Jump to content

අනෙකුත් ආදාන උපාංග

විකිපීඩියා වෙතින්

වදන් ආදාන උපකරණ

[සංස්කරණය]

යතුරු පුවරුව - බොත්තම් (යතුරු ලෙස හදුන්වන) තද කිරීමේ වදන් හා අක්ෂර (character) ඇතුල් කළ හැකි යතුරු ලියනයට සමාන ඉලෙක්ට්‍රෝනික උපකරණයකි. වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි යතුරු සැකසුම වන්නේ ක්විවර්ටි (QWERTY) සැකසුමයි. ඊට අමතරව AZERTY සැකසුමද භාවිතා කරයි.

යොමු කාරක උපකරණ

[සංස්කරණය]
  • මූසිකය - එහි උපකාරක මතුපිටට සාපේක්ෂව ද්විමාන චලිතය අනාවරණය කර ගන්නා යොමුකාරක උපකරණයකි. මූසික වයර් සහිත PS/2, USB වගේම වයර් රහිත මූසික ද පවති. ඊට අමතරව පරිඝනක ක්‍රීඩා සඳහාම බොත්තම් ප්‍රමාණය වැඩි වේගවත් මූසික ද පවති.
  • ට්‍රැක් බෝල් - අක්ෂ 2ක් වටා චලිතය අනාවරණය කර ගත හැකි කෙවෙනියක් තුළ බහා ඇති කොටස් බාහිරව විවෘත බෝලයකින් සමන්විත උපකරණයකි.
  • X බොක්ස් 360 පාලකය - X බොක්ස් 360 සඳහා යොදාගන්නා පාලකයකි. ස්විච් බ්ලේඩ් (Switchblade (tm)) යෙදුම භාවිතා කරමින් දකුණු හෝ වම් තම්බ්ස්ටික් (thumbstick) සදහා අමතර යොමු කාරක උපකරණයක් ලෙස භාවිතා කළ හැක.

ක්‍රීඩා උපකරණ

[සංස්කරණය]
  • නියාමක යටිය (Joy stick) - එක් අන්තයක් වටා විවර්තනය කර ඇත. අතෙහි දරණ යෂ්ටියකින් සමන්විත ද්විමාන හෝ ත්‍රිමාණ කෝණ අනාවරණය කර ගන්නා සාමාන්‍ය පාලන උපකරණයකි.
  • ක්‍රීඩා පෑඩය (game pad) - මෙය අතෙහි දරණ සාමාන්‍ය ක්‍රීඩා පාලකයක් වන අතර ආදානය සැපයීමේ දී ඇඟිලි (විශේෂයෙන් මහපට ඇඟිලි) මත පදනම් වී ක්‍රියා කරයි.
  • ක්‍රීඩා පාලක - විශේෂිත වූ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ඇති විශේෂිත වර්ගයේ පාලක

අනුරූ , වීඩියෝ ආදාන උපකරණ

[සංස්කරණය]
  • අනුරූ ස්කෑනරය - අනුරූ , මුද්‍රිත වදන්, අතින් ලියන ලද දේ හෝ වස්තු විශ්ලේෂණයෙන් ආදානය සපයන උපකරණයකි.
  • වෙබ් කැම් -විභේදනය (resolution) අඩු වීඩියෝ කැමරාවක් වන මෙය අන්තර්ජාලය හරහා පහසුවෙන් හුවමාරු කළ හැකි වීඩියෝ ආදාන සපයයි.

ශ්‍රව්‍ය ආදාන උපකරණ

[සංස්කරණය]
  • මයික්‍රොෆෝනය - ශබ්දය විද්‍යුත් සංඥාවක් බවට හරවා ආදානය සපයන ධ්වනි සංවේදකය.



http://en.wikipedia.org/wiki/Overclocking#Considerations

"https://si.wikipedia.org/w/index.php?title=අනෙකුත්_ආදාන_උපාංග&oldid=734894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි