අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු

විකිපීඩියා වෙතින්

බොට් (bot) නැතහොත් පරිගණක රෝබෝවරයෙක්  යනු යම් පුද්ගලයෙකු විසින්  අන්තර්ජාලය තුල යම් නිශ්චිත අවශ්‍යතාවයක් මුල්කරගෙන  ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක කරවනු ලබන  පරිගණක මෘදුකාංගයකි .මෙමගින් යම්කිසි කාර්යක් සරලව මිනිසෙකුට වඩා  වේගවත්ව කර ගැනීමේ පහසුව සලසයි.

මිනිසෙකුට කල නොහැකි නිත්‍ය පිළිවෙලකට ක්‍රියාත්මක වන සුළු වැඩසටහන් මෙමගින් අසාමාන්‍ය වේගයකින් ක්‍රියාත්මක කල හැකියාව පවතී.උදාහරණ වශයෙන්,මිනිසෙකුට ජයක්ග්‍රහනයක් අත්කරගැනීම වඩා දුෂ්කර පරිගණක ක්‍රීඩා ආදිය ජයක්ග්‍රහණ කර ගැනීම,අන්තර්ජාලය තුල  නිශ්චිත කාල සීමාවක් තුල අවසන් වන වෙන්දේසි වන භාණ්ඩ(eBay) අවසාන මොහොතේදී වෙනත් ගැනුම් කරුවකු විසින් මිලදීගැනීම වලකා තමන්ට මිලදීගැනීම සදහා හෝ අනෙකෙකු මිලදීගැනීම වැලැක්වීම සදහා වු බොට් ක්‍රම ලේඛන සැකසීම ආදිය දැක්විය හැකිය.

VPS ස්ර්වර්ස්[සංස්කරණය]

VPS ස්ර්වර්ස් (Virtual Private Servers) යනු අන්තර්ජාල සේවා සපයන්නකු විසින් මුදල් ගෙවීමේ පදනම මත අන්තර්ජාලය තුල ලබාදෙන මෙහෙයුම් පද්දතියක් ඇතුලත් පරිගණකයකි.බොහෝ විට පරිගණක රෝබෝවරයන්(bots) ක්‍රියාත්මක කරවනු ලන්බන්නේ මෙම අන්තර්ජාල තුල පිහිටි පරිගණක තුලය.සේවාව ලබා ගන්නාට සාමාන්‍ය පරිගණකයක් සේ සලකා ඔහුගේ රුචි පරිදි අවශ්‍ය විවිධ මෘදුකාංග ,වැඩසටහන් ක්ෂණයෙන්ම දුරස්ථව ක්‍රියාත්මක කරවීමේ පහසුව සලසයි.