අන්තර්ජාතික කම්කරු සංවිධාන

විකිපීඩියා වෙතින්
අන්තර්ජාතික කම්කරු සංවිධාන
සංවිධාන වර්ගය UN ඒජන්සිය
සංකේත නාමය ILO
ප්‍රධානියා ජුවාන් සොමාවියා, අධ්‍යක්ෂක ජනරාල්
තත්ත්වය ක්‍රියාකාරී
ආරම්භ කිරීම 1919
වෙබ් අඩවිය www.ilo.org

අන්තර් ජාතික කම්කරු සංවිධානය යනු කම්කරු ගැටලු සමග කටයුතු කරන විශේෂිත ඒජන්සියකි. එහි මූලස්ථානය ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටා ඇත. එහි මහලේකම් කාර්යාලය (ලොව පුරා එමඟින් සේවයේ යොදවා ඇති පුද්ගලයින්) අන්තර්ජාතික කම්කරු කාර්යාල ලෙස හඳුන්වනු ලැබේ. මෙම සංවිධානයට 1969 දී නොබෙල් සාම තාග්‍යය හිමි විය.

අරමුණු[සංස්කරණය]

එහි අධ්‍යක්ෂක ජනරාල් වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙසේය. එනම් වර්තමානයේදී ILO හි ප්‍රධාන අරමුණ වී ඇත්තේ නිදහස්, සමාන, ආරක්ෂිත හා මනුෂ්‍ය ගෞරවය සුරක්ෂිත තත්ත්ව යටතේදී ශිෂ්ට හා ඵලදායි කාර්යයන් ලබාගැනීම සදහා මිනිසුන්ට අවශ්‍ය අවස්ථා නගාසිටුවීමයි.” මෙම අරමුණ කෙරෙහි කටයුතු කිරීමේදි සංවිධානය, සේවක නිර්මාණය දියුණු කිරීමට, කාර්යයෙහි යෙදිමේදී මූලික න්‍යායන් හා හිමිකම් ශක්තිමත් කිරීමට, සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීමට හා සමාජ කථිකාවත නගා සිටුවීමට මෙන්ම අවශ්‍ය තොරතුරු පුහුණුවීම් හා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරයි. වර්තමානයේදී ILO හි කටයුතු ප්‍රධාන තේමා කාණ්ඩ 4 කට සංවිධානය වී ඇත. ඒවා නම් 1. වැඩ කිරීමේදී සම්මත හා මූලික හා න්‍යායන් හා හිමිකම් 2. සේවයෙහි යෙදීම 3. සමාජ ආරක්ෂණය 4. සමාජ කථිකාවත



සටහන්[සංස්කරණය]

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/International_Labour_Organization