සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

විකිපීඩියා වෙතින්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (දෙමල:சிவனேசத்துரை சந்திரகாந்தன் ; බහුලව පිල්ලෙයාන් ලෙස හධින්වෙන ; උපත 1975 අගෝස්තු 17) ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමති වරයාය. ඊට අමතරව තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කරුවකු වන පිල්ලෙයාන්, විනයාගමුර්ති මුරලිදරන් සමග 2004 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් විය.

ටී.එම්.වී.පී පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක් නිසා 2007 වසරේ කරුණා නායකත්වයෙන් ඉවත් කරමින් පිල්ලෙයාන් එම ස්ථානයට පත් විය. ඔහුගේ නායකත්වය යටතේ පක්ෂය නැගෙනහිර පළාත් සභා මැතිවරණයට පෙනී සිටි අතර, සන්ධානයේ කොටසක් ලෙස එම මැතිවරණය ජය ගැනීමට ඔහුට හැකියාව ලැබිණ. මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් චන්ද්‍රකාන්තන්, නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති ලෙස 2008 මයි මස 16 වන ද දිවුරුම් දුන්නේය.

සටන්කාමී දිවිය[සංස්කරණය]

දෙමළ කොටි සංවිධානයේ ළමා සොල්දාදුවෙක් ලෙසින් 1990, අප්‍රේල් 4 දිනදී වයස අවුරුදු 14 ක් වූ චන්ද්‍රකාන්තන් එම සංවිධානයට බඳවාගනු ලැබුවේ විනයාගමූර්ති මුරලිදරන් විසිනි. දෙමළ කොටි සංවිධානයේ සාම්ප්‍රදායක පරිචයක් අනුගමනය කළ ඔහු, උපන් නම භාවිතය හැර දමා රණ නාමය ලෙසින් "පිල්ලෙයාන්" යන්න වැලඳ ගති. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයන්හී දෙමළ කොටි සංවිධානයෙහි එකල දිස්ත්‍රික් නායකයෙක් වූ විනයාගමුර්ති මුරලිදරන්, හෙවත් කර්නල් කරුණා අම්මාන් යටතේ සේවය කිරීමට පළමු අවස්ථාව ඔහු ලැබුවේ මෙවිටය.

මුලාශ්‍ර[සංස්කරණය]