සරත් ෆොන්සේකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සරත් ෆොන්සේකා
General Sarath Fonseka.jpg
ජෙනරල් ජී.එස්.සී. ෆොන්සේකා RWP, RSP, USP, RCDS, PSC, SR
සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව
පදවිය ජෙනරල්
රෙජිමේන්තුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
අණදීම්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි

යුද්ධ හමුදාපති
සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය,
1987-89 කැරැල්ල
ප්‍රදාන රණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.[තහවුරු කරන්න]

ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.

මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන​ අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.

මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.

2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.[තහවුරු කරන්න]

2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත[සංස්කරණය]

රණ දෙරණ රැකගත් මහ සෙන්පති

තම්බපන්නියම ඔබහට ණය ගැතිය

"වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරු සෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"


-රත්න ශ්‍රී විජේසිංහ

ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ

"සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"


-අමර පී. වීරසිංහ


යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා

තවත් හමුදාපති කෙනකුට ත‍්‍රස්තවාදීන් සමඟ යුද්ධ කරන්න ඉඩ තබන්නේ නැතැයි 2008 වසරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත් වූ සුහද හමුව අවස්ථාවේ ස්ථිර ප‍්‍රකාශයක් කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉතා කෙටි කාලයක් තුළ එය ඉෂ්ඨ කර පෙන්වීමට තරම් දක්ෂ, නිර්භීත, අධිෂ්ඨානශීලි නායකයකු බව අද මේ වන විට සමස්ත ලෝක ජනතාව ඉදිරියේ ඔප්පු වී හමාරය.

වසර 40කට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි ඉතාමත් නිහඬ සේවයක් රට වෙනුවෙන් සිදුකළ මේ අභීත සෙන්පතියා දශක තුනකට ආසන්න කාලයක් මේ රට තුළ පැවැති කුරිරු ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට කටයුතු කළ එහි නියමුවා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

ත‍්‍රස්තවාදීන්ට මෙම සෙන්පතියා හිසරදයක් බවට පත්වූයේ එතුමා යාපනය ආඥාපතිවරයා වශයෙන් පත්වීමටත් පෙර සිට ය. එකම බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන්නේ ය යන ස්ථිර අධිෂ්ඨානය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකි වන පරිදි සිත තුළ දරාගෙන කි‍්‍රයා කළ සෙන්පති සරත් ෆොන්සේකා අවස්ථාවක් ලැබුණොත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන්නේ ය යන අදහස සිත තුළ දරාගෙන කටයුතු කළේය.

1950 දෙසැම්බර් 17 වැනිදා මෙලොව එළියදුටු සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සරත් ෆොන්සේකා මහතා පසුව උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු මෙන් ම ශිෂ්‍යභට කණ්ඩායමේ නායකයාද විය.

1970 පෙබරවාරි මස 2 වැනිදා බඳවා ගැනීම් අංක 03 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට බැඳුණු ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා 1971 ජුනි 01 දින දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත්විය.

හතළිස් වසරකට ආසන්න කාලයක් යුද හමුදාවේ සේවය කළ එතුමා උසස් තනතුරු රැසක් ඉසිලී ය. දශක තුනක පමණ වූ ඊලාම් යුද්ධයේ දී කනිෂ්ඨ නිලධාරියකු ව සිටි අවධියේ සටන් බිමේ පෙරමුණට ම ගොස් සටන් මෙහෙයවා ජයග‍්‍රහණ රැසක් ලබාදුන් දක්ෂ පාබල සටන් අණ දෙන්නකු වශයෙන් ප‍්‍රකට අභීත හමුදා නිලධාරියෙකි. සටන් බිමේ පෙරමුණට ම ගොස් සතුරා සමඟ නිර්භයව මුහුණට මුහුණලා කළ සටන්වල දී එතුමාට කීප අවස්ථාවකම තුවාල ද සිදුවී තිබුණා.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන ප‍්‍රධාන උපදේශක දෙවන සේනාංකයේ මාණ්ඩලික නිලධාරී (මෙහෙයුම්) පළමු වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී 4 වැනි පාබල හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී බලවේග මෙහෙයුම් බල සේනාධිපති, මන්නාරම 05 වැනි බල සේනාධිපති, කිලිනොච්චිය 27 වැනි බලසේනාධිපති සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ, මඩකලපුව සම්බන්ධීකරණ නිලධාරී හා 03 වැනි බලසේනාධිපති, කිලිනොච්චිය 27 වැනි බළසේනාධිපති, කයිට්ස් හා මණ්ඩතිව් සම්බන්ධීකරණ නිලධාරී යාපනය 54 වැනි නියෝජ්‍ය සේනාංකාධිපති, වැලිකන්ද 23 වැනි බලසේනාධිපති, වවුනියාව 02 වැනි කාර්යසාධක නියෝජ්‍ය සේනාංකාධිපති, මරුසුවිල් 55 වැනි සේනාංකයේ කාර්ය නියුක්ත සේනාංකාධිපති, ති‍්‍රකුණාමලය 22 සේනාංකාධිපති, මාණ්ඩලික අධ්‍යක්ෂ ජෙනරාල් උපකරණ පාලක, ජෙනරාල් පාබල පරීක්ෂක, යුද හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, වන්නි ආරක්ෂක සේනාආඥාපති යාපනය ආරක්ෂක සේනාආඥාපති (දෙවරක්) සිංහ රෙජිමේන්තු අධිපති, ස්වෙච්ඡා බල සේනාවේ සේනාවිධායක, පාබල අධ්‍යක්ෂ ජෙනරාල්, නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාවේ වගකිවයුතු ප‍්‍රධාන උසස් තනතුරු ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දරනු ලැබ ඇත.

කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව (ඉන්දියාව) ප‍්‍රතිත‍්‍රස්ත මර්දන යුද පාඨමාලාව (ඉන්දියාව), බලඇණි ආධාරක අවි පාඨමාලාව, (ඉන්දියාව) මාණ්ඩලික පාඨමාලාව (බංග්ලාදේශය) පාබල නිලධාරි උසස් පාඨමාලාව (ඇමරිකාව) ආරක්ෂක අධ්‍යයන පිළිබඳ රාජකීය විද්‍යාලයීය පාඨමාලාව (ආර්. සී. සී. එස්. එංගලන්තය යන විදෙස් පාඨමාලා සහ දේශීය

පාඨමාලා රැසක් ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හදාරනු ලැබ ඇත. බලවේගය, ති‍්‍රවිධ බලය, රිවිරැස, යාල්දේවී, ජයසිකුරු, ජයශක්ති, වඩමාරච්චි, යාපනය කොටුව නිදහස් කර ගැනීමේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය. එපමණක් නොව දශක තිහකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර සිදු වූ මෙහෙයුම් විශාල ප‍්‍රමාණයක් කැපී පෙනෙන රණවිරුවකු වූ සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ දී දැක් වූ දක්ෂතා වෙනුවෙන් රණවික‍්‍රම, රණශූර, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා ඇතුළු පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇත.

කුඩා කළ පාසල් යන කාලයේ පටන් නිශ්ශබ්ද එහෙත් දැඩි චරිතයක් ලෙස දක්නට ලැබුණ සරත් ෆොන්සේකා මැතිතුමා කිසිකලෙක අයුක්තිය අසාධාරණය, වංචාව, බොරුව ඉවසුවේ නැත. පාසල් යන කාලයේ පටන් එවැනි දේවල්වලට විරුද්ධව කටයුතු කළ නිසා පාසලින් මවුපියන් වෙත පැමිණිලි ඉදිරිපත් වූ අවස්ථා ද විය. අසාධාරණයට බොරුවට එරෙහි ව කටයුතු කළ නිසා ඇතැම් හිතවත් පාසල් සිසුන් සරත් ෆොන්සේකාගෙන් ගුටි කෑ අවස්ථා බොහෝ ය. මවුපියන්ට පාසලින් මේ සිසුවා පිළිබඳ ලැබුණේ එවැනි පැමිණිලි ය.

තරුණ වියට එළැඹ තම මිතුරකුගේ සොයුරියක වූ අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟ විවාහ වූ පසු බිහි වූ දියණියන් දෙදෙනා වූ අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකාට සරත් ෆොන්සේකා මහතා දැක්වූයේ අපිරිමිත සෙනෙහසකි. කුඩා කාලයේ පටන් කිසිම අවස්ථාවක කිසිම දෙයක් වෙනුවෙන් කඳුලක් නොහෙලූ මේ අභීත සෙන්පතියාගේ දෑසින් කඳුලක් පිට වූයේ තම වැඩිමහල් දියණිය විවාහ වී පිය උණුසුමෙන් පිටව ගිය දිනයේදීයි.

මිනිසුන්ගේ තරාතිරම නොබලා අවංක නිහතමානි, ගතිගුණවලට ගරු කරන පුද්ගලයකු වූ සරත් ෆොන්සේකා මහතා තමා කනිෂ්ඨ නිලධාරියකු ලෙස යුද හමුදා රාජකාරියේ සිටිය දී ඇසුරු කළ හිතවතුන්, මාධ්‍යවේදීන් ආදි පිරිස හමුදාපති ධූරයට පත්වූවත් අමතක නොකළ විශිෂ්ට දුර්ලභ ගතිගුණවලින් පිරි අභීත සෙන්පතියෙකි. බුද්ධාගමට ලැදිව කටයුතු කරන ඒ මහතා නිවසින් පිටවන අවස්ථාව දක්වාත් නිවසට පැමිණෙන විටත් පිරිත් විකාශනය වීම එම නිවසේ දිනපතා අනිවාර්යයෙන් ම සිදුවන විශේෂ සිරිතකි. තම නිවස කිසිවිටෙකත් හමුදා කඳවුරක් කර නොගත් මේ විශිෂ්ට හමුදා නිලධාරියා තම ආදරණීය බිරිඳ දරුවන් සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැමවිට ම උත්සාහ කෙළේය.

උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිටි කාලයේ පටන් ම මෙම අභීත නිලධාරියාගේ සිත තුළ පැවතියේ ස්ථිරවම ත‍්‍රස්තවාදය මෙරටින් විනාශ කර අවසන් කළ යුතු බවය. එසේ කටයුතු කරන සමයේ ඇතැම් නිලධාරීන් අතින් සිදුවන වැරදි බොළඳ කි‍්‍රයා මොහු ඉවසා දරා සිටියේ ඉහළ නිලධාරින්ට ඒවා පෙන්වා දීමට තරම් අවස්ථාවක් නොමැති වූ නිසාය.

යුද හමුදාපතිවරයා වශයෙන් එතුමා පත් වූ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී තමා එල්. ටී. ටී. ඊ. යට අභියෝගයක් වන පුද්ගලයකු බව කියා සිටියේ ය. එතුමා එදා එසේ පැවසීමට හේතුව පැහැදිලි කරමින් පැවසුවේ කොටි සංවිධානය තමා හොඳින් දන්නවා. ඔවුන් එතුමා හොඳින් විනිශ්චය කර තිබෙන්නේ දුර්වල අයකු ලෙස නොවෙයි. එනිසා එතුමාටත් අවශ්‍යව තිබුණේ කොටි සංවිධානයට සහ ත‍්‍රස්තවාදයට අභියෝගයක් විය යුතු බව මිස සාමාන්‍ය දෙමළ ජනතාවට අභියෝගයක් වන හමුදා නිලධාරියකු වීමට නොවන බව ද එතුමාට ද අවශ්‍ය දෙමළ ජනතාව ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීමට යැයි ද හමුදාපතිවරයා වශයෙන් එදා පැවසී ය.

එතුමා එදා ඒ පැවසූ වචනය ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කළේ ය. ත‍්‍රස්තවාදීන් මේ අභීත සෙන්පතියාගේ කි‍්‍රයාපටිපාටිය කොටි බුද්ධි අංශ යොදා අවබෝධකරගෙන සිටින්නට ඇති බව පෙනී ගියේ ඉතා සූක්ෂම ලෙස හමුදා මූලස්ථානය තුළට මරාගෙන මැරෙන කාන්තාවක යවා එතුමා ඝාතනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේය.

එහෙත් එදා ජාතියේ වාසනාවට කොටි ඉලක්කය වැරදී එතුමා නිරුපද්‍රිතව යළි හමුදාපති ධූරයට පත් විය. රෝහල් ඇඳේ සිට ද එතුමා ප‍්‍රකාශ කළේ කොටි ප‍්‍රහාර තුනකින් මා බේරුණා. ත‍්‍රස්තවාදය මෙරටින් තුරන්කරන තුරු කොටින්ට මා විනාශ කිරීමට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැති බවයි.

කෙසේ වෙතත් යුද බිමේ අතිවිශිෂ්ටයකු වූ සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට ත‍්‍රස්තවාදීන් මාන බැලුවේ එතුමා යුද හමුදාපතිවරයාවීමටත් වසර ගණනාවකට පෙර සිට ය.

කොටි මැඬලන්න අපට පුළුවන් ‘මගේ කාලය තුළ යුද්ධය අනිවාර්යයෙන් ම ජයග‍්‍රහණය කරනවා නිතරම එතුමා ප‍්‍රකාශ කළේ වසර 30ක් තරම් ඈතට දිවෙන යුද්ධයට ඉක්මන් විසඳුමක් සොයමින් හමුදාව මෙහෙයවීමේ නියමුවකු ලෙස සුවිශේෂි කාර්යභාරයක නියැලෙමිණි.

එතුමා ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන බව තමා ස්ථිරවම විශ්වාස කරන බව මේ අභීත සෙන්පතියාගේ ආදරණීය බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය දැඩි විශ්වාසයකින් යුතුව ප‍්‍රකාශ කළ අවස්ථා බොහෝ ය. දයාබර බිරිඳක් වශයෙන් ඇය පවුලේ වගකීම් තනිව ම උසුලමින් එතුමාට රට වෙනුවෙන් නිදහස්ව කටයුතු කිරීමට අවශ්‍ය නිහඬ පරිසරයක් ඇති කළාය.

පසුගිය උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම වෙනුවෙන් එතුමා දවසේ පැය 24 පුරා කළ කැපවීම ඇතුළු තොරතුරු දන්නේ ඇතැම් විට ටිකදෙනකු පමණක් විය හැකියි.

කි‍්‍රයාන්විතයේ ඉලක්කයන් සපුරා ගැනීමට ආසන්න වන දින කීපය තුළ එතුමා රාති‍්‍රයට හරි හැටි ආහාර ගැනීමක් නින්දක් ලබාගත්තේ නැත. මෙහෙයුමේ යෙදී සිටින බළසේනාංකාධිපතිවරු සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එතුමා තුළ වූ උපක‍්‍රමයන් කියා දෙන්නේ උතුරු නැගෙනහිර භූමියේ සිතියම දෙස බලාගෙන නොව දීර්ඝ කාලයක් පුරා ලබා තිබූ අත්දැකීම් මත මනස තුළ සටහන් වී ඇති සිතියම තුළින් ය.

අද ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. යළි මෙරට ත‍්‍රස්තවාදයක් නැත. එතුමා වචනයෙන් කියූ දේ කි‍්‍රයාවෙන් ඔප්පු කළ ලොවේ දක්ෂතම යුද හමුදාපතිවරයා ලෙස ලෝකයම පිළිගෙන ඇත.

මෙරට ජනතාව වසර තිහක් තිස්සේ විඳි දුක්ගිනි නිමාකර දීමට ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ අභීත සෙන්පතියාණෙනි, මෙරට ජනතාවගේ දෑසට පෙනෙන යම් දෙවි කෙනකු වේ නම් ඒ ඔබතුමා ය. රට ආරක්ෂා කළ මුරදේවතාවන් ය. ඔබතුමා ඇතුළු සමස්ත වීරෝධාර හමුදාවිරුවන් වෙනුවෙන් අපේ භක්තිය සැමදා පුද කරන්නේ අප‍්‍රමාණ වූ ගෞරවයෙනි.

-විජයානි එදිරිසිංහ

එලෙස දිනමිණ පුවත්පත එදා වාර්තා කළත් පසුව ඔවුන්ගේ ස්ථාවරය වෙනස් විය.

2010 ජනවාරි මස 19 දින දිනමිණ පුවත්පත[සංස්කරණය]

භූමියක් සහිත ඊලමක් දීමට ෆොන්සේකා උත්සාහ කරනවා

ලෝක ව්‍යාප්ත කොටි සංවිධානයේ ප්‍රබල නායකයකු වන රුද්‍රකුමාර් මහතා සමඟ එක්ව භූමියක් නැති ඊලාම් රාජ්‍ය වෙනුවට භූමියක් සහිත ඊලාම් රාජ්‍යයක් ලබාදීමට සරත් ෆොන්සේකා මහතා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

උතුරු, නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් එම භූමියක් සහිත ද්‍රවිඩ ඊලාම් රාජ්‍යය ලබාදීමට ෆොන්සේකා මහතා කටයුතු කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

ආයුධ රහිත කොටි සංවිධානයේ ගොදුරක් බවට පත්වෙමින් සරත් ෆොන්සේකා මහතා සිදුකරන මෙම ගනුදෙනුව දේශද්‍රෝහී බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ෆොන්සේකා මහතා බලය පමණක් අරමුණු කරගනිමින් ලෝක ව්‍යාප්ත කොටි සංවිධානය සමඟ එක්ව ඔවුන්ට ගැතිව කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද ඇමතිවරයා පැවැසීය. මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (18 දා) මේ බව ප්‍රකාශ කළේය.

රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය නැති කිරීමට කටයුතු කරන විදේශීය බලවේගවලට ඉඩ නොදී ඒවා පරාජය කිරීමට ජනතාව සිය ඡන්දය භාවිතා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මවුබිමට ආදරය කරන ජනතාව ලබන 26 වැනිදාට අතට ගත යුත්තේ නිල් කොඩියවත්, කොළ කොඩියවත්, රතු කොඩියවත් නොව ජාතික කොඩිය පමණක් බව ද ඇමැතිවරයා මෙහිදී කීය.

විපක්ෂයේ සන්ධානයේ අධිරාජ්‍ය ගැති බලවේග පරාජය කර මවුබිම ජයග්‍රහණය කරවීමට ජනතාවට කළ හැකි උතුම්ම පින්කම වන්නේද ලබන 26 වැනිදාට ජාතික කොඩිය අතට ගෙන සිය ඡන්දය පාවිච්චි කිරීම යැයි ද හෙතෙම පැවැසීය.

ජාතික හෙළ උරුමයේ නීති සම්පාදක, බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

චන්දිමා එදිරිමාන්න හා සන්ධ්‍යා කරුණාරත්න

2011 නොවැම්බර් මස 19 දින දිනමිණ පුවත්පත[සංස්කරණය]

සුදු කොඩි නඩුවට ෆොන්සේකා වරදකරු වෙයි

වසර තුනක් හිරගෙට

සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් වැරැදිකරු වේ. කොළඹ මහාධිකරණය ඔහුට වසර 03ක සිර දඬුවමක් ඊයේ (18) උදේ නියම කළේ ය.සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන එල්.ටී.ටී.ඊ. නායකයන් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට පවසා තිබුණා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් ෆොන්සේකා මහතා මාධ්‍ය මගින් හෙළිකොට තිබිණැයි චෝදනා එල්ල වී තිබුණි.

මෙසේ යටත්වීමට පැමිණෙන අය මරාදමන බවට කළ ව්‍යාජ ප්‍රකාශයක් පළ වූයේ සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියට සරත් ෆොන්සේකා මහතා විසින් ලබා දුන් තොරතුරු මතය. නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දීපාලී විජේසුන්දර මහත්මිය සහ විනිසුරු ඉසෙඩ්.එම්.රෂීන් මහතා ගේ තීන්දුව අනුව අධි චෝදනාවට ෆොන්සේකා මහතා වරදකරු විය.

විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී.වරාවැව මහතා විත්තිකරු චෝදනාවලින් නිදොස් බවට තීරණය කළේ ය. සිරදඬුවමට අමතරව රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කෙරුණි.

-ශිරෝමි අබයසිංහ

හයිකෝප් නඩු තීන්දුව[සංස්කරණය]

2012 මාර්තු 15 දිනදී කොළඹ මහාධිකරණයේදී හයිකෝප් නඩුවේ තීන්දුව ප්‍රකාශ කල මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හයිකොප් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සරත්_ෆොන්සේකා&oldid=320508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි