අපරාධ නීතිය සහ අක්‍රමික දණ්ඩන

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search


අපරාධ නීතිය සහ නඩු නොවිමසා දඬුවම් කිරිම (එල්ලා මැරීම)


1880 දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ට්‍රෝඩර් එදිරිව වෙස්ට් වර්ජිනියා, 100 US 303 (1880) නඩුවෙන්, අප්‍රිකානු ඇමෙරිකානුවන් ජූරියෙන් ඉවත් කළ නොහැකි යයි නියම කරන ලදි. දහනම වෙනි සියවසේදි අග භාගයේදි දකුණු ජනපද වල කලු ජාතිකයින්ගේ ඡන්ද බලය අහිමි කිරීමෙන් අදහස් කෙරුනේ ඔවුනට ජූරිසේවයේ සඳහා හිමිකමක් නොමැති බවයි. මන්ද ජූරි සේවයේ හිමිකම ලැබිය යුත්තේ ඡන්ද බලය හිමි අයට පමණක් හෙයිනි. මෙය තීරණය කිරීමට ඉඩහැර තිබුනේ කලු මිනිසුනට එරෙහිව සකස් වී තිබුණු සුදු අධිකරණ ක්‍රියා දාමයකටයි. සමහර ජනපදවල, විශේෂයෙන්ම ඇලබාමා ජනපදය එහි තිබුණු අපරාධ විනිශ්චය කිරීමේ ක්‍රමය උපයෝගි කර ගෙන සිර ගත කළ වැරදි කරුවන් කුලියට දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි. එම ජනපදය කලු ජාතික පිරිමින්ට අවුරුදු ගණන් ගත වන සිර දඬුවම් නියම කරන ලදි. එම සිරකරුවන් ඒ සිර දඬුවම් විඳින කාලය තුල කුලියක් නොමැතිව වැඩ කළ යුතු විය. ජනපදය කළේ මෙම සිරකරුවන් පෞද්ගලික ආයතන වෙත කුලියට දීමයි. එවැනි ආයතනයක් නම් ටෙනසි කෝල්, අයන් ඇන්ඩ් රේල් රෝඩ් කොම්පැණියයි. මෙම සමාගම යුනයිටඩ් ස්ටේට්ස් ස්ටීල් කෝපරේෂන් හි ශාඛා සමාගමකි. මෙම සමාගම් කුලි කරුවන් සඳහා රජයට ගෙවීම් කළහ. රජය මෙම ක්‍රමයෙන් මුදල් උපයන ලදි. එහෙයින් වැඩි පුර පිරිමින් සිර ගත කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වුනේය. මෙම සිරකරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වූයේ කලු මිනිසුන්ය. එමෙන්ම සිරකරුවන් කෙරෙහි අඩු සැලකිල්ලක් දැක්වීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක විය.

අධිකරණ විනිශ්චයකින් පරිබාහිරව වූ දඬුවම්ද වඩාත් අමානුෂික විය. 19 වෙනි සියවසේදි අන්තිම දශකයේ සහ 20 වෙනි සියවසේ මුල් දශකවලදි සුදු සුචරිතවාදි පිරිස් නඩු විමසීමෙන් තොරව දහස් ගණනක් කලු මිනිසුන් වධබන්ධන වලට හා මරණයට පත් කළහ. සමහර විට රජයේ නිලධාරින්ද ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූහ. මෙය වැඩි වශයෙන් ක්‍රියාත්මක වුනේ දකුණෙහිය. මෙම සමූහ ඝාතණ වලට එරෙහිව කිසිදු සුදු ජාතිකයෙකුට නඩු පවරනු නොලැබීය. සුදු මිනිසුන් මෙම වැරදි වලට දඬුවම් නොකරන බව කොපමණ දුරට විශ්වාස කළා දැයි කියතොත් ඔවුහු දඬුවම් වලට ගොදුරු වූ අය ඡායාරූප ගත කොට ඒවායින් තැපැල් පත්ද නිර්මාණය කළහ.

නැවත ගොඩනැගීමේ කාළය නම් වූ කාල පරිච්ඡේදයේ මුල් අවුරුදු වල කෙටි කාලයකට සීමා වුනු ප්‍රචණ්ඩකාරි ක්‍රියා කාරකම් කීපයකින් පසුව කූ ක්ලක්ස් කැලෑන් නම් කල්ලිය 1915 වර්ෂයේදි නැවතත් දෘෂ්‍යමාන විය. මෙම සංවිධානය දකුණේ සහ මිඩ්වෙස්ට් (මධ්‍ය බටහිර) හි කාර්මික නගර වල වැඩි වශයෙන් ක්‍රියා කාරි වූ අතර 1910 සිට 1930 දක්වා කාලය තුල ‍වේගයෙන් වර්ධනය විය. රැකියා සහ නිවාස සඳහා තිබුණු උග්‍ර තරඟකාරි බව නිසා ඇතිවුණු වර්ගවාදි අවුල් තත්වයට සමාජ අස්ථාවරත්වය බල පෑවේය. දකුණේ සිට සංක්‍රමණය වූ කලු සහ සුදු ජාතිකයින්, කාර්මික කරණය, නැගෙනහිර යුරෝපයෙන් ක්‍රමයෙන් වැඩි වූ ආගමනයන් යනාදි සියලු කාරනා වල ප්‍රථිපලයක් ලෙසින් නගර ඉතා ඉක්මණින් වෙනස් විය. ඇමෙරිකානු සමාජය තුල තමනට තිබෙන තත්වය ගැන අවධානයෙන් සිටි ඉහත කී කූ ක්ලක්ස් ක්ලෑන් කණ්ඩායම සමග ජනතාව සම්බන්ධ වූහ.

මුලදි ක්ලෑන් කල්ලිය පෙන්වා සිටියේ ඔවුන් තම සාමාජිකයින්ගේ අභිවෘද්ධිය තකා කටයුතු කරන තවත් සහෝදර කණ්ඩායමක් ලෙසිනි. බර්ත් ඔෆ් අ නේෂන් (‍Birth of a nation) නැමැති චිත්‍රපටයෙන් ක්ලෑන් කල්ලියේ පුනර්ජීවනයට උත්තේජනයක් ලැබුණු අතර කලු ජාතිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වර්ගවාදයේ ඒකාකාරී ස්වරූපයද නිරූපනය කළේය. ක්ලෑන් කල්ලිය දේශපාලන වශයෙන් ඒකාරාශී වීම කෙරෙහි අවධානය යොමු කළ අතර එහි ප්‍රථිපලයක් වශයෙන් ඉන්ඩියානා වැනි ප්‍රාන්තයක බලය ලබ‍ා ගැනීමටද හැකි විය. එම ප්‍රාන්තය වූ කලි සංක්‍රමණික විරෝධි, යුදෙව් හා කතෝලික විරෝධි, ශාස්ත්‍ර සංගම් විරෝධී ලක්ෂණ සමග වර්ගවාදය ඒකාබද්ධ කළ වේදිකාවක් විය. එමෙන්ම නඩු නොවිමසා කෲර ලෙස කරන ලද ඝාතණයන්ට හා දඬුවම් පැමිණවීම්වලට සහයෝගය දැක්වීය. මෙම කල්ලිය 1925 වන විට සාමාජික සංඛ්‍යාවෙන්ද, බලයෙන්ද උපරිම තත්වයට ළඟා වී සිටි නමුත් ඉන් පසු විරුද්ධ වාදීන්ගේ ඒකරාශී වීම හේතුවෙන් සීඝ්‍රයෙන් පිරිහීමට ලක් විය.


මූලාශ්‍ර[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/American_Civil_Rights_Movement_%281896-1954%29#Criminal_law_and_lynching