ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙම ලැයිස්තුවෙහි දක්වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව වේ. මෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රධාන අනතුරුවලට අමතරව, වෙනත් ආකාරයේ දුම්රිය අනතුරු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අතුරින් දිවයිනේ උතුරුමැද පළාතෙහි මූලික වශයෙන් සිදුවන, හස්තීන් දුම්රියෙහි ගැටීම නිසා සිදුවන අනතුරු සහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන්හීදී රථවාහන හෝ පුද්ගලයින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු ප්‍රධාන වේ.

1900 සියවස[සංස්කරණය]

  • 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර - 1928 මාර්තු 12 වන දින කටුකුරුන්දේදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුර හේතුවෙන් පුද්ගලයෝ 28 දෙනෙකු මරණයට පත්විය.
  • 1964 මීරිගම දුම්රිය අනතුර - 1964 මාර්තු 18 වන දින මීරිගමදී, මගී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් පුද්ගලයෝ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[1]
  • 1985 යාල්දේවී දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1985 ජනවාරි 19 වන දිනදී, එල්ටීටීඊය විසින් දුම්රියෙහි අටවා තිබූ බෝම්බයක් පිපිරි යාමෙන් මෙම අනතුර සිදුවිය. බෝම්බ පිපිරීමෙන් පුද්ගලයෝ 11 දෙනෙකු ඝාතනයට ලක්විය.
  • 1985 දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1985 වසරේ ඔක්තෝම්බරයේදී එල්ටීටීඊය විසින්, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහණ දුම්රියකට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් M2 වර්ගයට අයත් අංක. 571 දුම්රිය එන්ජිමක් විනාශයට පත්විය.
  • 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1996 ජූලි 24 වන දින එල්ටීටීඊය විසින් අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි ස්ථාන හතරක ටවා තිබූ බෝම්බ 4 ක් දෙහිවලදී පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවිය. බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියෝ 64 දෙනෙකු ඝාතනයට ලක්විය.
  • 1996 දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1996 දෙසැම්බර් 4 වන දිනදී එල්ටීටීඊය විසින්, ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ ධාවනය වූ M6 වර්ගයට අයත් අංක. 7981 දුම්රිය විනාශයට පත්විය.

2000 සියවස[සංස්කරණය]

සුනාමි දුම්රිය අනතුර
  • 2001 අලව්ව දුම්රිය අනතුර - 2001 අගෝස්තු 19වන දින අලව්වේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
  • 2002 රඹුක්කන දුම්රිය අනතුර - 2002 ජනවාරියේදී සිදුවූ මෙම දුම්රිය අනතුරින් පුද්ගලයෝ 15දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවති නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් රඹුක්කනදී පීලිපැනීම නිසා අනතුර සිදුවිය.
  • 2002 අලව්ව දුම්රිය අනතුර - 2002 ජූනි 13වන දින අලව්ව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබූ දුම්රිය පීලිපැනීම නිසා, පුද්ගලයෝ 14ක් මරණයට පත්විය.
  • 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය - ස්වභාවික ව්‍යසනයක් හා සබැඳි, දුම්රිය ඉතිහාසයේ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත සිදුවීම ලෙස සැළකෙන මෙම දුම්රිය අනතුර, 2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහර හේතුවෙන් සිදුවිය. [2]
  • 2005 පොල්ගහවෙල දුම්රිය අනතුර - 2005 අප්‍රේල් 26වන දින පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයෝ 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ. ඩබ්. හප්රූල් අසාද් නම් බස් රියදුරු සුළු තුවාල පමණක් ලැබීය.[3]
  • 2011 අලව්ව දුම්රිය අනතුර - 2011 සැප්තැම්බර් 17 වන දින, පුද්ගලයින් 5 දෙනෙකුට මරුකැඳවමින් සිදුවිය. අලව්ව දුම්රිය ස්ථානය අසලදී මගී දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුර සිදුවිය.[4]
  • 2012 වේයන්ගොඩ දුම්රිය අනතුර - 2012 මැයි 17වන දින වදුරව හා කීනවල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී, නවත්වා තිබූ දුම්රියක තවත් දුම්රියක් ගැටිමෙන් මෙම අනතුර සිදුවිය.[5]
  • 2014 පොතුහැර දුම්රිය අනතුර - 2014 අප්‍රේල් 30වන දිනදී නගරාන්තර සීඝ්‍රගාමී රජරට රැජිණ දුම්රිය පොතුහැර ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 68දෙනෙකු තුවාල ලැබීය.[6]
  • 2023 වාද්දුව තල්පිටිය දුම්රිය අනතුර - 2023 අගෝස්තු මස 30 වන බදාදා, පෙරවරු 11ට පමණ, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී, කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ 344 දරණ මන්දගාමී දුම්රියේ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක්ර සිදුවිය. රථයේ ගමන්ගත් දෙදෙනා සුළු තුවාල සහිතව බෙර ගන්න ලදී.[7]
දිනය ස්ථානය දුම්රිය අනතුර හානි වැඩිදුර විස්තර
2023 සැප්තැම්බර් 12

උදැසන

හොරපේ දුම්රිය ස්ථානය අසල - දිනිත් ඉඳුවර නම් තරුණයෙක් පාලමක හිස වැදී දුම්රියෙන් වැටීම[8] දුම්රියෙන් වැටුණු තරුණයා මියගියේය දිනිත් ඉඳුවර
2023 සැප්තැම්බර් 12

පස්වරුව

බුළුගහගොඩ දුම්රිය ස්ථානය අසළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය සිටි රඹුක්කන දුම්රිය ස්ථානය පුද්ගලයෙක් දුම්රියෙන් වැටීම[8] තුවාල සහිතව ප්‍රතිකාර ලබයි
2023 සැප්තැම්බර් 12 ප.ව. 7ට පමණ බම්බලපිටිය දුම්රිය ස්ථානය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අතර - පුද්ගලයෙක් දුම්රියෙන් වැටීම[8] දුම්රියෙන් වැටුණු පුද්ගලයා බරපතළ තුවාල සිදුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය මෙම පුද්ගලයා දුම්රියෙන් පැන්නා ද නැතහොත් ඇදවැටුනාද යන්න සැකසහිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "රේල් වේ මියුසියම් ඔෆ් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2011.
  2. "ඩේලි මිරර් අන්තර්ජාල කලාපය". 26 දෙසැම්බර් 2008.
  3. රාමනායක, වසන්ත (අප්‍රේල් 23, 2004). "බස් ඉලීගලි ඩ්‍රිවන් රවුන්ඩ් ද එන්ඩ් ඔෆ් ද ලෙවල් ක්‍රොසින් බැරියර්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය පෙබරවාරි 6, 2014.
  4. "ඩෙත් ටෝල් ඉන් අලව්ව ට්‍රේන් ඇක්සිඩන්ට් රයිසස් ටු 5". 18 සැප්තැම්බර් 2011.
  5. "ට්‍රෙන්ස් කොලයිඩ් බන් වේයන්ගොඩ". නිව්ස් ෆස්ට්. 18 මැයි 2012.[permanent dead link]
  6. "68 ඉන්ජර්ඩ් ඉන් ට්‍රෙන් ඇක්සිඩන්ට්". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 2 මැයි 2014.
  7. වාද්දුවේදී දුම්රියක වෑන් රථයක් ගැටී අනතුරක් (gossiplankanews.com)
  8. 8.0 8.1 8.2 අද දුම්රියෙන් වැටීම් තුනයි මරණ දෙකයි (gossiplankanews.com)