සුජාතා (1953 චිත්‍රපටය)
සුජාතා | |
---|---|
අධ්‍යක්ෂණය කලේ | ටී. සුන්දරම්, ඩී. වී. චාරි |
නිෂ්පාදනය කලේ | කේ. ගුණරත්නම් |
රඟ පාන්නේ | ෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත්, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙමිණි කාන්තා |
සංගීතය සැපයුවේ | ආනන්ද සමරකෝන් (පද රචනය) සිරිසේන විමලවීර (පද රචනය) ඩී. ටී. ප්‍රනාන්දු (පද රචනය) සුසරල දක්ෂිණමුර්ති (සංගීතය) |
Distributed by | සිනමාස් සමාගම |
Release date | මැයි 26, 1953 |
Country | ශ්‍රී ලංකාව |
Language | සිංහල |
සුජාතා යනු බරී බෙහෙන් නම් බොලිවුඩ් චිත්‍රපටය මත පදනම්ව 1953 වසරෙහිදී තැනුනු ශ්‍රී ලාංකික ප්‍රේම වෘත්තාන්ත සංගීතමය චිත්‍රපටයකි. එකල වන තෙක් තැනුනු වඩාත් සාර්ථක ශ්‍රී ලාංකික චිත්‍රපටය එය වූ අතර, අලජ්ජ ලෙසින් ඉන්දියානු චිත්‍රපට කොපි කිරීමෙහි නැඹුරුව එයින් ඇරඹිණි.
කතා සාරාංශය[සංස්කරණය]
ඔවුන්ගේ මවගේ මිය යෑමෙන් පසුව, කතානායිකාව වන සුජාතා විසින් තම අධ්‍යයන කටයුතු අතහැරදමන්නේ ඇයගේ බාල සොහොයුරිය ප්‍රේමා පෝෂණය කිරීම සඳහාය. ප්‍රේමා හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනය ඔවුන්ගේ මව තුල සැමවිටම වූ බැවින් මෙම කැපකිරීම අතිශයින් යෝග්‍ය බව සුජාතා විශ්වාස කරයි. කෙසේවෙතත් ප්‍රේමා නගරයට සම්ප්‍රාප්ත විමෙන් පසු, තොඳොල් බසින් කතාවෙහි රුසි රැවටිලිකාර සල්ලාලයෙක් වූ විකී වෙතින් දූෂණය වී ගැබිණියක වෙයි. විකී විසින් අත්හැරදමනු ලබන ප්‍රේමා යළි තම වැඩිමහළු සොහොයුරිය සමග ජීවත්වීමට යයි. ඔවුනට අස්වැසිල්ලක් ලැබෙන්නේ සුජාතා සමග පෙමෙන් වෙලෙන නිහාල් නමැති සානුරෝධ දොස්තර මහතෙකු නිසාය.
නළු නිළි කැල සහ චරිත
- ෆ්ලොරිඩා ජයලත් - සුජාතා
- ප්‍රේම් ජයන්ත් - නිහාල්
- ශාන්ති ලේඛා - ප්‍රේමා
- ඩොමී ජයවර්ධන - විකී
- ජෙමිණි කාන්තා
- ඩේවිඩ් ධර්මකීර්ති
ගීත[සංස්කරණය]
- "ප්‍රේමාලෝකය නිවී" – ජමුනා රානි සහ මොහිදීන් බෙග්,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
- "සුමධුර වේ" – කේ. රානි
- "අයියෝ බබා බබා" – සුනිල් ප්‍රේමදාස, කේ. රානි සහ ධර්මදාස වල්පොල
- "මෙන්න මැණිකො" – ඩොමී ජවයර්ධන සහ ස්වර්ණලතා
- "වේදනා හර්දේ නැගේ" – ජමුනා රානි
- "පෙම් රැල්ල නැගේ" – කේ. රානි සහ ධර්මදාස වල්පොල,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
- "මායාවෙන් මේ ලෝකේ (ක්‍රෝධය දේ)" – මොහිදීන් බෙග්
- "ප්‍රේම ගඟේ" – කේ. රානි සහ මොහිදීන් බෙග්, (පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
- "මනරංජන දර්ශනීය ලංකා" – කේ. රානි සහ ගායක වෘන්දය
- "දන්න කලේ" – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
- "නාරිලතා පුෂ්පේ" – මොහිදීන් බෙග්
- "ගියා තමයි " – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු (ගී තනුව ජාල් නමැති 1952 බොලිවුඩ් චිත්‍රපටයෙහි එන ලතා මංගේශ්කාර්ගේ "චෝරි චෝරි මෙරි ගාලි" වෙතිනි )