අපද්‍රව්‍ය කළමනාකරණය
කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය. තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි. ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි
'මෙම තොරතුරු රැස් කිරීම සදහා අප සමග කඩුගන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන්ද සහභාගී වූ අතර එහිදී මේ වන තුරු කසල කළමනාකරණ කටයුතු සදහා ආවරණය නොවූ ප්‍රදේශයක් වන කඩුගන්නාව, හේනාවල කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට හා දුම්රිය මාර්ගයෙන් වට වූ ප්‍රදේශය සදහා සැලැස්ම සකස් කිරීමට උපදෙස් ලැබිණි.අධ්‍යන කටයුතු කරගෙනයාමෙදී කඩුගන්නාව නගර සභාව මේ වන විට දියත් කරනු ලබන ගෘහස්ත කසල කළමනාකරණ වැඩසටහන අපහට ලැබී තිබු ප්‍රදේශයට කසල කළමනාකරණ සැලසුමක් සකස් කිරීමට මහත් ප්‍රයෝජනවත් විය.
කසල මුලාශ්‍ර හා පවතින කළමනාකරණ ක්‍රම පරීක්ෂා කල මුළු පරිශ්‍ර ගණන 25 කි . සලකා බැලූ පරිශ්‍ර තුල ජන සංක්‍යාව 98 කි.මෙම නිවාස වල කසල නිපදවන ස්ථාන ලෙස හදුනාගත හැකි වුයේ
1.මුළුතැන්ගෙය
2.ගෙවත්ත
3. වෙළදසල යන ස්ථාන වේ.
මෙම පුද්ගලයින් ගේ කසල කළමනාකරනය කරන ආකාරය සලකා බැලු විට යම් ආකාරයකට හෝ කසල කළමනාකරණ කටයුත්තක් සිදුකිරීමට උනන්දු වන පිරිසක්ද සිටී.තම නිවස තුලින් හෝ ඉඩම තුලින් කසල ඉවත් කිරීම මිස කසල කළමනාකරණය පිළිබද වෙනයම් අදහසක් ඔවුන් තුල නොමැති බව තහවුරු විය.පරීක්ෂා කල නිවාස අතුරින් නිවාස 14 ක් යම් තාක් දුරට ඒ පිළිබදව උනන්දු වන බව පෙනිණි.නමුත් අක්‍රමවත්ව මෙම පිරිස කරන කසල කලමනාකරන කටයුත්තද සතුටුදායක විය නොහැක.
පහත ආකාරයට මෙම ජනතාව ඔවුන්ගේ නිවසේ නිපදවන කසල කලමනාකරනය කිරීම සිදුකරයි. වෙන්කිරීම සිදු කර පළාත් පාලනයට භාරදීම පරිශ්‍ර-2 සියලුම කසල පළාත් පාලන ආයතනයට භාරදීම සිදු කිරීම නිසා පළාත් පාලන ආයතනයට කසල කළමනාකරන කිරීම අපහසුවීම. වෙන් කිරීම සිදුකර ගිනිතැබීම හා පිළිස්සීම පරිශ්‍ර-8 කාබනික කසල ගිනි තැබීම මගින් සිදුවන්නේ අපරාධයකි.පොහොර ලෙස යොදාගත හැකිය. කාබනික කොටස් කොම්පෝස්ට් කිරීම හා පොලිතීන්,ප්ලාස්ටීක් පිළිස්සීම. පරිශ්‍ර-2 කාබනික කොටස් පොහොර කිරීම සිදුකලත් පොහොර භාවිතය ට ගැනීම අපහසුය.(ගොඩවල් නිසා).පොලිතීන් ප්ලාස්ටීක් පිලිස්සීමෙන් පරිසර දුෂණය හා පිළිකාකාරක පිටවීමද සිදුවේ. පිළිස්සීම හා ගිනිතබා දැමීම.ජීව කොටු සකස්කර කොම්පෝස්ට් සැදීම හා පොලිතීන් පිළිස්සීම. පරිශ්‍ර-2 සමහර අවස්ථාවල පොලිතීන් පවා ජීව කොටු තුල දමා තිබිණි.පොලිතීන් ප්ලාස්ටීක් පිලිස්සීමෙන් පරිසර දුෂණය හා පිළිකාකාරක පිටවීමද සිදුවේ.
මෙය සලකා බැලු විට කසල කළමනාකරණයට උනන්දු වන පිරිස සිදුකරන කටයුතුද සතුටුදායක වීමට නුපුළුවන.මීට වඩා ක්‍රමවත් ආකාරයකට මෙම කටයුත්ත සිදුකිරීමෙන් කසල සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගැනීමටත් ,සෞඛ්‍ය ආරක්ෂිතව එම කසල බැහැර කිරීමටත් හැකි වනු ඇත. කිසිදු කසල කලමානාකරන කටයුත්තක් සිදු නොකරන පිරිස පදිංචි නිවාස ගණන 11 කි.ඔවූන් සිදුකරනුයේ කසල පිළිස්සීම හා ගිනිතැබීමයි.
අප ජලය ක්‍රමවත්ව බැහැරලීම සිදුකරන්නේ පරීක්ෂාකළ නිවාස අතුරින් 2 ක පමණි.එම නිවාස 2 උරාගැනීමේ වලක් සකස්කර බැහැර කිරීම සිදුකරයි.
අනෙකුත් පිරිස ,
1. විවෘත කානු හරහා සෘජුව ඇලට යොමුකර ඇත.
2. සංවෘත කානු හරහා සෘජුව ඇලට යොමුකර ඇත.
3. විවෘත භූමියට මුදාහැරීම.
ඉහත සදහන් කරුණු සැලකූ විට ඉහත ප්‍රදේශයේ කසල කළමනාකරණය හා අප ජලය කළමනාකරණය පිළිබදව සතුටුදායක මට්ටමක් නැති බව නිර්ණය විය.එම නිසා සියලු තොරතුරු සලකා බලා ප්‍රදේශයට සුදුසු කසල කළමනාකරන පද්ධතියක් යෝජනා කිරීම සිදුකරන ලදී.
කසල කළමනාකරණ සැලැස්ම.
මෙම ප්‍රදේශයෙන් බැහැර වන කසල ප්‍රධානව ගත විට ,
1.කාබනික දිරාපත්වන කසල
2.පොලිතීන්
3. ප්ලාස්ටීක්
4. වීදුරු
5. කාඩ්බෝඩ් ඉන් අනතුරුව මම කසල ප්‍රධාන කාණ්ඩ 2 කට වෙන් කරන ලදී.
එනම්,
1.දිරාපත්වන කසල
2.දිරාපත් නොවන ප්‍රතිචක්‍රීකරණය කල හැකි කසල මෙහිදී විශේෂයෙන් දිරාපත් නොවන කසල නිෂ්පාදනය වීම අවම කිරීමට උපදෙස් ලබා දීම සිදුකරන ලදී.
මෙහිදී පහත ලෙස කටයුතු කිරීමට උපදෙස් ලබාදෙන ලදී,
1. පොලිතීන් සදහා නැවත වරක් හෝ භාවිතා කිරීම
2. වෙළදසල් වලින් ලබා ගන්නා පොලිතීන් මලු ප්‍රමාණය අවම කිරීම.
3. තාවකාලිකව භාවිතා කොට ඉවත දමන උපකරණ හා ද්‍රව්‍ය වෙනුවට දිගු කලක් ප්‍රයෝජනයට ගත හැකි උපකරණ හා ද්‍රව්‍ය මිලදී ගැනීම. ඉන් අනතුරුව නිෂ්පාදනය වන කසල කළමනාකරණය කිරීම සදහා පහත අයුරින් සැලසුම් කරන ලදී.
කාබනික කසල කළමනාකරණය. කාබනික කසල ලෙස ජනනය වන්නේ ,
1. නිවෙස් වලින් මුළුතැන්ගෙය හරහා ජනනය වන කසල
2. ගෙවත්තෙන් එකතුවන කොළ රොඩු ආදිය වේ.
මෙම කසල නිකරුනේ පුළුස්සා දැමීම සිදු නොකර ඒවා කොම්පෝස්ට් පොහොර බවට පත්කිරීම පිලිබදව දැනුවත් කරන ලදී.විශාල ලෙස සිදුකිරීමට ඉඩ කඩ ප්‍රමානවත් නොවීම හා ජලය නිතර ගලායන හා වැසි දිනවල ජලෙන් යටවීමත් එමගින් ලිං වලට කසල එකතුවීමත් සිදුවිය හැකි බැවින් කොන්ක්‍රීට් කොම්පෝස්ට් බදුන් ඒ සදහා උපයෝගී කරගත හැකි බව පෙන්වාදෙන ලදී. කඩුගන්නාව නගර සභාව 2014 පළාත් පාලන සතියට සමගාමීව ක්‍රියාත්මක කරන ගෘහස්ත කසල කළමනාකරණ වැඩසටහනට අනුව කොන්ක්‍රීට් කොම්පෝස්ට් බදුන් බෙදාදීම සිදුකරයි.එම බදුන් සදහා ඉල්ලුම් කරන ආකාරයත් ,ඉන් පසුව ක්‍රියාත්මක කරන ආකාරයත් ,එමගින් ලැබෙන ප්‍රතිලාභ පිලිබදවත් ජනතාව දැනුවත් කිරීම සිදුකරන ලදී. මෙහිදී තවදුරටත් පැහැදිලි කරදීමට නගර සභාව විසින් සකස් කරතිබූ අත් පත්‍රිකා බෙදා දීමද සිදුකරන ලදී. මෙමගින් කාබනික කසල මගින් ප්‍රයෝජනයක් ගැනීමටත් එම කාබනික කසල පළාත් පාලන ආයතනයෙන් මුදල් වියදම් කර කළමනාකරණය කිරීම වෙනුවට තම නිවස තුලදීම කළමනාකරණය කිරීමත් සිදුවේ.
දිරා නොයන කසල කළමනාකරණය මෙහිදී දිරාපත් නොවන කසල ලෙස ජනනය වන්නේ පහත ඒවා බව හදුනාගැනිනි.
1. පොලිතීන්
2. ප්ලාස්ටීක්
3. වීදුරු
4. කාඩ්බෝඩ් හා කඩදාසි
මෙම කසල මේ වන විට පුළුස්සා දැමීම හා වැලලීමත් සිදුකරයි.එමගින් පරිසරයටත් ,පිලිස්සීමෙදී පිලිකාකාරක නිෂ්පාදනය වන බවත් එමගින් ගැටළු ඇතිවීම පිලිබදවත් ජනතාව දැනුවත් කරන ලදී.කෙසේ වුවද මෙම කසල නිවසේදී ක්‍රමවත් ආකාරයකට කළමනාකරණය කල හැකි බවත් ගැටලුව වන අවසන් බැහැරලීම සිදුකරන ආකාරය පිලිබදවත් පැහැදිලි කර දෙන ලදී. එහිදී පළමුව එම කසල වෙන් කිරීමට උපදෙස් ලබා දීම සිදුකරන ලදී.එහිදී පොලිතීන්,ප්ලාස්ටීක් ,වීදුරු ,කාඩ්බෝඩ් හා කඩදාසි ලෙස වෙන් කරන ලෙසත් පැහැදිලි කරදෙන ලදී.අතුරු මාර්ගයක ජීවත් වන මෙම ජනතාවට එම කසල පළාත් පාලන ආයතනයට භාරදීමට ක්‍රමවේදයක් මේ වන විට නොමැත.කඩුගන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන්ද අප සමගම සිටි බැවින් ඉතා ඉකමනින් එම මාර්ගයේද මාසයකට වතාවක් නොදිරන කසල එකතු කිරීමට කසල රථයක් එවන බවට දන්වන ලදී.එය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරන බවට එතුමා සහතික විය. ඒම ආකාරයට එම නිවාස වලින් ජනනය වන නොදිරන කසල කළමනාකරණයට පිළියම් යොදන ලදී.
උක්ත ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මූලාශ්‍ර කරගෙන සංස්කරණය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..!
🥰🥰🥰