අඩනියා ෂිබ්ලි

විකිපීඩියා වෙතින්
අඩනියා ෂිබ්ලි
ජාතික ග්‍රන්ථ පදනම වෙනුවෙන් 2020 වසරෙහිදී ෂිබ්ලි පාඨනය සිදුකරමින්
උපත1974 (වයස 49–50)
පලස්තීනය
වෘත්තිය
  • නවකතා කතුවරිය
  • නිබන්ධක
  • නාටක රචක
  • කෙටි කතා ලේඛක
  • මහාචාර්යවරිය
භාෂාවඅරාබි
උගත් ශාස්ත්‍රාලයඊස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයය

අඩනියා ෂිබ්ලි (අරාබි: عدنية شبلي‎) (උපත 1974) යනු පලස්තීන ජාතික ගත්කතුවරියක් සහ නිබන්ධකයෙක් වෙයි.

පුද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය[සංස්කරණය]

ෂිබ්ලි උපත ලද්දේ 1974 වසරෙහිදීය. [1] [2] ඊස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලය වෙතින් ලබාගත් මාධ්‍ය සහ සංස්කෘතික අධ්‍යයන පිළිබඳව පී.එච්.ඩී උපාධියක් ඇය සතුව ඇත. [3]

2023 ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයෙහිදී පැවැත්වීමට නියමිතවූ ප්‍රදාන උත්සවය අවගංගු කිරීම පිළිබඳ මතභේදය[සංස්කරණය]

ජර්මානු සාහිත්‍යමය සංවිධානය ලිට්ප්‍රොම් විසින් ලිටරෙට්ටුවප්‍රයි (de) 2023 සඳහා ෂිබ්ලිගේ නවකථාව මයිනර් ඩීටේල් තෝරාගන්නා ලදි. පාර්ශවික වශයෙන් ඓතිහාසික පරිසිද්ධි මත පදනම්වූ මෙම නවකතාව විසින්, පසුකාලීනව ඊශ්‍රායෙල අධිකරණයක් විසින් ඝාතනය වෙනුවෙන් (දූෂණය වෙනුවෙන් නොව) දණ්ඩනයට ලක්වූ ඊශ්‍රායෙල සොල්දාදුවන් විසින් 1949 වසරෙහිදී පලස්තීනියානු ගැහැණු ලමයෙකු දූෂණය කිරීම සහ ඝාතනය කිරීම පිළිබඳ තොරතුරු විස්තර කරයි. [4] [5] මුලින්ම, ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය තුලදී ප්‍රදාන උත්සවය 2023 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වීම ප්‍රකාශයට පත්කෙරිණි. [6] නවකතාව විසින් යුදෙව් විරෝධී ආකල්ප ප්‍රකාශ කෙරෙතැයි යන්න හුවාදැක්වූ ජර්මානු මාධ්‍යවේදීන්ගේ විරෝධතාවන්ට ප්‍රතිචාරයක් වශයෙන්, ප්‍රකාශිත දිනයට වඩා දින කිහිපයකට පෙර දිනයක ලිට්ප්‍රොම් විසින් පොත් ප්‍රදර්ශනයෙහි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදාන උත්සවය අවලංගු කොට අනිර්දිෂ්ට දිනයකට එය කල්දැමිණි. අවලංගු කිරීමට තවත් හේතුවක් ලෙසින් දැනට පවතින ඊශ්‍රායෙලය සහ හමාස් අතර යුද්ධය තවදුරටත් නම් කෙරිණි. [7] මෙයට ප්‍රතිචාර වශයෙන්, එමිරේට්ස් ප්‍රකාශක සංවිධානය සහ අරාබි ප්‍රකාශක සංවිධානය විසින් ප්‍රදර්ශනයෙන් ඉවත්වීම සිදුකෙරුණු අතර,[8] ග්‍රන්ථයෙහි ඉංග්‍රීසි අනුවාදයෙහි ප්‍රකාශකයන් විසින්, ප්‍රදර්ශන කාලය තුල බලපත්වන අයුරින්, ග්‍රන්ථයෙහි ඊපොත නොමිලයේ ලබා දෙන ලදි. [9]


ආශ්‍රිත[සංස්කරණය]

  1. "අඩනියා ෂිබ්ලි". ද ජෝන් එෆ්. කෙනඩි සෙන්ට ෆෝ ද පර්ෆෝමිං ආට්ස්.
  2. "පෙන් වර්ල්ඩ් වොයිසර්ස් ෆෙස්ටිවල්". පෙන් ඇමරිකා. 2016-10-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-29.
  3. අඩනියා ෂිබ්ලි සංරක්ෂණය කළ පිටපත 2016-08-05 at the Wayback Machine(ක්ලොක්රූට් බුක්ස්)
  4. මැක්ග්‍රියල්, ක්‍රිස් (2003-11-04). "ඊශ්‍රායෙල් ලර්න්ස් ඔෆ් අ හිඩ්න් ෂේම් ඉන් ඉට්ස් අර්ලි ඉයර්ස්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/world/2003/nov/04/israel1. 
  5. බූටෝ, ෆැටීමා (2020-05-30). "මයිනර් ඩීටේල් බයි අඩනියා ෂිබ්ලි රිවීව් – හොරර් ඉන් ද ඩෙසර්ට්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/books/2020/may/30/minor-detail-by-adania-shibli-review-horror-in-the-desert. 
  6. "ද විනර් 2023 / ලිට්ප්‍රොම්". www.litprom.de (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-07-17.
  7. කවි, ඓයිෂ්වර්යා (2023-10-13). "අවෝඩ් සෙරමනි ෆෝ පැලස්ටීනියන් ඕතර් ඇට් ෆ්‍රැන්ක්ෆර්ට් බුක් ඊස් කැන්සල්ඩ්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/2023/10/13/books/frankfurt-book-fair-cancels-award-adania-shibli.html. 
  8. "එමිරේට්ස් පබ්ලිෂර්ස් අශෝෂියේෂන් පුල්ස් අවුට් ඔෆ් ද ෆ්‍රැන්ක්ෆර්ට් බුක් ෆෙයා". ද බුක්සෙලර් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-15.
  9. "ෆිට්ස්කැරැල්ඩෝ එඩිෂන්ස් ඔන් එක්ස්". X (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-21.
"https://si.wikipedia.org/w/index.php?title=අඩනියා_ෂිබ්ලි&oldid=604101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි