සති (සිරිත)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හින්දු ආගම
පිළිබඳ ලිපි පෙළෙහි කොටසකි

Aum

ඉතිහාසය • දෙවිවරු
නිකායයන්
මිථ්‍යාකතා

විශ්වාස සහ පිළිවෙත්

දර්ශනවාදය • ධර්ම
අර්ථ • කාම • මෝක්ෂ
කර්ම • සංසාර
යෝග • භක්ති • මායා
පූජා • දේවාලය

වේද • උපනිෂද්
රාමායනය • මහාභාරතය
බගවද් ගීතාව • පුරාණස්
ධර්මශාස්ත්‍ර • වෙනත්

ආශ්‍රිත මාතෘකා

රටවල් අනුව හින්දු ආගම
උපාධ්‍යායන් හා මුනිවරුන්
ප්‍රතිසංස්කරණ • විවේචනය
දිනදර්ශනය • හින්දු නීතිය
ආයුර්වේද • ජ්‍යෝතිශ
උත්සව • පද මාලාව චෝදනා ඉදිරිපත් කිරීම

සති (දෙවනගිරි: सती, සත් "සත්‍ය" හි ස්ත්‍රී ලිංගික පදය; සත්ති ලෙසද හැඳින්වේ)[3] යනු සමහරක් හින්දු ප්‍රජාවන් අතර දක්නට ලැබෙන අවමංගල්‍ය චාරිත්‍රයක් වන අතර, එහිදී ස්වකැමැත්තෙන් හෝ බලකිරීම හා බලපෑම්කිරීම මගින් හෝ සිදුවන්නේ, මෑතදී කණවැන්දුම්වූ කාන්තාවක විසින් තම පුරුෂයා‍ගේ අවමංගල්‍ය චිතකයට තමන් බිලිවීමය. මෙම පිළිවෙත වර්තමානයේ විරල වන අතර නවීන ඉන්දියාවෙහි එය තහනම් කර ඇත.[1]

ඇය පියා වූ දක්ෂ විසින් ඇය (ජීවමාන) පුරුෂයා වූ ශිව ගැරහීම දරා ගත නොහැකි වීම හේතුවෙන් ස්වයං-බිලිපූජාවක් සිදු කල, දක්ෂයානී ලෙසින්ද හැඳින්වෙන, සති දෙවඟනගේ මුල් නම මත පදනම්ව මෙම පදය ව්‍යුත්පන්න වී ඇත. වැන්දඹුව හැඳින්වීම සඳහාද මෙම පදය භාවිතා වේ. සති යන පදය සමහරවිට තේරුම් ගැනෙනුයේ "පතිදම් රකින කාන්තාව" ලෙසිනි.

පටුන


සම්භවය [සංස්කරණය]

"ඇයගේ මියගිය සැමියාගේ දේහය සමග හින්දු වැන්දඹුවක් පිළිස්සීමේ උත්සවය", පික්ටෝරියල් හිස්ට්‍රි ඔෆ් චයිනා ඇන්ඩ් ඉන්ඩියා, 1851 වෙතින්.

මෙම සිරිත පැවතුම පිළිබඳ විශ්වසනීය සටහන් කිහිපයක් ගුප්ත අධිරාජ්‍යය‍ට පෙරාතුව, දළ වශයෙන් ක්‍රිව 400 දී පමණ හමුවේ. මෙම කාලයට පසුව, අනුස්මරණ ශිලාවන්හි සති සිදුවීම් කැටයම් කොට සටහන් කෙරුම ඇරඹුණි. සියවස් ගණනකට පසු කාලයට අයත් විශාල සමුච්චයක් රාජස්තාන් හි හමුවුනද, මේවා අතුරින් මුල්ම ඒවා හමුවන්නේ මධ්‍ය ප්‍රදේශ් හි සාගාර්හිය. දෙව්ලි, හෝ සති-ශිලා ලෙසින් හැඳින්වෙන මෙම කැටයම් ගල්, ප්‍රණාමයට හා වන්දනයට පාත්‍ර වුනු මිය ගිය කාන්තාවන් පුදන සිද්ධස්ථාන බවට පත්ව ඇත. මේවා බටහිර ඉන්දියාවෙහි මහත් ප්‍රචලිතය.[2]

10වන සියවස පමණ වන විට, වර්තමානයේ අප දන්නා ආකාරයට සති සිරිත පැවැත්වීම පිළිබඳව, අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ දැනුවත්ව සිටියහ. සාමාන්‍යයෙන් අඩු සිදුවීම් සංඛ්‍යාවක් සහිතව හා ප්‍රාදේශීය ප්‍රභේදනයන්ද සහිතව වුව, එය 19වන සියවසෙහි මුල් අවදිය වන තුරු පවා, දිගටම පැවැති බව පෙනේ.

අඩුම වශයෙන් පාර්ශවික ලෙසින් ඓතිහාසික විස්තර වාර්තා ලෙසින් හෝ සැලකිය හැකි, ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම විසින් ස්වෙච්ඡාවෙන් ස්වයං-බිලිපූජා වීමේ සමහර අවස්ථා පිළිබඳ විස්තර, මහා භාරතය සහ අනෙකුත් කෘතීන් තුල දක්නට ඇත. කෙසේවෙතත්, මෙම කෘතීන්ගේ බොහෝ කොටසක් සමන්විත වන්නේ, මුල් කතාන්තරයක ,[3] පසුකාලීන අතුරු-තැන් පිරවීම් වලින් වන බැවින්, විශ්වසනීය කාල නිර්ණයක යෙදීම අපහසු බව දත මනාය. තවදුරටත්, ස්වයං-බිලිපූජා වීම හෝ ස්වයං-බිලිපූජා වීමට ඇති අභිරුචිය හෝ ව්‍යවහාර චාරිත්‍රයක් ලෙසින් මහාභාරතයෙහි දක්වා නොමැත. රජසුය යග්න වැනි අනෙකුත් චාරිත්‍ර පිළිබඳ සඳහන්ව ඇතත්, ස්වයං-බිලිපූජාව හැඳින්වීමට 'සති' යන වදන කිසිවිටෙක මහාභාරතය තුල භාවිත වී නොමැත. අනෙක්අතට, ස්වයං-බිලිපූජා සලකනු ලැබ ඇත්තේ ප්‍රියයෙකුගේ වියෝව හේතුවෙන් ඇතිවූ අත්‍යන්ත ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙසිනි.

මෙම චාරිත්‍රයට ප්‍රාග්-ඓතිහාසික මූලයන් ඇති අතර, අනෙකුත් සංස්කෘතීන් අතර බොහෝ සාම්‍යයන් ‍දක්නට ඇත. නිදසුනක් ලෙසින්, ඉබන් ෆඩ්ලාන් විසින් විස්තර කෙරෙන, රුස් වරුන් ගේ නැව් පටවා වළ ලෑම හිදී, ඇයගේ ස්වාමියා සමග ගැහැණු වහලෙකු පිළිස්සීම සසඳා බලන්න.[4]

මහා ඇලෙක්සැන්ඩර්ගේ ගවේෂණයද සමගින් ඉන්දියාවට චාරිකාවේ යෙදුනු ග්‍රීක ඉතිහාසඥ කැසන්ඩ්‍රෙයියා හි ඇරිස්ටොබියුලස් විසින් තක්ෂිලා නගරයෙහි සිදුවූ සති පූජාවක් පිළිබඳ සටහන් තබාගෙන ඇත. පසුකාලීනව සිදුවූ ස්වේච්ඡා සහ-ආදාහනයක් ගැන විස්තර දැක්වෙන්නේ කාඩියාහි යුමෙනස් ගේ හමුදාවෙහි ඉන්දියානු සොල්දාදුවෙකු අරභයා වන අතර, එහිදී සිදුවී ඇත්තේ, ක්‍රිපූ 316දී සිදුවූ ඔහුගේ අවමංගල්‍යයෙහිදී චිතකයට පැන මිය යෑමට බිරියන් දෙදෙනා තරගයෙහි යෙදීමයි. ග්‍රීක වරුන් විශ්වාස කලේ මෙම චාරිත්‍රය ස්ථාපිත කොට තිබූයේ බිරියන් විසින් ඔවුන්ගේ සැමියන් හට වස දී‍ම අධෛර්යමත් කෙරුමට බවය.[5]

ගුප්ත අධිරාජ්‍යයට පෙර උතුරු ඉන්දියාවෙහි අවමංගල්‍යයන්හිදී ස්වෙච්ඡාවෙන් සිදුවූ මරණ පිළිබඳ විස්තර සටහන් කොට ඇත. මුල් පරිචය හැඳින්වූයේ අනුමරණ ලෙසින් වන අතර, ඒවා දුර්ලභ විය. පසුකාලීන සති සම්මතයන් හා අනුමරණ සැසඳිය නොහැකි වූයේ, ඒ පරිචයන් වැන්දඹුවන්ට සීමාව නොතිබූ අතර — අනෙක් අතට, මළ තැනැත්තා හට පුද්ගලික ලැදිකමක් දැක්වූ, පුරුෂ හෝ ස්ත්‍රී, ඕනෑම අයෙකු හට, ප්‍රියයෙකුගේ අවමංල්‍යයකදී සියදිවි නසාගැනුමට අවකාශ තිබූ බැවිනි. මළ තැනැත්තෙහුගේ නෑදෑයන්, සේවකයන්, අනුගාමිකයන්, හෝ මිත්‍රයන් මෙයට ඇතුළත්ව සිටියහ. සමහරවිට, මෙම මරණ පැනනැගුනේ පක්ෂපාතීත්ව ගිවිසුම් නිසාවෙන් වන අතර,[2] පසුකාලීනව ජපානයෙහි දක්නට ලැබුනු සෙප්පුකු චාරිත්‍රය හා සමග සුළු සාම්‍යයක් දැක්වීය.[6]

පරිචය [සංස්කරණය]

"හින්දු සති යක් "

සති කොමිසම (වැලැකුම) පණත1987 I කොටස, ඡේදය 2(c) විසින් සති අර්ථදක්වන්නේ මෙසේය:

(i) ඇයගේ මියගිය ස්වාමියාගේ හෝ වෙත් කිසියම් ඥාතියෙකුගේ හෝ දේහය සමග හෝ ස්වාමියාට හෝ එවන් ඥාතියාට බැඳි කිසියම් භාණ්ඩයක්, ද්‍රව්‍යයක් හෝ වස්තුවක් හා සමගින් හෝ, ඕනෑම වැන්දඹුවක්; හෝ (ii) ඇ‍යගේ ඥාතීන්ගේ දේහය සමගින්, ඕනෑම කාන්තාවක්, එවන් පිළිස්සීම හෝ වැලලීම හෝ වැන්දඹුවගේ හෝ කාන්තාවගේ හෝ පාර්ශවයෙන් ස්වෙච්ඡාවෙන් සිදුවන බවට කියාපාන අවස්ථාවකදී හෝ එසේ නොකරන අවස්ථාවකදී යන්න නොසලකමින්, [7] පණපිටින් පිළිස්සීම හෝ වැලලීම –

සති ක්‍රියාව ස්වේච්ඡාවෙන් සිදුවන බවට කියනු ලැබේ; දැනට සතුව ඇති වාර්තා වලට අනුව, මෙයින් බොහෝ ක්‍රියාවන් ඇත්ත වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවී ඇත. සමහර ජනප්‍රජාවන් තුල වැන්දඹුව අතින් මෙම ක්‍රියාව සිදුවිය යුතු බවට බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති අතර, සමාජීය තෙරපුම හා බලාපාරොත්තු කෙතරම් දුරට බලපෑමක් එල්ල කරන තත්ත්වයට පත්වූයේද යන්න වර්තමානයෙහිදී වාද විවාදයන්ට තුඩු දෙමින් පවතී. කෙසේවෙතත්, සති කෘත්‍යයෙහි යෙදීමට වැන්දඹුවගේ අදහස අනෙකුන් විසින් නොපිළිගත් අවස්ථාද, මරණය වැලැක්වීමට ප්‍රයත්න දැරූ අවස්ථාද තිබී ඇත්තේය.[8]

සාම්ප්‍රදායික වශයෙන්, යම් අයෙකුගේ අවමංගල්‍යය සිදුකෙරෙනුයේ මරණය සිදුවී දිනක් ඇතුලතදී වන බැවින්, සති පිළිබඳ තීරණය එම කාලය තුලදී ගැනීම සිදු විය යුතුව තිබුණි. සැමියා වෙනත් ස්ථානයක මියගොස් තිබුණු අවස්ථාවකදී, වැන්දඹුව පසු දිනෙක බිලිපූජා වීමෙන් මරණයට පත්වීමට ඉඩ තිබුණි.

බොහෝ විට සති කෘත්‍යය අවධාරණය කර සිටියේ වැන්දඹුව හා ඇයගේ මිය ගිය සැමියා අතර විවාහයයි. උදහරණයක් වශයෙන්, සති සිදුකිරීමට යන තැනැත්තිය, බොහෝවිට, ශෝකය පල කරන වස්ත්‍ර වෙනුවට මංගල්‍ය වස්ත්‍ර හෝ වෙනත් අලංකාර ඇඳුම් පැලඳුම් හැඳ සිටියාය. සති සිරිතට නෑකම් කියන එහෙත් වෙනස් ජවුහාර් කෘත්‍යයෙහි මූලික කාර්යයන්හිදී , සැමියා හා බිරිඳ ඔවුන්ගේ මරණ කරා වෙන් වශයෙන් යෑමට පෙර, ඔවුන්ගේ විවාහ මංගල්‍ය වස්ත්‍රයන්ගෙන් සැරසී ඔවුන්ගේ විවාහ චාරිත්‍ර නැවත සිදු කල බව ප්‍රකාශිතය.

සති සිරිතේ බොහෝ ප්‍රභේදයන් පිළිබඳ විස්තර වාර්තා පවතී. මේ අතුරින් විස්තර සටහන් බොහෝමයක් සඳහන් කරන්නේ කාන්තාව ඇයගේ මියගිය සැමියා අබියසින් චිතකයෙහි වාඩිවී හෝ දිගාවී සිටි බවකි. තවත් බොහෝ විස්තර වාර්තා සටහන් කරන්නේ චිතකය දැල්වූ පසුව කාන්තාව ගිනි දැල්ල වෙත පිය නැංවූ බවක් හෝ එයට පැන්න බවක් වන අතර,[9] සමහරක් විස්තර කරනුයේ කාන්තාවන් චිතකය මත වාඩිවී ඔවුන් විසින්ම එය දැල්වූ බවකි.[10]

චාරිත්‍රය සඳහා ලිඛිත උපදෙස් මාලාවන්ද පවතී. උදාහරණයක් ලෙස, යල්ලජීයම් විස්තරාත්මක උපදෙස් සපයමින්, සති සිදුකල හැක්කේ කවුරුන් විසින්ද, සති සඳහා ශුද්ධ පවිත්‍ර වීම, ස්ථානගතවීම, වස්ත්‍රය, සහ අනෙකුත් චාරිත්‍රමය කාරණා ආදිය පැහැදිලි කරයි.

බලකිරීම [සංස්කරණය]

සති ස්වේච්ඡාවෙන් සිදුවන බවක් සැලකෙන මුත්, නොයෙක්විට එය බලකිරීම් මත සිදුවී ඇති බව සාධක ඇත. සාමාජීය පීඩනය පසෙක ලෑවද, බොහෝ විස්තර සටහන් දක්වන්නේ කාන්තාවන් භෞතික වශයෙන් බලහත්කාරයෙන් ඔවුන්ගේ මරණය කරා මෙහෙයවූ බවකි.

චිත්‍රමය හා කථන සටහන් බොහෝ විට විස්තර කරනුයේ වැන්දඹුව නොදැල්වූ චිතකය මත වාඩිවී සිටින බවත්, ඉක්බිතිව ගැටගැසීමට හෝ වෙනත් ආකාරයක අවහිරයකට හෝ ලක්කිරීමෙන් ගින්න දැල්වීමෙන් පසුව පැන යාම වැලකුණු බවයි. සමහරක් විස්තර පවසන්නේ කාන්තාව මත් කොට තිබූ බවකි. එක් සටහනක් විස්තර කරන්නේ දිගු පොලු භාවිතා කල මිනිසුන් විසින් කාන්තාවක් ගිණි දැල්ලෙන් පැන යෑම වැලකූ බවය.[11]

රාජකීය අවමංගල්‍යයන් [සංස්කරණය]

මනාලිය තම සැමියාගේ අවමංගල්‍ය චිතකයට පනියි. පර්සියන්, සෆාවිඩ් යුගය, 17වන සියවසෙහි පළමු භාගය. මුහාමද් කාසිම් සිදුකල බවට සැලකේ

රාජකීය අවමංගල්‍යයන් හි සමහරවිට ‍බොහෝ බිරින්දෑවරුන්ගේ හා අන්තඃපුර බිසවුන්ගේ මරණ සිදු වී ඇත. උදාහරණ කිහිපයක් රාජස්තාන් ඉතිහාසයේ සිදුවූ බව සඳහන්ව ඇත.[12]

සන්යාසි වරයෙකු වීමට තම සැමියා විසින් කිරුළ අත්හැරීමෙන් අනතුරුව නේපාලයේ මහාරාණි රාජ් රාජේෂ්වරී දේවී 1799 දී උපරාජ බවට පත්වූයේ තම පුතු වෙනුවෙනි. 1804දී ඇය සැමියා නැවත පැමිණ පාලන බලය ගති. 1806 දී ඔහුගේ සහෝදරයා විසින් ඔහු ඝාතනය කරනු ලැබූ අතර, දින දහයකට පසුව 1806 මැයි 5 දිනදී, ඔහුගේ වැන්දඹුවට බලකෙරුනේ සති කෘත්‍යයෙහි යෙදෙන ලෙසටයි.[13][14]


සංකේතාත්මක සති [සංස්කරණය]

ජවුහාර් [සංස්කරණය]

භූමදාන [සංස්කරණය]

පැවැත්ම [සංස්කරණය]

සංඛ්‍යාවන් [සංස්කරණය]

ජනසමූහ [සංස්කරණය]

ප්‍රාදේශීය ප්‍රභේදන [සංස්කරණය]

වත්මන් සිදුවීම් [සංස්කරණය]

යුක්තිසාධනයන් හා විවේචනයන් [සංස්කරණය]

නීති පුස්තක [සංස්කරණය]

ධර්ම ග්‍රන්ථ [සංස්කරණය]

සෲග් වේදයෙහි සති සඳහා අනුමැතිය දෙන බවට විතර්කය [සංස්කරණය]

හින්දු ආගම වෙතින් පැන නැගි ප්‍රති-විතර්කයන් [සංස්කරණය]

හින්දු-නොවන අදහස් සහ විවේචන [සංස්කරණය]

මැඩලීම [සංස්කරණය]

මෝගල් යුගය [සංස්කරණය]

බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපියානු ප්‍රාදේශිකයන් [සංස්කරණය]

වත්මන් යුගයන් [සංස්කරණය]

මෙයද බලන්න [සංස්කරණය]

සටහන් [සංස්කරණය]

  1. ^  සත්ති යන අක්ෂර වින්‍යාසය, 19වන සියවස ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය භාවිත කල ශබ්දාකාර වින්‍යාසයකි. කෙසේවෙතත්, සංස්කෘත භාෂාව ලතින් හෝඩි ක්‍රමය තුල ලිවීමට භාවිත වන ශාස්ත්‍රීය ප්‍රමිතිය වන, වඩාත් නූතන IAST (සංස්කෘත අක්ෂර පරිවර්තනයෙහි ජාත්‍යන්තර හෝඩිය) භාවිතයෙන් සති යන අක්ෂර පරිවර්තනය වඩාත් නිවැරැදිය.[15][16]


ආශ්‍රිත [සංස්කරණය]

  1. [1]
  2. 2.0 2.1 ශකුන්තලා රාඕ ශාස්ත්‍රී, විමෙන් ඉන් ද සේක්‍රඩ් ලෝස් -- ද ලැට ලෝ බුක්ස් (1960).
  3. ඉරාවතී කාවේ ගේ යුගාන්ත ඇතුළු බොහෝ ඒවා
  4. ඉබන් ෆඩ්ලාන්, රිසාලා: වොල්ගා බල්ගේරියා හි රජු වෙත ඉබන් ෆඩ්ලාන් ගේ තානාපති කාර්යය (ඉංග්‍රීසි-භාෂා පරිවර්තනය)
  5. ස්ට්‍රැබෝ 15.1.30, 62; ඩියෝඩරස් සිකුලස් 19.33; සති වෝස් ස්ටාර්ටඩ් ෆො ප්‍රිසර්විං කාස්ට්
  6. [2]
  7. සති කොමිසම (වැලැකුම) පණත, 1987. ඉන්දීය රජයෙහි කාන්තාවන් පිළිබඳ ජාතික සම්පත් කේන්ද්‍රය (NCRW) සඳහා වූ පණතේ නිල ලේඛය වෙබ් අඩවිය
  8. ලිපිය, පණ්ඩුරංග ජෝෂි කුල්කානි යනු, තම ලේලියගේ සියදිවි නසාගැනුම වලක්වාලූ මිනිසෙකු පිළිබඳ විස්තරයකි. ඔහුගේ අභිප්‍රාය මූල්‍යමය වූ බවට අදහසක් ඉදිරිපත් වී ඇත. විමෙන් ඉන් වර්ල්ඩ් හිසිට්‍රි, ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලයයහි ඉතිහාසය හා නව මාධ්‍ය පිළිබඳ කේන්ද්‍රයෙහි ව්‍යාපෘතියකි.
  9. උදාහරණ දෙක සඳහා කමට් බලන්න
  10. ප්‍රාථමික ප්‍රභවයන්: ලිපිය, ෆ්‍රැන්කොයිස් බර්නියර් විටමන් ඉන් වර්ල්ඩ් හිස්ට්‍රි, ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලයයහි ඉතිහාසය හා නව මාධ්‍ය පිළිබඳ කේන්ද්‍රයෙහි ව්‍යාපෘතියකි.
  11. ද රිප්‍රසන්ටේෂන් ඔෆ් සති: ෆෝ එයිටීන්ත් සෙන්චරි එචිංස් බයි බල්ටසාර්ඩ් සොල්වින්ස් රොබට් එල්. හාඩ්ග්‍රේව්, කනිෂ්ඨ විසිනි. මෙම විස්තරයෙහි "විය හැකි" යන වදන භාවිතා වේ.
  12. විමෙන් ඉන් ද සේක්‍රඩ් ලෝස් ශකුන්තලා රාඕ ශාස්ත්‍රී විසිනි ද ලැට ලෝ - බුක්ස්: පිටුව 24 මෙයින් සමහරකට සේවකයන්ද ඇතුලත් වූහ. මේ සියල්ල මුල් චාරිත්‍රය වූ අනුමරණ සිරිතට අයත්වූ බව සැලනෙක අතර, සමහරවිට වෙනත් ලිපියක විස්තර කෙරෙනු ඇත.
  13. ජෙනියලොජි, ද රෝයල් හවුස් ඔෆ් ෂා, නේපෝල්:

    1777 - 1799 අති මහෝත්තම ස්වාස්ති ශ්‍රී ගිරිරාජ් චක්‍රචූඩමාණි නර්නාරයනේත්යාදී විවිධ විරුදාවලී විරාජමාන මනෝනාථ ශ්‍රීමන් මහාරාජාධිරාජ ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී මහාරාජ් රණ බහාදූර් ෂා බහාදූර් ෂම්ෂර් ජැං දේවනාම් සාදා සාමාර් විජයිනාම්, නේපාලයේ මහාරාජාධිරාජා. ... m. (පළමු), 1789 දි කත්මන්දු හිදී, ශ්‍රී ශ්‍රී ශ්‍රී මහාරාණී රාජ් රාජේෂ්වරී දේවී [ශ්‍රී විද්‍යා ලක්ෂ්මී දේවී] (k. භිම්සෙන් තාපා ගේ නියෝග මත, ෂන්කු හි සලිනදී දොළ ඉවුරේ 1806 මැයි 5වන දිනදී බලහත්කාර සති කෘත්‍යය මගින්)

  14. වර්ල්ඩ්වයිඩ් ගයිඩ් ටු විමෙන් ඉන් ලීඩර්ෂිප්, "විමෙන් ඉන් පවර්, 1770-1800" ("1799-1800 ඇන්ඩ් 1802-04 උපරාජ ශ්‍රී ශ්‍රී ශ්‍රී මහාරාණී රාජ් රාජේෂ්වරී දේවී ඔෆ් නෙපෝල් ... ඇය හෙළම්බු හි සිරගත කොට තබා සති කෘතයෙහි යෙදීමට බලහත්කාර කොට මරණයට පත් කරන ලදි.").
  15. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; asnic.utexas.edu නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. http://www.vivaaha.org/sati.htm අධෝ සටහන් සකස් කල කල්හි නොපැවතුනි

තවදුරටත් කියවීම [සංස්කරණය]

බාහිර සබැඳි [සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සති_(සිරිත)&oldid=259797" වෙතින් නැවත ලබාගන්නා ලදි