෝකිරීමට අලුත් කාරණා නොවේ. වෙළඳ පලට පැමිණෙන නව භෝග වල ආරක්ෂාව හා ගොවීන්ගේ අවශ්‍යතා සහතික කරන නියාමක ක්‍රියාදාමයන් බොහෝ රටවලට ඇත. උදාහරණ ලෙස භෝග සහතික කිරීම, බීජ ක්‍රම, නියාමක අවසරදීම වැනි දෑය.


ශාක බෝකරන්නන්ගේ අයිතීන්ද ප්‍රධාන මතභේදාත්මක කාරණාවකි. බුද්ධිමය දේපල මත පදනම් වූ ජාතික හා අන්තර්ජාතික සම්මුති හරහා වාණිජමය භෝග බෝකරන්නන් තමන්ගේ ක්‍රියාදාමයන් ආරක්ෂා කිරීමටද, ආදායම් භාග (Royalty) එකතුකිරීමද, අද සිදුකරයි. විවේචකයන් කියා සිටින්නේ තාක්ෂණය හා ආර්ථික පීඩනය මුසු කිරීම මඟින් වාණිජ බෝකරන්නන් ජෛවවිවිධත්වය (biodiversity) අඩුකරන බව හා ගොවීන්ට ප්‍රාදේශීය මට්ටමෙන් බීජ වර්ධනය කිරීම හා විකිණීම සීමා කර ඇති බවයි. බෝකරන්නන්ගේ අයිතීන් ශක්තිමත් කිරීමේ උත්සාහ, එනම් උදාහරණ වශයෙන් භෝග ආරක්ෂාවේ කාලයන් වැඩිකිරීම වැනි දෑ දිගින් දිගටම සිදුවේ.


අලුත් ශාක බෝකිරීම හෝ වගාකිරීම සිදුකරන විට, එය පවත්වාගෙන යාම හා ව්‍යාප්ත කිරීම සිදුකල යුතුය. සමහර ශාක අලිංගික ක්‍රමවලින් ද, අනිත් ඒවා බීජ මඟින්ද ව්‍යාප්ත වේ. ශාක බෝකිරීමේ ප්‍රතිඵලවල ඵලදායිතාව පවත්වා ගෙනයාමට බීජ ව්‍යාප්ත ක්‍රමවලට බීජ ප්‍රභව හා නිෂ්පාදන ක්‍රියාපටිපාටි කෙරේ හොඳ පාලනයක් තිබිය යුතු වේ. බීජ මිශ්‍රවීම හා අනිකුත් ශාකවවලින් දුෂණය වීම වැලැක්වීමට බීජ හොඳින් වෙන්කිරීම සිදුකල යුතුය. ශාක අතර දුර තැබීමෙන් වෙන්කිරීම සාමාන්‍යයෙන් සිදුකරන අතර සමහර ශාක හරිතාගාර (Green house) හෝ කූඩු වල වගාකරයි. (FI මුහුම් (hybrids) බො‍හෝ විට කූඩු තුල වගාකරයි)

ශාක ගෘහස්ථකරණය (හීලෑ කිරීම)[සංස්කරණය]

සමහරක් තත්ව වල දී ශාක බෝ කිරීම කැලෑ ශාක ගෘහස්ථකරණයට මඟ පාදයි. ශාක ගෘහස්ථකරණය යනු කැලෑ ශාකවලට වඩා ආශා කරන ගති ලක්ෂණවලින් යුත් ශාක නිෂ්පාදනය සඳහා මනුෂ්‍යයන් විසින් සිදු කරනු ලබන කෘතීම තෝරා ගැනීමේ ක්‍රියාවලියකි. තවද එමඟින් ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම සඳහා කෘතීම (සාමාන්‍යයෙන් වැඩි දියුණු කරන ලද පරිසරයන් තුළ ඒවාට පැවතීමට හැකි වන සේ විදැහීම සිදු කරනු ලැබේ.) මෙම ක්‍රියාවලියේ ඉතිහාසය 9000-11000 වර්ෂ දක්වා අතීතයට දිව යයි. වර්තමාන වගා කිරීම්වල බොහෝමයක් ‍බෝග පුරාතන කාලවල, එනම් වසර 5000කට පෙර අතීත ලෝකයේ හා වසර 3000කට පෙර නව ලෝකයේ සිදු කරන ලද ගෘහස්ථකරණවල ප්‍රතිඵල වේ. නියෝලිතික යුගයේ දී ගෘහස්ථකරණය අවම වශයෙන් වසර 1000ක් හා උපරිම වශයෙන් වසර 7000ක් ගන්නා ලදී. වර්තමානයේ අපගේ ප්‍රධාන ආහාර බෝග සියල්ලම සමන්විත වන්නේ ගෘහස්ථකරණය වූ ප්‍රභේදවලිනි.

තම මූලය හා තෝරා ගැනීම මූලිකවම සිතා මතා සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වූ ශාකයක් කල්ටිජන් (cultigen) ලෙස හඳුන්වන අතර සාම්ප්‍රදායික ගොවිතැන්කරුවන්ගේ‍තෝරා ගැනීමේ පීඩනය නිසා කැලෑ ජනගහනයෙන් ඉවත් වූ ,වගා කරන බෝග වර්ගයක් ලෑන්ඩ් රේස් (landrace) ලෙස හඳුන්වනු ලැබේ. ස්වාභාවික බලවල හෝ ගෘහස්ථකරණයේ ප්‍රතිඵල වන ලෑන්ඩ් රේසර් ශාක (හෝ සතුන්) යනු විශේෂිත ප්‍රදේශයකට හෝ පරිසරයකට ගැලපෙන ශාකයි. ලෑන්ඩ් රේසර් වර්ගයට උදාහරණයක් වන්නේ සහල්ය. Oryza sativa උප විශේෂය indica දකුණු ආසියාවේ වගා කරන අතර Oriza sitiva උපවිශේෂය Japonica චීනයෙහි වගා කරනු ලැබේ.