අනාගාමි

විකිපීඩියා වෙතින්
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.

අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ ශුද්ධාවාස බ්‍රභ්මලෝකයකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති.

අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන බන්ධන (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ

1. සක්ඛාය දිට්ඨි
2. විචිකිච්චා
3. සීලබ්බත පරාමාස
4. කාමරාග
5. ව්‍යාපාද

අනාගාමි ඵල ලැබූ තැනැත්තෙක් එතෙක් නිදහස් නොවන බැඳීම් නම්:

1. රූපරාග - ද්‍රව්‍යවලට ඇති කැමැත්ත. (පළමු ධ්‍යාන 4)

2. අරූප රාග - අද්‍රව්‍ය දේට ඇති අශාව. (අන්තිම ධ්‍යාන 4)

3. මාන - අභිමානය

4. උද්ධච්ච - අසහනය

5. අවිජ්ජා - අනවබෝධය

අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු පූර්ණ විමුක්තිය භුක්ති විඳින්නේය.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අනාගාමි&oldid=558554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි