අනුක්‍රමික ප්‍රවේශ මතකය

විකිපීඩියා වෙතින්

පරිගණක විද්‍යාව තුළ අනුක්‍රමික ප්‍රවේශ මතක ලෙස හැඳින්වෙනුයේ අනුකමිකව,එනම් කිසියම් අනුපිළිවෙලකට අනුව දත්ත කියවීම හා ගබඩා කිරීම සිදුකරන දත්ත ආචයන උපාංග වර්ගයකි. මීට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන සසම්භාවී ප්‍රවේශ මතක සතුව නිශ්චිත අනුපිළිවෙලකින් තොරව දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් ඇත. අනුක්‍රමික ප්‍රවේශ ලක්ෂණය සහිත මෙම උපාංග සාමාන්‍යයෙන් චුම්බක ආචයන ලෙස පවතී.සාමාන්‍ය අරමුණු සඳහා භාවිත කරන (එනම් General purpose) පරිගණක වල ද්විතියික මතක සඳහා චුම්බක අනුක්‍රමික ප්‍රවේශ මතකය භාවිත වනුයේ සසම්භාවී ප්‍රවේශ මතකය හා සසඳන විට ඒවායේ ඇති වැඩි ඝනකම හා අඩු පිරිවැය, ගෙවීයාම් වලට ප්‍රතිරෝධී වීම හා වාෂ්පශීලී නොවීම යන කරුණු හේතුවෙනි.වත්මන් භාවිතයේ පවතින දෘඪ තැටි, සංගත තැටි හා චුම්බක පටිද, අතීතයේ භාවිත වූ Drum memories ද අනුක්‍රමික ප්‍රවේශ මතක උපාංග සඳහා උදාහරණ වේ.