අනවසර සලරූ

විකිපීඩියා වෙතින්

විව්ධ කණ්ඩායම් අනවසර චිත්‍රපට විවිධ ප්‍රභේද ලෙස නිකුත් කරනු ලබයි. ප්‍රධාන මූලාශ්‍රය මත ප්‍රභේද ගත වෙන මෙම චිත්‍රපට නිකුත් කිරීම් සිදුකරන කණ්ඩායම් scene කණ්ඩායම් හෝ warez කණ්ඩායම් ලෙස හැඳින්වේ. පළමුවෙන් නිකුත් වන්නේ තත්වයෙන් බාල නිකුතු වන අතර (ප්‍රභවයේ බාල තත්වය මත) පසුව හොඳ මූලාශ්‍ර ආශයෙන් තත්වයෙන් උසස් පිටපත් නිකුත් වේ.

පසුබිම[සංස්කරණය]

අනවසරයෙන් චිත්‍රපට පිටපත් කිරීමේ මුල් පියවර ලෙස සිදුවූයේ, චිත්‍රපටය සිනමා හලේ විකාශය වන විට එය කැමරාවක පටිගත කර කැමරා පිටපත් ලෙස එලිදැක්වීමයි. මෙය සිදුකළේ චිත්‍රපටය සිනමා හල් වල විකාශය වන (පෞද්ගලික භාවිතයට නිකුත් කර නොමැති) අවස්ථාවලදීයි. නමුත් මෙම පිටපත් ඉතාමත් අඩු තත්වයෙන් යුතු වූ නිසා වෙනත් ආකාර දෙසට යොමුවිය.


1999 ඔක්තෝබර් මාසයේදී, DeCSS ක්‍රමලේඛය නිකුත් විය. එම ක්‍රමලේඛය මගින් DVD තැටියක CSS ගුප්ත කේතනය ඉවත් කිරීමට හැකියාව ලැබිණි. එහි නිෂ්පාදකයින් එම මෘදුකාංගයෙන් බලාපොරොත්තු වූයේ වාදනය කිරීම වුවත් ඊට මද කලකට පසුව නිකුත් වූ DivX 3.11 Alpha codec එක සමග පහසුවෙන් රිප් (අපහරණීය මාධ්‍යක් මගින් දෘඩ තැටියකට පිටපත් ගැණීම ) කර ගැනීමට හැකි විය. තවද VHS තත්වයේ තිබූ පිටපත් ගුණාත්වය, නව codec එක මගින් DVD තැටියකින් ආකේතනය කිරීමේදී DVD වීඩියෝවේ ගුණාත්වයට ආසන්න මට්ටමකට රැගෙන ඒමට හැකිවෙන ලදී.


මුල් කාලයේ DivX නිකුත් වීම් කණ්ඩායම් මට්ටමට පමණක් සීමා වුවත් codec එකේ පැතිරීමත් සමඟ එය සම්මත තත්වයක් බවට පත් වී ඉක්මනින්ම විශාල පරාසයක පැතිර යන ලදී. සිනමා ශාලාවල, චිත්‍රපට නිෂ්පාදනයේ සිටින සගයන් මගින් හෝ, විඩීයෝ කුලියට දෙන්නන් ආධාරයෙන් මෙම කණ්ඩායම් මගින් ඉතා විශාල වශයෙන් ඉතාමත් වේගයෙන් එලි දකින්නට පටන් ගන්නා ලදී. නව DivX නිකුතුව පැමිණි විට (Version 4.0), එය වාණිජ පදනමකට පත්වූ බැවින් නොමිලේ ලැබෙන codec XviD එකක අවශ්‍යතාවය පහල විය. අද වන විට ‍XviD විසින් සම්පූර්ණයෙන්ම පාහේ DivX අභිබවා ඇත. DivX හි වර්ෂන් 7.0 දක්වා වෙළඳ පලට පැමිණියද එය තහනම් කරන ලදී. [1] ඒ එහි භාවිතාවන පිළිවල නිසාය.

2012 පෙබරවාරි මාසයේදී ජනප්‍රිය අනවසර සලරූ කණ්ඩායම් විසින් පැරණි xvid Codec එක වෙනුවට H.264 Codec සම්මතය ලෙස තෝරාගන්නා ලදී.[2]

නිකුතු වර්ග[සංස්කරණය]

පහත වගුවේ දැක්වෙන්නේ දැනට භාවිතයේ පවතින අනවසර චිත්‍රපට වර්ග වේ. එය පහල තත්වයේ සිට පටන් ගෙන ඉහලම තත්වය දක්වා වර්ග කර ඇත. Scene rules(දර්ශන නීතී) යනුවෙන් අදහස් කරන්නේ ඒවා නිකුත් කරන වර්ගය නම් කරන ආකාරය වේ.[3]

වර්ගය ලේබලය දුර්ලභත්වය
Cam[4] CAMRip
CAM
සුලභයි; මෙහි බාල ගුණාත්වය හේතුවෙන් මෙය ජනප්‍රිය නැත.
පිටපත ලබාගන්නේ කැම්කෝඩරයක් ආධාරයෙන් සිනමා ශාලාව තුලදීය. ශබ්ද ප්‍රභවය වන්නේ කැමරාවේ මයික්‍රොෆෝනයයි. කැම් රිප් චිත්‍රපටයේ පළමු දර්ශනයෙන් පසුව ඉක්මනින් නිකුත් වෙයි. ගුණාත්මක භාවය අඩු අගයක් ගන්නා අතර එය කැමරාවේ විභේදනය මත තීරණය වේ. මෙහි ප්‍රධාන අවාසියනම් ශබ්ද තත්වයයි. මයික්‍රෝෆෝනය මගින් චිත්‍රපටයේ පමණක් නොව සිනමා ශාලාව තුල ඇති බාහිර ශබ්දද පටිගත වේ. එලෙසම සිනමා ශාලාව තුල සිදුවන පුද්ගල චලනය වීම් ද පටිගත වේ. (තිරය අවහිර වනලෙස සුළු මොහොතකට සිට ගැනීමේදී)
Telesync[4] TS
TELESYNC
PDVD
ඉතා සුලභයි
පිළිගැනිමට පටහැණි වුවත් TS හි වීඩීයෝ ගූණාත්මක බව CAM පිටපතකට සමානවේ. එහෙත් Telesync හොඳ වීඩීයෝ තත්වයක් නොතිබුණත් හොඳ ශ්‍රව්‍ය තත්වයක් ඇත. CAM ප්‍රභවය හොඳ වෙනත් ශබ්ද ප්‍රභවයක් සමඟ සමමුහුර්තකරණය කර ඇත. එය සමහර විට සිනමා ශබ්ද පද්ධතියෙන් හෝ ඇසීමේ ආබාධිත තත්ව ඇති පුද්ගලයින්ට තිබෙන FM රේඩියෝ විකාශනයෙන් උකහා ගෙන ඇත. බොහෝ විට cam පිටපතම telesync ලෙස වැරදියට නම් කරනු ලබයි.

PDVD, නැතහොත් Pre-DVD, යනු බොහෝ විට ඉන්දියාව තුල හෝ ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපට සමග නිකුත් වන වර්ගයකි. අඩු ගුණාත්මක භාවයකින් යුත් CAM/TS නිකුතු ඉන්දියාව තුල DVD ලෙස මහමාර්ගයේ විකුණනු ලබයි. ඒවා සමහර කණ්ඩායම් විසින් PDVD-rips ලෙස නිකුත් කරනු ලබයි. මේවාහී නමට ඇති සමාන කම නිසා බොහෝ විට DVD-rip ලෙස රැවටීමට භාජනය වේ.

Workprint[4] WP[5]
WORKPRINT
ඉතා දුර්ලභයි
මේ පිටපත චිත්‍රපටියේ වැඩ අවසන් නොකළ පිටපතකින් සාදා ගනු ලබයි. ආකෘතික වශයෙන් මෙහි සිනමා නිකුත් කිරීමට වඩා දර්ශන වල අඩුවක් පැවතිය හැක. සමහර පිටපත් වල කොනකින් හෝ ඉහල පෙදෙසක කාල රාමුවක් ගමන් ගන්නා ආකාරයද දැකිය හැකිය. සමහරවිට දියසළකුණුද ඇතුලත් විය හැක. මෙය සමහරවිටෙක සංස්කරණය නොකල නිකුතුව ලෙස ද එලිදැක්විය හැක.
Telecine[4] TC
TELECINE
සාමාන්‍යයෙන් දුර්ලභයි; R5 නිකුතු නිසා ජනප්‍රියතාව අඩු විය
මෙම කොපිය පිටපත් කරගන්නේ චිත්‍රපටය ඇනලොග් පටයේ සිට සංඛ්‍යාංක(Digital) පිටපත වෙත පරිවර්තනය කරනු ලබන යන්ත්‍රයෙනි. මෙම පිටපත් බොහෝ දුර්ලභ වන්නේ මෙය බොහෝ වියදම්කාරී හා විශාල පිටපත් වන බැවිනි. කෙසේවුවද මෑතකදි මෙය සාමාන්‍ය තත්වයට ලං විය. මෙහි සාමාන්‍යයෙන් ගුණාත්මක භාවය DVD තරම්ම වන්නේ මෙය සාමාන්‍ය චිත්‍රපටියක් DVD ගත කරන තාක්ෂණයට සමීප නිසාය. කෙසේ වුවද සාමාන්‍යයෙන් ඇනලොග් පටයේ අඩු ගුණාත්මක භාවය මත මෙය වෙනස්විය හැක. Telecine යන්ත්‍ර මගින් සාමාන්‍යයෙන් වමේ සිට දකුණට සියුම් සෙලවීමක් දකින්නට ලැබෙන අතර DVD පටයට සාපේක්ෂව වැරදි වර්ණතත්ව භාවිතාවන බවද දක්නට ලැබේ.
Pay-Per-View Rip[6] PPV
PPVRip
සුලභයි
PPVRips නිකුත් වන්නේ මුදල් ගෙවා බලන(Pay-Per-View) මූලාශ්‍ර වලිනි. සියළුම PPVRip නිකුතූන් අලුත්ම චිත්‍රපට වන අතර තවමත් Screener හෝ DVD ලෙස නිකුත් නොවුනත් හෝටල් වල සිටින අමුත්තන් හට නැරඹීමට තිබෙන ඒවා වේ.
Screener][4] SCR
SCREENER
DVDSCR
DVDSCREENER
BDSCR
ඉතා සුලභයි
චිත්‍රපටය තිරගත වීමට කලින් DVD හෝ VHS නිකුත් වීම් සිදුවේ. මේවා බොහෝවිට යවනු ලබන්නේ චිත්‍රපට විචාරකයන්, ඇකඩමි සාමාජිකයින් වෙත එය විචාරය කිරීමේ කටයුතු සඳහා වේ. Screener පිටපත් වල සාමාන්‍යයෙන් පහත සඳහන් පණිවිඩයට සමාන පණිවුඩයක් දක්නට ලැබේ.:"The film you are watching is a promotional copy, if you purchased this film at a retail store please contact 1-800-NO-COPIES to report it." මීට අමතර සමහර ආයතන විසින් සමහර දර්ශන කොටස් කළු-සුදු ආකාරයෙන් දර්ශනය කරනු ලබයි. මේවාටත් අමතරව වෙළඳපලට නිකුත් වන DVD වලට වඩා ස්වල්ප ප්‍රමාණයකින් දර්ශණ තත්වය අඩුය. සමහර අනවසර චිත්‍රපට නිකුත් කරන කණ්ඩායම් විසින් මෙම පණිවුඩය කපා ඉවත් කර DVD-Rip ලෙස වර්ග කර නිකුත් කරනු ලබයි.


සටහන්: මෙහි සඳහන් කල කරුණු වලට අමතරව සාමාන්‍ය භාවිතයේදී මෙය DVD-Rip වඩා අඩු ගුණාත්මක භාවයකින් යුතු බව සැලකේ.

Digital Distribution Copy DDC
ඉතා දුර්ලභයි
DDC මූලිකව Screener එකට සමාන වුවත් එය සමාගම් වෙත තැපෑලෙන් නොව ඩිජිටල් ලෙස යවනු ලබයි. උදා (email/ftp/http/etc.). එය බෙදා හැරීමේ වියදම් අඩු කරනු ලබයි. මෙය R5 වලට වඩා ගුණාත්මක බවින් අඩු වුවද Cam හෝ Telesync වඩා ගුණාත්මක බවින් වැඩිය.
R5[7] R5
R5.LINE
R5.AC3.5.1.HQ
ඉතා සුලභයි
R5 යනු කලාප 5 හි විකුණනු ලබන DVD වේ. කලාප 5ට අයත් වනුයේ ඉන්දියානු උපමහද්වීපය, අප්‍රිකාව, උතුරු කොරියාව, රුසියාව සහ මොන්ගෝලියාව වේ. R5 නිකුතු සාමාන්‍ය නිකුතුවකට වඩා වෙනස් වන්නේ ඒවා කිසිම දෘශ්‍ය සැකස්මකින් තොරව කෙලින්ම හුවමාරු කළ ඇති නිසාය. මුල් පිටපතේ ඉංග්‍රීසි භාෂාව නොතිබුනහොත් R5 පිටපත වෙත ඉංග්‍රීසි භාෂාව වෙනමම සමමුහුර්තකරණය කරනු ලබයි. එවිට එයට LiNE ටැගය එක් කරණු ලැබේ.[8] මෙහි තේරුම බොහෝවිට මෙහි ශබ්දය DVD-Rip ලෙසම ගුණාත්මක බවින් අඩුවිය හැකිය.මෙම වර්ගයේ නිකුතු සාමාන්‍යයෙන් AC3.5.1.HQ ලෙස දක්වා ඇති අතර ශ්‍රව්‍ය පථයට කළ වෙනස්කම් මෙන්ම දෘශ්‍ය තත්වය ගැන අනවසර සළරුවේ නිකුතු සටහනේ දක්වා තිබේ.[9]

පහත දැක්වෙන්නේ අනෙකුත් කලාප වේ:

  • R0 කලාප කේතයක් නැත
  • R1 ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව
  • R2 යුරෝපය, ප්‍රංශය, ග්‍රීසිය, තුර්කිය, ඊජිප්තුව, අරාබිය, ජපානය හා දකුණු අප්‍රිකාවද ඇතුලත් වේ
  • R3 කොරියාව, තායිලන්තය, වියෙට්නාමය, බොර්නේයෝ සහ ඉන්දුනීසියාව
  • R4 ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය, මෙක්සිකෝව, කැරේබියානු කොදෙව් රටවල් හා දකුණු ඇමරිකාව
  • R5 ඉන්දියාව, අප්‍රිකාව, රුසියාව හා පැරණි සෝවියෙට් දේශයට අයත් රටවල්
  • R6 චීන සමූහාණ්ඩුව
  • R7 භාවිතයේ නොමැත
  • R8 ගුවන්යානා/සුඛෝපභෝගී නැව්
  • R9 ව්‍යාප්ත (බොහෝවිට කලාප සීමා නැතිවිට භාවිත වේ)

R1 සහ R2 හොඳම තත්වයන් ලෙස සැලකේ.

DVD-Rip DVDRip ඉතා සුලභයි
චිත්‍රපටයේ අවසාන නිකුතු විශේෂයයි. සාමාන්‍යයෙන් චිත්‍රපටිය පෙන්වීමට පටන්ගත් කලාපයෙන් පිට කලාපයකදී පෙන්වීමට පෙර නිකුත් වේ. බොහෝවිට එක් කණ්ඩායමක් මෙම වර්ගයේ හොඳ පිටපතක් නිකුත් කල විට එම පිටපත් නිකුත් කිරීම වෙනුවෙන් පැවති "තරඟය" නිමාවට පත්වේ. මේවාගේ ඇති හොඳ තත්වය නිසා සාමාන්‍යයෙන් ඒ වනවිට සංසරණයේ පවතින එම චිත්‍රපටයේ සියළු පිටපත් මෙය විසින් නවතාලනු ලැබේ. පුළුල්තිර(Widescreen) පිටපත් WS.DVDRip ලෙස හඳුන්වනු ලැබේ.
DVD-R DVDR,[10] DVD-Full, Full-Rip, ISO rip, lossless rip, untouched rip, DVD-5/DVD-9 ඉතා සුලභයි
DVD වර්ගයේ අවසන් ආකෘතියයි. සාමානයයෙන් මුල් DVD හි සම්පූර්ණ පිටපතයි. මුල් DVD පටය DVD-9 ආකෘතියෙන් නිකුත් කර ඇත්නම් අතිරේක අංග ඉවත් කොට සහ/හෝ විඩියෝව අඩු වියදම් හා සාමාන්‍ය (පිටපත් කිරීමට) DVD-5 ආකෘතියට සකස් කොට ඇත. DVDR නිකුතු බොහෝ විට DVD-Rip නිකුත් කොට පැය කිහිපයකින් නිකුත් වේ. DVDR සාමාන්‍යයෙන් විශාල ෆයිල් වේ. සාමාන්‍යයෙන් DVD-5 4.37GB හා DVD-9 7.95 GB පමණ වේ. Untouched හෝ http://en.wikipedia.org/wiki/Lossless_data_compression lossless rip] පිටපත් යනු මුල් පිටපතත් සමග 1:1 අනුපාතයේ පවතින, ප්‍රකාශන හිමිකම් පණිවුඩ හැර අන් කිසිවක් ඉවත් නොකළ රිප් වේ.
HDTV / DS Rip[11] DSR
DSRip
DTHRip
DVBRip
HDTV
PDTV
TVRip
HDTVRip
ඉතා සුලභයි
TVRip යනු ග්‍රහණය කිරීම(capture) ඇනලොග් ග්‍රහන කාඩ් (coaxial/composite/s-video connection) මගින් සිදුකිරීම වේ.
STV යනු (Subscription TV Rip) වේ. Digital stream rip (DSR) යනු සැටලයිට් වැනි non standard definition digital මූලාශ්‍රයකින් ග්‍රහණය කල පිටපත් වේ.
HDTV හෝ PDTVහෝ DTH (Direct To Home)පිටපත් බොහෝ විට පැමිණෙන්නේ විකාශ සම්ප්‍රේෂණයෙනි. HDTV ප්‍රභයකින් සමහරවිට DVD තත්වයද ඉක්මවා යන ගුණාත්මකභාවයක් ලැබේ. මෙවැනි වර්ගයේ පිටපත් වල ඉල්ලුම ඉහල යාමට පටන් ගෙන ඇත.
Analog, DSR, සහ PDTV ප්‍රභවයන් පූර්ණ තිරය නම් 512×384, පුළුල් තිරය නම් 640×352 ලෙස බහුලව නැවත ආකේතනය කර තිබේ. HDTV ප්‍රභවයන් 640×352 (360p), 960×528 (540p), 1280×720 (720p) ලෙස විව්ධ විභේදනයන්ට හා විවිධ ගොණු ප්‍රමාණ වලට පවතී. යුරෝපයේ, DVB-S යනු SKY වැනි සැටලයිට් ඩිකෝඩර් මගින් පටිගත කර ගන්නා ක්‍රමයකි. ඒවාහී progressive scan කිරීමට හැකියාව ඇති හා නොහැකි ලෙස පවතී.(480i සංඛ්‍යාංක සම්ප්‍රේෂණය).
VODRip VODRip
VODR
සුලභයි, ඉතා සුලභ වෙමින් පවතී
VODRip හී තේරුම වන්නේ Video-On-Demand Rip යන්නයි. මෙය සිදුකරනු ලබන්නේ කේබල් හා සැටලයිට් වැනි රූපවාහිණී සේවා අධාරයෙනි. බොගෝ සේවා මෙය සිදුකිරීම සේවා කොන්දේසි කඩ කිරීමක් ලෙස දක්වනු ලැබුවද අවම තාක්ෂණයකින් එය සිදුකල හැකි නිසා මෙය ජනප්‍රිය වෙමින් පවතී. දෘශ්‍ය මූලාශ්‍රය හඳුනාගත හැකි මෘදුකාංගයක් භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි හොඳම ක්‍රමය වේ. සමහර පුද්ගලයින් HD තත්වය නැතත් CAM හෝ TELE-SYNC වර්ගයේ සිනමා ශාලා, රූපවාහිනි, පරිගණක තිරයකින් කැමරාවක් භාවිතයෙන් ලබාගන්නා පිටපත් වලට වඩා හොඳ ප්‍රතිඵල මෙම ආකාරයෙන් කැමරාවක් භාවිතයෙන්ම ලබාගැනීමට හුරුවී ඇත.
BD/BR Rip BDRip
BRRip
Blu-Ray / BluRay / BLURAY
BDR[12]
BD5/BD9(BD25/BD50)
සුලභයි, ඉතාමත් සුලභ වෙමින් පවතී
DVD-Rip පිටපතට සමානය, වෙනසකට පවතින්නේ මූලාශ්‍රය Blu-ray තැටියක් වීමය. DVD ප්‍රමාණයේම BD/BR පිටපතක් බොහෝවිට DVD rip පිටපතට වඩා ගුණාතමක භාවයක් දක්වයි. ඊට හේතුව හොඳ ප්‍රභව මාධ්‍යයක් පැවතීමය. බාගත කරගන්නා අවස්ථාවල සුලභව දක්නා වරදවා වටහා ගැනීමක් නම් BDRip සහ BRRip යනු සමාන තත්වයක් බවයි. නමුත් BDRip කෙලින්ම Blu-ray මූලාශ්‍රයෙන්ම පැමිනෙන අතර BRRip ආකේතනය කරනු ලබන්නේ කලින් කල (සාමාන්‍යයෙන් වෙනත් කණ්ඩායමක 1080p BDRip) නිකුතුවකිනි. BD Rips සාමාන්‍යයෙන් XviD මඟින් ආකේතනය කල DVD-Rip ප්‍රමාණවලින් (බහුලව 700MB සහ 1.4GB) මෙන්ම වඩා විශාල x264 මඟින් ආකේතනය කල DVD5 හෝ DVD9 (සාමාන්‍යයෙන් 4.5gb හෝ ඉහල, කාලය හා තත්වය මත පදනම්ව) පවතී. BD5 හෝ BD9 ලෙස පවතින්නේ DVD5/DVD9 නිකුතුවලට වඩා ස්වල්පයක් මතක ධාරිතාවයෙන් කුඩා AVCHD අනුකූල නිකුතු වේ. මෙම නිකුතු DVD හී පටිගත කොට AVCHD අනුකූල Blu-ray යන්ත්‍ර මඟින් නැරඹිය හැක. ඉතා අලුත් නිකුතු නම් අඩු මතක ධාරිතාවයක් ගනු ලබන BD25 හෝ BD50 ලෙස හඳුන්වන Blu-ray පිටපත් වේ(images). ඒවා නැවත ආකේතනය කර තිබිය හැක.

මෙහිද විවිධ ප්‍රභේද වල නිකුතු පවතින අතර m-720p (හෝ mini 720p) යනු 720p හී සංයුක්ත ප්‍රභේදය වේ. ප්‍රමාණය සාමාන්‍යයෙන් 2-3 GB අතර පවතින අතර වඩාත්ම බාගත කර ගන්නා ප්‍රභේදය නම් 720p වන අතර එය 4-7 GB ප්‍රමාණයේ පවතී. m-1080p (හෝ mini 1080p) සාමාන්‍යයෙන් 720p ට වඩා විශාල වන අතර 1080p සාමාන්‍යයෙන් 8GB සිට 40-60 GB දක්වා අගයන් අතර පැවතිය හැක. mHD (හෝ mini HD) ප්‍රභේදය අඩු විභේදනයන්ට හා අඩු මතක ධාරිතා වලට ආකේතනය කර ඇත.

WEB Rip WEB-Rip
WEBRIP
WEB Rip
සුලභයි. WEB-DL වෙත වඩා මනාපයක් දක්වයි.
මෙය Hulu වැනි සේවයක් භාවිතයෙන් තිරයක් වෙතින් ග්‍රහණය කරගන්නා නිකුතු වර්ගයක් වේ. එම හේතුව නිසාම උසස් තත්වයක් නොමැත. එහෙත් කුඩා දර්ශණ තිර සහිත උපකරණ වෙත ගැලපෙන අතර සාමාන්‍යයෙන් අඩු ගුණාත්මයකින් යුත් XVID චිත්‍රපට හා සමාන කළ හැක.
WEB-DL WEBDL
WEB DL
WEB-DL
සුලභයි, ඉතා සුලභ වෙමින් පවතී
මෙම සළරූ මාර්ගගත බෙදාහැරීමේ වෙබ් අඩවි (Web download) උදා. Amazon හෝ iTunes වැනි අඩවි වලින් බාගත කරගන්නා ලද ඒවා වේ. තත්වය සාමාන්‍යයෙන් හොඳ තත්වයෙන් පවතින අතර බොහෝ අවස්ථාවන් හීදී 1080p පිටපත් පවතී. මෙම නිකුතු ආධුනිකයින් විසින් කළහැකි බැවින් නිකුතු කණ්ඩායම් බොහෝවිට මෙම අපගත කිරීම් වලට මනාපයක් නොදක්වනු ලබයි. බොහෝ භාවිතා කරන්නන් මෙම පිටපත් වල වෙනසක් නිරීක්ෂණය නොකරන නමුත් සමහර පුහුණු භාවිතාකරන්නන් අඩු න්‍යායානූකූල කේත කිරීම් නිරීක්ෂණය කරනු ලබයි. උදාහරණයක් ලෙස බොහෝ අපගත කළ උසස් තත්වයේ WEB-DL පිටපත් XVID මිස x264 MKV ලෙස දක්වා නොමැත. x264 MKV බොහෝ විට භාවිතා කරන්නේ 720p හා 1080p වැනි උසස් තත්වයේ පිටපත් වලට වේ. මෙම පිටපත්වල වාසිය වන්නේ BD/DVDRips මෙන් දර්ශණ තිරයේ කිසිම ලාංඡනයක් (logo) නොමැති වීමයි.

මූලාශ්‍රයන්[සංස්කරණය]

  1. The XviD Releasing Standards 2005
  2. "H.264 Codec Now The 'Official' Standard".
  3. "How To Interpret Movie File Names?".
  4. 4.0 4.1 4.2 4.3 4.4 VCDQuality Terms සංරක්ෂණය කළ පිටපත 2010-05-29 at the Wayback Machine - Lists recent video releases in the warez scene.
  5. "What does "WP" mean?". සම්ප්‍රවේශය 2009-11-02.
  6. "What is PPVRip?".
  7. Wes Finley-Price -- CNN.com Webmaster (2009-11-09). "Pirated copy of District 9 posted online". scitech.blogs.cnn.com. සම්ප්‍රවේශය 2009-11-02. {{cite web}}: |author= has generic name (help)
  8. "What does "R5" mean?". සම්ප්‍රවේශය 2009-11-02.
  9. "Man.on.a.Ledge.2012.R5.DVDRip.XviD.AC3.5.1.HQ.Hive-CM8.nfo". සම්ප්‍රවේශය 2013-07-26.
  10. "The 2009 DVDR releasing standards". THE.2009.DVDR.RELEASING.STANDARDS-TDRS2K9
  11. "TV release rules v1.5 (2002-11-16)".
  12. "The BDR releasing standards". THE.2010.BDR.RELEASING.STANDARDS

සැකිල්ල:අනවසර චිත්‍රපට වර්ග

Royly Fernando

"https://si.wikipedia.org/w/index.php?title=අනවසර_සලරූ&oldid=591219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි