අන්තර්ජාල මෝස්තර නිරූපනය

විකිපීඩියා වෙතින්


අන්තර්ජාලය විසින් මෝස්තර නිරූපන කර්මාන්තයේ මුහුණුවර විශාල වෙනසකට ලක්කොට ඇත. ඒ ඊට ප‍්‍රවේශවීමේ මාර්ගයන් වැඩිකිරීම තුලිනි. නිරූපිකාවන් වීමට බලාපොරොත්තුවන්නන් නිරූපිකාවන් පිලිබඳ වෙබ් අඩවි වෙතින් තොරාගනු ලබන අතර ඔවුන්ට සිය ජීව දත්ත සටහන් සහ ඡායාරූප ඉහල පෙළේ මෝස්තර නිරූපන කටයුතු සිදුකරන නියෝජිතායතනයන් වෙත එවිය හැක.

අන්තර්ජාලයේ නිරූපිකාවන්ට වෙන්වූ වෙබ් අඩවි ආඩම්බරයෙන් කියා සිටින්නේ අදාල නියෝජිතායතනයන් වෙත හෝ සම්මන්ත‍්‍රණයන් වෙත නොගොස් අන්තර්ජාලය හරහා තමන් විසින් තමන්වම අළෙවිකිරීමේ අවස්ථාව තමන් විසින් නිරූපිකාවන්ට ලබාදී ඇති බවය.

මෙම වෙබ් අඩවිවල ඇති අවාසිදායක කාරණය වන්නේ මේවා මඟින් නිරූපිකාවන් සූරාකෑමට ලක්වීම සහ වෙනත් උපක‍්‍රමයන්ට ගොදුරුවීමය. එමෙන්ම බොහොමයක් ප‍්‍රධාන පෙළේ මොස්තර නිර්මාණ ආයතන කියාසිටින්නේ තමන් වෙත දිනපතාම සිය ගණනක් ආධුනිකයින් පැමිණෙන බැවින් තමන්ට නිරූපිකාවන් සොයා අන්තර්ජාලයේ සැරිසැරීම අනවශ්‍ය බවය.

කෙසේනමුත් මෝස්තර නිරූපිකාවන්ට සහ නළුනිලියන්ටම වෙන්වූ සමාජ ජාලකරණ වෙබ් අඩවිද පවතී. මෙම වෙබ් අඩවි, කර්මාන්තයේ නියුතු පුද්ගලයින් ලෙස කි‍්‍රයාත්මක වෙමින් කර්මාන්තයේ නියුතු වූවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ඡායාරූප ඔවුන් වෙත ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි. OneModelPlace.com සහ ModelMedia.com මේ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන වෙබ් අඩවි වේ.

OneModelPlace.com නිරූපිකාවන් සඳහා නොමිළයේද ඡායාරූපශිල්පීන් සඳහා නාමික ගාස්තුවක් මතද වෙනම ලිපිගොනුවක් පවත්වාගෙන යමින් සිය සේවය සපයයි.

ModelMedia.com සිය සාමාජිකත්වය ලබාගැනීමට තව අය උනන්දු කරවීම තුලින් ඔවුන් ගෙවනු ලබන සාමාජික ගාස්තුවෙන් යම් මුදලක් නව සාමාජිකයා හඳුන්වාදෙන අයට ගෙවීමෙන් සාමාජිකයන්ට සුළු මුදලක් උපයාගැනීමේ අවස්ථාවද උදාකරදී ඇත.

මෙම කර්මාන්තයට පහසුකම් සලසන වෙඞ් අඩවි ගණන් කළ නොහැකි තරම් අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී. ඉන් බොහොමයක් සඳහා මුදල් ගෙවීමට සිදුවන අතර ‘ඉහලම සුදුසුකම්ලත් පිරිසගේ අවධානයට ඔබ ලක්වීම සඳහා ඔබේ ඡායාරූප ඇතුලත් කරන’ ලෙස මෙම වෙබ් අඩවි පවසා සිටියි. බොහෝ අවස්ථාවන්හිදී සම්මුඛ පරීක්‍ෂණ සඳහා සහභාගීවීමේ වියදම්, නවාතැන් ගාස්තු ඇතුළු අනෙකුත් සියලූම වියදම් නිරූපිකාව විසින් දරාගත යුතු නමුත් අනාගතයේ තමන්ට ලැබියහැකි ප‍්‍රතිලාභයන් අතිශයින්ම අවිනිශ්චිත වෙයි.