ඛේට ග්‍රන්ථි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඛේට ග්‍රන්ථි
Illu quiz hn 02.jpg
ඛේට ග්‍රන්ථි : 1 පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය 2 අධෝහනුක ග්‍රන්ථිය 3 අධෝජීහ්ව ග්‍රන්ථිය
ලතින්(Latin) glandulae salivariae

ක්‍ෂීරපායීන්ගේ ඛේට ග්‍රන්ථි කෙළ හෙවත් ඛේටය නිපදවන සනාල ග්‍රන්ථිවේ. සනාල ග්‍රන්ථිවල නිපැදවෙන ද්‍රව්‍ය ප්‍රණාලයක් ආධාරයෙන් පිටතට යැවේ. එසේම මේවායින් ඇමයිලේස් නම් එන්සයිමයක්ද ශ්‍රාවය කරයි. ඇමයිලේස් අහාර වල ඇති පිෂ්ටය මෝල්ටෝස් බවට පත් කරයි. කෘමින් වැනි සතුන්ගේ ඛේට ග්‍රන්ථි මගින් ජීවවිද්‍යාත්මකව වැදගත් වන සිල්ක් හෝ ග්ලූස් වැනි ප්‍රෝටීන නිපදවයි. එසේම මැස්සන්ගේ ඛේට ග්‍රන්ථි වල ඇති පොලිතීන් ක්‍රොමෝසෝම ජානමය පරීක්‍ෂණ සඳහා ප්‍රයෝජනවත් වී ඇත. අදාල ජීවී විශේෂය අනුව ඛේට ග්‍රන්ථි වල ව්‍යූහමය හා කෘත්‍යමය වෙනස්කම් පවතී.

පටක විද්‍යාත්මකව[සංස්කරණය]

එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා වලට බෙදී පවතී. ඛණ්ඩිකා නොහොත් ලෝබ් මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර මගින් වෙන්ව පවතී. කණිකාවකින් ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වේ(යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානය කණිකාවක් ලෙස හඳුන්වයි). එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.

ඛේට ග්‍රන්ථි වල සැකැස්ම[සංස්කරණය]

සියළුම ග්‍රන්ථි, සම්බන්ධක පටක වලින් තැනුනු කෝෂයක ඇසිරී ඇත. අභ්‍යන්තරයේදී මේවා සම්බන්ධක පටක ආවාර මගින් අනුඛන්ඩිකා වලට වෙන් වී ඇත.

ප්‍රණාල සැකැස්ම[සංස්කරණය]

ග්‍රන්ථි පද්දතියේ ස්‍රාවක බදරිකා සම්බන්ද වනුයේ ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල වෙතටයි. ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල, ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙත සම්බන්ද වෙයි. ස්ට්‍රයේටඩ් ප්‍රණාලය, ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය සහ ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලය සහසම්බන්ද කරයි. ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල, අනුඛණ්ඩිකා වල පිහිටි ග්‍රන්ථි පද්ධතියේම එක කොටසකි. අනුඛන්ඩිකා,ස්‍රාවක බදරිකා අති විශාල ප්‍රමාණයක් එක්රැස් වීමෙන් සමන්විත වී තිබෙනවා. ස්‍රාවක ගර්ත වල ස්‍රාවයන් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල ආධාරයෙන් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙත ගෙන යයි. මෙය සරලව කිවහොත් ස්‍රාවක බදරිකා වල නිපැදවෙන ස්‍රාවයන් ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය හරහා ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙතටත් එමගින් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලයටත් එතුලින් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙතටත් ගමන් කරයි.

බදරිකා[සංස්කරණය]

අපට බදරිකා ප්‍රභේද තුනක් ඛේට ග්‍රන්ථි වල දැකිය හැක. මේවා ශ්ලේෂ්මල බදරිකා, මස්තු බදරිකා හා මිශ්‍ර බදරිකා නම් වේ.
මේවා මෙසේ නම් කරනුයේ ඒවා නිර්මාණය වී ඇති සෛල වර්ග අනුවය. ශ්ලේෂ්මල බදරිකා නිර්මාණය වී ඇත්තේ ශ්ලේෂ්මල සෛල වලිනි. මස්තු බදරිකා නිර්මාණය වී ඇත්තේ මස්තු සෛල වලිනි. එමෙන්ම මිශ්‍ර බදරිකා තැනී ඇත්තේ ශ්ලේෂ්මල හා මස්තු යන සෛල දෙවර්ගයෙන්මය. ශ්ලේෂ්මල ස්‍රාවක ප්‍රදේශ වටා සීරස් ඩෙමීලුන් සෛල පිහිටා තිබීමෙන් මිශ්‍ර බදරිකා නිර්මාණය වේ. මෙහිදී මෙම මස්තු සෛල, ශ්ලේෂ්මල නාලාකාර බදරිකා වටා අඩසඳක ස්වරූපයට පිහිටා තිබීම නිසා මෙම මස්තු සෛල ආවරණයට සීරස් ඩෙමීලුන් යන නාමය ලබා දී ඇත. ඩෙමී යනු අර්ධ යන අර්ථය දෙන වචනයකි. ලුන් යනු සඳට භාවිතා කරන ඉංග්‍රීසි සාහිත්‍යාත්මක යෙදුමකි. මස්තු සෛල මගින් මස්තු තරලය නිපදවයි. මෙම සෛල ප්‍රධාන ග්‍රන්ථි පද්ධති තුනෙහිමත් ජීහ්වයේත් දක්නට ලැබේ. එසේම ශ්ලේෂ්මල සෛල මගින් ශ්ලේෂ්මල තරලය නිපදවයි. මේවා අධෝහනුක ග්‍රන්ථියේ, අධෝජීහ්ව ග්‍රන්ථියේ හා මුඛ කුහරය හා අන්නස්‍රෝත්‍රය ආස්තරණය කරන සබ්මියුකෝසා පටලය මතත්, ජීහ්වයේ යම් ප්‍රදේශ වලත් ඇත. මිශ්‍ර ග්‍රන්ථි වලදී, ශ්ලේෂ්මල ස්‍රාවක ප්‍රදේශ වටා අඩසඳාකාරව මස්තු සෛල පිහිටමින් මිශ්‍ර තරල නිපදවයි. එසේම මෙම අඩසඳ මස්තු සෛල වලින් නිපැදවෙන ලයිසොසයිම් එන්සයිමය සහිත ප්‍රෝටීනයක් මගින් ශ්ලේෂ්මල තරලයට ප්‍රතිජීවක ගුණය ලබා දෙයි.

ග්‍රන්ථි වල ස්වරූප[සංස්කරණය]
This image shows some of the various possible glandular arrangements. These are the simple tubular, simple branched tubular, simple coiled tubular, simple acinar, and simple branched acinar glands.
This image shows some of the various possible glandular arrangements. These are the compound tubular, compound acinar, and compound tubulo-acinar glands.

ප්‍රධාන ග්‍රන්ථි කෝෂයේ ඇති මිලියන ගණනක් වූ කුඩා ග්‍රන්ථි විවිධාකාර ස්වරූප ගනී. එනමුදු ඛේට ග්‍රන්ථි වල ස්‍රාවක ප්‍රදේශ බහුලවම බදරිකා ආකාරයේ හා නාලාකාර බදරිකා ආකාරයේ වේ. ඊට අමතරව ගර්ත ආකාරයේ ස්‍රාවක ප්‍රදේශ ද ඛේට ග්‍රන්ථි වල මෙන්ම ශරීරයේ වෙනත් සනාල ග්‍රන්ථි වලද ඇත.මේ ආකාරයේ ස්වරූප වලින් යුක්ත ස්‍රාවක ප්‍රදේශ ද ඉහත ආකාරයෙන් මස්තු, ශ්ලේෂ්මල හා මිශ්‍ර ලෙස පවතී.

ව්‍යුහය[සංස්කරණය]

පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය[සංස්කරණය]

මිනිසාගේ පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය අධෝහනුක ශාඛාව වටා එතී පිහිටයි. කනට පහළින් වන්නට දෙපසෙහි ම ග්‍රන්ථිය බැගින් පිහිටයි. මෙය මිනිසාගේ විශාලතම ඛේට ග්‍රන්ථි යුගල වේ. පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය, ස්ටෙන්සන් ප්‍රණාලය තුලින් මුඛ කුහරය තුලට ඛේටය ස්‍රාවය කරයි. මෙමගින් ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ මස්තු තරලයයි. මෙම ග්‍රන්ථිය අධෝහනුක ශාඛාවට පිටුපසින්, ශංඛක අස්ථියේ හා චුචුකාකාර ප්‍රසරය ඉදිරිපසට වන්නට පිහිටා ඇත.

අධෝහනුක ග්‍රන්ථිය[සංස්කරණය]

අධෝහනුක ග්‍රන්ථි, යටි හනු වලට පහලින් හා දෙබඩ පේශියට ඉහලින් පිහිටන ඛේට ග්‍රන්ථි යුගලකි. ශ්ලේශ්මල හා මස්තු යන තරල දෙකෙහිම මිශ්‍රණයක් වූ මෙහි ස්‍රාවය වෝර්ට්න්ගේ ප්‍රණාල තුලින් මුඛ කුහරයට පැමිණෙයි. පැරට්‍රොයිඩ් ග්‍රන්ථි යුගලට වඩා සාපේක්‍ෂව ප්‍රමාණයෙන් කුඩා වුවත් මුඛ කුහරය තුල 70% පමණ ඛේටය නිපදවන්නේ මෙම ග්‍රන්ථි යුගලයි. සාමාන්‍යයෙන් ඔබට මෙය ඉතා පහසුවෙන් අතට හසු වන ග්‍රන්ථියකි. මෙම ග්‍රන්ථි යුගල බෙල්ලෙහි ඉහලට වන්නට රවුම් බෝල දෙකක් සේ අතට හසු වේ. මේවා උගුරු ඇටයෙහි(වැඩිහිටි පිරිමින්ගේ) සිට ඇඟිලි දෙකක් පමණ ඉහලට වන්නට හා නිකටේ යටි පැත්තේ සිට අඟල් දෙකක් පමණ බෙල්ල දෙසට වන්නට ද පිහිටා ඇත.

අධෝජීහ්ව ග්‍රන්ථිය[සංස්කරණය]

අධෝජීහ්ව ග්‍රන්ථි යුගල දිවට පහළින් හා අධෝහනුක ග්‍රන්ථියට ඉදිරියෙන් පිහිටයි. මෙහි ප්‍රධාන වශයෙන් ශ්ලේෂ්මල තරලය නිපැදවුවත් මෙය මිශ්‍ර ග්‍රන්ථියක් සේ සලකයි. අනෙක් ප්‍රධාන ඛේට ග්‍රන්ථි යුගලයන් දෙක මෙන් නොව අධෝජීහ්ව ග්‍රන්ථියෙහි ප්‍රණාල සැකැස්මෙහි ස්ට්‍රයේටඩ් ප්‍රණාල නොමැත. මෙහි ස්‍රාවයන් පිට කරනුයේ 8-20 ත් අතර ප්‍රමාණයක් වූ එක්ස්ක්‍රීටරි ප්‍රණාල ආධාරයෙනි. මුඛ කුහරය තුලට 5% පමණ ඛේටය පැමිණෙන්නේ මෙම ග්‍රන්ථි යුගලයෙනි.

සුළු ඛේට ග්‍රන්ථි[සංස්කරණය]

ෆොන් ඊබ්නාර් ග්‍රන්ථි[සංස්කරණය]

ඛේටය[සංස්කරණය]

මිනිසාගේ ඛේටයේ 99.5% ක්ම අඩංගු වන්නේ ජලයයි. ඉතිරි 0.5% සමන්විත වන්නේ ඉලෙක්ට්‍රොලයිට්, ශ්ලේශ්මලය, ග්ලයිකෝ ප්‍රෝටීන, එන්සයිම සහ ඉමියුනෝග්ලොබ්‍යුලින් A(IgA) හා ලයිසොසයිම් වැනි ප්‍රතිජීවකාරක සංයෝග වලිනි.

සස්නායු කරණය[සංස්කරණය]

රෝගාබාධ[සංස්කරණය]

සබැඳි ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මුඛ කුහරය
  2. ඛේට ග්‍රන්ථි සැසඳුම
  3. 3D මුව

බාහිර සබැඳුම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඛේට_ග්‍රන්ථි&oldid=270159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි