අනුධරාපුර යුගයේ ආර්ථික රටාව
හැදින්වීම
[සංස්කරණය]ආර්යයන් ඉන්දියාවේ සිට මුලින්ම මෙහි පැමිණ ජනාවාස පිහිටුවා ගත් කාලයේදී එරට සාමාජයෙහි පැවතියේ කෘෂිකාර්මික,සත්ව පාලනය,වෙළදාම, හා විවිධ කර්මාන්ත මත පදනම් වූ ආර්ථික රටාවකි.ඔවුන් මෙරට පදිංචි වීමෙන් අනතුරුව තම මව් රටේ එකළ පැවති ආර්ථික රටාව ම මෙහි දී ද පවත්වා ගෙන යන්නට ඇත.එකළ ආර්ථික රටාව පිළිඔඳ ව ලැබෙන සාධක වලින් ද මේ බව පැහැදිළි වේ.
කෘෂිකර්මය
[සංස්කරණය]අද මෙන්ම අනුරාධපුර යුගයේ දී ද සිංහලයන්ගේ ආර්ථික රටාවේ මුල්ම ස්ථානය හිමිවූ බව පෙනෙන්නේ කෘෂිකර්මාන්තයට බව පෙනෙන්නේ කෘෂිකර්මාන්තයටය.ඉහත පරිච්ඡෙදයක දී ඇති පරිදී අනුරාධ,උරුවේලවිජිත ආදී නම්වලින් මෙරට ආදීම ජනාවාස පිහිටුවා ගන්නාලද්දේ මල්වතු ඔය, කලා ඔය,දැදුරැ ඔය,වළවේ ගඟ,කිරිඳි ඔය,ආදී වු ගංඟා ආශ්‍රිත ව ය.මුලින් ම මෙරටට පැමිණි ආර්ය කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන විජය කුමරුගේ ඇමතියෙකු බවකියන අනුරාධ නම් කුමරු මල් වතු ඔය අසබඩ තමා නමින් ජනපදයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි වැවක් ද ඉදි කර වූ බව වංස කථාවේ දැක්වේ.මුලින්ම මෙරටට පැමිණ පදිංචි වූ ආර්යයන් විසින් ගංඟා අසබඩ තමන්ගේ ජනාවාස පිහිටුවා ගනු ලැබීමෙන් අනතුරුව එම ජනපදවල වැව් ඉදිකරවනු ලැබීමෙන් පැහැදිළි වන්නේ ආරම්භයේ සිටම කෘෂිකර්මාන්තය සිංහල වර්ගයාගේ ආර්ථික රටාවේ ප්‍රධානතම අංගය වූ බවයි.විජය රජුගේ ඇවෑමෙන් මඳ කලකට පසු මෙරට රජ වූ පණ්ඩුවාසුදේව කුමරුගේ පුත්‍රයෙකු වූ ගිරිකණ්ඩ සිව නම් කුමාරයා ඔහුගේ පාලනය යටතේ පැවති ගිරිකණ්ඩ නම් ප්‍රදේශයේ පිහිටා තිබු සියක් කිරියක් පමණ වූ කුඹුරු යායක ගොයම් කැප්ප වූ බව කියන පුවතක් වංස කථාවේ දැක්වේ.ආර්යයන් මෙහි පදිංචි වී නොබෝ කලකින් ම මෙරට කෘෂිකර්මාන්තය අතින් මහත් දියුණුවක් ලබා තුබූ බව මෙයින් හෙළි වේ.කෘෂිකර්මික කටයුතු වලදී එකල ප්‍රධාන තැන ලැබුනේ වී ගොවිතැනට ය.
වී වගාවට මුල තැන ලැබුණේ අද මෙන්ම එදාත් සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත වූ බැවිනි.අනුරාධපුර යුගයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වු බව මහාවංසයේ සඳහන්වේ.ඒ අනූව විජය කුමරු හා පිරිස මෙහි පැමිණි මුල් දිනයේ දී අනුභව කළේ කුවේණිය විසින් සපයන ලද සහලින් පිස ගත් බත්ය.ඉහතින් සදහන් කළ ගිරිකණ්ඩ සිව කුමරැගේ දියණියක වූ පාලි කුමරිය සියක් කිරියක ගොයම් කප්පවමින් සිටි තම පියාට හා සෙසු අයට ආහාර පිණිස රැගෙන ගියේ බත්ය.ඵකළ විශාල වශයෙන් ගොයම් කරවූ බව සඳහන් වීමෙන් පෙනී යන්නේ බත එකලද සිංහලයාගේ ප්‍රධාන ආහාරය වූ බවය. බතට සහල් ලබා ගැනීම සඳහා එකල ගොවියන් වසරකට කන්න දෙකක් හෝ තුනක් වී වගා කළ බව පෙනේ.අවුරැද්දකට කන්න දෙකක් වී වගා කිරීම සාමාන්‍ය සිරිත වූ අතර ඇතැම් අවුරුදු වල කන්න තුනක්ම වී වගා කළ බවට සාක්ෂි ලැබේ.මේඝවර්ණ රජුගේ (303-331) කාලයට අයත් තෝනිගල පර්වත ලිපියෙහි එකල වගා කළ පිට දඩ හස මෘද හස හා අකල හස නම් වූ ශිෂ්‍ය වාර තුනක් ගැන සඳහන් වේ දැනට මහ කන්නය හා යල් කන්නය නමින් හදුන්වන ප්‍රධාන කන්න දෙක පිළිවෙළින් පිට දඩ හස අකල හස යනුවෙන් ඒ දෙන්නය අතරතුර වපුරන ලද තුන්වන කන්නය මදේ හස හෙවත් මදහස යනුවෙන් මෙම සෙල් ලිපියෙහි හදුන්වා ඇති බව ආචාර්ය පරණවිතාන මහතා අදහස් කරයි. එහෙත් අවුරුද්දකට කන්න තුනක් ගොවිතැන් කිරීම ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකම සාමාන්‍ය සිරිත වූ බවක් නොපෙනේ. මුළු අවුරුද්ද පුරාම වැව් වලින් ජලය ලබා ගත හැකිව තිබූ මඩ ඉඩම් ඇතැම් විට අවුරුද්දකට කන්න තුනක් වගා කරනු ලැබ ඇතත් වැසි දියෙන් වගා කළ කුඹුරු එසේ වගා කොට ඇති බව පෙනෙන්නේ කන්න දෙකකදී පමණි. කන්න තුනක්ම වගා කරණු ලැබූ අවුරැදු වලදී ඒ හැම කන්නයකම මහ වී හෝ හැල් වී වැනි ප්‍රධාන ධාන්‍ය වර්ගයක් ඒවායේ වගා කරනු ලැබූ බවක් නොපෙනේ.
කන්න තුනක් ගැන කියවෙන ඉහත සඳහන් කළ තෝනිගල පර්වත ලිපියෙහිම උදු හා මුං (බයිලි) වැනිහේන් වගා කෙරෙන ධාන්‍ය ගැන සඳහන් වී තිබීම මෙයට සාධකය අවුරැද්දකට කන්න දෙකක් හෝ තුනක් වගා කිරීමේදී එකල ගොවීන්ට අවුරැද්ද පුරාම පාහේ ඒ හා සම්බංධ විවිධ කාර්යන්හි නිරත වන්නට සිදු වේ.කණු මල් උදුරා අතු කටු මැටි කැට ආදිය ඉවත් කොට ඒවා ගිනි තබාකුඹුරැ සකස් කර ගැනීම සී සෑම වැපිරීම පැල් රැකීම ගොයම් ධාන්‍ය අටු කොටුවල තැම්පත් කිරීම ආදී වූ වී ගොවිතැන හා සම්බන්ධ විවිධ කටයුතු පිළිඹඳ ක්‍රි ව තුන්වන සියවසට අයත් සේ සැලකෙන සීහලවත්ථූපකරණයෙහි එන කථා වස්තු කීපයක සඳහන් වේ ආර්යයන් ඉන්දියාවේ ගොවිතැන් කටයුතු සඳහා භාවිත කළ බව සඳහන් කැති උදලු නගුල් හා දෑකැති ආදී උපකරණ අනුරාධපුර යුගයේ ගොවියන් විසින් ද භාවිතා කරනු ලැබ ඇති බව මෙතෙක් සොයාගෙන ඇති අපේ පැරණිම සාහිත්‍ය කෘති දෙක ලෙස සැලකෙන සීහලවත්ථූපකරණයෙහි හා දීපවංසයෙහි සඳහන් වේ. එකල මඩ ඉඩම්වල මෙන්ම ගොඩ ඉඩම්වල වී වගා කොට ඇත මඩ බිම් හෙවත් කුඹුරු වශයෙන් එකල තෝරා ගනු ලැබ ඇත්තේ ගංඟා විල්හා වැටි ජලාශ ඇසුරෙහි පිහිටා තිබූ බිම් හා වාරිමාර්ග මගින් පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකිව තිබූ නිම්න බිම්ය .ගොඩ ඉඩම් හෙවත් හේන් සකස් කොට ගෙන ඇත්තේ වාරිමාර්ග පහසුකම් නැති හෝ අඩු නැති හෝ මුඩු බිම්වලය. ගොඩ ඉඩම් ප්‍රධාන වශයෙන් වගා කරන ලද්දේ වැසි දියෙනි.එහෙත් එකල මඩ ගොයමට නොදෙවනි තැනක් ගොඩ ගොයමටද ලැබී තිබූ බව අනුරාධපුර යුගයට අයත් මූලාශ්‍ර වලින් හෙළි වේ.. මඩ බිම් වගාකොට නිපදවා ගනු ලබන වී වලට සමානම වූ නැතහොත් ඊටත් වඩා උසස් යැයි සැලකුණු ශාලි හෙවත් ඇල් වී නමින් හැදින්වුණු වී වර්ගයක් ගොඩ ඉඩම්වල වගා කිරීමට හැකි වීම මෙයට හේතු වූ බව පෙනේ.
දුටුගැමුණු රජතුමාගේ ක්‍රි පූ 161-137 පූත්‍රයා වූ සාලිය රාජ කුමාරයා පිළිඹඳව සීහලවත්ථූපකරණයෙහිහා මහාවංස ටීකාවෙහි සඳහන් වී ඇති ොරතුරු වලට අනුව පෙනී යනනේ අනුරාධපුර යුගයේ මුල් භාගයේදී දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ඇල් වී හෙවත් හැල් වී වගාකොට තිබූ බවයි .සාලිය කුමරු උපන් දින සිට දොළොස් වසක් ඉක්ම යන තුරු ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ සි වසින්නාක් මෙන් ඇල් වී ලැබුණු හෙයින් ඔහුට සාලිය යන නම ලැබුණු බව සීහලවත්ථූපකරණයෙහි සඳහන් වේ.සාලිය කුමරුගේ පින් බලයෙන් රටේ සියලුමධාන්‍ය කෝෂ්ඨාගාර එකල හැල් වී වලින් පිරී තිබූ බව මහාවංසටීකාවෙහි සඳහන් වේ. හැල් වී වගා කොට තිබූ බිම් එකල කෙත් හෙවත් හැල් සේණ (හැල් හේන්)යනුවෙනි.ගොඩ ඉඩම් වල හැල් වී වලට අමතරව උදු, මුං,උළු හාල් ආදී වූ වෙනත් බෝග වර්ගද ලබු ,කැකිරි,බටු, ආදී වූ වෙනත් බෝග වර්ගද වගා කොට ඇත.අනුරාධපුර යුගයේ මුල් භාගයේදී හේන් වගා කොට හැල් වී සහ උදු,මුං,මෑ,ආදී වූ ධාන්‍ය දහසකටත් අධික ප්‍රමාණයක් ලබාගත් බව කියන ගොවියන් කීපදෙනෙකු පිළිඹඳව සීහලවත්ථූපකරණයෙහි සහ සහස්ස වත්ථූපකරණයෙහි සඳහන් වී ඇත.කාවන්තිස්ස රජු දවස රුහුණේ ගිරිජනපදයේ නිටොල්පිටියනම් ගමද විසූ එක් පවුලක සොහොයුරියන් පස් දෙනෙකු එකතුව මහ වනයක් හෙළි කර, කණු මුල් උදුරා උදු වැපිරීම සඳහා හේනක් සකස් කොට ගත් බව මහහාවංසයෙහි සඳහන් වේ.මේ කථා වස්තුවලින් හෙළි වන්නේ අනුරාධපුර යුගයේ ප්‍රථම භාගයේදී හේන් ගොවිතැන් ක්‍රමය දිවයින පුරාම සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති බවය.අනුරාධපුර යුගයේ දෙවන භාගයේදී මේ වගා ක්‍රමය මෙරට පැවති බව දහවන සියවසට අයත් සෙල් ලිපියක සඳහන් වේ.එම බෝග වගාව "සේණ"යනුවෙන් හදුන්වා ඇත.එකල බහුල වශයෙන් වගා කෙරුණු මඩ වී හා හැල් වී වලට අමතරව තවත් ප්‍රධාන ධාන්‍ය වර්ග පහක් වගා කොට ඇති බව අනුරාධපුර යුගයට අයත් පතපොතින් හෙළි වේ .සුමංගල විලාසිනියෙහි මේ ධාන්‍ය පස් වර්ගය හදුන්වා දී ඇත්තේ ගොධුම ,යව,කංගු,වරක හා කුද්‍රැසක යනුවෙනි .සිඛවලඳ විනිසෙහි දැක්වෙන පරිදී එම ධාන්‍ය පස් වර්ගය වූයේ ගොධූම(තිරිගු)යව (බාර්ලි) තණ හාල්, වරා හා හමුය.
අනුරාධපුර යුගයේදී කෘෂිකර්මය සඳහා යොඳා ගනු ලැබූ මඩ ඉඩම් හා ගොවි ඉඩම් මුලදී හදුන්වනු ලැබුවේ කෙත් වතු යනුවෙනි.ධාන්‍ය වපුරනු ලැබ කුඹුරු හා හේන් ආදිය" කෙත්"යනුවෙන් ද කොස් ,පොල්, අඹ,ආදී වූ ගස් වවන ලද ඉඩම් " වතු"යනුවෙන්ද හදුන්වන ලද්දේ විය.එහෙත් පසුව "කෙත් හා වත්"යන වචන දෙක සන්දි වීමෙන් නිපන් කෙත්වත් හෙවත් කෙත්වතු යන වචනය ,වැපුරූ කුඹුරු හෝ ඉඩම් සඳහා භාවත කරනු ලැබ ඇති අතර කොස්, පොල් ආදී ඉඩම් සඳහා භාවිතා කරනු ලැබ ඇත්තේ අරුබි,අරම්,උයන් වන බිම් හෝ වතු යන වචනයයි.මාහානි කොට ඇත්තේ "කෙත්ත" යනු හැල් කෙතය.වී කෙතය ,මුං කෙතය,වත්ථු කෙතය,තිරිගු කෙතය,තල කෙතය,වත්ථු නම් ගෙවතුය,කොටු වතුය,අරම්වතු හා වෙහෙර වතුය යනුවෙනි.
ඉඩම් වගාව
[සංස්කරණය]මුලදී රජය සතුව පැවති ඉඩම් විශාල ප්‍රමාණයෙන් අනුරාධපුර යුගයේ අවසාන කාලය වන විට විහාරාරාම,ආරෝග්‍ය ශාලා ආදී පුණ්‍යයතනවලට හා රජයේ නිලධාරින් ආදී වූ ප්‍රභූ පන්තියට අයත්ව තිබූ බව සෙල් ලිපි වලින් හා වංසකතා වලින් හෙළි වේ.රජයට, විහාරාවලට හා ප්‍රභූ පංතියට අයත්ව තිබ කෙත්වතු හා වතු පිටි සියල්ල වගා කිරීමට එකල අනුගමනය කොට ඇති පිළිවෙත් හ යොදා ගනු ලැබ ඇති පිළිවෙත් හා ොදාගනු ලැබ ඇති විධිවිධාන පිළිඹඳ සොයා බැලීම වැදගත්ය.අනුරාධපුර යුගයේ මුල් භාගයේදී රජය ඉඩම් වගා කරනු ලැබුයේ කෙසේදැයි නිශ්චිත වශයෙන් දැන ගැනීමට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. එහෙත් මේ කාලයේදී සිංහලයන් විසින් ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කාලයේ එහි මෙරටට පැමිණි කාලයේ එහි පැවති ඉඩම් වගා පිළිවෙත් වලට සමාන ක්‍රමයෙක් මෙහිදීද අනුගමනයකළ හැකිය.ශ්‍රී ලංකාවේ රජවරැන්විසින්ද අනුගමනය කරන ලදැයි අනුගමනය කරන ලදැයි අනුමාන කළ හැකිය.
ශ්‍රි ලංකාවේ රජවරුන් විසින්දපරිහරණය කොට ඇති කෞටිල්‍ය අර්තශාස්ත්‍රයයෙහිදැක්වෙන පරිදි රජය සතුව පැවති ඉඩම් සමහරක්එකල වගා කොටඇත්තේ දාසයන් කම්කරුවන් හා සිරකරුවන්ලවාය.තවත්ඉඩම්ප්‍රමාණයක්"අසීතිකා"ක්‍රමයට හෙවත් අස්වැන්නෙන් දෙකෙන් කොටසක් බදු වශයෙන් ගෙවිමට කොන් දේසියක් පිට අද ගොවින් ලවා කොට ඇත.තවත් සමහර ඉඩම් අස්වැන්නෙන් හතරෙන් පන්ගුවක් හෝ පහෙන් පංගුවක් රජයට ගෙවීම් කොනදේසි පිට " ස්වය්‍යපජිත ක්‍රමයට හෙවත් ස්වෝත්සාහයෙන් වගා කිරීම සඳහා බදු ගොවීන්ට පවරා දෙනු ලැබ ඇත.මෙම ක්‍රමය මුලදි මෙරටට අනුගමනය කොට ඇති බව පෙනේ.එකල කුඹුරු හා විශාල ඉඩම් හිමියන්ද තමන්ගේ කුඹුරු හා වතු පිටි වගා කළ බව පෙනෙන්නේ දාසයන් හා කම්කරුවන් ලවාය.සද්ධාතිස්ස රජු එක් අවස්ථාවක ධනවත් ඉඩම් හිමියෙකුගේ කුඹුරක සද්ධාතිස්ස රජු එක් අවස්ථාවක ගොයම් කපා කුලිය වශයෙන් උපනයා ගත් ධාන්‍ය ප්‍රමාණයකින් භික්ෂුන් වහන්සේලාට දුන් දානයක් පිළිබඳව සිහළවත්ථුප්‍රකරණයේ සඳහන් වේ. එමෙන්ම මහා පුලිමගතිස්ස රජු ( ක්‍රි:පූ77-63) හැල් හේනක කුලියට ගොයම් කැපීමට ගිය බව කියන පුවතක් මහ වංශය සඳහන් වේ. මේ රජවරුන් දෙදෙනාම වෙස්වලාගෙන ගොස් කම්කරුවන් වශයෙන් වැඩ කළ බව සඳහන් වී තිබීමේන් පැහැදිලි වන්නේ විශාල කුඹුරු හා වතුපිටි ආදිය වගා කිරීම කුලියට සේවය කල කම්කරුවන් ලවා සිදු කොට ඇති බවයි.එහෙත් කුඩා කුඹුරක් හෝ ඉඩමක් පමණක් අයත්ව සිටි ගොවීන් ඒවා තමන්ටම වගා කල බව සීහළවත්ථුප්‍රකරණයෙහි එන කම්බුද්ධ උපාසක වත්ථුවෙන් හෙළි වේ. මහා වංසයේ සඳහන් වී ඇති පරිදි ගෝඨයිම්බර යෝධයා හා ඔහුගේ සහෝදරයන් එක් වී වගා කළේ ඔවුන් සතුව තිබූ ඉඩමක් බව පෙනේ.
ඉඩම් විශාල වශයෙන් අයිති කොට ගෙන සිටි පුද්ගලික ඉඩම් හිමියන් අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී ඉඩම් වගා කිරීම සම්බන්දයෙන් වෙනත් පිළිවෙතක් අනුගමනය කොට ඇති බව දස වන සියවසට අයත් කොණ්ඩසැටවන ටැම් ලිපියෙන් හෙළි වේ. එම ලිපියෙන් හෙළි වන්නේ එකල ඉඩම් හිමියන් තමන්ගේ ඉඩම් වෙන් වෙන් වශයෙන් බදු ගොවියන්ට පවරා දී සෑම අස්වැන්නකින්ම සම්මත ධාන්‍ය ප්‍රමාණයක් ඔවුන්ගෙන් අය කර ගැනීම හෝ මළුු කුඹුරු යායම හෝ ඉඩමම අතරමැදියෙකුට පවරා දී ඔහුගෙන් එක වර යම් කිසි මුදලක් ලබා ගැනීම සිරිත වූ බවය.
මූලාශ්‍ර
[සංස්කරණය]"ශ්‍රි ලංකාවේ ඉතිහාසය 1 "."අනුරාධපුර යුගය. අධ්‍යාපන දෙපාර්තුමේන්තුව.සිසාර ප්‍රින්ට්වේ"