අපවිත්‍ර දෑ (කුණු) පිරිසිදු කිරීම

විකිපීඩියා වෙතින්

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු බැහැර කරන ජලයේ එනම් ගේදොර පාවිච්චියේ හා ගලායන ජලයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. එයට භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගන්නා අතර මෙහි දී භෞතික රසායනික හා ජෛව විද්‍යාත්මක අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ වන්නේ අපද්‍රව්‍ය සහිත ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි. මෙම ද්‍රව්‍ය නිතරම විෂ කාබනික හා අකාබනික සංයෝග වලින් අපවිත්‍රවී ඇත.

අපවිත්‍ර දෑ නිපදවන්නන් අතර නිවෙස්, ආයතන, ආරෝග්‍යශාලා හා වාණිජහා කාර්මික ආයතන මුලික වේ. මෙම අපවිත්‍ර ජලය ඒවා නිපදවන ස්ථාන වලදී (වැසිකිලි ටැන්කි, ජෛව පෙරහන් හෝ වායුමය ප්‍රතිකාර ක්‍රියාවලි) හෝ ජලනල පද්ධිතීයක් මගින් වෙනත් ස්ථාන වලට ප්‍රවාහනය කර ජල ප්‍රතිකාර කරන ස්ථාන වලදී පිරිසිදු කිරිම අපවිත්‍ර දෑ එකතු කිරිම හා ප්‍රතිකාර කිරිම දේශිය, ප්‍රාන්ත හා එක්සත් රීති හා සම්මුති අනුව සිදුකල යුතුයි.

අපවිත්‍ර පිරිසිදු කිරිම ප්‍රාථමික, ද්විතීයික හා තෘතියික ලෙස ප්‍රධාන අදියර 3 කින් සමන්විතයි. අනතුරැව ජලයේ දියවූ ද්‍රව්‍ය ඝනද්‍රව්‍ය බවට ජලකාමී ක්ෂුද්‍ර ජීවින් බවට පත් කරයි. අනතුරැව එම ජෛවමය ඝන අපද්‍රව්‍ය අක්‍රිය කිරිම හා ඩවත දැමීම හෝ නැවත ප්‍රයෝජනය ගැනීම සිදුකරයි. පසුව කලපු හා ක්ෂුද්‍ර පෙරහන් භාවිතයෙන් රසායනික හා භෞතික ලෙස ප්‍රතිකාර කල ජලය ප්‍රයෝජනයට ගනී. එලෙස ප්‍රතිකාර කල ජලය කෙලින්ම දියපාරවල්, ගංගා කලපු හෝ වගුරැ බිම් වලට මුදා හැරීම හෝ ඒවා නැවත වාරිමාර්‍ග කටයුතු වලට හෝ උද්‍යාන හා ක්‍රීඩා පිටි වලට හරිත බවන වැඩ සටහන් සදහා යොදා ගනී. එලෙස ප්‍රමාණවත් ලෙස ජලය පිරිසිදු වුයේ නම් එය භූගත ජලය නැවත ස්ථාපනය කිරිමට ද භාවිතා කරයි.