කෙමාල්වාදය

විකිපීඩියා වෙතින්
(අටාටුර්ක්චුලුක් වෙතින් යළි-යොමු කරන ලදි)

අටාටුර්ක්වාදය (තුර්කි: අටාටුර්ක්චුලුක්, අටාටුර්ක්ච ඩුසුන්ජේ) හෝ, ඊතල හය (තුර්කි: අල්ට ඔක්) ලෙසින්ද හැඳින්වෙන, කෙමාල්වාදය (තුර්කි: කෙමලිම්) යනු, තුර්කි ජනරජයෙහි ස්ථාපන මතවාදය වෙයි. [1] මුස්ටෆා කෙමාල් අටාටුර්ක් විසින් ක්‍රියාත්මක කෙරුණු පරිදී, කෙමාල්වාදය හැඳින්වෙන්නේ, නව තුර්කි රාජ්‍යය එහි ඔටෝමාන් පූර්වප්‍රාප්තිකයාගෙන් වෙනස්කිරීමට සහ බටහිර පන්නයට වූ දිවි පෙවෙතක් වැලඳගැනුම සඳහා සැලසුම් කෙරුණු දේශපාලනමය, සාමාජීය සහ ආගමික ප්‍රතිසංස්කරණ මෙන්ම,[2] ඒවා අතරින් බොහෝමයක් අටාටුර්ක්ගේ ජනාධිපතිධූර කාලසීමාවෙහිදී වූ ඔහුගේ ප්‍රතිසංස්කරණ තුලදී තුර්කියට පළමුවෙන් හඳුන්වාදුන්, ප්‍රජාතන්ත්‍රවාදය, අනාගාමිකවාදය, විද්‍යාව සහ නිදහස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය අනුග්‍රහය සංස්ථාපනය කිරීම වැනි දේවල් සීඝ්‍රයෙන් සිදු කිරීම වෙයි.[3]

අධිරාජ්‍යයේ සමීපස්ථ බිඳවැටීම වළක්වාගැනුම සඳහා, ඔටෝමාන් අධිරාජ්‍යයේ අවසන් කාලසීමාවෙහිදී ඇරඹුනු විවිධ ප්‍රතිසංස්කරණයන් වෙතින් කෙමාල්වාදයෙහි මුල් අදහස් ඇරඹුනු අතර, මේ සඳහා මුල් දායකත්වය 19වන සියවසෙහි මුල් භාගයෙහි ටාන්සිමත් ප්‍රතිසංස්කරණ වෙතින් සැපයිණි. [4]අධිරාජ්‍යයෙහි නැග එන වාර්ගික ජාතිකවාදය මැඩ පැවැත්වීම සඳහා සහ ඉස්ලාමීය ආභාෂයන් පවත්වා ගනිමින්ම පළමුවරට සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුන්වාදීමටත්, ඔටෝමාන් ජාතිකවාදය හෝ ඔටෝමාන්වාදය නම් දෘෂ්ටිවාදයක් තැනීමට, සියවසෙහි මැද භාගයෙහිදී තරුණ ඔටෝමාන්වරු උත්සාහ කලහ. 20වන සියවසෙහි මුල් භාගයෙහිදී, අනාගාමික දේශපාලන දෘෂ්ටියක් තෝරාගත් තරුණ තුර්කිවරුන් විසින් ඔටෝමාන් ජාතිකවාදය නිෂ්ප්‍රභා කරමින්, මුල් තුර්කි ජාතිකවාදය වෙත අනුග්‍රහය දැක්වූහ.


ආශ්‍රිත[සංස්කරණය]

  1. එරික් ජේ. සර්හර්, ටර්කි: අ මොඩර්න් හිස්ට්‍රි. නිව්යෝර්ක්, සී/ස ජේ.බී. ටෝරිස් හා සමාගම. පිටුව 181
  2. ක්ලිව්ලන්ඩ්, විලියම් එල්., සහ මාටින් පී. බන්ටන්. අ හිස්ට්‍රි ඔෆ් ද මොඩර්න් මිඩ්ල් ඊස්ට්. බෝල්ඩර්: වෙස්ට්වීව්, 2013. මුද්‍රිත.
  3. නොර්මන් ලෝව් විසින් රචිත මාස්ටරින් මොඩර්න් වර්ල්ඩ් හිස්ට්‍රි, දෙවන සංස්කරණය
  4. ක්ලිව්ලන්ඩ්, විලියම් එල්; බන්ටන්, මාටින් (2009). අ හිස්ට්‍රි ඔෆ් ද මොඩර්න් මිඩ්ල් ඊස්ට් (4වන ed.). වෙස්ට්වීව් ප්‍රෙස්. p. 82.
"https://si.wikipedia.org/w/index.php?title=කෙමාල්වාදය&oldid=658296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි