අනුරාධා කොයිරාල

විකිපීඩියා වෙතින්

අනුරාධා කොයිරාල යනු නේපාල ජාතික සමාජ ක්‍රියාකාරිනියක සහ මයිති නේපාල් යන ලිංගික සේවා සදහා කුට්ටනයට එරෙහි ලාභ නොලබන සංවිධානයේ අධ්‍යක්ෂවරියකි. [1] මයිති නේපාල් සංවිධානය වර්තමානයේ නේපාලයේ කත්මන්ඩු නුවර ආශ්‍රිතව ආරක්ෂක නිවස්නයක් සහ පාසලක්‌ පවත්වා ගෙන යනු ලබයි. මිට අමතරව නේපාලය පුරා සහන නිවස සකස් කොට ඇති අතර විශේෂයෙන්ම මායිම් නගරවල ඇගේ සේවා නිවස්න ඇත. මයිති නේපාල් යනු නේපාල භාෂාවෙන් "මවගේ නිවහන" යන්නයි. ඉන්දියාවට ගණිකාවන් ලෙස ගෙනයන අසරණ කාන්තාවන් ඉන් ගලවාගෙන ඔවුන්ට තම නිවෙස් වලට යන තෙක් , නැත්නම් ගැලපෙන ජීවිකාවක් ලැබෙන තෙක් පිහිටවීම මයිති නේපාල් හි සේවාවන්ට අයත් වේ.

මිට අමතරව ඔවුන් මෙම කාන්තාවන් ඔවුන්ගේ පවුල් හා එක් කිරීමේ නිරත වෙන අතර , ඉන්දීය දේශ සිමා ආරක්ෂක සේවා හා එක්ව ලිංගික මෙහෙයන් සදහා නේපාලයෙන් පිටමං කරන කාන්තාවන් සොයා ඔවුන්ට පිහිටවීමේ නියැලේ. කොයිරාල ඇගේ සේවය සදහා මැසූචෙට්‌ හි The Peace Abbey සංවිධානයෙන් Courage of Conscience සම්මානයට[2]පත්‍රව ඇති අතර 2010 වසර සදහා CNN විසින් පිරිනැමෙන හොදම සී.එන්.එන් වීරයන් දස දෙනා ගෙන් කෙනෙකු ලෙස සම්මානයට භාජනය විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Anuradha Koirala - CNN Heroes". CNN. May 2, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. The Peace Abbey Courage of Conscience Recipients List

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධා_කොයිරාල&oldid=472703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි