අකරවිට රජ මහා විහාරය
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2023 සැප්තැම්බර්) |
ලෙනවර රජ මහා විහාරය අකරවිට
[සංස්කරණය]අවිස්සාවේල්ල කොලඹ මර්ගයේ කොස්ගම-ශලාව යුධ හමුදා කඳවුර අසලින් වන අකරවිට මාර්ගයේ කිලෝ මීටර දෙකක් පමන ගිය විට හමුවන සුන්දර කඳුගැටයක් මත මෙම විහාරය පිහිටා ඇත. විශාල ධර්ම ශාලාවක් අසලින් වැටී ඇති පියගැට සියයක පෙලක් ඔස්සේ ඉහලට ගිය විට විහාර මළුවට පීවිසෙන්නට හැකිය. එසේ විහාර මළුවට පිවිසීමේදී මෑතක දී ඉදිකරන ලද වාහල්කඩින්ද විහාරස්ථානයේ විසිතුරු බව තවද වැඩිකරන අතර හමුවන බෝධිමළුවේ ඔබ්බෙන් වන නයි පෙනයක හැඩය ගත් විශාල ගල් ලෙනක විහාරය ඉදිකර ඇත. මෙම ලෙනෙහි කටාරම්ද කොටා තිබෙනු දැකිය හැකිය.
විහාර ගෙය තුල රියන් 10 ක පමන සැතපෙන පිලිමයකි. එම පිලිමයෙහි හිස පැත්තෙන් අඩි දහයක පමන හිටි පිලිමයක්ද වේ. පාමුල දෙසින්ද අඩි හයක පමන සමාධි බුද්ධ ප්‍රතිමාවක්ද වේ. මීට අමතරව විෂ්ණු ප්‍රතිමාවක්ද වේ. බුදුන් වහන්සේ දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කිරීමද නෙලා ඇත. ප්‍රතිසංස්කරනය කර ඇති මුත් නුවර යුගයේ ලක්ෂන දැකිය හැකි බවට ඉතිහාසය හදාරන්නන් මේවා පැහැදිලි කරයි. බිත්ති මත මහරහතන් වහන්සේලාගේ සිතුවම් ඇඳ වියන අලංකාර මෝස්තරවලින් හැඩ කොට ඇත. විහාරගෙය කෙලවර පංචමහා දේවාලද ඉදිකර ඇත. ඝංථාකර අඩි 30 පමන උසැති චෛත්‍ය මෙම බිමෙහි වන සුන්දරත්වය තවත් වැඩිකරවන සුලුය.
විහාර ගෙය අසලින් ඉහලට නැගීමේදි අතීත භික්ෂූන් වහන්සේලා පරිහරනය කල කටාරම් කෙටූ හා කටාරම් නොකෙටූ ගල් ලෙන් හමුවන අතර එම ගල් තලාව මත ස්වාභාවිකව නිමවූ පොකුනු පහක් පමණ දැකිය හැකිය. ප්‍රමානයෙන් විශාල නොවුනද මෙම පොකුණු එකිනෙක උමං මගින් සම්බන්ද කර ඇති ගැබුරින් වැඩි ඒවා හැටියට හදාරන්නන් පෙන්වා දෙනා අතර ඔවුන් පෙන්වාදෙන්නේ පායන කාල වලදී වුවත් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ජලය ලබා දෙන්නට මෙවා උපකර වෙන්නට ඇති බවයි. මෙම ගල්තලාවේ මුදුනත හේවිසිගල ලෙසට නම් වන අතර විහාරයේ ආගමික වතාවත් වලදී ගල මුදුනේ සිට හේවිසි වැයීමේදී හේවාගම් කෝරලයේ මෙන්ම සියනෑ කෝරලයද ආවරනය වන විශාල ප්‍රමානයකට තේවා හඬ ඇසෙන්නට ඇති බවට උපකල්පනය කල හැක. හදාරන්නන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලෙන් විහාරය අනුරාධපුර යුගයේ වලගම්බා රජ දවස දක්වා ඉතිහාසයක් ඇති බවට මතවාද පවතින මුත් ඒවා සදහා පැහැදිලි ශාක්ෂි නොමැති බවයි. කෝට්ටේ, සීතාවක මෙන්ම නුවර යුගවලදී මෙම පුන්‍ය භූමිය හොඳ දියුනු තත්වයක තිබෙන්නට ඇති බවටයි විස්වාසය වන්නේ,
මෙම විහාරස්ථානය අසලම ලෙනදොර ඇත්ගාලද පිහිටා ඇති අතර ගලර්වතය ස්වාභාවිකවම දෙපලුව එක් දෙසකින් පහසුවෙන් අලියෙකුට රිංගායමටය හැකිවන ලෙසට හා අනෙක් කෙරවලදී කොටුවන ස්වභාවයක් ගන්න බව දැකිය හැකිය. අතීතයේ සිටම අලි ඇතුන් මෙම ගාලට කොටුකර ගත් බවට ජනප්‍රවාද පවතින අතර සීතාවක ඇත් හමුදාවට අවශ්‍ය අලි ඇතුන් මෙම ස්ථානයෙන්ද අල්ලා ගන්නට ඇත.