අක්ෂය කුමාර්

විකිපීඩියා වෙතින්
අක්ෂය කුමාර්
අක්ෂය කුමාර් "හේයි බේබි" චිත්‍රපටය රූ ගත කිරීමකදි ය.(2007)
උපත
රාජිව් හරි ඕම් භාතිය.

9 සැප්තැම්බර් 1967 (1967-09-09) (වයස 56)
අම්‍රිත්සර්,පන්ජාබ්,ඉන්දියාව.
රැකියාවචිත්‍රපට නලුවෙකි, නිෂ්පාදක, ඉදිරිපත් කරන්නා
සක්‍රීය වසර1991–වර්තමාන
කලත්‍රයා(යන්)ට්වින්කල් ඛන්නා (2001–වර්තමාන)

අක්ෂය කුමාර් (1967,සැප්තැම්බර් 9 වන දින උපත ලැබු රාජිව් හරි ඕම් භාතිය.) ඉන්දීය චිත්‍රපට නලුවෙකි. ඔහු විසින් දැනට චිත්‍රපට 90වකට අධික ගණනක රගපා ඇත. 1990 කාලය තුලදි ඔහුව හදුන්වන ලද්දේ බොලිවුඩ් හි "සටන් වීරයා " ලෙසටය. තව ද ශ්‍රැOගාර චිත්‍රපට වන "යේ දිල් ලගී"(1994) හා "දඩ්කන්"(2000) වැනි චිත්‍රපට ද,නාට්‍යමය චිත්‍රපට වන "ඒක් රිශ්තා(2001) හි ඔහුගෙ රගපෑම හදුන ගත හැක. 2002 වර්ශයේදි,ඔහුට තම ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් සම්මානය" හොදම "දුශ්ඨ චරිතය" ඛාන්ඩයෙන්,"අජ්නබී(2001) චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ලැබීය. ඔහුගේ නොනැමෙනසුලු ප්‍රතිරූපය වෙනස්කීරිමේ අදහසින්,ඔහු පසුව වැඩිපුරම විකට චිත්‍රපට වලට ඉදිරිපත් විය. "හේරා ෆේරි(2000),"මුජ්සේ ශාදි කරෝගේ"(2004) "ගරම් මසාලා(2005),"වක්ත්-ද රේස් අගේස්න්ට් ටය්ම්(2005)ආදිය ගෞරවයෙන් පිලි ගන්නා ලදි. ඔහු විසින් එක දිගට රගපෑ වානිජමය චිත්‍රපට හතරක් නිසාවෙන් ඔහුගේ සාර්ථකත්වය 2007 වර්ශයෙදි නැවත පිබිදීය. එසේ කිරීමෙන් පසුව ඔහු විසින් ඉන්දීය සිනමාවේ කැපි පෙනෙන චරිතයක් ලෙස තම ස්ථාවරය ස්ථාපනය කර ගන්නා ලදි. 2008 දි ඉන්දීය සිනමාවට ඔහු දක්වන ලද දායකත්වය වෙනුවෙන්,කැනඩාවේ ඔන්ටාරියොහි "වින්ඩ්සර්" විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව නාමයක් පවරන ලදි. ඉන්දීය සිනමාවට ඔහු දක්වන ලද දායකත්වය වෙනුවෙන්,කැනඩාවේ ඔන්ටාරියොහි "වින්ඩ්සර්" විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව නාමයක් පවරන ලදි.

2018 වසරේ ඉන්දිය සිනමාවේ විශාලතම 3D චිත්‍රපටය වන 2.0 හී පක්ෂි රාජා චරිතයට පණපොවමින් බ්ලොග්බස්ටර් නළුවෙක් බවට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=අක්ෂය_කුමාර්&oldid=430699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි