අච්චේ ඩින් ආනී වාලේ හේන්

විකිපීඩියා වෙතින්


උද්‍යෝග පාඨය සමගින් නරේන්ද්‍ර මෝඩි

අච්චේ ඩින් ආනී වාලේ හේන් (හින්දි: अच्छे दिन आने वाले हैं, සිංහල: හොඳ කලක් ඉදිරියට පැමිණෙයි) යනු, 2014 ඉන්දියානු මහා මැතිවරණය සඳහා, භාරතීය ජනතා පක්ෂයෙහි (බීජේපී) උද්‍යෝග පාඨය විය. මෙම උද්‍යෝග පාඨය සකසා ගත්තේ බීජේපී පක්ෂයෙහි අග්‍රාමාත්‍ය අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි විසින් වන අතර, එයින් දැක්වුනේ බිජේපී බලයට පත්වුවහොත් ඉන්දියාව සඳහා සෞභාග්‍යමත් අනාගතයක් සහතික බවයි. මැතිවරණයෙහිදී බීජේපී ජයග්‍රහණයෙන් පසුව, " අච්චේ ඩින්" (හොඳ කලක්) යන වචන ඇතුලත් ප්‍රකාශන භාවිතා වන්නේ, ශුභ වාදී බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීමට මෙන්ම මෝඩි රජය විවේචනාත්මක ලෙසින් සංවාදයට බඳුන් කිරීම යන දෙකම සඳහාය.

උද්‍යෝග පාඨය[සංස්කරණය]

"හොඳ කලක් ඉදිරියට පැමිණෙයි" යන මෙම උද්‍යෝග පාඨය, 2014 ඉන්දියානු මහා මැතිවරණය සඳහා, බී‍ජේපී පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි විසින් සකසා ගෙන ඇත.[1] මෝඩි පවසන පරිදී, මෙම උද්‍යෝග පාඨය සඳහා අදහස ඔහු හට ලැබුනේ ඔහුගේ ප්‍රධාන විපක්ෂයවූ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායක සහ, එවකට-ඉන්දියානු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙතිනි.[2] 2014 ජනවාරි 8 දිනදී, ප්‍රාවාසි භාරතීය දිවර්ස් තුලදී ප්‍රේක්ෂක සමුහයක් අමතමින් සිං පැවසුවේ, "ඔව්, අප පසුකර යන්නේ නරක කාලයක් වුවත් හොඳ කලක් ඉදිරියට පැමිණෙයි" යනුවෙනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "විල් ද බජට් රියලි අෂර් ඉන් 'අච්චේ ඩින්' ෆෝ ඉන්ඩියා?". හින්දුස්ටාන් ටයිම්ස් (එච්ටී මීඩියා). 16 ජූලි 2014. http://www.hindustantimes.com/comment/indiapoliticswatch/will-the-budget-really-usher-in-acche-din-for-india/article1-1240870.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 අගෝස්තු 2014. 
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; dna නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි