අනෙකුත් ආදාන උපාංග

විකිපීඩියා වෙතින්

වදන් ආදාන උපකරණ[සංස්කරණය]

යතුරු පුවරුව - බොත්තම් (යතුරු ලෙස හදුන්වන) තද කිරීමේ වදන් හා අක්ෂර (character) ඇතුල් කළ හැකි යතුරු ලියනයට සමාන ඉලෙක්ට්‍රෝනික උපකරණයකි. වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි යතුරු සැකසුම වන්නේ ක්විවර්ටි (QWERTY) සැකසුමයි.

යොමු කාරක උපකරණ[සංස්කරණය]

  • මූසිකය - එහි උපකාරක මතුපිටට සාපේක්ෂව ද්විමාන චලිතය අනාවරණය කර ගන්නා යොමුකාරක උපකරණයකි.
  • ට්‍රැක් බෝල් - අක්ෂ 2ක් වටා චලිතය අනාවරණය කර ගත හැකි කෙවෙනියක් තුළ බහා ඇති කොටස් බාහිරව විවෘත බෝලයකින් සමන්විත උපකරණයකි.
  • X බොක්ස් 360 පාලකය - X බොක්ස් 360 සඳහා යොදාගන්නා පාලකයකි. ස්විච් බ්ලේඩ් (Switchblade (tm)) යෙදුම භාවිතා කරමින් දකුණු හෝ වම් තම්බ්ස්ටික් (thumbstick) සදහා අමතර යොමු කාරක උපකරණයක් ලෙස භාවිතා කළ හැක.

ක්‍රීඩා උපකරණ[සංස්කරණය]

  • නියාමක යටිය (Joy stick) - එක් අන්තයක් වටා විවර්තනය කර ඇත. අතෙහි දරණ යෂ්ටියකින් සමන්විත ද්විමාන හෝ ත්‍රිමාණ කෝණ අනාවරණය කර ගන්නා සාමාන්‍ය පාලන උපකරණයකි.
  • ක්‍රීඩා පෑඩය (game pad) - මෙය අතෙහි දරණ සාමාන්‍ය ක්‍රීඩා පාලකයක් වන අතර ආදානය සැපයීමේ දී ඇඟිලි (විශේෂයෙන් මහපට ඇඟිලි) මත පදනම් වී ක්‍රියා කරයි.
  • ක්‍රීඩා පාලක - විශේෂිත වූ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ඇති විශේෂිත වර්ගයේ පාලක

අනුරූ , වීඩියෝ ආදාන උපකරණ[සංස්කරණය]

  • අනුරූ ස්කෑනරය - අනුරූ , මුද්‍රිත වදන්, අතින් ලියන ලද දේ හෝ වස්තු විශ්ලේෂණයෙන් ආදානය සපයන උපකරණයකි.
  • වෙබ් කැම් -විභේදනය (resolution) අඩු වීඩියෝ කැමරාවක් වන මෙය අන්තර්ජාලය හරහා පහසුවෙන් හුවමාරු කළ හැකි වීඩියෝ ආදාන සපයයි.

ශ්‍රව්‍ය ආදාන උපකරණ[සංස්කරණය]

  • මයික්‍රොෆෝනය - ශබ්දය විද්‍යුත් සංඥාවක් බවට හරවා ආදානය සපයන ධ්වනි සංවේදකය.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Overclocking#Considerations

"https://si.wikipedia.org/w/index.php?title=අනෙකුත්_ආදාන_උපාංග&oldid=464995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි