සිද්ධි ලෙබ්බේ

විකිපීඩියා වෙතින්

ඇම් .සී . සිද්ධි ලෙබ්බෙ මහතා ගැන විස්තර සියල්ලsiddi

පරපුර[සංස්කරණය]

1838 ජුනි 11 දින මහනුවර දිස්ත්‍රික්කයේ දී උපත ලැබූ මුහම්මද් කාසිම් සිද්ධි ලෙබ්බේ මහතා කීර්තිමත් නීතිඥවරයෙක්, අධ්‍යාපනඥයෙක්, විද්වතෙක්, සමාජ සේවකයෙක් මෙන් ම මුස්ලිම් ප්‍රජා නායකයෙක්ද විය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් ජාතික නීතිඥවරයාද විය.

සිද්ධි ලෙබ්බේතුමන්ගේ මුතුන් මිත්තන් තමිල්නාඩුවේ පදිංචි වී සිට පසු ව මහනුවර දිස්ත්‍රික්කයට සංක්‍රමණය වූ අරාබි ජාතිකයන් විය. ඔහුගේ පියා වූ මුහම්මද් සිද්ධි ලෙබ්බේද ශ්‍රී ලංකාවේ මුල් ම නීතිඥවරුන්ගෙන් (proctor) අයෙක් විය.

මුල් අවධිය[සංස්කරණය]

අරාබියානු අධ්‍යාපනයක් ලබා තිබූ මුහම්මද් ලෙබ්බේ නම් සිය වැඩිමල් සොයුරා වෙතින් හෙතෙම දමිළ සහ ඉංග්‍රීසි භාෂාවන් මෙන් ම කුරාණය පාරායනා කිරීමටද උගත්තේ ය. පසුව ඔහු පාසලට ඇතුල් වී මූලික අධ්‍යාපනය ලැබුවේ ය.

සමාජ සහ අධ්‍යාපනික සේවය[සංස්කරණය]

  • 1884දී හෙතෙම පළමු ඉංග්‍රීසි භාෂා මුස්ලිම් පාඨශාලාව ඔරබි පාෂා සහ වපිචි මරික්කාර් සහාය ඇති ව කොළඹදී අරඹන ලදී.
  • 1882දී කොළඹ, මරදානේ මද්රසතුල් සහිරාව අරඹමින් මද්රාසා ක්‍රමය හදුන්වා දුන්නේ ය. පසු ව 1892 දී එය සහිරා විදුහලබවට පත් විය.
  • මහනුවර, ගම්පොළ, පොල්ගහවෙල යන නගරවල තවත් විද්‍යාල කීපයක් අරඹන ලදී.
  • මහනුවර ගැහැනු ළමුන් උදෙසා ද විද්‍යාලයක්ද ආරම්භ කළේය.
  • පාසල් පෙළපොත් මුද්‍රණය කර ඒවා නොමිලයේ සිසුන් අතර බෙදා දීමට කටයුතු කරන ලදී.
  • මහනුවර සිද්ධි ලෙබ්බේ මහා විද්‍යාලය අරඹන ලදී.


ඔහු විසින් දියත් කළ මුස්ලිම් දරුවන් ගේ,. අධ්‍යාපනය නගා සිටුවීමේ පුළුල් සැලැස්ම මරදානේ සහිරා විද්‍යාල සමග උපත ලැබී ය. වපිචි මරික්කාර්ගේ නොමසුරු දායකත්වයන් හේතුවෙන් සහිරා විදුහල මුස්ලිම් ප්‍රජාවේ විශිෂ්ට ක්‍රියාධරයන්ගේ අනුග්‍රහය ලැබීමට සමත් විය. මධ්‍යම පලාතේ තවත් දමිල අරාබි පාසල් රැසක් ම බිහිකළ ඔහු ඉන් කිහිපයක් ම කළමණාකරණය කිරීම සහ මූල්‍යාධාර සැපයීම සිදුකරන ලදී. ඔහු විසින් මහනුවර පිහිටුවන ලද කාන්තා පාසලක විද්‍යාලාධිපතිත්වය දරනු ලැබුවේ ඔහුගේ සොයුරිය විසිනි.

අරාබි භාෂාව මැනවින් ප්‍රගුණ කර සිටි ඔහු ඉස්ලාමීය න්‍යාධරයන් විසින් රචිත සම්භාවනීය කෘති කෙතරම් පරිශීලනය කර තිබුණේද යත් කාලීන සමාජයේ සාමාන්‍ය උලමාවරයකු අභිබවනසුලු ආගමික දැනුමක් ඔහුට විය.

ශ්‍රී ලංකාවේ මුල් ම දමිල පුබන්ධ කතාව වන අසන්බේ සරිත්තිරම් (අසම්බේ සිරිත) ඔහු විසින් රචනා කෙරුණකි. මෙය පළවූයේ ලොව මුල් ම දෙමල නවකතා ලෙස සැලකෙන පද්මාවතී සරිත්තිරම් සහ කමලාම්බාල් සරිත්තිරම් කෘති ඉන්දියාවේ පළවීමට පෙර ය. [1]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. කාසිම්, නිලාර් එන්. (2003) අසල්වැසියාගේ සාහිත්‍යය. සදීපා ප්‍රකාශන. පි. 137
"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධි_ලෙබ්බේ&oldid=557730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි